Tuesday, January 31, 2012

අරලිය මන්දිරයේ සවිකළයුතු පුවරු විහාරමහා දේවියේ සවිකිරීම

බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය විසින් විහාරමහා දේවි  උද්‍යානය අවට සහ ඒ මග දෙපස ආදර්ශපාඨ සහිත පුවරු ගණනාවක් අවට සවිකර ඇත. ඇත්තෙන්ම එහි පාඨයන් ආදර්ශයට ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැත. මන්ද ඒ සියල්ල මිනිසෙකු ලෙස යහපත් ජීවිතයක් ගත කිරීමට උදව් වන බැවිනි.
40,000 ක දමිළ ජනතාවක් මරාදමන්නේ නැත

තංගල්ලේ දී රුසියානු දූෂණය කර ලද දුෂකයන් බේරාගැනීමට දඟලන්නේ නැත


18 වැනි ව්‍යවස්ථා සංශෝධනයන ගෙන එන්නේ නැත.

​කොළඹ නරගය සුන්දර වන තරමට කොළඹ මිනිසුන්ගේ ජීවිතය අසුන්දර වන්නේ නැත

මෙවැනි චන්ඩිපාට් විදෙස් ප්‍රතිප්‍රත්තියක් හදාගන්නේ නැත

දමිළ ජනතාවගේ අයිතීන් කප්පාදු වන්නේ නැත




ප්‍රශ්ණය ඇත්තේ එම පුවරු සවිකර ඇත්තේ වැරදි තැනකය. ඇත්තෙන්ම එම පුවරු සවිකළ යුතු ස්ස්ථානය වන්නේ අරලිය ගඟ මන්දිරය ඉදිරිපිටය. හරියටම ජනාධිපතිවරයා එළියට ආ සැනිණ් පෙනෙන ලෙස සවිකිරීම ඉතා වටින්නේය. ඇත්තෙන්ම එය පොහෝ දිනයට අරලිය ගහ මන්දිරයේ

බණ කියනවාට වැඩිය වටින්නේය. දරුවන් ලැබීමට සිටින අම්මලා තමන් වාසය කරන මව්වරුන් ළදරුවන්ගේ පින්තුර බිත්තිමත අලවන් සිටින්නේ එවැනි සුන්දර බිළිදෙකු මටද ලබාදෙන ලෙසය සිතුවිල්ල අර පින්තූර දකින වාරයක් පාසා මත මතකයඑ එයි. ඒ ලෙස මහින්ද රාජපක්ෂ ජානාධිපතිවරයාටද ඉහත පින්තූර නැවත නැවත දකින්ට සැලැස්වීම ඔහුටත් වඩා සුබවන්නේ මේ රටේ ජනයාටය.

Monday, January 16, 2012

නියගලා මලේ පෙති ගලවා මානෙලට ඇමිණීම...

නියගලා මල තරම් ලාංකීය සමාජය මළපැන්නවූ මලක් නැත. සමස්ථ දකුණම තමන්ගේ හෘද සාක්ෂීන් සියල්ල පදුරක් පදුරක් ගානේ ගණිකා වෘත්තියේ යොදවද්දී තමන්ගේ අයිතිය උදෙසා අවියක් අත දරන්නට තරම් ​​​​ධෛර්යයක් දමිළ ජනායාට විය. නියගලා මල එහි සංකේතීය පුෂ්පය විය. ඒ නිසාම නියගලාව දකින විට තමන්ගේ ගණිකා හෘදසාක්ෂිය මතක් වී හෙළයාට මළ පනී.

කාලයක් මානෙල් මල අතදරා සිටි සහෝදරවරුන්ගේ වර්ථමාන ව්‍යායාමය නියගලා හැඩයේ මානෙලක් සැදීමයි. උතුර තුළ අරගලය තමන්ගේ පේටන්ට් බලපත්‍රය යටතේ වියයුතුයැයි සිතන නිසාවෙන් හා ජවිපෙ පෙකණි වැල කපාලත නොහැකි නිසාවෙන් ජාතික ගැටලුවට රෝහණ විජේවීරගේ පුටු දෘෂ්ඨිය හැර වෙනත් දෘෂ්ඨීන් නොමැති නිසායෙන් සහෝදරයෝ තවමත් උත්සහ කරන්නේ තමන්ගේ පැරණී මලට නියගලාවේ පෙති ඇමිණීමටයි.

සිටින අවසන් දෙමළාත් හැදිගෑයුතුයැයි සපත කළ සහෝදරවරුන්ට නියලා පෙති සොයන්නට වීම ​​​​දෛවයේ සරදමක් නොව තමන් නිරත වූ කුහක අවස්ථාවාදී දේශපාලනයේ සරදමකි.

ගැටලුව සහෝදරවරු පිසාචයන්ට තවත් පුදදීමට සූදානම් වන්නේ දමිළ රුධිරයයි. සහෝදරවරු තවම කියන්නේ කූගන් යනු හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් බවයි. ඔහු මතවාදී ගැටුමකින් පසු සංවිධානයෙන් ඉවත් වූ බවයි. එයින් නැගෙන තර්කය නම් එදා ඔවුන් මල්මාලා පැළැන්දූ රණවිරුවන්ට වඩා ඔවුන් උත්කර්ෂයට නැංවූ රාජ්‍යයට වඩා දමිළ විමුක්ති කාමි සටන්කරුවෝ ශිෂ්ට බවයි. මන්ද ඔවුන්ට එදා කුගන් සංවිධානයෙන් ඉවත් වූපසු මරාදැමීම ඉතා සරළ කරුණකි. නමුත් එය සිදුකරන්නේ මානව හිමිකම් ප්‍රකාශණය අතින් දරා සාධු යුද්ධයක් කළ රජයේ කුළී හමුදාවයි.

සහෝදරවරු මේවා කියන්නේ නැත. සහෝදරවරුතව දුරටත් කියන්නේ අපි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් එක්ක වැඩකරනා පමණි. ඒ ප්‍රකාශ නිසාම ඔවුන් හමුදාවේ ඉලක්ක බවට පත්වෙති. ඊටත් වඩා කාරණාව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශ උදුල් ප්‍රේමරත්න සහෝදරයාද කරයි. සවිඥානිකව හෝ අවිඥානිකව ඔහු එය කියයි.

එල්ටීටීඊ සංවිධානය නැවත අරගලයකට අර අදිනවා - ආරක්ෂක ලේඛම්

හිටපු කොටි සාමාජිකයින් නැවත සන්නද් අරගලයක් වෙත ඇදී යාමේ අවදානමක් පවතිනවා - උදුල් ප්‍රේමරත්න


නමුත් උදුල්ගේ මානෙලේ අලුත් හැඩය සලකුණු කරන්නට සොයන්නේ නියලාවේ පෙතිය. ඔවුන්ගේ තියරියට අනුව නියගලාවේ පෙති තමන්ට ඇවැසි ලෙස විහිදෙන්නට නොහැකිය. විහිදෙනවාන් සහෝදරවරුන්ගේ හැඩයකට,  සහෝදරවරුන්ගේ තැනක සිට විහිදය යුතුය.

ඒ නිසාම පැරණි නාටකය තවම අහවර නැත. ගැලරියේ චියර්ද අවසන් නැත. ඒ වාගේම දෙමළ ලෙය පිදීමද අවසන් නැත.