මේ දිනවල ශ්‍රී ලංකාව ශ්‍රද්ධා ද්වීපයක් වී ඇත. ඒ කපිලවස්තු පුර ධාතූන් හෙවත් ගෞතම බුද්ධාගේ ශරීරයේ කුමක් හෝ ඇට හෝ කටු කැබැල්ලක් මෙරටට ගෙන ඇවිත් තිබේ. ( ගෙනාවේ කුමන ඇටකටු කැබැල්ලද යන්න මම සහසුද්දෙන් දන්නේ නැත.)
කොළඹ නගරය පුරා ශ්‍රද්ධා භක්තියෙන් එම අස්ථි කැබලි පිළිගන්නා බවට කටවුට් තොරන් ගසා තිබේ. දැනට පෙනෙන දෘෂ්ඨිම අර්ථයට අනුව ලංකාව යනු ෂෝක රටකි. මේ දිනවල කොළඹ නගරයේ සෑම බස්රථයකම සුදු ඇදගත් උපාසක උපාසිකාවන් දැකගත හැකිය. එපමණක් නොව හෙඩ් ෆොන් කනේ පළදා සුදු ඩෙනිම් ඇද සුදු කමිස , ටීෂර්ට් ඇඳ ධාතූන් වන්දනාවේ යන නංගිලා උපාසිකාවෝ සහ මල්ලිලා උපාසකයෝ සුලභ දර්ශණයකි.
නමුත් ප්‍රශ්ණය පණපිටින් සිටින උන්ට වඩා කොහේවත් මියගිය කෙනෙකුගේ ඇස්ථි කැබලි වටින්නේ කෙලෙසද යන්නයි. මන්ද ලංකාව යනු මෑත ශතවර්ෂයේ වැඩිම ජනඝාතනය සිදුවූ දේශයයි. කවුරුත් ඔය දර්ශකය වැඩිපුර කියන්න නොයන්නේම කියූ අයටද අස්ථි ප්‍රේමී ජනතාවගේ වෛරයට පාත්‍රවන බැවිනි.
ගෞතම බුද්ධ පවා ප්‍රණඝාතය වැලැක්වීම අංක එකට යෙදුවේ පණතියෙන උන් අන් සියල්ලට පණතියෙන් උන් සියල්ලට වඩා වටිනා බැවිනි.නමුත් ලංකාව යනු දකුණේදී 71 ,89 දී ලක්ෂයකට ආසන්න පිරිසක් සහ උතුරේදී 2009 මැයි මාසයේ 16,17,18 යන දවස් තුනට පමණක් 40,000 ක් වලපල්ලට යැවූ රාජ්‍යයකි.ඒ අනුව බුද්ධාගේ පළමු කොන්දේසියම සිංහල - බෞද්ධ රාජ්‍ය විසින් තෙවරක් මහා පරිමාණයෙන් කඩා ඇති අතර සුළු පරිමාණිකය දිනපතා 2,3 වලපල්ලට යවන සැදැහැවතුන් සිටින රාජ්‍යයකි.
ගෞතම බුද්ධා ද මේ යුගයේ ලංකාවේ ජීවත්වූවානම් ඔහුටද සිදුවන්නේ සිංහල බෞද්ධ මතයට අවනත නොවීම නිසා වළපල්ලට යන්නය.
ඒ අනුව ලංකාව යන්න අවසන් මෙසේ කියවිය හැකිය. ජීවත්වන සිටි උන් වලපල්ලට යවා ඇටකටු වලට, මැරුණ උන්ගේ කෙස්වලට වඳින ඒ වගේම ජීවත්ව සිටින එකෙකුට නිදහස් හුස්මක් නොහැකි රාජ්‍යයකි.