Friday, December 23, 2011

තවත් ඔත්තුවක් හෙවත් ටොපියක්

ඔබ මේ පසුකරමින් සිටින්නේ ඉතා විශ්මයජනක යුගයකි. ටික්ක නොව අතිශය විශ්මය ජනක යුගයකි. මෙ යුගය සියලු දෙනාටම ඔත්තු ලැබෙන යුගයකි. පසුගිය දින වල වාමංශිකයන්ට ඔත්තු ලැබුණි. ඉන්පසු නීතීඥවරුන්ට ඔත්තු ලැබුණි. මේ ලෙස සියලු දෙනාටම ඔත්තු ලැබුණි. ඔය ඔත්තු වන්න ටෙපි කියා නම්කළහොත් අපට මෙසේ කියවන්නට පුළුවන.

"පසුගිය කාලය පුරාම සෑම සියලු දෙනාටම ටොපි ලැබුණි."


ඒ අනුව මේ දෙන්නට යන්නේ තවත් ඔත්තුවක් නැතිනම් ටොපියකි. එකම වෙනස මෙයට එක් සුදුසු කමක් අවශ්‍ය වේ. ඒ වසර 18 වෘත්තීය අත්දැකීම් සහිත වීම. මේ ඔත්තු දෙන්නේ මාධ්‍යවේදීන්ටය.

ඔත්තුව හෙවත් ටොපිය
2012 අයවැය වසර 18 ජනමාධ්‍ය අත්දැකීම් සහිත ජනමාධ්‍යවේදීන්ට මෝටර් රථ ලබාගැනීමට තීරුබදු සහනය ලබාදීමයි.

දැන් ඒ අනුව ඔබ වසර 18 ක මාධ්‍ය අත්දැකීම් සහිතනම් ඔබටද දැන් සුපිරි මෝටර් රථයක හිමිකරුවකු විය හැකිය. එවිට ඔබට මෙතෙක් ස්ත්‍රී පාර්ශවයක්​ නොතිබුනේනම්, එයින් පසුව ඔබට දැන් ඔබ ට අවැසි ස්ත්‍රී පාර්ශවයද ළඟාකර ගත හැකිය. ඒ නිසාම ඔබගේ ප්‍රාර්ථනය පරිදිම සහ ඔබගේ විශ්වාස පරිදම ස්ත්‍රිය සහ මෝටර් රථය ලබාගැනීම හරහා ඔබට පරිපූර්ණ මිනිසෙක් විය හැකිය.

බලන්න 2012 අයවැය කෙතරම් මානව වාදීද?? කෙතරම් ඔබේ ආශාව හඳුනාගෙන තිබේද? කෙතරම් 18 වෘත්තීය අත්දැකීම සහිත මාධ්‍යවේදීන්ගේ බිරින්දෑවරුන්ගේ ආශාව හඳුනාගෙන තිබේද??
දැන් මේ ටොපිය ඔබට කැමති ලෙස කෑමට පුළුවන.

ඊට අමතරව තවත මාධ්‍ය ඔස්තාර්ලා කීපදෙනෙක් මේ සහනය ඔස්සේ සෙල්ලම්කාර් ලොරියක් අරන් දී යළිත් මුල සිටන් මොන්ටිසෝරි යැවිය යුතුය.

මහින්ද අබේසුන්දර
ගාමිනි සුමනසේකර
විජයානි එදිරිසිංහ
කීර්ති වර්ණකුලසූරිය
වසන්තප්‍රිය රාමනායක
ආරියසේන රණබාහු
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ලසිනි සුමින්ද
ඉන්ද්‍රානි පිරීස්
චන්ද්‍රිකා විජේසුන්දර....Ect..


මේ අනුව මේ ලබාදී ඇති ඔත්තුව හෙවත් ටොපිය ඉතා ජනතාවාදී එකකි.

Sunday, December 11, 2011

වාසුගේ පැගිරි හිනාව සහ හිරුණිකා

වාසුගේ සිහිනය සහ රෝග ලක්ෂණය
නව යොවුන් තරුණියක් සමඟ රමණයේ යෙදීම වියපත් පුද්ගලයෙක් පැගිරි කරනවා නැතහොත් තිරිහන් කරනවය යනුවෙන් කියවීමක් ඇත. එක පාරටම සිරසේ නිවුස් බලමින් සිටි මට සැණින් මේ කරුණ මතකයට ආවේ මොකද දන්නවාද නව සමසමාජ පක්ෂයට තිරිහන් වෙන්න ඕනේ වෙලා. වාසු සහෝදරයට ආහ් වැරදුනා මිස්ටර් වාසුට හෙවත් මිනිස්ටර් වාසුගේ පක්ෂ සම්මේලනයේ ප්‍රධාන දේශණය කරන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.

ඇය කිව්වා  මේ රටේ යුක්තිය අහිමි වෙලා තියෙන මොහොත
ක මම ඉල්ලා සිටිනවා මගේ තාත්තා සහ සියලු වාමාංශිකයන් වෙනුවෙන් මේ තත්ත්වය වෙනස් කරන්න එන්න කියලා. ඒකේ හරිම ලස්සන ද සියලු වාමාංශිකයන් වෙනුවෙන් කියන කෑල්ල.... අධිපරිභෝජන රූ රැජික් ඉල්ලනවා මෙන්න මෙහෙම අවුලක් තියෙනවා එන්න අනේ වෙනස් කරන්න එන්නකෝ. සෝ ස්වීටි....

හිරුණිකාව වාසු ගෙන්න ගන්න ඇත්තේ හුළං බැහැල තියෙන ඔහුගේ වාමාංශික පක්ෂාත්භාගය හිරුණිකාගේ පැගිරි මූණ ඉස්සහට දාලා ටිකක් හරි ප්‍රාණවත් කරගන්න වෙන්න ඇති.

ඔන්න දැන් සියලු වාමාශිකයන් වෙනුනේ හිරුණිකා ඉන්නවා.
මතකයි ඇය හිස්ටරික කිස්ලිගේ අතෘප්තිකර සංවාදය මැද්දෙත් කියනවා ඇය ලෙනින් මාක්ස් ගැන ගැඹුරින් හඳාරලා තියෙනවා කියාලා.

අහ් ඇය තවත් එකක් ඇය නීතිය සම්බන්ධයෙන් බොහොම බරපතල හැදෑරිමක් ඉන්නවා. හිරියැ. ඇය කිව්වා මහින්දට අයියා කිව්ව නිසා මහින්ද මල්ලි කියු නිසා ඇය සාධාරණයක් බලාපොරොත්තු වෙන
වා කියලා. ඒක අලුත් තියරියක් නීතිය පිළිබඳ.

දැන් එතකොට සියලු වාමාංශිකයන් වෙනුවෙන් ලෙනින් මාක්ස් ගැඹුරින් හඳාරපු, නීතිය පිළිබඳ ගැඹුරින් හදාරපු.... ඕන වාමාංශිකයෙක් අංශක අනූවක් කෙළින් කරලා ගන්න පුළුවන් හිරුණිකා ඉන්නවා. වාසුගේ මූණ ඇස් දිළිසුණ එක ආයේ අහන්න දෙයක් යෑ. මොකද නව සමසමාජය ළගදිම සමාජවාදී විප්ලනය කරන
වා. ආයේ දෙකක් නෑ. ෂුවර්...

Thursday, December 1, 2011

සිස්ටම් චේන්ජ් කරන්න හදන්නන් දෙරණට SMS ඉල්ලා හඩා වැටීම

පසුගිය කාලයේදී ගොඩගේ සම්මාන උළෙල ගැන මහා සද්දයක් ඇතිවුණි. එහි සම්මාන ගත් කවියන්හට ඒ සම්බන්ධයෙන් විවේචනය කරමින් කිවි, ලිපි මෙකී​ නොකී සියලු දෑ ලියවුණි. සමාජයේ විකල්ප කලා කණ්ඩායම්ද  හවසට අඩියක් ගහන්න සෙට් වූ ඒ දිනවල බෝතල් කීපයක් ඔය වෙනුවෙන් වෙන් විය.


බලපං අරූ ගත්තනේ සම්මානේ...බල්​ලෝ ගාවට ගිහින්. කියා ඉවර කරන්නේ සමහර කවීන්ගේ අම්මා අප්පා මතක් කරමිනි. සැබෑ වූ ආවේගයකිනි. බූන්දිය පිරේන කිවිඳ ලිපිද පළ විය. ​මස්ඉබුල, ප්‍රියාන් සහ මධුරංග ඒ අතරින් හොදහැටි අහගත් කවියන් කීප දෙනෙකි. දැන් ගොඩගේ ඉවරය. 

මාර වැඩේ කියන්නේ ​ගොඩගේ සම්මාන උළලේදී සම්මාන ගත්තායැයි කියා නොසෑහෙන්න බැන්න අය මෙන්න යෞවණ නාට්‍ය උළලෙදී ඒ ඇමතියගේ අතින්ම සම්මාන ගන්නවා. මාර විප්ලව වාදී කියා සිතෙන්නේ මේ වෙලාවටය. වෙලාවකට ඔය මේ රටේ ජානවල නියමම ස්වරූපය වන්නට පුළුවන. මොකද පසුගිය කාලයේ රැඩිකල් සිනමාකරුවා , විමුක්ති ජයසුන්ද ගාමණි ට සම්බන්ධ වෙයි. විමුක්තිව එල්ලා මරන්න ඕන යැයි කියූ සරත් විජේසේකර එහි අධ්‍යක්ෂක වරයාය.

දැන් තවත් එකක් එයි. ඒ දෙරණ මියුසික් එවෝඩ්. (Derana Music Awards) දැන් ටික දවසට ඉස්සෙලා මේ රෙජීමය පුච්චා දුන්නොත් කනවායැයි කියූ අපේ ම සහොදර විප්ලවීය සොහොයුරන් මෙන්න දිළිත් ජයවීරගේ දෙ​රණේ සම්මාන ගන්න SMS ගහන්න කියලා FB එකෙත් දානවා.මේක මාර වැඩක්නේ. දිළිත කවුද? දිලිත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත වගේ ඉන්න ව්‍යාපාරිකයෙක්. ​එතකොට ගෝඨාභය කියවන්නේ මේ රෙජීමයේ දකුණු අත.

විනෝදය සඳහා උතුරට යෑම ගැන මහා ලොකු නාට්‍ය හදලා මාර වැඩක් කරන්න හදන ජෙහාන් අප්පුහාමි, එතකොට​ අපේ චින්තා...( චින්තා ගියපාර ලිපියකුත් ලිවුවා මතකයි ලොකු අයියාගෙන් සම්මාන ගැනීම ගැන මොකද්ද කියලා) තව මාර රැඩිකල් මෝක්ෂා කණ්ඩායම, කළණ (කළා) කුඩු කාරයා කියලා පවතින් සමාජ ක්‍රමයට තමන්ගේ විරෝදය සංගීතය හරහා ඉදිරිපත් කරලා දිළිත් ජයවීරගේ දෙරණනින්
සම්මාන ඉල්ලා SMS ගහන්න කියනවා. 

 ඔන්න අමිල ගලප්පත්ති එහෙම කිව්වනම් කමක් නෑ. මොකද අමිල කවදාවත් එහෙම මාර රැඩිකල් සිස්ටම් වෙනස් කරන කථා කියන්නේ නැති නිසා. එහෙම  බැලුවුම ඌ අවංකයි.

හැපිජර්නි එකේ ප්‍රසාදීනි අතපත්තු ඔන්න මටත් ටැග් කරලා තිබුණා SMS එකක් එවන්න කියලා.

Prasadini Athapattu
Vote "Irata Adiyak Ihalin" For Derana Music Awards. Type DMV (Space) 205 and Send to 9900
 
රොක් නිශාන්තත් දාලා මේ සම්මාන ගන්න. මට ආසයි මූණ බලන්න කට්ටියගේ දෙරණේ මාධවගෙ අතර ඉබළා කට්ටිය සම්මාන ගන්න කොට. ජගත් මනුවර්ණ සහොදරයත් සමහර විට ඇති මේ කොණක. 


හැබැයි කොහොම වුනත් දිළිත් ගෙන් සම්මාන ඉල්ලා අපට එස්එම්එස් කරන්න කිව්වා මේ සැට් එකම මාර රැඩිකල්.....

සම්මානයකට හිත ගිය හන්දා
සිස්ටම් චේන්ජ් කරන එක
පොඩ්ඩක් පස්සට තිබ්බා
පෙන්නන
වැඩ තරමට
දෙරණින් සම්මානේ දෙන හින්දා
කාටත් හොරෙන් SMS ඉල්ලමි

සරම දනිහෙන් පන්නා

Wednesday, November 23, 2011

ලංකාදීපයටත් වෙබ් මාධ්‍යය "මාධ්‍ය හොරු" වෙයි.

නොවැම්බර් මස 20 වැනිදි ලංකාදීප පුවත්පතේ නිල වෙබ් අඩවියේ මර්වින් සිල්වාගේ මාධ්‍ය වලට එරෙහිව කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් හෙඩිම යොද තිබුණේ මාධ්‍ය හොරුන්ට මර්වින්ගේ රතු එළියක්. යනුවෙනි.

මාධ්‍යට එළව එළවා පහර මර්වින පහර දෙද්දී හුදෙක් පුවත් ලෙස පමණක් එම සිද්ධි වාර්ථාකරමින් සිටින ලංකාදීපයට මර්වින්ලා විවේචනය කරන වෙබ් මාධ්‍ය හොරු වී ඇත.

දෙයියෝ සාක්කි

එහෙම නොවී කොහොමද නේද?
හදිසියේ හරි ලංකාදීප ප්‍රෙස් එකට ලංකා බැංකුවේ චෙක්පත් ප්‍රින්ට් කොරන ඕඩරය නැති වුනොත් එහෙම උඹලා කන්ඩ දෙනවද බොලව්. ඒ උත්තමයලා පත්තර කොරන්නේ පරංපරාවෙන් පරංපරාවට (තවම පත්තරයක් කරගන්න බැරිවුනාට)එහෙව් එකේ මේ වෙබ් කාරයෝ මොනවද දන්නේ මාධ්‍ය ගැන. නැද්ද මං අහන්නේ.

හා නැද්ද????

දැන් බලන්න අද ලංකාදීපේ රත්තවත්තේ ලෙඩවෙලා කියලා තියෙනවා. ඒත් ඒකේ කියලා නෑනේ රත්තවත්තේ පුතන්ඩියා පාර්ලිමෙන්තුවේ චන්ඩියෙක් වෙලා කියලා.

ඕකට තමයි කියන්නේ සත්ගුණවත්, සදාචාරවත් මහත්මාග
ති, සීල, සමාධි ලංකාදීප මාධ්‍යකරණය කියලා


Tuesday, November 15, 2011

“සෙල්වම්” ගෙන් දාන සෙල්ලම්


දමිළ ජනයාගේ විමුක්ති අරගලය සන්නද්ධව සමතලා කිරීමෙන් පසුව පශ්චාත් යුධ සමය තුළදී රාජපක්ෂ රේජීමය එම ජනයාගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදෙන්නට උත්සහ කරන්නේ සැලෝලයිට් පට ඔස්සේය. මාතෘ, ගාමණී ගෙන් පසු කරළියට එන අලුත් සැලෝලයිට් ව්‍යාපෘතිය සෙල්වම්ය. එහි අධ්‍යක්‍ෂකයා වන්නේ සංජය ලීලාරත්නය. සිනමාවක් නැති ලංකාව වැනි විකෘති සංස්කෘතික රාජ්‍යයන් වල දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ ලපයි සිපයි සියල්ලෝ සිනමා අධ්‍යක්‍ෂකවරුන් වීමයි. ඒ වගේම තමන්ට කුට්ටිය කඩාගැනීමට ඒ මොහොතේ තිබෙන බලඅධිකාරය හා එක්ව මෙවැනි ව්‍යාපාරවල යෙදීමයි.

සංජය ලීලාරත්න රාජපක්ෂ රේජීමය යටතේ සංස්ථා අධ්‍යක්ෂක ධූරයක් දරයි. එතැන් සිට කථාව පටන් ගැනීම මෙය “සෙල්වම්” යනු කුමක්දැයි කියවා ගැනීමට පහසුය.
සෙල්වම් හි ප්‍රධාන භූමිකාවට රඟදක්වන්නේ එල්ටීටීඊ සංවිධානයේ සිටි හමුදා අත්අඩංගුවට පත්වූ ශාන්තිලිංගම් ගෝකූලන් සහෝදරයාය. ශාන්තිලිංගම්, සංජයටලබාදෙන්නේ ලංකාවේ සර්වබලධාරී ලේකම්වරයා හෙවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. ශාන්තිලිංගම් පුනරුත්තාපනය සඳහා පුනරුත්තාපන කඳවුරකට යොමු කරන අතර එහි මසක් ඉක්ම යන්නටත් ප්‍රථම ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත එහි හමුදා නිළධාරීන් විසින් ඔහුව සංජය ලීලාරත්නට බාරකරයි.
සංජය ලීලාරත්නට ගෝඨාභයගෙන් ලැබෙන නියෝගය වන්නේ හිටපු එල්ටීටීඊ සාමාජිකයා විසින්ම එල්ටීටීඊ අරගළය දැඩි ලෙස විවේචනය කරන පරිද හා ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාව ඉතාම ඉහළින් උත්කර්ෂයට ගෙනෙන ලෙස එම චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන ලෙසයි. සෙල්වම් බිහිවන්නේ ඒ හරහාය. චිත්‍රපටය තුළ දී දර්ශණ ගණනාවක් තුළ එල්ටීටීඊ ය දැඩිලෙස විවේචනය කරන්නේ අදාළ නියෝගයන්ට අනුවය. ඒ අනුවම මෙය ලංකාවේ නව මහින්ද චින්තන සිනමාවේ දිගපළල සළකුණු කරයි. මිලිටරියට අවශ්‍ය ලෙස තිරනාටක සකසමින්, එය උත්කර්ෂයට නැගෙන ලෙස හා අදාළ දේශපාලන ව්‍යාපෘතියට සේවය කරන ලෙස නිර්මාණය අධ්‍යක්‍ෂණය කිරීමයි.
මෙම සිනමා පටය රූගත කිරීමේදී ශාන්තිලිංගම් ගෝකූලන් තරුණයා දැඩි ආරක්ෂක රැකවල් මැද රූගත කිරීම් සිදුකළ අතර ඔහුට අතිශයින් තහනම් නියෝග කිපයක් පනවා තිබුණි.
- කිසිදු විටෙක අධ්‍යක්‍ෂකගේ අනුදැනුමකින් තොරව කිසිඳු බාහිර පුද්ගලයන් හමුවීම සපුරා තහනම්ය.
- අධ්‍යක්‍ෂක විසින් සකසා දෙන පිළිතුරුවලට අමතර තමන්ගේ ස්ව්‍යං මතයක් ප්‍රකාශ කිරීම සපුරා තහනම්ය.
- රූගත වන හා තිරගත වන කාලසීමාව තුළදී කිසිලෙසකින් තමන්ගේ පවුලේ අය සමඟ හෝ අන්කිසිවෙක් සමඟ සම්බන්ධතා සපුරා තහනම්ය.

මේ ඔහුවෙත පනවා තිබූ රෙගුලාසිවලින් කිහිපයක් පමණි. දැන් මේ මොහොත වන විටත් ශාන්තිලිංගම් කොළඹ රඳවාගෙන සිටින අතර ඔහුට තම ගම වන යාපනයට යෑමට දැඩි උවමනාවකින් පසු වුවත් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත සංජය ලීලාරත්න විසින් එයට කිසිදු ඉඩක් දෙන්නේ නැත.
තවත් අමන ක්‍රියාවක්වන්නේ සංජය විසින් තමන්ගේ පොරත්වය පෙන්වීම සඳහා යන යන තැන්වලිදී ශාන්තිලිංගම් හඳුන්වාදෙන ආකාරය ඒ ලෙසම මෙහි සටහන් තබන්නෙමි.
“මම තමයි ලෝකයේ එකම අධ්‍යක්ෂකවරයා ත්‍රස්තවාදියෙක්ව නළුවෙක් කරපු. ඒත් මූ තාම කොටියා. මූ කැමති තාම ඒවා ගැන කථාකරන්න” ද්විජාතික සංහිදියාව වෙනුවෙන් සිනමා භාවිතයක යෙදෙනවායැයි කියනා පුද්ගලයන් නිරුවත් වන්නේ එලෙසිනි.
ඊට අමතරව යොදාගනිමින් “ඔව්, මම කොටියෙක් තමයි” යනුවෙන් ඊට යටින් ශාන්තිලිංගම්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ප්‍රචාරණ පෝස්ටරයක් ඔහුටත් රහසින් මුද්‍රණය කර තිබියදී ඔහු විසින් එය අහම්බෙන් දැක ඇති අතර එහිදී ඔහු එයට තම විරෝධතාවය ප්‍රකාශ කිරීමෙදී සංජය ලීලාරත්න අවසානයේ ප්‍රකාශකර ඇත්තේ උඹ වැඩිය දැගලන්න හදන්න එපා. වෙඩි… මර….දානවා යනුවෙනි. ගෝඨාභයගේ බලය ඔහු පාවිච්චිකරමින් ඔහු එසේ පවසා ඇත.
සෙල්වම් සඳහා මැලේසියාවේදී සම්මානයක් හිමිවූ බවට දැවැන්ත ප්‍රචාරණයක් ලබාදුන්නද එම සම්මාන උළෙල ගෝඨාභය රාපක්‍ෂගේ අනුදැනුම සහ මූල්‍ය උපකාර මත එහි සිටින ඔවුන්ට හිතැති පිරිසක් විසින් සංවිධානය කළ එකක් බව දැන් හෙළිවී ඇත.
මෙහි පූර්ව ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස යාපනය අවට තැනූ පසුතල යොදාගනිමින් ජනජීවිතය මවාපාන වාර්ථාමය වීඩියෝවක් මේ වන විටත් සංජය ලීලාරත්නගේ අනුදැනුම මත එක්තරා දැන්වීම ආයතනයක් තුළ නිර්මාණය වෙමින් පවතී.
ආසියාවේ අශ්චර්යමත් සිනමාකරුවන්ගේ වතගොත එලෙසය.


ප.ලි.
දමිළ ජනයා ආයුධ අතට ගෙන තම අයිතිවාසිකම් වෙනුවෙන් සන්නද්ධ අරගලයක් දියත් කරන්නට සිදුවූයේ කොහේවත් ඔවුනට තිබූ කැසිල්ලකට නොව මහජාතිය ඉතිහාසය පුරා ඔවුන්ව පාවිච්චි කිරීම් සහ රැවැට්ටීම්වල ප්‍රතිඵලයක් ලෙසය. නැවත නැවත සිදුවන්නේද එය පමණක්ම මිස සංහිදියාවක මාවතක් ලෙස ප්‍රවිෂ්ඨ වීමේ මාවතක සළකුණක්වත් නොපෙනේ.
සටහන

සුමිත් චාමින්දට ග්‍රාස්රූගට් පිළිතුරක්



සුමිත් චාමින්ද x එක හරහා යමක් ඉගෙන ගත්බව සැබෑවකි.ඉන්පසු තව තව දෙවල් කියවූ බවද සැබෑවකි. ඒ ඔය ඔයා කියන මහා දේවල් කහටගස්දිගිලියේ අපට තේරෙන්නේ නෑ ආයිබෝවන්ඩ. අපිට තේරෙනවා අපි ජීවත් වෙනවා කියලා. ඔය කිසි න්‍යායක් නැතිවම.ජීවිතය ගෙවනවා කියලා. පොළව එක්ක පොරබදන බැදිල්ලට ජීවිතේ දැනේනවා ආයිබෝවන්ඩ.

අරහෙන් දමළට ගහලා විනාස කොරලා දාද්දි අනිත් පැත්තෙන් රතු කොඩිය ඉරලා සහෝදරවරුම පාර මැද නිරුවත් වෙදිද් මේ අංකලංචි ඇතුලේ ඔහේ ලක්සෙට කොඩිය දම්මා වගේ සංතෝෂ සිනහවෙන් ඉන්නවා මේ හිස් අකුරු පුරවන පත්තර වල පේනවා. ඔහේ දන්න ඔක්කොම පොත් ටික පෙරලලා කියන දෙවාල වලට අපේ ගෙදර උන්දා කියන්නේ අර කොළුවට දිස්තියක් වැහිලද කොහෙද කියලා. කොහොමත් එක් එක ස්ත්‍රීපාරණ දිස්ටි වැහෙනවා කියලා අපි ගමේ බයියෝ වුනත් දන්නවා ආයුබොවන්.

ඔහේලා පොත් ටික බදාගෙන දගද්දි ජීවිතේ අහුවෙන පොඩි පොඩි තැන්ටික ඔක්කොම හැලිලා ගිහින්. දැන් ඔහේ ඉන්වා ඇත්තේ අප්‍රමාණ සංතෝෂයකින්. මොකද ජනතා විමුක්ති පෙරමුණ? කෑලි කෑලි වලට කැඩුවේ එහේ කියලා මේ ළගදී අඩියක් ගහණ ගමන් නහරවල් පුප්පලා කථාකරවා මං අහගෙන. කමක් නෑ ඔහේ ඔය සංතෝසෙම ඉන්න. ඒකත් මදෑ මිනිහෙක් සංතෝසයෙන් ඉන්නවා කියන එකම.

හැබැයි අයිබොවන්ඩ එකත් තියෙනවා කියන්න....

න්‍යායන් කියලා මහා ලොකුදෙවල් බිහිවෙන්නේ ජීවිතය පැටලුම් ලිහාගන්න මිසක් න්‍යායන් වලින් ජීවිතය බිහිවෙන්නේ නෑ. අල්තුසායි ලොකු අයියගෙන් බදිව් මලයාගෙ පිටුගනන් එහෙමම පත්තර පිටුවල පිරෙව්වා කියලා ජීවිතේ කිසිම දෙයක් අහුවෙනනේ නෑ.

දැඩිය සුවද දන්න මිනිස්සුන්ට ජීවිතේ අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ ආයිබොවන්ඩ.  අපි දන්නවා ඔය අයිබෝවන්ට ජීවිතේ ම්ග හැරිලා කියලා. ඒ නිසා පොඩ්ඩක් එලි පහළියට බැහැලා බලන්න. ජීවිතේ පෙනෙයි. ඔය ආයිබොවන්ට කොච්චර දේවල් මග ඈරිලද කියලා.

මාක්ස් උන්නැහෙට තිබුණේ ජීවිතයක්. දැනෙන ජීවිතයක්. ලෙනින් උන්නැහෙට තිබුණේ මිනිස්සුන්ගේ ස්භාවයන් තක්කෙතට තේරුම් ගන්න පුළුවන් ඉවක්. ඒ නිසා ජීවිතයයි  මිනිස් ඉවයි නැතිව පොත් පිරෙව්වා කියලා කිසිම දෙයක් වෙන්නේ නෑ ආයිබොවන්ඩ.

ඔය අයිබොවන්ඩ පශ්චාත් මාක්වාදී දී මොකද්ද කියනවා. මම මේ පෙළවත් එක්ක හැප්පෙනවා. ඔය ආබොවන්ඩ කාර් එකේ යනවා. මම බස්එකක් නැතිව හැතැක්ම ගණන් පයින් යනවා. යාය ම වගා කරලා දන්න අදුරන එවුන්ට බුසලක් දෙකක් දෙනවා උන්ගෙත් බඩගින්නිවාගන්න. දැන් ආයිබෝවන්ඩ ද සමාජ වාදියා මම සමාජ වාදියා.... මම ඔය මොකා වුනත් කමක් නෑ අයිබොවන්ඩ. මට ලෙඩ නැති ජීවිතයක් තියෙනවා.... ආයිබොවන්ඩට ජීවිතයත් නෑ
... හැබැයි බෙරේ පළුවකුත් නෑ...



Saturday, October 29, 2011

ඇටිකෙසෙල් කෑ මිනිස්සු හා අවදියෙන් සිටින මිනිස්සු - Occupy Toronto Day

 


මිනිසුන් අවදියෙන් 

ලංකාවේ මිනිස්සු කිසිවක් නොවන්නා සේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ සිටින්නේ ශ්‍රී ලංකා සියලු ප්‍රශ්ණයන්ගෙන් මිදුනු රටක් නිසාද ? නැතිනම් ඔය ඕන මගුලක් වෙච්ච දෙන් මගේ එකාව හොද තැනකට යවා​ ගත්තොත් ඈතිකියන අන්තප්‍රතිගාමී කුහක කම නිසාද? එදා උතුරේ මිනිසුන්ගේ මානව අයිතිය වෙනුවෙන් හඩක් නැගුවානම් අද දකුණ වෙත තුවක්කුව උස්සාගෙන ඒමට පාලකයන්ට හැකිවන්නේ නැ.අවසානයේ කියන්නට ඇත්තේ මෙපමණකි

" ජනතාවනි ඔබේ නිද්‍රා හෝරාව බොහෝ පිරිසකගේ මරණීය හෝරාවයි"

Friday, October 21, 2011

විටින් විට - ටිකෙන් ටික - වෙනත් වෙනත් බෝල බැස්සීම

දැන් සියල්ල සිදුවී හමාරය. ඡන්දයද හමාරය. භාරතද හමාරය. මාධ්‍ය සරඹද හමාරය. ඒ නිසා දැන් සියල්ල උන්නාන්සේගේ අතේය. උන්නාන්සේ රටේ මහරජානෝය. ආඩම්බරකාර තාත්තාය. දියසේන කුමරුය. නීතියද ඔහුය. ඒ නීති සියල්ල ඔහුට උවමනා ආකාරයය. සාක්කි ඇතිකිරීමත් ඔහුය. සාක්කි නැතිකිරීමත් ඔහුය.

මේ රටටම දැන් සැලට් එකකි. මාරම සැලඩ් එකකි. සාක්කි කාරයෝ ස්භාවික මරණවලට ගොදුරුවෙති. තවත් සාක්කි කාරයෝ දිව අනෙක් පැත්තට හරවති. භාරත ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු මුලින් කීවේ මන්න මෙහෙමයි.


"දුමින්ද සිල්වා මහතා සියයක් පමණ පිරිසක් සමඟ මෝටර් රථ 20 කින් පමණ පැමිණි බවත්, පසුව ඔහු මෝටර් රථයෙන් බැස පළමුව භාරතගේ කම්මුලට අතින් ගැසූ බවත්, ඉන් පසුව ඔහුගේ අතේ තිබූ පිස්තෝලයෙන් භාරතට වෙඩි තැබූ බවත්, අනතුරුව ‘භාරතට වෙඩි තියපන්’ කියා පැවසූ බවත් සමන්ගේ කටඋත්තරයේ සටහන්ව ඇත."

http://lankacnews.com/sinhala/news/29826/


මෙසේ තිබුනේ වෙනත් වෙබ් අඩවියක තිබුණානම් මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ කියන්ට තිබුණි. මෙය තිබෙන්නේ ආණ්ඩුවට නොසෑහෙන්න සුපර්මාකට් යන ලංකා සී නිවුස් අඩවියේය.
 මුල කටඋත්තරයේ තිබුණේ එලෙසය. නමුත් බෝල සමන් කියන්නේ දුමින්ද වෙඩි තබනු තමන් නුදුටු බවයි. අදාළ උන්නාන්සේලා විසින් බෝල සමන්ගේ කටට වෙනත් බොලයක් බැස්සා ඇත. තවටික දිනකින් දුමින්ද එතැන නොසිට බවටත් බෝල බස්සන්නට පුළුවන.

මේ බෝල බස්සන්නේ කාටද?

මේ බෝල සියල්ල බස්සන්නේ නීතියයේ ක්‍යාභාවයටයි. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් උන්නාන්සේලා කඩේ යවන්නේ රටේ නීති පද්ධතියයි. භාරත ගැන වෙනත් දේශපාලන විග්‍රහයක් ඇතත් පුරවැසියෙක් වශයෙන් ඔහුට සාදාරනයක් අනිවාර්්‍යයෙන් අවශයය.

නමුත් නඩුත් බඩුත් කුඩුත් බෝලත් උන්නාසේලාගේ රටට ජනතාවට දෙයියන්ගේම පිහිටය.

Monday, October 17, 2011

අපි නොදන්න බබානිස්.....

"තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්නට ඕනම කෙනකුට හැකියාවක් ඇතත් එකී ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ තමන් විසින් බවත්,එය ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය."


ජනාධිපති නව පාලාත් පාළන නියෝජිත හමුවේදී ප්‍රකාශ කරයි
------------------------------------------------------------------------------------------------------

ඔව් අපි එය දනිමු.අපේ ආරක්ෂාව එතුමාට කොපමණ වටින්නේදැයි දනිමු. ඇයි ඒ විතරක් යෑ එතුමා ජාතියේයම සංකේත පියයාය.... තේරෙන්න කියනවානම් ආඩම්බරකාර තාත්තාය. එතුමාගෙන් ලැබෙන ආරක්ෂාව ප්‍රශ්ණ කිරීමට අපි මොක්කුද??

දැන් බලන්න එතුමා උතුරට ආරක්ෂාව දෙන හැටි. කුගනාදන්ගේ අත කැඩුවා..ඊට පස්සේ සිසු නායනයෙක්ගේ ඔළු පැලුවා. ඇයි ඒ විතරක්ද??? 40,000 දාහක් සාන්ත සුවයට පත්කලා. තමන්ගේ ​සුවච කීකරු​ ගෝල බාලයෝ  ටික දාලා. ලසන්ත ...අහ් ලසන්තට සදා සැනසීම දුන්නා. ප්‍රගීත්ව සියල්ලෙන් ආරක්ෂාකරලා තබාගෙන සිටිනවා.තවවවව භාරත ගැනත් බැලුවා.

ඊට අමතරව එතුමා ​මේගොල්ලන්ට කොපමණ ආරක්ෂාවක් දුන්නද?? මේ ඔක්කොම දැන් අපේ රටේ කෝටිපතියෝ වෙලා ඉන්නේ ඒ නිසා. නැද්ද මං අහන්නේ දැන් බලන්න ජැක්සන් ඇන්තනි, විමල් වීරවංශ එතකොට පාඨලී චම්පික, රතන උන්නාන්සේ...බලන්න මේ ඔක්කොම කොච්චර ආරක්ෂාවෙන් ඉන්නවද කියලා.

ඉතින් මේ සුද්දො කවුද ජනාධිපති උන්නාන්සෙන්ගේ  දෙමළුවන්ට ආරක්ෂාව දුන්නේ මෙහෙමද කියලා අහන්න. නේද?? එතුමා දැන් ප්‍රසිද්ධියෙම් කියනවානේ. සුදු කොඩි උස්සන් ආපු ගමන් සුදු රෙදි පොරෝලා යැවුවේ. කවුද එහෙම කරන්නේ ඒ උතත්මය ඇරෙන්න.අපේ පොඩි එකා බාලචන්ද්‍ර...ඒකව අ​යේ මුල ඉදලා මොන්ටිසෝරි යන්න එක්කරගෙන ගිය එතුමා. සුද්දෝ මොනවද දන්නේ...

නැත්නම් තුනෙන් දෙකක් දෙයිද මං අහන්නේ...ආහ් දෙමුකෝ උත්තර... බලන්නකෝ එතුමගේ ආදරේ උතුරනවා..දරුවෙක් පෙන්න බෑ වඩාගන්නවා. හරි ෂොක්නේ. කවුරු කවුරුත් ඉක්මනට එතුමට කථාකරන්න. ආරක්ෂාව ඉල්ලගන්න...හැබැයි ප්‍රශ්ණ කිරීම තහනම්.


මත​කනේ ප්‍රශ්ණ කිරීම තහනම්

Friday, October 14, 2011

උපුටා ගැනීම - මුද්‍රණය වන්නට තිබෙන ජාතික පුවත් පතකිනි



පසුගිය දින මුල්ලේරියාව අංගොඩ පුදේශයේ දී වෙඩි වැදී භාරත ලක්ෂමන් ප්‍රේමචන්දු මහතා මියයාමය හේතුව මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන ඈත. පසුගිය කාලය පුරා මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ ඝාතන, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සහ එකී මෙකී නොකී සියලු නීත්‍යානූකුළ වැඩ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවෙත නියෝග කර ඇත්තේ කිසිදු තැකීමකින් තොරව කොයි එයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසයි. ජානධිපති මහින්ද රාජපක්ෂ මහාතද පොලිස්පති වරයාට විශේෂ නියෝගයක් මේ සමබන්ධව කර ඈත.

එම නියෝග ලද විගස ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් පැය 24 ක් තුළ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා තිබේ. එහදී අනාවරණය වී ඈත්තේ භාරත ලක්ෂමන් ප්‍රදේශයේ සිදුවන නීත්‍යානුකූල නොවන සියලු දෑ පසුපස සිටින්නා බවයි. ඉන්පුස් වහාම ක්‍රියාත්මක වූ විශේෂ පොලීස් කණ්ඩායමක් විසින් කොලොන්නාව භාරත අත්අඩංගුවට ගෙන ඈත. ඉන්පසු වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සඳහා රහස් පොලීස් අංක 4 කාමරයට රැගෙන ආ අතර එහිදී කළ ප්‍රශ්ණ කිරීම් වලින් අනාවරණය වී ඈත්තේ මුල්ලේරියාව අංගොඩ , වල්පොල ප්‍රදේශයේ ආයුධ රැසක් සගවා ඈති බවයි.

ඉන්පසු වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ආරක්ෂක ලේකමවරයා හා සම්බන්ධ වෙනමින් ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළහ. එය මැතිවරණ දිනයක් බැවින් යම් කළබලකාරී තත්ත්වයක් ඈති වේවිදැයි සැකයක් පොලීසයට තිබූ බැවින් පොලිස්පතිවරයා ජානධිපතිවරයි අමතමින් සිද්ධිය සමබන්ධයෙන් දිගින් දිගටම පැහැදිල කළහ. එහිදී ජනාධිපතිවරයාගේ උපදෙස් වූයේ ආරක්ෂක ලේකම් වරයාගේ නියෝග ක්‍රියාත්මක කරන ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව ක්‍රියා සිටියේ වරදකරුවන්ට කිසිදු සමාවක් නැති බවත් ඉතා ඉක්මනින් සගවා ඈති ආයුධ සොයාගන්නා ලෙසය.

ඒ අනුව දැඩි ආරක්ෂාවක් යටතේ භාරත ලක්මන් නොහොතේ ලකී අයියා අංගොඩ වල්පොල ප්‍රදේශය වෙත ගෙනයන ලදී. එසේ ගෙනයද්දී එක්තරා තැනකදී (ආරක්ෂක හේතූන්මත තැන හෙළිකළ නොහැකිය) වාහන පොළ නවතා ආයුධ වළලා ඈතැයි කියා කෙසෙල් පදුරක් පෙන්වීය. ඒ මො
හොතේ තම ප්‍රදේශයේ මැතිවරණ නිරීක්ෂණයේ පැමිණි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා එතැනට පැමිණ ඈත.භාරත දුටු සැනින් සලිත වී ගිය දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පෙලීසියට පවසා ඈත්තේ අපේ ජානධිපති උපදේශක තුමාව කවුරුන් විසින් හෝ මේ සිද්ධියට පටලා ඈති බවයි. එතැන සිටම ඔහු ආරක්ෂක ලේකම් වරයා ඇමතීමට උත්සහ කලද දුරකථනයේ අනෙක් පසින් ලැබී ඇති පණිවුඩය වූයේ "ප්‍රතිචාරයක් නොමැත... පසුව අමතන්න"යන්නයි.නමුත් දුමින්ද සිල්වා මහතාගේ බලපෑම මත පොලිස් නිළධාරීන් විසින් භාරතගේ අත්මාංචු ඉවත් කර ඈත. ආයුධ තිබෙනවායි කී තැනට දුමින්ද සිල්වා මහතාද පැමිණ ඈත. කෙසෙල් පදුරක් අස්සේ ආයුධ තිබෙනවායි කී භාරත නැමී එයින් T56 වර්ගයේ ස්ව්‍යංක්‍රීය ගිනි අවියක් ගෙන අතර අතට වෙඩි තැබීය. ඉන් උණ්ඩ දෙකක් අසල සිටි දුමින්ද සිල්වා මහතගේ හිසපසාරු කරගෙන ගොස් ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය තම සහ දුමින්ද සිල්වා මහතා​ගේ ජීවිත ආක්ෂාව පාතා වෙඩි තබා ඇත. එ අනුව එතැනදීම භාරත මියගොස් ඇති අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ජයවර්ධන පුර රෝහලට ඇතුලත් කර ඇත.

එම පුවත් පතේම ඇතුල පිටුවකින් උපුටා ගන්නා ලදී


දේශයේ චිරස්ථිය උදෙසා තරුණ නායකත්වයක් සැපයූ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට සෙත්පතා අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ නාහිමිවරු බෝධිපූජා​ පවත්වති. රටට පුරාම දුමින්ද සිල්වා මහතා ගේ සුවය පතා සත්‍යග්‍රහ පවතවයි.

තරුණියන් දහසක් දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් කිරිවෙහෙරට සුදුනෙලුම් දහස් පූජාකර ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.



Sunday, September 18, 2011

පිටුවහල් කවියා වෙත ලියමි





ඔහු මා දෙස දෑස් නොසොල්වා බලා සිටී. ඔහු ලියූ අකුරින් අකුර මා සමඟ දොඩමළු වෙයි. ඒ අතරින් මට ඔහු ව පෙනේ. කැරලිකාර ජීවිතය දරා ගෙන තදින් කැරළි ගැසුණු කොණ්ඩය සමඟ ඔහු මා ඉදිරියේ ඉඳ කථාව පටන් ගනී. ගැහෙන හදවත ඔහු මට ගලවා පෙන්වයි. නැවත ඔහු තුළම එය සඟවයි.

ඔහු මගෙන් ප්‍රශ්ණ කරයි.

මම කියවන්නේ කවිය යි. ඔහු කියවන්නේ මාගේ හෘදයේ ගැඹුරුම තැනයි, මගේ දෑසේ ගැඹුරුම අන්තයයි.

ඔහු මා ඉදිරිපිට සුදුම සුදු හිස් පුල්ස් කැප් කොළයක් තබයි. එහි මෙසේ ලියයි.

"මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි.
ඒ මත ලේ පැල්ලමකි.
එය කවියකි.
ඒත් එය දෙමළෙනි.
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි. '
'

ඉන් පසු ඔහු යළිත් මගෙන් ප්‍රශ්ණ කරයි... ඉදින් අප, ලිවීම නවතා දැමිය යුතු ද?

ප්‍රශ්ණය මා මත තබා ඔහු අකුරු අතරම සැඟවෙයි. දැන් මම ඔහු වෙතට ලියමි. මම නැවත නැවත ඒ ප්‍රශ්ණයම මගෙන් අසමින් ඔහු වෙත ලියමි. මම ඔහුට ලියන මෙහි, මේ ලියමනේ අග මුල මැද ගැළපීම් නොසොයන්න. අගක් මුලක් නැති ජීවිත ගැන ලියද්දි, මොකටද මුල මැද අග එකට පිහිටා මුසාවට ලියන්නේ. උඹට හිතෙන තැනකින් කියවපං. මේ ලියමනම අයිති උඹට.

පිටුවහල් කවිය,

මම ආසයි උඹට සහෝදරයා කියනවට වඩා "මචං" කියන්න. උඹටයි මටයි එකට ගල් උගුරක් බී සිගරැට් උගුරක් අදින්න. ඒ ආමන්ත්‍රණය හදවතට කිට්ටුයි. සහෝදරයා කියන වචනය කීතු කීතු වලට ඉරා දැමුවා කලකට පෙර සහෝදරවරුම එක්ව. මට මතකයි උඹ ලියනවා මෙහෙම, ඒ සහෝදරයෙක්ට ම.

උදුල සඳ මඩළ සැතපුන හිරගෙදර
කඳුලු සියුමැලි ද රිදුණිද හද මඩළ
පතල අරගලය වියැකුණ රෑ කලෙක
දෙමළ සොහොයුරිය ගැන ඇයි කලබලය

සිහින පෙරමුණට හැබැහින් වෙඩිවැදුන
දාක කඳුළු පෙල ගැහුණයි මග දිගට
මහණ දමක් ලෙස රැකගත් රතු කොඩිය
කාගේ ලෙයින් රතු වී දැයි අමතක ද


ඒ කඳුළු වල දැන් අයිතිකාරයෝ ගොඩයි. කඳුළකට පොළොව බදා ගන්න දෙන්නෙත් නැති තරම්. බාස්කට් රැගෙන සහෝදරවරු බරට වැඩ, කඳුළු එකතු කරන්න. උඹේ පපුවයි, පෑනයි එකට කෑගසන හඬ දෝංකාර දෙනවා අකුරක් අකුරක් ගානේ කියවද්දි. ඒත් වැඩක් නෑ මා මිතුර, බොහෝ දෙනෙක් කට සහ කණට අගුලු ලා තවම. ඒත් උඹ දුක් වෙන්න එපා. කියවන එවුන් නැතුවාමත් නොවෙයි. කවි, උඹේ හෘද සාක්ෂිය. මේ ලිපිය, මගේ හෘද සාක්ෂිය. වෙලාවකට පිහියකින් හාරනවා හෘද සාක්ෂිය හොය හොයා මගේ හදවතේ ගැඹුරුම තැන්. ඊළඟ මොහොතේ උපරිමයි කවි ගතිය. බිඳුනු සිහිනය ගැන උඹ ලිව්ව කවිය, තවම මොර දෙනවා මගේ කරණශංඛයේ කොණක. මම ආසයි ඒ කවියේ අන්තිම පැදි පෙළ ආයේ උඹටම ලියන්න.

වේදනාවෙකි හදවත
කල්පනාවෙකි මුහුණත
බිඳුණු වැව පතුළත
නො බිඳුණු සිහින කැටපත....


සිහිනය බිඳගන්න එපා කිසි දිනක. මමත් තවමත් ආදරෙයි ඒ සිහිනයට. ඒත් සිහින දකින සමනලුන්ට මේ බිමේ ඉඩ නෑ. එහෙත් අතහරින්න එපා ඒ සිහිනය. ඒ නොමළ, නොබිඳි සිහිනය. උඹ දන්නවද සිහින දකින එවුන් ඔක්කොම පිටුවහල් කලා මෙ බිමෙන් සියලු දෙනා එකතුව. එකෙක් දෙන්නෙක් තවමත් ගුහාගතව ඉන්නවා, කෙහේ හරි මුල්ලක. දවසක වෙලාවක අපි එකතු වෙමු. ගල් බෝතලයක් දෙකක් අරගෙනම. බයිට් එකට උඹ මොනවද කැමැති? තියෙනවා බං කථා දහසක් කියන්න.

කනයා තවමත් එහෙමයි. ඌ තවමත් අපි එක්ක. ෂිකරැට් බාගේ අදින්න, උගේ ආයුෂත් අපිට පුදන්නයි සූදානම. කවුරුත් දැක්කද දන්නේ නෑ, උඹේ පොත් දෙද්දි උගේ අතට, කනයගේ ඇසේ කඳුලක් දිලිසෙනවා පැනගන්න බැරිව. ඌටත් ඕන වුනේ කෑගහල අඬන්න. ඒත් හැමදාම වගේ, කනයට වුණේ අනුන්ගේ හිනාවට ප්‍රීති හිනාවක් දෙන්න. උඹට කියන්නේ මොකටද ආයේ කනයා ගැන.
ඒ තමා කනයා.

අපිටත් මංච කියනා
අපිත් මචං ම කියනා
මචංවරයෙකි කනයා
ඌ අපිට පණ වුනත් දෙනවා ...
කියලා... ලියලා... පිදුවට කනයට, කිසි පවක් නෑ උඹට.

උඹ එවූ ලියමන වන්නියෙන් මටත් එව්වා. ඔහේ වගේ ශීත සෘතු නැති වුණාට මෙහෙට... මරණයේ හීතලට ඝණවෙලා මුළු වන්නියම. උඹේ කඳුළු ගලන අකුරු පද කියවන්න බෑ මට වෙලාවකට. බොඳ වෙනවා. මගේ ඇස්වල කඳුළු වලින් උඹේ අකුරු බොඳ වෙනවා. ඒත් උඹ කිව්වා වගේම,

වදන් වැල සැකෙවින් ගොණු කරන්නේ කොහොමද
නිවන් මඟ සැතෙකින් නො රිදවන්නේ කොහොමද
දුරින් හිඳ සැණෙකින් ළඟ රැදෙන්නේ කොහොමද
ඉතින් අපි සැබැවින් හමු නොවන්නේ කොහොමද


අපි හමුවෙයි බං... ගසට ගසක් මුණගැසෙන්න මොරටුවවත් තිබුණට, මිනිහෙක්ට මිනිහෙක් මුණ ගැසෙන්න එක බිං අඟලක් නැති එක තමයි අවුල. ඒත් අපි බලා ඉමු.

උඹට මහන්සිනම් කමක් නෑ, පස්සේ කියවපං. දඹකොල පටුන දැන් අයිති යකඩ සපත්තු රෑනට. උඹේ යාලුවාගේ ගෙදර විතරක් නොවෙයි, යාපනේ අඹ ගසත් නෑ. ඒක තිබුණත් වැඩක් වෙයිද මචං. (ඔන්න මම උඹට පළවෙනි පාරට මචං කිව්වා... හොඳ හුස්මක් ගනිං) ඒ අඹ ගහේ ගෙඩි වල රස, ලේ රහ වෙලා ඇති. ගෙපැල තිබුණු තැන දැන් මහා හෝටලයක්. දඹකොළ පටුන දොහොත් මුදුන් දී වැඳගන්න, දකුණෙන් එන ඇත්තන්ට හොඳ හැටි සැප ගන්න. යාලුවාගේ අප්පා එලොව ඉඳනුත් හොයනවා ඇති ඒ ගෙපැල. දාඩිය මහන්සිය යට කළ, දරුවන් ලොකු මහත් කළ ඒ ගෙපැල. කියා යවහං ලිපියක් යාලුවට මේ ගැන. වෙලාවක් තිබුණොත්.

දෙමළ ඔළුවලට සෙල්ලම වෙඩි තැබූ තරුණ සොල්දාදුවො ඇවිත් ගමට. උන් උජාරුවට කියවනවා එහේ කරපු වීරකං ගැන. මාතෘකාවක් නැති මාතෘ භූමිය ගැන උන් හදනවා කථා ලස්සනට. හිනා වෙලා එක්වරක් මුන්ගේ මේ විහිළු වලට, අඬනවා සියවරක් වෙඩි වැද මව්බිම ආදරයෙන් සිප වැළඳගත් උන්ව සිහිකර. මම උන් එක්ක කතාවට ගියත් නැතත්, දන්නවා, උන් තියනවා කොයිම මෙහොතක හරි, දෙමළ නොවුණට මගේ ඔළු ගෙඩියටත්. එහෙම වුණොත්, උඹටත් ආරංචියක් ලැබුණොත් ආයෙත් උඹ ලියලා එවපං අර කවිය බූන්දියට.

නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැගෙන
අවසන් පැතුම තුළ
නිරුවතිනි යුධ ඇඳුම

දෙමළ ඔලු ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලි ද ඔය අවිය


සියුමැලි වැඩී බං උඹලගේ, අපේ හිත්. ඒ නිසයි මේ තරම් දුක්. ඒත් හිනාවෙන්න පුළුවන් අපිටම, අපේ ඇතුළටම හැරිලා. උගස් නොකළ නිසාවෙන් තවමත් රකින හෘද සාක්ෂිය.

තවත් ලියන්න අමාරුයි මචං. කඳුළු උල්පත් පුපුරලා, දෑස්කෙමි බොඳ වෙලා. ඒ අතරින් අකුරුත් බොඳ වෙලා. ඒත් මචං, සිත්තන්ඩි කඳුළු තවම නොවියළී එලෙසම ගලනවා. ඒ කඳුළු උල්පත් හෑරූ විරුවන්, දකුණේ රජවරුන් සේ තවම වැජඹී සිටිනවා. අලුත් අවුරුද්දත් ඇවිත් පාස්කුවත් ගෙවි ගියා. පාස්කු පැමිණි බක්මහේ මරණීයව නිසල වූ වන්නි ගම්දොර තවමත් මර බියෙන් සසලයි. ඒත් උතුරු වසන්තය කොළඹට පෙරහැරයි.

ගින්දර සිසිල විඳි සුදර්ශණා කියවද්දි, පපුවක් තියෙන උන්ගේ පපු කැවුතු හිරවෙනවා. ඒත් බියකරු රාත්‍රිය තවමත් එහෙමමයි. ගොදුරු සොයන සොහොන් බල්ලන් අවදියෙන්.

සදාතනිකව
කුරිසිය ම
දෙවුරේ දරාගත්
ජාතියට ඇණ ගසන විට
උන් නඟන කඳෙිරිය
කොවුල් රණ ගී
සමඟ මුසු වී
කන වැකෙන විට
දරන්න බැරි තරම්
මෙතරම්
සතුටුද ඔබට


කියලා ඇහුවට මෙහේ කවුරුවත් නෑ. එහෙම මිනිස්සු අනිත් එකාගේ දුක අහන. 2500 ඉතිහාසයම කියවලා කියවලා මෙහේ හෘර්දයත් පාෂාණීභූත වෙලා. ගල්බෝර දැම්මත් බෑ මචං, ඒ ගල් හිත් හොලවන්න. දැන් උගුර හිරවෙලා. උගුර මැද්දේ ඉකියක් හිරවෙලා. කාටවත් නොපෙණුනාට, උඹ හඬනවා වගේ මමත් අඬනවා. දහස් ගණනක් මැද්දේ උඹ වගේම මමත් තනිවෙලා. සේකර කිව්වට හඳ එළියට ලෝකය එකම යායක් කියලා. හඳ එළියට දැන් තල් රුප්පාව නම්, එක යායට පේනවා. තල් කරටි සේරම කැඩිලා ගිය නිසා ෂෙල් වැදිලා.

අවසන් ලෙස උඹට ලියන්නම් මෙහෙම... උඹ ඔහොමම හිටපං... ශීත සෘතුව පැමිණි කළ උඹට උණුසුම දෙන්න, උඹේ හිතේ උණුසුම ඇති. එහෙම හිත් තියෙන ඔක්කොම මිනිසුන්ව මතක් කරා කියපං. කවද හරි දවසක අපි හමුවෙමු, කොහෙදි හරි. සෙල්ලමට ඔළුව කුඩුවෙන්න වෙඩි තියන්න කලින්. ස්ටීවන්ටත් එන්න කියමු. එකට ඉඳගෙන ගල් උගුරක් බොමු. කථා දහසක් තියෙනවා කියන්න. ඒ ඔක්කෝම එකින් එක කථා කරමු.

උඹට ජය!

-මාතෘකාවක් නැති මාතෘ භූමියේ තනි වූ, උඹේ මචංවරයෙක්....

Friday, July 29, 2011

මහා අනෙකාගේ ප්‍රමෝදය බිග් අයිඩියා කර විකිණීම

පවතින ධනේෂ්වර අර්ථ ක්‍රමය තුළ සියලු මානවා  සම්බන්ධතා සහ තමන් තුළ සිටින අනෙකාගේ ආශාවන්, අභිලාශයන්, සිහන, ප්‍රර්ථනා සියල්ල විවෘත වේදිකාවක් මතට ගෙනෙනා කර්මාන්තයකි. අනෙක් පැත්තෙන් එය ලෝකයේ වැඩිම මුදල් සංසරණය වන කර්මාන්තයන්ගෙන් එකකි.  ඇඩවර්ටයිසින් නැතහොත් ප්‍රචාරණ ​ක්ෂේත්‍රය මේ නිශ්චිත නිමේෂය වන විට ජීවිතයේ ශුදුමුල් දක්වා විහිදී ගොස් ඇත. මා තුළ සිටිනා අනෙකාගේ ප්‍රමෝදය  සොයා දෙන්නට ඕනෑ තරම් අවස්ථා ඒ හරහා  උදාකර ඇත.

උදාහරණයක් ලෙස ඔබ​ගේ  මුහුණ පමණක් සුදුවීමට නම් ලව්ලි ඇත. සම්පූර්ණ ඇඟද සුදුවීමට අවශ්‍යයනම් හෙල්දි වයිට් ඇත. ඔබට කොත්තු මී කෑමෙන් පසු හොටි විය හැක. දැන් ඔබගේ රැකවරණය ගැන කොතැන සිටියත් කුකුසක් ඇතිකර ගත යුතු නැත. වැඩි දෙයක් නොව ඔබලේ කුසින් එන වාතය මුවින් පිටවන ශබ්දය නැතහොත් ගුඩුස් එක පාවා අලුත් ට්‍රෙන්ඩ් එකකි.
මෙකී නොකි සියලු ප්‍රමෝදයන් සියල්ල දැන් ඔබ හමුවේ ඇත.

මේ සියලු කරණා නිරවුල්ව විග්‍රහකර ගැනීමට ප්‍රචාරණ ක්ෂත්‍රයේ ඇතුලාන්තයට එඹී බැලීම ඉතාම මැනවැයි සිතමි. දිලිත් ජයවීම කෝටිපති ව්‍යාපාරිකයෙක් කළ  අපේ මහා අනෙකාගේ ප්‍රමෝදය සුමින්ද ගමගේ නම් සුන්දර ලේඛකයා හපයක් කර ඇත. උදය තෙන්නකෝන් නම්  මාධ්‍ය සගයා නිර්මාණ අධ්‍යක්ෂකයෙක් වන විට ඔහු හපයක් කර අවසානව. ඉන්දික ගුණවර්ධන නම් තරුණ කවියා බිහිවන්නේ මේ විකිණෙන ක්‍රමයට ආයුබෝවන් කී දා සිටයි. නර්මදා රණවීර කිවිදිය හපයක් වන්නේ මේ ක්ෂේත්‍රය තුළය. අවාසනාව ඔවුන්ලෙන් පසු දෙවන පෙලක්ද දැන් එහිම යැපීමමයි. ( චින්තන, වීරයා, අමිල etc...)

පවතින නරුම ක්‍රමයට අභියෝගකරන්ට තිබූ මානව සම්පත රැසක් හප කරන්නේම අනෙකාගේ ප්‍රමෝදය පිනිසය. සමාජය තුළ වැඩකරන අයිඩියා ගෙනෙන්නට අයගේ ගෙවීමද එලෙසම වැඩිය. කලක් යද්දි වන්නේ ඔවුන් වෙනස්ම ජීවන රටාවක හුරුවීම සහ එය අහිමිව ජීවත් වන්නට නොහැකි වීමයි. නමුත් වැඩකරන අයිඩියා නොමැති දිනකදී සිදුවන්නේ පස්සට පයින් ගසා එලවීමයි. එසේ එලවන අවස්ථාවට පැමිණෙන විට ඔවුන්ට ඔවුන්ට අතහැරී ඇති සමජීය වපසරිය ​සුළුපටු නොවේ. උදාහරණයක් ලෙස මේ මොහොතේදී JWT හි නිර්මාණ ප්‍රධානී චාන්දනී රාජරත්නම් නැතහොත් සී, ලියෝබර්නඩ් හි සුබාෂ් පින්නපොල, ලින්ටාස් හි සුරුබන්, බේට්ස් හි හරේන්ද්‍රගෙන් මේ මොහොතේ සමාජ සන්ධර්බය සම්බන්ධව විමසුවහොත් එය ඔවුන් එතරම් තෑනිය යුතු දෙයක්  ලෙස නොසිතනු  ඇත. මන්ද ඒ සියල්ලට වඩා අලුත් ඇඩවර්ටයිසිං කැම්පෙන් එකක් දිනීම අන් සියල්ලට ඔවුන්ට වඩා වැදගත් බැවිනි. එය ඔවුන්ට පමණක් පොදු කරණක් නොව එය ඓතිහාසිකව ක්ෂෙත්‍රයේ සියලු දෙනාගේ පොදු තත්ත්වයයි.   ඒ නිසාම ඔවුන් හප වනවිට ඔවුන්ට සුවිසල් සමාජ වපසරියක් අහිමි වී ඇතැයි පැවසුවේ එබැවිනි. ඒ ක්ෂේත්‍රයේ ඇතුලාන්තයයි.

ප්‍රචාරණ ව්‍යාපෘති සමාජය ත්‍රළ ක්‍රියාත්මක වන්නාවූ ආකාරය වටහා ගැනීම මේ මොහොතේ සමාජය විග්‍රහ කරගැනීමට උදව් වනවායැයි සිතමි. ලංකාවේ ජන විඥානය වෙනස් කල ආකාරය විග්‍රහ කර කරගැනීම ඉදිරියේදීවත් පරිභෝජනවාදී ගොදුරක් වීමේදී අඩුම ගණනේ එය දැනගෙනවත් ගොදුරුවිය හැක.  ලංකාවේ ජන විඥානය වෙනස්කරල ප්‍රචරණ ව්‍යාපෘති වලින් ඉදිරියෙන්ම සිටින්නේ "අපි වෙනුවෙන් අපි"  ව්‍යාපෘතියයි. එය එතරම් වැඩකලේ ඇයි?  එයට පිලිතුර අපතුළ සිටින ජාතිවාදී අනෙකා එම දැන්වීම හරහා චූන්වන නිසාය. දමිළ අරගයට වැඩේ දෙන්න යන්නා දකුණේ සමාජය තුළ පොරක් යන්න එම ව්‍යාපෘතිය හරහා සමාජගත කරන මතවාදයි. එය  කෙතරම් ඔබගේ අනෙකා ප්‍රමෝදයට පත් කලෙද යන්න සිතා බලන්න. එහි රූපරාමු පෙළ නිර්මාණ වී තිබුනේ ඉහත කියූ කාරණා වඩාත් තීර්ව වන ලෙසය.

ලංකා සමාජය දැඩි ලිංගික පීඩනයක් සහිත වූ සමාජයකි. ඒ නිසාමා බුරියක් පෙන්වීම, පිරිපුන් කළව යුගලක්, පිම්බුණු පියයුරු යුගලක් පෙන්වීම අප තුළ සිටින ලිංගික පීඩනයට පත්වූ අනෙකා ප්‍රමෝදයට පත්වන  මොහොතකි. මේ නිසාම බහුතරයක් කොත්තු මී මිලදී ගැනීමට අපගේ විඥානය ක්‍රියාකරන්නේ ඉහත කී මනෝ ලිංගික ක්‍රියා වලිය ඔස්සේය. මනෝමයෙන් කොත්තු මී කියා කඩේට ගොස් මිලදී ගන්නේ ප්‍රචාරණ දැන්වීමේ පෙන්වූ ස්ත්‍රිය පෙන්වූවාටත් වඩා නිරුවත්කරය. මගේ අනෙකා සන්තර්පණය වන්නේ ඒ හරහාය. නමුත් අපි එළිපිටදී කොත්තු මී සදාචාරය විනාශ කරනවායැයි දෙස් දෙවොල් තබයි. නමුත් සත්‍යනම් මගේ අනෙකාගේ අවශ්‍යතාවය කොත්තු මී දැන්වීමේ සිටිනා ස්ත්‍රියගේ තව තවත් ඇඳුම් ගැලවීමයි. ​ඒ අන්කිසිවක් නිසානොව ලංකා සමාජයේ පවතින්නාවූ ලිංගික පීඩනය නිසාමය.

 මේ මොහොතේ දේශපාලනික ක්‍රියාවලිය විග්‍රහ කරගැනීමේදී ඔවුන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය වටහා ගැනීම ඉතාම වැදගත්ය. මන්ද ඔවුන් ​ලංකා භුමියේ ජන විඥානය වෙනස් කිරීම නැතහොත් ඉහමොළ සොදා හරින්නේ දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණය හරහාය. ඒ සියල්ලෙන් ප්‍රමෝදයට ගෙනෙනු ලබන්නේ අපගේ මහා අනෙකාය.

ශ්‍රී ලංකා රාජ්‍ය සිංහල ජාතිවාදී රාජ්‍යයක්  කරා ගෙනයාමේ වර්තමාන ක්‍රියාවලියට ආරම්භය  ගෙනන ප්‍රචාරණ ව්‍යාපෘති කීපයකි. මෙම ක්‍රියාවලිය ඉතාම උපාය මාර්ගිකව දැන හෝ නොදැන ලංකා සමාජය තුළ ක්‍රියාත්මක වුණි. ඉන් පළමු වැන්න ක්‍රියාත්මක වන්නේ  " ගන්න අපේ දේ"මෙම ව්‍යාපෘතිය හරහා සමාජ ගත කරන්නට උත්සහ දැරුවේස බහුතරයේ මිලදී ගැනීමේ බලයයි. එම බලය හරහා බහුතරයේ  දමිළ  අරගලය යටපත් කිරීමේදී එන අනෙකුත් පීඩනයන්
කේවල් කිරීමයි. " මහින්ද චින්තනය යනුන්නම දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් වන අතරම පුද්ගලික මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයක් රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස සලකා ක්‍රියාත්මක වන අන්ත පසුගාමී රටවල් අතරින් ලංකාවද එකකි.

මේ මොහතේ සිදුවන සියලු ඊනියා සංවර්ධන ව්‍යාපෘතීන්ට වඩා මුදල් වැය කරනු ලබන්නේ ප්‍රචාරණයන්ටය. හම්බන්තොට වරයා ඉදිකරනු ලැබුවේ හම්බන්තොටය. වැඩිම කටවුට් ගණනක් ගසනු ලැබූවේ කොළඹ නරගය තුළය.  ඔවුන්ගේ අනෙක් ව්‍යාපෘතීන්ද එවාට දෙවැනි නැත. පසුගිය සමයේ එක්සත් ජාතීන්ගේ විද්වත් වාර්ථාවට පවා රාජත්‍රන්ත්‍රිකව පිළිතුරුලබා දීම පසෙකලා මුලින් සිදුකරනු ලැබුවේ කොළඹ නගරය පුරා දැවන්ත කටවුට  ගැසීමයි.

මේ කරන්නේ කුමක්ද?
ඔවුන් මේ සියල්ල කරන්නේ අපගේ ප්‍රමෝදය මනාව හඳුනාගෙන සිටින හෙයිනි. මෙනිසා ඔවුන් මොහොතේ කරන්නෙ අපගේ ප්‍රමෝදයට අවශ්‍ය ධාතුව සැපයීමයි. ඒ නිසමා අපගේ මහා අනෙකාගේ ප්‍රමෝධය ප්‍රචාරණ ආයතන තුළින් බිග් අයිඩියා ලෙස එලියට පැමිණ, එය විවෘත වෙන්දේසියේ අලෙවිකරයි.
මේ මොහොතේ දේශපාලනික ක්‍රියිවලිය වටහා ගැනීමනම් එහි ප්‍රචාරණ යාන්ත්‍රණය වටහා ගැනීම ඉතාම කාලෝචිතය..

Thursday, June 16, 2011

තමන් අනෙක් කටිටිය වීම


පසුගිය සඳුදා "අනෙක් කටිටිය" නමින් නමාකරණය  වූ තරුණ කණ්ඩායමක් විසින් "අරගලය අරභමු" මැයෙන් සංවාදයක් මහජන පුස්ථකාලයේදී සංවිධානය කර තිබුණි. වික්‍රමබාහු, වසන්ත සමරසිංහ, ලියනගේ අමරකීර්ති, සුමනසිරි ලියනගේ, ශිරාල් ලක්තිලක, සරත් ප්‍රනාන්දු , ජොසප් ස්ටාර්ලින් යන  විවිධ වූ දේශපාලනික ආස්ථානයන් වල පවුරු බැදසිටින ක්‍රියාදරයන් පිරිසක් සංවාදයෙ සදහා සහභාගී වී තිබුණි. සංවාදයට ප්‍රස්කෘතයන් වී තිබුණේ නොදෙන වැඩි වැටුප, බලෙන් දෙන විශ්‍රාම වැටුප, සරසවි සිසුන්ගේ මිලිටරි පුහුණුව සහ මානව හිමිකම් යනුවෙනි.

ලියනගේ අමරකීර්ති සංවාදය ආරම්භ කරමින් තමන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධ යම්  හරවත්  ප්‍රාවේශය ගත්තද ඉන් පසු අනෙක් කතිකයන් සියල්ලන්ම තමන්ගේ දේශපාලනික මත සංවාදය තුළ වෙන වෙනම ස්ථානගත කිරීමට. තමන් සතු හොදම වදන් භාවිත කරමින් ​සිය කථාවන් පැවත්වූහ. විටින් විට  අනෙක් කට්ටියද පැමිණ තමන්ට බොරැල්ල පොලීසියෙන් සිදුවූ හිරිහැරය හොද හැටි පට්ට ගසමින් එය තමන්ට ඇඩ් එකක් කළගත්හ. කටුනායක බහුතරයක් මෙන්ම ඔවුන්ද හිතන්නේ මේ පොලීසය තමන්ට වද දුන්නේ තමන්ගේ හිතු මතේට බවයි. මහින්ද සේනාධිනායකයා බව ඔවුන්ද සබුද්ධිකව අමතක කරදමති. එසේ නොමැතිව වගීෂ සුමනසේකර මේවා නොදැන ඉන්නට බබාලා නොවේ.

ඔවුන් සංවාදව පුරාම ස්ථීර කරන්න උත්සහ කලේ මහින්ද ආණ්ඩුව තමන්ට දැවැන්ත මර්ධනයක් මුදාහරින බව සහ එයට මුහුණ දීමට පීඩිතයන්ගේ අරගලයක් අවශ්‍ය බවයි. මේ කථාවන් දෙස සබුද්ධිකව කල්පනා කිරීමේ යම් තැකතට​ අප කැදවාගෙන එයි සහ අප අභිමුවේ ප්‍රශ්ණ කීපයක් නිර්මාණය කරයි.  ඉන් පළමු වැන්න මේ සියල්ලන්ටම මහින්ද පාලනයේ මර්ධනය වටහාගෙන ඇත්තේ මේ මොහොතේද??? අනෙක් ප්‍රශ්ණය පීඩිතයින්ගේ අරගලය කඩා විසුරුවා සුනුවිසුනු කර දමන  ලද්දේ කවුරුන් විසින්ද යන්නයි.

මහින්දව පාලන බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ අති දැවැන්ත කාර්යබාරයක් කල මේ සංවාදයේ කතිකයන්ගෙන් බහුතරයක්, මහින්ද පැමිණනෙ ජාතිවාදී මාර්ගයේ අනාගත ඵලවිපාකයන් එදා දුටුවේ නැද්ද??? නැතිනම් ඔවුන් දැක කොලේ වසා සිටියාද යන්නයි. වැටුප් ප්‍රශ්ණයක් එතතුරු විශ්ව විද්‍යාල ආචාර්්‍යවරු සිටියේ කොහෙද??? දමිළ ජනයා දහස් ගණනක් ඝාතනය කරද්දී, ලසන්ත මහපාර මැද මරා දමද්දී, ප්‍රගීත් එකැනැලිගොඩ අතුරුදහන් කර දමද්දී, පොද්දල ජයන්තගේ මහපාර මැද කකුල් කඩද්දී මේ පිරිසගේ ආස්ථානය කොතැනද?? වසන්ත තම කථාව ආරම්භයේදීම පැවසූ දෙයට මා හට නැගආ හිනාව මැඩගෙන සිටියේ ඉතාම අපහසුවෙනි. ඔහු කියන්නේ ජවිපය ඉතිහාසයේ පුරා හරි තැන හිටගත් බවයි. ඔවුන් ලකුණු කරගෙන සිටි හරි තැන දමිළ සංහාරයක් සිදුකිරීමට ආණ්ඩුවක් පත්කිරීමද???  වරක් අන්තරයේ කැදවුම්කරුව සිටි දුමින්ද අරංගලට සමඟ කැලණි විශ්ව විද්‍යාලයේ  නවක වදය සමබන්ධ සංවාදයකට ගිය අවස්ථාවකදී ඔහු දුන්නේ කදිම පිළිතුරකි. අපි කට්ට කාලා ආවේ.... මුනුත් ඒ කට්ට කන්න ඕනේ... එහිදී මාගේ ප්‍රශ්ණය වූයේ වර්තමානය අතීතයේ තට්ට කන්න ඕනේනම්, අතීතයේ දී ඔබලා කළ කාර්යභාරය  කුමක්ද යන්නයි. ඉන්පසු අපට මුහුණ දෙන්නට වූයේ ඉතාම පහත් තත්ත්වයේ ප්‍රතිචාරයන්ටය. දමිළ සොරොහුරන්ගේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනීසිට අපට ඔවුන් දුන් නාමය වූයේ පර දෙමල්ලු යන්නයි.... මේ ජවිපය ඉතිහාසය පුර සිටගත් නිවැරදි තැන්ය.

විශ්ව විද්‍යාල ආචාර්්‍යවරු ද ආණුඩවට දමිළ ජනයා සමූල ඝාතනය කිරීමට පටි තදකර ගත් යටත් පිරිසෙන් එක් කණ්ඩායමකි. එදා ජීවන වියදම ඔවුන්ට බරක් නොවුනිද??? ඇත්තෙන්ම එදා හොදද?? අරගල දෙකක අත්දැකීම් ඇති ජවිපය පීඩිතයින්ගේ අරගලයක් අවැසි බව දකින්නේ දැන්ද??? ඔවුන්ට අනුව උතුරේ අරගලය ධනපතියන්ගේ අරගලයකද??

අප ඉදිරියේ මෙවැනි ප්‍රශ්ණ මාගලක් නිර්මාණය වෙද්දී බාහු දැන් සිටින්නේ ඉවවහා ගිය ප්‍රීතියකිනි. ඒ  ඔහුට අනුව මේ මොහොත කම්කරුවගේ මොහොත බවයි. ඒ නිසාම ඔහුගේ එදා කථාව ගැලරිය පිනවන විමල් වීරවංශගේ කථාවකට දෙවැනි නැත. ඇත්තෙන්ම බාහු කවදත් සිටින්නේ මේ මොහොත අමතක කරමිනි. පීඩිතයාගේ මොහොත උතුර තුළ විනාශ කිරීමෙන් පසු තවම ලංකාව තුළ කම්කරුවාගේ මොහොත පැමිණ නැත. ඒ මෙහොත නිර්මාල් දේවසිරි කියනා ආකාරයට මෙන් මෙය ඔහේ යන්න දී පැමිණෙන්නේ නැත ඒ වෙනුවෙන් තව බාහුලා අත නොතැබූ වැඩ රාශියක් කිරීමට තිබේ. උදාහරණ ලෙස බාහුලාගේ ආමන්ත්‍රණ භාෂාව පවා වෙනස් කරගත යුතුව ඇත. 

විශ්ව විද්‍යාල සිසුන් සඳහා වන පුහුණුවට තමන් යුධ යන වචනය පාවිච්චි නොකරන බව කියූ ශිරාල් ලක්තිලක තමන්ගේ උත්තම නායකයා වන සජිත් ප්‍රේමදාස සහ මහින්ද අතර වන අවබෝධතාවය එතැනදීද රැකත්තේය. අනෙක් කරුණ අරගලය ආරම්භ කරන්නට යන්නේ ශිරාල් ලක්තිලක වැන්නන් සමගන් ඔහු එතැනද ගේමක් ගසනු නොඅනුමානය.

සරත් ප්‍රනාන්දු සහ ජෝසප් ස්ටාර්ලින් සුපුරුදු ලෙසම සිය දේශණයන් ගිරිය පුප්පමින් තමන්ටවත් නොතේරෙනා භාෂාවෙන් කරන ලදී.

සමස්ථයක් ලෙස ඔවුන් සියලු දෙනා සිටින්නෙ යම් ප්‍රමෝධයකිනි. අනෙක් කටිටය සිටියේද ඒ ප්‍රමෝදයේ ගිලෙමිනි. ඒ ප්‍රමෝදය නිසාම මේ මොහොත අමතක කරමින් තමන්ගේ ආස්ථායන් සපත කරගැනීමේ ව්‍යාපෘතියක නියැලුනි. අරගයක් ආරම්භය පේනතෙක් මානයේ අසලටවත් සංවාදය ගියේ නැත. මේ මොහොතේ අවශ්‍ය සංවාදය උතුරේ අරගය සමග දකුණේ අරගලය අමුණන්නේ කෙසෙද යන්නයි. එයට අවශ්‍ය නැවුම් ක්‍රමවේදයන් සොයාගැනීමයි. නව දර්ශණයක් ඒ වෙනුවෙන් බිහිකිරීමයි. ඒ වෙනුවට සිදුවූයේ සියල්ලන්ම අනෙක් කටිටිය වී ප්‍රශ්ණය තවම ගේට්ටුව ළග නිසා එයින් ප්‍රමෝද ගත වීමයි. නමුත් ඔවුන් නොදන්න දේ හෝ දැක අහක බලා සිටිනා දේ ප්‍රශ්ණය තමන්ගේ දෙපතුලෙන් උඩටත් පැමිණ ඇති බවයි.

Friday, May 13, 2011

සංවාදයෙන් ආරම්භ වී සංවා​සයෙන් අවසන් වීම

මෑත දිනකදි කාලෙකට පස්සෙ ගමේ ගියේ හදිසි මරණ ගෙයකට සහභාගී වීම සඳහාය. මළගෙදර රැයපහන් කිරීමට විශාල පිරිසක් නැතත් සැලකිය යුතු පිරිසක් පැමිණ සිටියහ. රාත්‍රිය අමුවෙන් පහන් කිරීමට නොහැකි නිසාම ඇල්​කොහෙල් බෝතල් කීපයක් ද අපේ මිතුරන් විසින් රැගෙන විත් තිබුණි. ගෙදරින් මදක් ඇතින් වන්නට පිරිස හා එක්ව මධුවිතින් සප්පායම් විය. දැන් සංවාදය ඇරඹී ඇත. සුපුරුදු ලෙසම සංවාදයේ මාතෘකාව  දේශපාලනය විය. පසුගිය පලාත් පාලන ඡන්දයේ සිදුකළ චන්ඩි කම්, ආණ්ඩුවේ මැරකම්, ජනාධිපතිතුමාගේ අසනීපය,  අහවල් ඇමති තුමා​ගේ අහවල් වැඩ ආදිය ගැන සියල්ලන් තොර තෝංචියක් නැතිව කියව ගෙන යයි. මට කථාකරන්නට දෙයක් නොමැත. හදිසියේ මම මැදට පැන ​දමිළ විමුක්ති ව්‍යාපාරය විනාශ කිරීම සමුපූර්ණ වැරදියයි කියතහොත් මගේ අම්මා මුත්තා පවා කුණුහරුප වැලකින් බැණුම් අසා, කෑඩු බෝතල් කැබැල්ලක් මගේ පුපු පෙදෙස පසාරු කරගෙන යන්නටද බැරි නැත. ඒ නිසා මගේ දේශපාලනය පසකින් තබා ගමේ අයියලාගේ කථාවලට බෙහොම අවධානයෙන් සවන් දෙමින් සිටියෙමි. හදිසියේම මොකද්දෝ කරුණක් අල්ලා ගනිමින් බහින් බස් වීමක් දක්වා සංවාදය දුරදිග ගොස් එකෙක් තවකෙකුගේ බෙල්ලෙන් ඇල්ලීය. මෙතෙක් වෙලා පැවති සංවාද සියල්ල අවසන් කරමින් සංවාස පද වැල නොකැඩී ගලන්නට විය. හිමීට ඇරඹි කථාබහ දැන් මහා රණ්ඩුවක් දක්වා එළඹ ඇත. මළ ගෙදර පිරිස්ද පැමිණ රණ්ඩුවට මැදිහත් වී දැන් සම්පූර්ණයෙන්ම අවුල් ජාලයකි. තවත් ටික වෙලාවකින් එකෙකු පල්ලම් බැස ගියේ හෙට උදේ එළිවෙන්න පෙර "තෝ භාවනවා" යැයි සපත කරමිනි.

මෙය හුදු කල්පිතයක් නොව සම්පූර්ණයෙන් පාරිශ්‍රද්ධ යැයි කියනා , නැතිනම් ගමයැයි වර්ණනා කරනා ගම තුළ පැවතින යථාර්ථයි. ශ්‍රී ලංකාවම ගමක් වන්නේ ඔය හේතුවෙනි. මන්ද ලංකාවේම යථාර්ථය වන්නේ එයය. සංවාදය ඉවසන්න නොහැකි වූ තැන අවසන් වන්නේ අනෙකා තලා පෙලා නිහඩ කරන්නට උත්සහ දැරීමෙනි. පසුගිය කාල සමය පුරාම මෙහි අභ්‍යාසයේ යෙදුනු නිසාදෝ එය ලංකීය සංස්කෘතියේ අංගයක් බවට පත්ව ඇත.

ලංකාවේ පවුල් සංස්ථාව තුළ යම් සංවාදයක් ගියහොත් එය අවසන් වන්නේ බොහෝවිට
පවුලේ ස්ත්‍රී පාර්ශවය පහර දීමකට ලක්වීමෙනි. පාසල් සංස්කෘතය තුළ ගුරුවරයාගේ සංවාදය වෙනත් මතයක් ප්‍රකාශ කළහොත් සමහර විට පාසලෙන් පවා ඉවත් කිරීමට පුළුවන. එහි හොඳම උදාහරණය විශ්වවිද්‍යාලය තුළ කතිකාචාර්ය වරයාගේ සංවාදට වෙනස් මතයක් ප්‍රකාශ කළහොත් අවසන් විභාගයට දෙයියන්ගේම පිහිට පමණි. ඒ තරමට මේ මුග්ධ ක්‍රියාකරම් අප සමාජය විසින් අභ්‍යාසයේ යෙදෙමින් සිටිති.

විශාල පිරිසනට තමන් යෙදෙමින් සිටි සංවාද පසෙකලා ජීවිත බේරාගන්නට විශාල පිරිසකට මෙරටට හැරදා යන්නට වන්නේ එහි ප්‍රතඵලයක් ලෙසිනි. තවත් පිරිසකට සිටිතැනම තමන්ගේ  මුඛයට ඉබි අගුළාගන්නට සිදුවිය. එසේ නොවුනු සියල්ලෙක්ම අඩන්තේට්ටම් වලට මුහුණ දීමට සිදුවිය. පොද්දලගේ අතපය කරද්දී  ප්‍රගීත් අතුරුදහන් වන්නේ තමන්යෙදී සිටි සංවාදයන් හි ප්‍රතිඵලයන් ලෙසටය. ලසන්ත ඝාතනය වන්නේ ද සංවාදයේ ප්‍රතිඵලයන් ලෙදය. තමන් එකග නොවන මතවාද සියල්ල කුමන හෝ ක්‍රමයක් මගින් යටපත් කිරීම මේ වන වට ලංකීය සමජයට ඉතාම හුරුපුරුදු ශිල්පයකි. එය ජාතික තලයේ දේශාලනයේ සිට සියලු උප සංස්කෘතින් දක්වා පැමිණි ඇත. පවුල් සංස්ථාවේ සිට රාජ්‍ය පාලනය දක්වා එය කාවැදී ඇත. දැන් එය ලංකීය ජනසමාජයේ ඇගට උරාගෙන අවසන්ය.

කෙතරම් කැත ලෙස සියලු උප සංස්කෘතීන් පවා ​ගිලගෙන ඇති යථාර්ථය අපි මේ මොහොතේ අත්දකිමන් සිටිමු. උදාහරණ ලෙස අන්තර්ජලා මාධ්‍යයේ පවා එය ඉතාම නරක අයුරින් වෙලාගෙන ඇත. විශේෂයෙන් ​ෆේස් බුක් වැන් අන්තර්ජාල උප සංස්කෘතිය තුළද සංවාද අවසන් වන්නේ ග​මේ අයියලා කසිප්පු ටිකක් කටේ ගාගෙන හැසිරෙන ආකාරයට දෙවෙනි නොවෙමිනි. අවසන් බොහෝවිට තර්ජනයක් හෝ සංවාසවදන් වැලක් එළිය එවීමෙනි. තමාට පෙ​නෙන්න ඉන්නා අනෙකා ඉවසන්න බැරි තරමටම අන්තර්ජාලය තුළදී නොපෙනෙ අනෙකාවද ඉවසන්න හික්මීමක් නැත. ඇත්තේ සුපුරුදු තර්ජනාත්මක කථාය. ඒ නිසාම ඒ තුළ සිදුවන කිසිදු සංවාදයක් ඵලදායි ආස්ථානයක් වෙත විතැන් වීමක් සිදුනොවෙති. එහිදී බරපතල ලෙස පහර කෑමට ලක්වන්නේ දමිළ ජනයාට සිදුවන අසාධාරණයට විරුද්ධව තමන්ගේ මතය ප්‍රකාශ කරන්නන්ය. ශ්‍රී ලංකා භූමිය මතදී ඔවුන්ට ත්‍රස්තවාදී ලේබලය අලවන්නේ යම් සේද ඒ ලෙසම සයිබර් අවකාශය තුළදීද ඔවුන්ට ත්‍රස්ථවාදී ලේබල් අලවති. සෑම අස්සක් මුල්ලක්නෑරම මෙ කාරණා මුල් ඇද ඇත.

ඇමරිකාවේ සිට ඔසාමා බින් ලාඩන්ගේ පුතකු හට තම පියා මැරීම යුධ අපරාධයක් යැයි කිව හැකි වූවද ලංකාවේදී ප්‍රභාකරන්ගේ පුතකු නොව අප විසින් කිව්වොත් ප්‍රභාකරන් ඝාතනය කිරීම යුධ අපරාධයක් යැයි කියා ​සමහර විට මේ ලියන අවසන් ලිපිය වන්නට ඉඩ ඇත. ඒ නිසා ලංකාවේ දී සිදුවී ඇත්තේ සංවාද කිරීමට ප්‍රථම ජීවිතය බේරාගැනීම ගැන දෙපාරක් නොව සියයක් වතාවක් සිතීමටය.

ඒ නිසා යම් කිසිදිනක ලංකා භූමියතුළ ප්‍රජාතන්ත්‍රවාදය  ස්ථාපිත වීමට නම් ලංකීය ජනසමාජය වසා පවතින නරුම ගතිකයන්ගෙන් ඉවත් වීම අනිවාර්යයෙන්ම  සිදුවිය යුතුය. එසේ නොමැතිව වෙනත් පක්ෂයක් ලංකාවේ පාලන බලයට පැමිණියද මෙහි කිසිදු වෙනසක් බලාපොරොත්තු විය නොහැක. මේ තත්ත්වයෙන් මිදීමටනම්, ජන සමාජයම ආකල්පමය වෙනසකට මුලපිරීමක් කළයුතුය. ​​මානව ප්‍රේමය සමාජය පුරා බෙදාහැරිය යුතුය.

නමුත් ගැටලුව මේවා කියූ ගමන් ගමන් අපව මරා ගන්න එන එකය....

Saturday, April 30, 2011

ලෝකය ලංකාව තුළ පිහිටා තිබීම

අප දන්නා සහ අප ඉගෙන ගත් ආකාරයට ​ලංකාව ලෝකයේ තවත් එක් රටකි. නූතන තාක්ෂණ සමග රටවල් අතර භූ ගෝලීය දුර නව තාක්ෂණ මාධ්‍යන් ඔස්සේ වඩාත් අවම විය. ඒවගේම රටක් ලෙස මේ ගෙවමින් සිටින කාල සමය තනිව වැජඹිය හැකි කාලසමයක් නොවේ. ඒ නිසාම ලෝකයේ අනෙක් රටවල් සමග සහබද්ධව ආර්ථික දේශපාලනික හා සාමාජීය හුවමාරුවක් තුළ පවතින්නට සිදුව ඇත. එසේ නොපවතින කිසිදු රටකට අද දවසේ පැවැත්මක් නැත. උදාහරණ ලෙස ශ්‍රී ලංකාවේ සමහර ළිං ගෙඹි මාධ්‍ය කියනා ආකාරයට චීනය සහ ඇමරිකාව කිනම හෝ මොහොතක ලෝක බලවතුන් වීමේ යුද්ධයකට පැටලෙයි යැයි කල්පිතයක සිටියද එය කිසිදා සිදුවන්නක් නො​වේ. මන්ද චීනයේ සහ ඇමරිකාය එකිනෙකා මත යැපෙමින් තම පැවැත්ම තහවුරු කරගන්නා හෙයිනි.

ජාත්‍යන්තරයේ තත්ත්වය එසේ වුවද මේ නුදුරු දිනකදී අලුත් මතයක් ලෝකය ඉදිරිපත් විය. ඉන්දියාව දකුණු දෙසින් පිහිටා තිබෙන, ආසියාවේ පුදුමය වන්නට යාථාර්තවාදී නොවන හීනයක සැරිසර රාජ්‍ය හෙවත් ශ්‍රී ලංකාව වෙතිනි. ඒ ලෝකය පිහිටා තිබෙන්නේ ලංකාව නම් වූ දුපත තුළ බවයි. ඒ නිසාම මෙහි පාලකයන් සිතන්නේ ලෝකය සමග ගනුදෙනු කිරීම කිරිකජු කනවාටත් වඩා සරල පහසු වැඩක් කියාය. ලෝකය පිහිටා ඇත්තේ ලංකාවේ ඒ නිසා අපි අපිට ඕන දේවල් කරන්නේ. ලෝකය කවුද අපි කවුද??? එවැන් ගංගොඩේ චන්ඩි පාට්දමන්නටත් අප රාජ්‍යය සමත් වී ඇත. කාලෙක සිට ඔවුන්මේ චන්ඩි වදන් ලංකාවේ පුරවැසියන්ට කියන ලදී. අතීතකාමයෙන් අග තැම්පත් ලංකා රාජ්‍ය  බලාසිටින්නේ අනාගතය අහසින් වැටෙන තුරුය. මානවයා වෙනුවෙන් සැලසුම් සැදිය යුතු රටක් සැලසුම් නිර්මාණය යවන්නේම පාලකයන්ගේ දේශපාලනික ව්‍යාපෘතීන් පුම්බා තැබීම වෙනුවෙනි. ඒ නිසාම පාලකයන්ට අනුව අපට වඩා පොරවල් ලොවේ කොතනකවත් නැත.

මේ සුරංගනා කථා සියල්ල තරගයට ගිරවුන්මෙන් කියන්නට හොදම අවස්ථාවක් ශ්‍රී ලංකාවේ සිදුවූ යුධ අපරාධ සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ වාර්ථාව හරහා මෙරට පාලක පන්තියට අවස්ථාව ලැබී ඇත. වාර්තාවේ සදහන් කරුණු වලින් වැඩක් නැත. එවා අධ්‍යනය කරන්නට හෝ මේ වාර්තාව එළියට එන්නේ ඇයිද කියා අවශ්‍ය තැත. ලංකාවේ අයියලාට අනුව ඒවා වැඩි වැඩය. ලෝකය තිබෙන්නේ මේ භූමිය තුළ නිසා මේ වාර්තා සෑදීම හරහා කර තිබෙන්නේ වැඩිවැඩකි. අපිට උපදෙස් දෙන්නට ලෝකයේ පොරවල් නැත. කොටින්ම අපිට වඩා පෙරවල් මේ තුන්ලෝකෙම නැත. අපි ජනාධිපතිවරයා ජනමූලය. බුලත් විට කයි. සරම ඇදන් ගමේ ඇවිදී. හිටපු ගමන් මල්පැලයක් මුලට මුතෘද කරයි. උඩු රැවුලක්ද ඇත. ලෝකයේ ජනමූල නායකත්වය මොඩලයක් අවශ්‍යනම් මෙන්න එයද ​ලංකාව තුළ තිබේ. තෙල් මන්නාරම් දුවයේ ඇත. හම්බන්තොටට කස කස ගා නැව් එයි. කොච්චියෙන්නම් කොච්චියෙන් බස් එකෙන්නම් බස් එකෙන් විනාඩි 30 න් මාතර. ඒ විතරක්ද සී ​ප්ලේන්. කන්න එමට ය. නයිට් සිටි. රෑට ලාස් වේගාස්ය, දවල්ට බැංකොක්ය, මෙතරම් දෙවල් කොතනත් නැත මේ සියල්ල බලාඉන්නට බැරිව අගේ ඉදන් කන කනවා මෙන් ලෝකය කරන්නේ ලංකාවේ පිහිටා සිටිමින් ලංකාවට මඩ ගැසීමය. අනම්මනම් වාර්තා ඉදිරිපත් කිරීමය. මේ මැයි පළවැනි දිනය ලෝකෙම හෙල්ලෙනට දෙන්න සූදානම්ය. මේ අධිතාක්ෂණික සයිබර් යුගයේ ලංකා රජ්‍ය ලෝකයට හෙල්ලෙන්න දෙන්න සූදානම් වන්නේ ගැල්වනයිස් බට වලින් සෑදූ වේදිකාවක්මත සිටය. සූදානම වාර්තා සුළගේ ගසාගෙන යන්නට වැඩේ දෙන්නය.

ලංකාවේ වර්ථාමාන රජතාන්ත්‍රික හැසිරීම එලෙසය. සංවාද , විකල්ප , යෝජනා , ආදිය වැනි ඩවාත් ඵලදාරී දෑ ජනමූල නායකයන්ගේ හමස් පෙට්ටිවලට පටවා ඇත. ඒ වෙනුවට ගමේ ගොඩේ චන්ඩි පාට් ක්‍රමවේදයක් වෙත යොමු වී ඇත. එය සිදුවීම අනිවාර්යයෙන් බලාපන්න ඇත්තේ ලෝකය පිහිටලා තියෙන්නේ ලංකාවේ නිසා අපි මොකටද සීලාචාර වෙන්නේ.

කෙසේ වෙතත් මෙ වාර්තාවත් සමග ලංකාවේ ක්‍රමවෙදයන්ගේ නිරුවත එළදැක්වෙමින් පවතී. සත්‍ය කථාවනනම් පාලකයන් විසින් ලංකාවේ රෙදි ගලවමින් සිටී. සිම්බාබ්බේ, සුඩානය , උතුරු කොරියාව වැනි අසාර්ථක රජය්‍යන්ගේ මුලසුන ගැනීමේ තරගයට ලංකාව දැන් පැමිණ ඇත. හැබැයි මිනිසුන් තවමත් ලෝකය ලංකාව තුළ පිහිටා  ඇත යන ෆෑන්ටසියේය.

Tuesday, April 12, 2011

සයිබර් අවකාශය තුළ "පොරවීම"

"පොරවීම"
ලංකාවේ ඉන්ටර්නෙට් මාධ්‍යක් ලෙස ක්‍රියාත්මක වීම අතිශය ජනප්‍රිය වූයේ මේ දශකයේ මැද බාගේදීය. එතෙක් සයිබර් අවකාශය පැවතියේ සුඛෝපභෝගී පරිභෝජනයට ගැනෙන මාධ්‍යක් ලෙසය. නමුත් සන්නිවේදන ආයතන අතර පවතින අතිදැවැන්ත තරග කාරීත්වය නිසාම එය සම්පූර්ණයෙන් සාමාන්‍යකරණය වීය. රටක දියුණුවට එවැනි මාධ්‍යක් සාමාන්‍යකරනය වීම ඉතාම යහපත්ය. අන්තර්ජාලය හරහා අතිසුවිසල් දැනුම් හුවමාරුවක් සිදුවන නිසාම ලංකාව වැනි වූ දූපත් රාජ්‍ය තුළ වීශ්වීය මිනිසා බිහිකර ගත හැක්කේ මෙවැනි විශ්වීය දැනුම් නියැදියන් සාමාන්‍යකරණය වීම හරහාය. ඒ නිසාම මේ සාමාන්‍යකරණය වීම අති සුන්දරය.

නමුත් ප්‍රශ්ණය පවතින්නේ ලංකාව වැනි අසංවර්ධිත සමාජයක් පවතින රටවල් තුළ අන්තර්ජාලයෙන් ලබාගත හැකි මුක්‍ය දැනුම පසෙකලා තමන්ට අහිමි වූ අනන්‍යතා ඒ ඔස්සේ සෙවීමට යෑමයි. විශේෂයෙන් ෆේස් බුක්වැනි මානව ජලයන් තුළ තමා වෙනුවට සයිබර් අවකාශ තුළ නිර්මාණ වන තමා හරහා තමන්ට නැතිවූ අනන්‍යතාවය ආරෝපණය කරගැනීමට උත්සහ දැරීම බහුලව දැකිය හැකිවේ. සාමාන්‍ය වි්‍යවහාරික වදනයෙන්ම කියනවානම් මම විසින් මා පොරක් කරගැනීමේ නිර්ලැජ්ජිත උත්සහයේ නිරතවීමයි. එක පැත්තකින් තමන් තෘප්තිමත් කරගැනීමට උවමනාවට වඩා ඇති අපේ වැනි රටවල මෙය පුදුමයට කාරණයක් නොවේ. නමුත් මේයින් මතුවන අර්බුදය අනන්‍යතා ආරෝපණය කරගැනීමට යාම ඔස්සේ තමන්ගේ තමන් යුයෝතපියාවටම රැවටීමයි. එතැන් සිට තමන්ට තමන් අමතක වී නිරන්තරයෙන් ඉහත කී පොර ක්‍රියාත්මක වෙයි.

මෙය සමාජ විද්‍යාත්මක සාමාජය තුළ අර්බුද ගණනාවක් මතුවීමේ විභවයක් මේ වනවිට පෙන්වයි. ෆැන්ටසියෙන් යථාර්ථයට පැමිණිවිට ඉහත අර්බුදයට ගොදුරුවූවෝ තමන්ගේ සෑබෑ අනන්‍යතාවය යථාර්ථයේදීද අමතක කර ජීවත්වීමට උත්හස දරති. දැන් ලංකාවේ සමාජය ගෙවමින් සිටින්නේ එවැනි කාල සමයකි. කාලයක් හන්දි හන්දි ගනේ රස්තියාදුවෙමින් හන්දියේ යන කෙල්ලන්ගේ පස්සවල් දිහා බලමින් සිටි අයියලා එක් රැයකින් හමුදාවට බැදී දේශප්‍රේමීන් බවට පත්වූවාක් මෙන් වැලේ වැල් නැතිව සිට අයියලා සයිබර් අවකාශය ඔස්සේ එක් ක්ෂණයකින් පොරවල් වී ඇත. ඔවුන් පොරවල් වී පමණක් නොව උඹලා පොරවල්ද යනුවෙන් අනෙකාගේන් ප්‍රශ්ණ කිරීමට පවා ඔවුන්ගේ මනෝ විකාරය දැඩිවී ඇත.

මේ නිමේශය වනු විට ඔවුන්ට අනුව ශ්‍රී ලංකා මාතාව නිදහස් කරගැනීමේ සටන ඇත්තේ සයිබර් අවකාහයේය. ඒ නිසා මේ සයිබර් පොරවල් නැතිනම් සයිබර් දේශප්‍රේමීන් කුමක් හෝ වචන ටිකක් ගෙන හතර අතට වනමින් සිටී. ඇත්තෙන්ම ලංකාව බේරාගත යුත්තේ මෙවැන් මේ පොරවල් කියාගන්නා පිරිස්වලින්ය. කලක් අනගාරික ධර්මපාල වැන්න ජාතිවාදය ලංකා භූමියේ වැපිරුවා මෙන් මොවුන් දැන් ජාතිවාදය සයිබර් අවකාහයේ වපරමින් සිටී.

ඔවුන්ගේ මේ විකාරරූපී ස්භාවය නිසා සාමාන්‍යකරණය වූ මහා දැනුම් නිදය ඔහේ අපතේ යමින් පවතී. ඇත්තෙන්ම ඔවුන්ට පිළිතුරු දීම කාලය අපතේ යැවීමක් මිස තර්කාන්විත සංවාදයක් හරහා යමක් ඉගනීමට අවස්ථාව නොවේ....

Monday, April 4, 2011

රාජපක්ෂ හෙජමොනියට බූන්දි තිත්ත වීම ...

අද ලංකා නිවුස් වෙබ් අඩවිය හෙළිකරන්නේ බූන්දි නම් කලා සහ සංස්කෘතික වෙබ් අඩවිය කෙරෙහි ආණ්ඩුවේ විශේෂ අවදානයක් යොමුකළ යුතු බවයි. රාජපක්ෂ පාලනය වෙබ් තමන්ගේ මතවාදී නොවන සියල්ලට ඉව ඇල්ලීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැතත්, බුන්දියට ඉව ඇල්ලීම වඩාත් පුළුල්ව විග්‍රහ කරගත යුතුවේ. එය විශේෂ වන්නේම එය තවත් එක් ප්‍රවෘත්ති හෝ ඕපාදූප වෙබ් කලාපයක් නොවීමයි. බූන්දියේ ගණුදෙනුව ඉහමොළ සමඟිනි. ඔවුන්ගේ සියලු විග්‍රහයන් පාදම වන්නේ කලාවයි. ඒ සඳහා ඔවුන් විසින් අවකාශයක් නිර්මාණය කර තිබෙන අතර ඒ හා විශාල පිරිසක් බුද්ධිමය හුවමාරුවක යෙදී සිටී. කව්‍ය රචනා, දේශපාලනික විග්‍රහයන්, සමාජීය විග්‍රහයන් කලා මනයෙන් විග්‍රහ කිරීම නිසාම විශාල පිරිසක් වෙත ඉතා ළෙන්ගතුව බැඳී සිටී.

බූන්දිය කරන්නේ කුමක්ද???

බූන්ද කෑමක් ලෙසින් ගත් කළ ඉතාම පැණිරස දෙයකි. සයිබර් අවකාශය තුළදී බූන්දියේ කාර්යභාරය වන්නේ මිනිසුන් දෘෂ්ඨිවාදයේ ගිලෙමින් අමතක කර සිටිනා යථාර්ථයේ තිත්ත පැණිරස දවටනයක තවරා මිනිසුන්ගේ යථාර්ථයේ දෘෂ්ඨිය  නිවැරදිව මානගත කිරීමට උත්සහ දැරීමකි. රාජපක්ෂ ආණ්ඩුවට අනුව මේවා වැඩි වැඩය. දෙන දෙයක් කා වෙනදයක් බලා නොඉඳ ඔවුන් කරන්නේ අවට නිදා ඉන්න උන් අවදි කිරීමේ ඓතිහාසිකව අමතක කර දැමූ කාරණාවකි. ඇනෙක් කාරණාව බුන්දිය පුළුල් සාමූහික ක්‍රියාදමයකි. ලංකාව තුළ සාමූහික එලඹුම් රාජපක්ෂ ආණ්ඩුවේ අවසරයෙන් තොරව එලැඹීම දඩුවම් වැඩිය හැකි වරදකි.

බරපතලම කාරණාව  සමාජ සන්දර්භය සම්බන්ධව  පවතින වූ තම විවේචනය තමන්ගේ කවියෙන් , නාට්‍ය, සිනමාව, කෙටි කථාව, නවකථාව හෝ ඕනෑම මාධ්‍යක් ඔස්සේ  තම ආත්මීය වූ ප්‍රකාශණයකින් ආමන්ත්‍රණය කරන්නන් පිරිසක් බූන්දිය වටා ගොනු වී සිටීමයි. පාලකයන්ගේ දැක්මට අනුව එය බරපතල අභියෝගයකි. සැබෑම අභියෝගයකි. ඒ නිසාම එය වටා සමාජ ගොනුවක් නිර්මාණය වන්නට පෙර නැතිනම් සයිබර් අවකාශයේ ක්‍රියාකලාපය බිමට බැසීමට පෙර  මුලීක තලයේදීම නවතා දැමිය යුතුය.

අපි කුමක් කරන්නේද??/

බූන්දිය තර්ජන ගර්ජන එද්දී එහි සහෘදයනන් ලෙස අපට  භාවිත කරන්නට විකල්පයන් දෙකක් තිබේ. එක්කේ මේ නිෂ්චිත නිමේෂයේ ලාංකිකයා මෙන් නිදි වගේ බොරුවට නිද්‍රාශීල වියයුතුය. නැතිනම්  සිද්ධවන්නවා වූ අමනදෑ සම්බන්ධයෙන් තමන්ගේ හෝ සාමුහික ව්‍යායාමයක් වෙනුවෙන් ප්‍රවිශ්ෂ විය යුතුය. බොහෝදෙනෙක් තෝරාගන්නේ පළමු එළඹුමනම් එය තවදුරටත් පවත්වාගෙන යාමේ අතිශය අවශ්‍යතාවය පිළිඹිබු වේ. ඒ කියන්නේම බුන්දියට තව කරන්නට බොහෝ දේවල් තිබෙන බවය. මේ ඇරඹී ඇත්තේ පිචාසයන්ගේ හෝරාවයි. ඒ නිසාම බොහෝ අවදියෙන් සිටි මොහොතයි.

අද බූන්දිය හෙට?????

Wednesday, March 30, 2011

අප්‍රේල් 2 වැනිදායින් පසු මුරලි පර දෙමළා වීම

ශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය අවස්ථා සංසිද්ධීන් ඇත්තේ අතේ ඇගිළි ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයකි. වසර 2000 ගණනක ඉතිහාසයක් ගැන කථාකරනවා විනා ලෝක වාසියෙකු වීමට ලාංකිකයා කල්පනා කලේ නැත. ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ මුතුඇටය, ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරයෙන් ඉහළම රට යනුයෙන් තමාම තමා ගැන  නිර්වචන සපයමින් ස්ව්‍යංකාමය ඉතිහාසය පුරා කීයමින් සිටියහ. ඒ අනුව ශ්‍රී ලංකාව ලෝක කතිකාවයට ඔසවා තැබූ ප්‍රදාන අවස්ථා දෙකකි. දමිළ විමුක්ති අරගලය හරහා ශ්‍රී ලංකීය දේශපාලනය ලෝක කථිකාවක් වෙත ගෙන යන ලදී. අනෙක් අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 දී ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක මට්ටමේ කථාකාවක් බවට පත්වුනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් එදා මෙදා බිහිකළ අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්ය. මුලිදරන් දමිළ ජාතිකයෙකි. කළු ජූලියේදී ඔහු සහ ඔහුගේ පවුගේ සැවොම ඉන් පීඩාවට පත්විය.  නමුත් මුරලි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වී මුරලිට කඩුලු වැටෙන්නට ගත් දා සිට මුරලි සියලු සිංහලයන්ගේ වීරයෙකු විය.

තමන්ට සිදුවන අසාධාරණයක්ට විරුද්ධව නැගී සිටින සියලු දෙමළ ජනයා දේශදෝහීන් වෙද්දී මුරලි දකුණේ සුරතලෙකු වන්නේ අහම්බයකින්කම් නොවේ. ඔහු වීරයෙකු වන්නේම ඔහු අනෙකුත් කණ්ඩායම් හතර අතට අඹරවමින් කඩුලු ගන්නා විශ්මයෙකු වූ නිසාය. දෙමළුන්ට රටක් තැතිබව කියනා  සිංහල බෞද්ධ ජනයාම මුරලි මේ බිමේ උපන් පුතකු ලෙස පිළිගන්නේ වෙන කිසිම කාරණාවක් නිසානොව ඔහු කඩුළු දවාලමින් දකුණම ප්‍රමෝදයට පත්කළ නිසාය. වෙලුපිල්ලේ ප්‍රභාකරන් දේශදෝහියෙක් කරවන නිර්ණායකයෙන්ම මුරලි දකුණේදී විරයෙකු කරන්නේය. දමිළ පුද්ගලයන් දෙදෙනෙකු ආස්ථානයක් දෙකක් තුළට විතැන් කරන්නේම දකුණට ලැබෙන ප්‍රමෝදය අනුවය. බිමෙන් උපන් පුතකු වන්නේම දකුණට සතුට ගෙනා තරමටය.

මුරලි 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගෙයන් පසු මුරලි ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව දැන් ප්‍රකාශයට පත්කො​ට ඇත. ඒ කියන්නේ තව දුරටත් මුරලි දකුණට ප්‍රමෝදය ගෙනෙන්නකු නොවේ. අන්න ඒ මොහොතේදී මෙතෙක් කලක් මුරලි​ගෙන පලාගය භූමියේ ප්‍රශ්ණය මුරලි සොයා පැමිණේ.  දැන් මුරලි නිකම්ම නිකන් දෙමළෙකු බවට පත්වීමයි. ඉන්පුස් දකුණට මුරළි කල කීදෑ වැඩක් නැත. ඉන්පසු මුරලිද ප්‍රභා උපන් ජාතියේම තව එකෙකි. හෙළ උරුමයේ පාඨලී චම්පිකට අනුව සෑම දෙමළාය සිතින් හෝ උතුරේ අරංගයට ප්‍රේම කරනා නිසා මින් පසු මුරලිටද දකුණ විසින්  ​වෛරකල යුතුය.

ප්‍රභාකරන් දෝහියෙකු වන විට දකුණට ප්‍රමෝදය දෙන්නට ඉදිරිපත්වූ කරුණා නැවත  දමිළ ජනයා වෙනුවෙන් පෙනීසිටියහොත් දේශදෝහියෙකු වන්නේ යම් සේද මුරලි බෝලය අතහැරි විගස මුරලිද දමිළ වීම නිසා දේශදෝහියෙකි. මුලිගේ නම යොදන්නට ගිය පල්ලෙකැලේ ක්‍රීඩාංගණය එලෙස නම් නොකරන්නේ සමහර විට මේ නිසා වන්නට පුළුවන. කෙසේ වෙතත් උතුරේ තරුණය මුහුණ දුන් පීඩනයට මුරලි ඉදිරියේදී පත්වීමට ඉඩනැති නමුත් කෙදිනක හෝ මුරලි තම වර්ගයාගේ ප්‍රශ්ණයක් ගැන කටක හෙල්ලුවහොත් නියත වශයෙන්ම දේශප්‍රේමී සරල ​රේකාවෙන් මුරලිවද අනෙක් පැත්තට දකුණේ ඊනියා දේශප්‍රේමීන් විසින් තල්ලු කර හරිනු ඇත.
මෙතෙක් කලක් දුෂ්රාව නිසාම මෙබිමේ පුතකු වූ මුරලිට දුෂ්රාව ඇතහැරි පසු නිකම්ම නිකං දෙමළෙකු වීමේ අභියෝගය කඩුලු බිඳදැමූ තරම් පහසුවෙන් බිඳදමන්ට හැකිවනු නැත. මුරලිගෙන් මෙතෙක් කල් මගහැරුණු තම ජනයාගේ පීඩනය  වෙනුවෙන් යමක් කිරීමට මුරලිට දැන් මොහොත පැමිණ ඇත. නමුත් මුරලිත් අවදියෙන්දැයි අපි නොදන්නෙමු....

ඒ නිසා අප බලා සිටිමු....

Friday, March 25, 2011

හයිඩ්‍රජන් ජවිපය......

හයිඩ්‍රජන් වායුව සැහැල්ලුය. ඒ වගේම වහා දහනය වීමේ ගුණයෙන්ද යුක්තය. නමුත් එහි ඇති සැහැල්ලු ගති ස්භාවය නිසාම ඉහළට යයි.  ලාංකීය දේශපාලනය තුළ ජවිපය තමන්ගේ ආස්ථානය සලකුණු කර ඇත්තේද එවැනි ආකාරයකටය. ​ජවිපයේද  වහා ගිණි ඇවිලෙන සුලු ගතියකින් එහෙත් රැඩිකල් ගති ස්භාවයකින් යුත්තය. නමුත් බිමේ නොවු ඔවුන්​ගේ දේශපානය ලංකාවේ පොළව තුළ වැඩකරන්නේ නැත. වැඩකරවීම ගත් උත්සහයන් දෙකක්ම තමන්ගේ අධිනිශ්චය නිසා විනාශකර ගනී.

එම තමන්ගේ උත්සය අසාර්ථක වෑයමෙන් පසු ඔවුන්ගේ දේශපාලන උපක්‍රමය වන්නේ පොරක් නිර්මාණය කරමින් තමන්​ගේ මතවාදය ඒ ඔස්සේ සමාජ ගත කිරීමයි. 2004දී මහින්ද රාජපක්ෂ ඔස්සේ දමිළ ජනයා සම්පූර්ණයෙන් අමතක කරමින් සිංහල බෞද්ධ අධිපතිවාදය වෙත තමන්ගේ ආමන්ත්‍රණය යොමු කරමින්  සිංහල බෞද්ධ අධිපතිවාදයක් කරා මහින්ද මෙහෙයවයි. නමුත් ඉතිහාසේ කපටිම රාජ්‍ය නායකයා වන මහින්ද නියම කල්යල් බලා ජවිපයේ නිල ඇල්ලීම සිදුකරයි. වාමාශික වෙස්මුහුණු ගැලවී විමල් වැනි පොප් සංසෘතියේ නිර්මාන තමන්ගේ නියම ස්ථානය සහ ස්වරුපය කරා ගමන් කරයි. මහින් ජවිපයේ නිල ඇල්ලීම කෙතරම හොඳින් සිදුකරන්නේද යත් 2001 දී 800,000ක් වූ ජවිපයේ සමස්ථ ඡන්ද සංඛ්‍යාව 2011 දී 200,000 දක්වා කඩා වැටීමක් සිදුවී ඇත. නමුත් තවමත් තමන්ට සිදුවූයේ කුමක්ද යන්න සොයාබැලීමේ හෝ ස්ව්‍යං විවේචනයක් කරා යෑමේ හෝ කිසිදු සූදානමක් හෝ උවමනාවක්ද නැත. තවමත් වහසි බස් දොඩමින් තව තවත් සිංහල බෞද්ධ ආධිපත්‍යට ආමන්ත්‍රණය කරයි.

අරගල 2ක් මෙහෙයවූ ජවිපය උතුරේ අරගල විනාශ කිරීමට ප්‍රධාන ඉන්ධන සපයන්නෙකු වීම හරහාම යළිත් ඉතිහා​සයේ නිවැරදි කරගත නොහැකි වරදක් සිදුකලේය. මහින්දගේ සාටක තොටිල්ලේන් වැටුනු පුතාට එක්වරම නින්දෙන් අවදි වූ ලෙසට හදිසි නීතිය සාපරාධී නිතියක් බව, යාපනයේදී හඳුන්හෙත්ති පොලු පහර වැදුනු පසු යාපනයේ පවතින්නේ රාජ්‍ය ත්‍රස්තවාදයක් බව ප්‍රකාශ ගණනාවක් කලේය. ඒ සියල්ල ආරම්බ වන්නෝ තමන්ගේ ආශිර්වාදය යටතේ කියා දැන් ජවිපයට අමතකය.

දමිල ජනයාට යාපනය පෙට්‍රෝල්, පහනක් පත්තු කරගන්ට භූමිතෙල් ටික යවන විට කොටුව ස්ටේෂම ඉදිරිපිට රට පාවදෙනවා කියා උත්ඝෝෂණ කළ ජවිපය දැන් දමිළ ජනයාගේ සමතැන් අරං දෙන්න කථා කරයි. ඉතිහාසය පුරා තමන්ගේ  කුහක් අවස්ථාදී දේශපාලනයේ යෙදෙන ජවිපය මේ නිශ්චිත නිමේෂයේදී සූදානම දමිළ ප්‍රශ්ණය මතින් ගොඩ යැමටය. ඉතාලියේදී දමිළ ජනයාට බලය බෙදිය යුතයැයි කෑමොර දෙන අනුර කුමාර දිසානනයකම බලය බෙදීම වචනය මතුවුවත් එයට පෙරළ පෙරළා පහර දෙයි.

ඔවුන්ගේ ඒ සඳහා අලුත්ම උත්සාහය " අපි ශ්‍රී ලංකා" යන් නමිනි. නමුත් මෙහි යටින් දිවෙන් අධිපති මතය නම් " ඔව් අපි ශ්‍රී ලංකා. හැබැයි උඹලා දෙමළ" මේ මොන නමින් ආවත් ඔවුන්ගේ මතවාදීීව කිසිඳු වෙනසක් නොමැත. ඔවුන් තවමත් බලය බෙදීම එකඟ නැත. 13 + ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ නැත. මතාවාදී පැරණි කොට්එකම ඇද අළුත් වදන් මාලාවක් ඔස්සේ නැවත පැමිණ ඈත. 

පැරණි කුටුම්භය තුළම සිට වඳකදවුරු වලට ගාල් කළ දමිළ තරුණ තරුණියන්ගේ නාම ලේඛන ඉල්ලයි. ඔවුන් ට දැන් එක්ක අමතව ගොස්ය. ඒ එම තරුණ තරුණියන් එතැනට ගාල් කරන්නනට පෙරමුණේ රාළ කෙනෙකු ලෙස තමන්ද දැවැන්ත කාර්යභාරයක් සිදුකළ බවයි. තවමත් ජවිපය දමිළ ජනයට කළ අපරාධය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා නැත. එසේ කලාවියැයි සිතීමද අපහසුය.  දැන් ජවිපය පෙඩරල් ක්‍රමයක් ගැන කථාකරන්නේ තමන් විසින් ගෙන ආ ජාතිකවාදය මහින්ද රාජපක්ෂ සර්ව සම්පූර්ණයෙන් අත්පත් කරගෙන ඇත. ජවිපය නිදහසේ පියාපත් ගැන කථා කරන්නට පෙර පියාපත් උතුරු කුරුල්ලනගෙන් සමාව අඩුම වශයෙන්වත් ගත යුතුය. අඩුම තරමින් තමන්ගේ විප්ලව නිසා මියගිය ලක්ෂයකට සහෝදරයන් වෙනුවෙන් අභිමානයක් එක් කලේ නැත. ඔවුන්ගේ අභිලාශය ලංකාවේ විප්ලවයක් කරන්නේනම් ඒ තමන් ප්‍රමුඛ කරගෙන බවයි. ඔවුන් ප්‍රභාකරන් සමග පියවා ගන්නට තිබූ ගැටලුව එයය. සාමාන්‍යයෙන් සිංහලයා ​​එලෙසය. තමන්ට යමක් සාර්ථක කරගන්ය නොහැකි වූ නිසාම අන් කිසිවක් සාර්ථක වනවා දකින්නට අකමැති පෞරාණික කුහක කමක් ජවිපයට ඇත.

අද දවසේ මහින්ද සහ ජවිපය විවිධ වචන භවිත කළත් ඔවුන් සියලු දෙනාම සිටින්නේ එම ඉසව්වකය. ඔවුන් අතර තරගය ඇත්තේ වඩාත් දේශප්‍රේමිය විමටය.  මෙලස ඉතිහාසව පුරාම කුහක කම සහ තමන්නේ අමන තීන්දු නිසාම අද දවසේ ජවිපයේ දේශපාලනයෙ පවතින්නේ ඉහළ අහසේ ඔවුන්ද හරි හැටි නොදන්න ඉමකය.

Saturday, March 19, 2011

" Like " දමා ෂේප්වීම

Like එක්ක දැමීම යනු අන්තර්ජාලයේ මානව ජාලයන් (Community Network) වන facebook හි සැරිසර ඒ සමඟ හැසිරෙන සියල්ලන්ට ඉතාම හුරුපුරුදු දෙයකි. නමුත් සාමාන්‍ය වචන අර්ථයේදී කැමැත්ත නැතිනම් like කියන වදන හා facebook තුළ ලයික් දැමීම චචනාර්ථයෙන් සමපාත වූවද වක්‍රාර්ථයෙන් වෙනත් කියවීමක් වෙත රැගෙන යයි. එය ​facebook තුළදී එක්තරා ආකාරයක ෂේප් න්‍යායකි. කුමක් හෝ කියනවදේ හෝ රචකයා තරහා කර නොගෙනම තමන්ට ඇති විවේචනය නොකියවා හීන්සීරුවේ ලිස්සා යා හැකි පහසුම ක්‍රමයකි. එසේ නොවන අවස්ථා හෝ මීට වෙනස් කියවීම තිබෙන්නටද ඒ ගැන තිබෙන්නට බැරි නැත. එහිදී ඒ නිර්මාණය ගැන වගකීමක් පාඨකයෙක් ලෙස ලයික් දැමීම හරහා ගැනීමක් සිදුනොවේ. එය එක් අතකින් අපගේ ඡන්ද දායකයා වැනිය.

සාමාන්‍යයෙන් මහජන නියෝජිතයෙකු රටේ පාලනයට කුමක් හෝ මැතිවරණයක් ඔස්සේ පාලන ආයතනයක් වෙත පත්කර හරින්නේනම් ඒ පුද්ගලයා ගැන, ඔහු කරන කාර්යන් ගැන, කොටින්ම ඔහු නියෝජනය වන සෑම කටයුත්තකම වගකීම ඔහු පත්කර හැරි ආසනයේ හෝ දිස්තික්කයේ ජනතාව අතරේම අඩුවැඩි වශයෙන් බෙදී යයි. ඒ නිසාම දේශපාලකයාගේ ක්‍රියාකලාපයන් ඔස්සේ මතුවන්නේම ඔහු නියෝජනය කරනා ජනතාවගේ මනෝභාවයි. මන්ද පාලකයන් බිහිවන්නේ ජනතාව පතනා අයුරිනි. ඒ අනුව ශ්‍රි ලංකා වේ සිටින් අමන දේශපාලකයන් සියලුම දෙනා (මහින්ද ඇතුළුව 225) බිහිවන්නේ ඡන්ද දායකයාගේ කුස තුළය. එලෙස තමන් බිහිකරනා පාලකයා වෙතින් ක්‍රියාවට නැංවෙන්නේ ඔවුන් බිහිකළවුන්ගේ ක්‍රියාකලාපයන්ය.

දැන් උදාහරණයක් ලෙස කැළණිය ප්‍රදේශයේ මෙවර පාළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූවන්ගේ සුදුසුකම් සළකා බැලුවහොත් ඉන් වැඩි ප්‍රමාණයකගේ සුදුස්කම වන්නේ මැරකමයි. නමුත් මැතිවරණයේදී ඔවුන්ගේ 15 දෙනෙක් ප්‍රදේශීය සභාවට පත්වී ඇත. එවිට එම ප්‍රදේශයේ ජනතාවගේ මනෝභාවය මැරකමයි. මෙය සමස්ථ ලංකාවට අදාළය. මැතිවරණ වලදී නිරුවත් වී එළියට පැන්නේ මෙරට සිවිල් සමාජයේ තිබෙන්නා ගති ​ස්භාවයන්ය.

ලංකාවේ දුෂ්කරම දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ බිහිවන්නේද නිකම්ම නොවේ. මහින්ද දමිළ සංහාරයක් කරා සිංහල බෞද්ධ බලවේග විසින් මෙහෙයවන්නේද නිකම්ම නොවේ. කාලයක් තිස්සේ සිංහල බෞද්ධයන්ගේ ඇරියස් එක නැතිනම් ​ෆැන්ටසිය වූයේ අපි නොවිදනාවූ ප්‍රමෝධයක් ප්‍රභාකරන් විසින් දමිළ ජනතාව වෙත ලබාදෙනවා කියාය. ප්‍රභාව ඝාතනය කළ මොහොතේ දකුණ කිරිබත් කන්නේ ඒ නිසාවෙනි. ඒ නිසා කෙදිනක හෝ යුධ අපරාධ අධිකරණයට මහින්දව පමණක් ගෙනියනවානම් වැරදිය. ඔහුව එතැනට මෙහයවූවා පමණක් නොව ඔහුව පත්කර එවන ලද්දේම එම සංහාරය සිදුකිරීම සඳහාය. එම නිසා ලංකාවේ දේශපාලනයේ තියෙන්නාවු මේ අවුල් සියල්ල නිර්මාණය කර ඈත්තේ ​සම්පුර්ණයෙන්ම දේශපාලකයන් විසින්ම පමණක් නොව නාවර පෙරන සමාජය විසින්. නැතිනම් ඔවුන්ගේ තම ඡන්දයට සම්බන්ධව වගකීමක් නොමැති වීම හෙවත් facebook හි මෙන් ලයික් දමා ෂේප් වීමේ න්‍යාය හේතුවෙනි.

වගකීමක් තිබෙන්ම් ලංකාවේ දේශපාලකයා මෙතරම් අමනයෙකු විය නොහැක. තම කශේරුකාව බිඳගත් නිවට සමාජ පවතින් ඕනෑම රටක දේශපාලකයා අනමනයකි. ඒ මන්ද යත් දමන්ගේ මනාපය කෙරෙහි තමන් වගකීම් සහගත නොවීමයි. ඉන් ඉදිරියට ගමේ අණ්ඩුව පිස්සු කෙළියොත් වරද ඔවුන්ට පටවා ඔවුන් බැණ වැදීමෙන් පමණක් පලක් නැත‍. මහ ආණ්ඩුව කරනා අමන කම්වලට ඔවුන්ද බැනවැදීමෙන් පලක් නැත. වරද ඈත්තේ වඩාත් සබුද්ධික ජනතාවක් රටට අහිමි වීමයි. ඔවුන්ට ඈත්තේ ඊනියා දේශප්‍රේමයක් නිවා මේ රට ගැන අවංක විවෘත මනසක් නොවේ.

අපේ ඡන්ද දායකයාද තමන්ගේ ඡන්දය දමන්නේ facebook හි like එකක් දමනා තරම් තමන්මේ ඡන්දය දමන්නේ කාටද, ඔහු මෙතෙක් කර ඈත්තේ මොනවාද මැරයෙක්ද , කුඩ්ඩෙක්ද නැතිනම් ඈත්තට හොඳ එකෙක්ද ලෙසින් ඔහුව හෝ ඈයව නොකියමිනි. එය හරියම කවිය නොකියවා like දැමීමක් වැනිය.

ලිප්ටන් විසින් දිනාගත යුතු විහාර මහා දේවී


විහාර මහා දේවී උද්‍යානය සහ ලිප්ටන් වටරවුම.... මේ එකිනෙක අතර මිටර් සියයකට වඩා දුර නැත. ඒවා කොළඹ නගර සීමාව තුළ පිහිටා ඇති සුප‍්‍රසිද්ධ ස්ථානයන් දෙකකි. ස්ථාන දෙකම මිනිසුන් සහ මානව කි‍්‍රයාකාරීත්වයන් සමග පුදුමාකාර ලෙස බැඳී ඇත. විශේෂයෙන්ම පහළ පාන්තික සමාජ ස්ථරයන් සමග ස්ථාන දෙකම දිගු කාලයක් තිස්සේ බැඳි පවති. විහාර මහා දේවී උද්‍යානයේ පෙර පැවති නම වූයේ වික්ටෝරියා-
 
උද්‍යානය යන්නයි. ඉංග‍්‍රීසි යුගයේදී මෙම උද්‍යානය ඉදිකර ඇත. ලිප්ටන් වටරවුම ලිප්ටන් සමාගම ඔය අසල ස්ථානයක පිහිටා තිබීම නිසා එය ඉදිරිපස වටරවුම ලිප්ටන් වටරවුම ලෙසින් අපගේ වහරට හා භාවිතයට එක්වුණි. මෙම ස්ථාන දෙකම අතිශය දේශපාලනික හා මානව ක‍්‍රියාකරකම් සමග දැඩි බැඳී පවතී. එම බැඳීම් නිසාම මෙම ස්ථාන දෙක අප ජන සමාජය සමග තිබෙන්නාවූ සම්බන්ධය අතිශය සජීවීය. කථාව එලෙස ආරම්භකර ගත හැක.

ඈත ගම්වල සිට රැකියාවක් සොයා කොළඹ එන කෙල්ලන් කොල්ලන් අතරින් බහුතරයකගේ පේ‍්‍රම පාරාදීසය විහාර මහාදේවී උද්‍යානයයි. නාගරික පහළ නිර්ධන පන්තියටද මෙය එක සේ අදාළය. බොහෝම අමාරුවෙන් වේලක් ඇර වේලක් යැපිමෙන් හෝ ආදරය කිරීමට, ලැබීමට, විඳීමට ඔවුන්ද කැමතිය. කොළඹ ඉහළ මධ්‍යම පාන්තික කොල්ලෙක් කෙල්ලෙක් මැජෙස්ටික් සිටි එකේ ෆුඩ් කෝට් එකට වී ෆෲට් ජූස් එකක් බොන ගමන්, බර්ගර් කමින් ආදරය කරන්නා සේ මේ අයට කඩල ගොට්ටක් කමින් හෝ ආදරය කිරීමට ඔවුන්ට ඇත්තේ විහාරමහා දේවී උද්‍යානයයි. එසේ ආදරය මේ තැන් දෙක තුළ දෙයාකාර ලෙස විතැන් වන්නේම මෙම සමාජ ක‍්‍රමයේ පවතින්නා වූ හිඩැස් නිසාය. මේ විෂම බව නිසාම විහාර මහා දේවි උද්‍යානයට ගොණුවන පේ‍්‍රමවන්තයිනට සිදුවන්නේ කට්ට අව්වක ගසක් යටට වී තම තමන්ගේ පේ‍්‍රම අධිරාජ්‍යය ගොඩනැගීමටයි.

අපගේ මාතෘකාවේ අනෙක් ස්ථානය වන කොළඹ නගරය තුළ පිහිටි නම කියූ සැනින් කවුරුත් දන්නා ලිප්ටන් වටරවුම බොහෝ දෙනාගේ ඇස ගැසෙන ස්ථානයකි. ඒ නිසා පහළ නිර්ධන පාන්තිකයාගේ සිට සුපිරි ප‍්‍රජාතාන්ත‍්‍රවාදියා දක්වා තමන්ට සිදුවන අසාධාරණයන්, නොමනාකම් වලට විරුද්ධව නැගී සිටීම දක්වන්නට දශක ගණනාවක සිටම යොදා ගනී. බෝඩ් ලෑල්ලක් හෝ බැනරයක් ඔසවා ගනිමින් තමන්ගේ විරෝධය දක්වන බොහෝ අයුරු මෙම ස්ථානයේදී අප දැක ඇත්තෙමු. සමහර කම්කරු නායකයින් තමන්ගේ නිවසට වඩා කාලය ගතකොට ඇත්තේ ලිප්ටන් වටරවුමේය. ඒ ලෙසම සෑම පක්ෂයකම බලය රහිත කාලසීමාව තුළදී තමන්ගේ සටන් භූමිය වන්නේ මේ ලිප්ටන් වටරවුමය ඒ තරමටම අරගලය සමග මෙම ස්ථානය සම්බන්ධය.

පන්ති අරගය සමග ලිප්ටන් වටරවුම සම්බන්ධ යම් සේ ද ඒ ලෙසම ආදරය සමග විහාර මහාදේවී උද්‍යානය ද සම්බන්ධය. මෙම ස්ථාන දෙකම ලාංකේය සමාජය තුළ මහා සමාජ ප‍්‍රකාශකයන් දෙකක් වන්නාහ. ලංකාව තුළ කුමන හෝ ආකාරයේ සමාජ අරගලයක් ජයග‍්‍රහණය කරා මෙහෙයවීමටනම් මෙම ස්ථානයන් දෙකම එක්සත්ව නැගීසිටිය යුතුය. වඩාත් සරලව කියතොත් මෙම ස්ථානයන් දෙකම නියෝජනය වන පිරිස් එක්සත් විය යුතුය. එකිනෙකා වඩාත් හොඳින් තමන්ගේ අරමුණ සහ අභියෝගය හඳුනාගත යුතුය. ඒසේ කියන්නේම විහාර මහාදේවී උද්‍යානය නියෝජනය වන පිරිස බැලූව හොත් බහුතරයක් පීඩනයට පත්වූ, ප‍්‍රාග්ධන තර්කනය තුළ සමාජ පීඩනයට ගොදුරු බවට පත්වූ තරුණ සමාජය ය. ලිප්ටන් වටරවුමේ නියෝජනය බැලූ කල්හි එයත් සමාජ ජීඩනයේ සුවිසල් පැතිකඩක් නිරූපනය කරන නමුත් එහි බහුතර නියෝජන කණ්ඩායම තරුණ්‍යය ඉක්මවූවන්ය. එයින් පිළිබිඹු වන්නේම ලිප්ටන් වටරවුම තවමත් එය තරුණ ආකර්ෂණය දිනාගෙන නැත බවයි. මේ නිසා මේ විකෘති සමාජය වෙනස් කිරීමටනම් විහාර මහාදේවී උද්‍යානයේ සිටින පීඩිත තරුණයා ලිප්ටන් වටුරවුම විසින් දිනාගත යුතුය. එසේ විය යුත්තේම ලිප්ටන් වටරවුමේ දි තමන්ගේ අරගලය පොලිස් බැටන් පහරින් අවසන් වන්නේ යම්සේද ඒ ලෙසම විප්ලවය විහාර මහාදේවී උද්‍යානයේදී සිකියුරිටිගේ විසිල් හඬින් ආදරයේ දිගපළල ලකුණු කරන්නට ඉහත පීඩිත තරුණයට සිදුව ඇති බැවිනි. එම නිසාම ස්ථානයන් දෙකක් තුළ දෙදෙනාම සමාන පීඩිතයෝය. කෙදිනක හෝ මේ පීඩනයෙන් මිඳීමට අවශ්‍ය නම් පීඩිත කණ්ඩායම් එක්සත්ව අවංකව එකිනෙකා වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. එහෙත් අවසානාවට තවමත් මේ දෙකොටස එකිනෙකාව හඳුනාගෙන, වටහාගෙන නොමැත. ඒ නිසාම ලිප්ටන් වටරවුමේදී බැටන් පහර වැද බේරීමට දිව එන්නන් මෙන්ම සිකියුරිටිගේ විසිල් හඬින් තමන්ගේ ආදර දැහැන බිඳ එළියට පැමිණෙන්නන් ද එකිනෙකාව පසුකරමින් කිසිත් නොවූවන් සේ යන්නේම එකිනෙකාට යොමුවන මර්ධනය හමුවේ එක්සත් වී නොමැති නිසාවෙනි.

මෙම මොහොතේ දී ශී‍්‍ර ලාංකේය සමාජයට අවශ්‍යව ඇත්තේ පවතින මර්ධනය සහ මෙම විකෘති සමාජය වෙනස් කිරීමට එකිනෙකා වඩාත් විශ්වාසනීයව දිනාගත හැකි වැඩපිළිවෙලකි. විශේෂයෙන් සමාජ විප්ලවයේ ඉදිරිපෙළ ගාමක බලවේගය වන තරුණ කොටස් දිනාගැනීමේ වැඩපිළිවෙලකි. එසේ ඔවුන් දිනා ගැනීමට කියා විහාර මහාදේවි උද්‍යානට අසලට ගොස් අත් පත‍්‍රිකා බෙදීමෙන් එය කළ නොහැකිය. පසුගිය කාලය පුරාම සිදුවූ පූර්වාදර්ශ දියවී යාම නිසාම එකිනෙකා අතර අනෝන්‍ය විශ්වාසය සම්පූර්ණයෙන්ම ගිලිහී ගියේය. ඒ නිසාම කිසිවෙකු විශ්වාස නොකරන තත්ත්වයට අප සමාජය පත්විය. මේ නිශ්චිත නිමේෂය තුළ අපි සියලු දෙනා එය අත්දකිමින් සිටින්නෙමු. දැන්වත් ඉතිහාසයේ සිදුවූ වැරදි නිවැරදි කරමින් නැගී සිටිය යුතුය. නැතහොත් මෙම සමාජ කොටස් එකිනෙකාගෙන් වෙන්ව යාම තව තවත් පුළුල් වෙනවා ඇත. සමහර විටෙක එය කිසිදා එක්කළ නොහැකි ලෙස වෙන් වේ. සමහර කොටස් ඒ බෙදීම හේතුකොට ගෙනම විනාශයට පත්වී යයි. කිසිදු සමාජ ස්ථරයක් ඉවත හෙළීමෙන් කිසි විටෙක සමාජ අරගලයක් සාර්ථකත්වය කරා ගෙන යා නොහැක. විශේෂයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ අරගලයේදී සියලු පන්ති මෙන්ම තරුණ හැඟීම් මෙන්ම ඔවුන්ගේ පොප් සංස්කෘතිය ද දිනාගත යුතුය. ඒ දිනාගැනීම අන් කිසිවක් සඳහා නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැතිනම් අපගේ ජීවිත අප විසින් නිදහස් කරගත යුතු සමාජ අරගලය වෙනුවෙනි. එම අරගලයේ අවිය වන්නේ තරුණ කොටස්ය. එය ලෝක ඉතිහාසය පුරා අරගලයන් වඩාත් අවබෝධාත්මකව විග‍්‍රහ කරගැනීමෙන් මෙය වඩාත් පුළුල්ව තේරුම් කරගත හැකිය.

ඉතිහාසය පුරාම සහ මේ මොහොත තුළ වඩාත් අර්බුදයට ලක්ව ඇති අපගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සැවොම එක්ව නැගී සිටිය යුතුය. එකිනෙකට මුහුණ ලා සිටියත් අනෙකාගේ ප‍්‍රශ්නය හඳුනාගෙන නොමැති විහාර මහාදේවී උද්‍යානය සහ ලිප්ටන් වටරවුම මෙන් නොව අනෙකාගේ පීඩනය තේරුම් ගනිමින් ඒ සඳහා කෙරෙන්නා වූ අවංක මැදිහත් වීමක් විය යුතුවේ. තමන්ගේ අරමුණ වෙනුවෙන් තවත් පන්තියක්, කණ්ඩායම් හෝ පුද්ගලයෙක් කඩේ යැවීම වෙනුවට අනෙකාව වඩාත් නිවැරදිව තේරුම් ගෙන ඔහුව දිනාගත හැකිනම්, ජීවිතයයේ නිදහස වෙනුවෙන් වූ සටන වඩාත් සවිබල ගැන්වෙනු නියතය.

Wednesday, March 16, 2011

පන්සලේ සිංහල බෞද්ධ ගණ දෙවියන් සහ කොවිලේ පර දෙමළ ගණ දෙවියන්

(අනුරපුරේ ගණදෙවි ප්‍රතිමාවකට ටයර් දමා ගිනිතබයි)
තමන්ගේ පුතා හෝ දුව විභාගයට සූදානම් වන විට නුවණ ලැබෙන්න කියා අම්මලා තාත්තලා පුජාවටිටි ගණන් පුදන්නේ පන්සලේ ගණ දෙවි කොවිලටය. එවිට ගණ දෙවියන් සිංහල බෞද්ධය. කොවිලේ සිටින ගණ දෙවියන් පර දෙමළාය. මේක සිංහල බෞද්ධ රටක් නිසා පර දෙමළ කිසිවකින් වැඩක් නැත.  ඒ සිංහල බෞද්ධ රටේ තියරියයි. (බෞද්ධ දර්ශනයෙන්ම එලෙස නැත). නැතිනම් ජෙනුවින් ශ්‍රී ලංකා තියරියයි.

ඊයෙ රාත්‍රියේදී (මාර්තු15) අනුරාධපුර නගරයේ පිහිටි කෝවිලක ගණ දෙවි ප්‍රතිමාවට ටයර් දමා ගිනි තබා ඇත. දෙමළ මිනිස්සු ඔහොමය. වරක් අම්මාගේ සොහෙන මත බලු මළකුණ දා තිබිනි. දැන් තමන්​ගේ දෙවියන්ගේ ප්‍රතිමාවට ගිනිතබා ඇත. ​ඒ දකුණේ කියන කථාවයි. අහිංසක විමල්ට හෝ අමරසේකරට අනුව මේවා සිංහල බෞද්ධයන් උගුලක පටලවන්නට අධිරාජ්‍යවාදී බටහිර රාජ්‍යයන්ගෙන් යැපෙනා බඩගොස්තරවාදීන්ගේ කුමන්ත්‍රණයකි. පාඨලී චම්පිකට අනුවනම් මේවා සාධු රාජ්‍යයට යන මග අහුරන්නට කරන ලද විජාතික ක්‍රියාකාරීත්වයන්ය.

නමුත් මෙම කාරණා බරපතල ලෙස ගෙන විග්‍රහ කිරීමේදී පශ්චාත් යුධ ජයග්‍රහණ ක්‍රියාවන්ය. ජයග්‍රාහකයින් විසින් පරාජිතයින් තව දුරටත් පීඩාවට පත්කිරීමයි. මේ  උතුරේ විමුක්ති ව්‍යාපාරය විනාශ කිරීමෙන් අනතුරුව බිහිවන චන්ඩින්ගේ වැඩය. ඒ චන්ඩින් බිහිවන්නේ අහම්බයකින් නම් නොවේ. මනෝ විශ්ලේෂනයට අනුව මේවැනි පුද්ගලයන් සහ සමාජයක් බිහිවන්නේ මානසික අංසතුලිත තත්ත්වයන් සහිත් පුද්ගලයෙක් බහුතරයක් පාලනය පැමිණීමේ ප්‍රථිඵලයක් වශයෙනි. ඒවැනි පාලකයන් ලෙස නැපෝලියන්, හිට්ලර්, ස්ටාලින් වැන්වුන් උදාහරණ ලෙස පෙන්වා දිය හැක. ඔවුන් සැමගේම අරමුණ වූයේ.ශ්‍රද්ධ වූ ආර්්‍ය ජාතික රාජ්‍ය බිහිකිරීමයි. ඒ නිසාම ඔවුන් එම අභිප්‍රායට එරෙහිවේයැයි සිතූ සියල්ලන්ම ද්‍රෝහීන් කරනු ලැබිණි. නිල වශයෙන් මරණදඩුවට යටත් කෙරිණි. ජර්මනියේදී නාසි මතයට විරුද්ධව  කොල කැබැල්ලක් බෙදාහැරි ෂොපිෂෝල් පවා නඩු අසා ගිලීටනය කර දමන්නේ තමන්ගේ ශ්‍රද්ධ රාජ්‍යයේ බලය පෙන්වමිනි.

දැන් ශ්‍රි ලංකාවේ ක්‍රියත්මක වන්නේද මෙවැනිම මනෝභාවයකි. ශ්‍රද්ධ වූ සිංහල බෞද්ධ රාජ්‍ය පිහිටවීමට එකම බාධකය දෙමළාය. ඒ නිසා උන් සුන්දූලි කළ යුතය. එහිදී ගණදෙවි ප්‍රතිමාවක් පවා අභියෝගයකි.  එක්කෝ කරුණා මෙන් ගණ දෙවියන්ද තමන්ගේ පිළ මාරුකළ යුතුය. නැතිනම්  සිදුවන්නේ ටයර් සෑයක් මත පිලිස්සීමට හෝ උස්සලා පොළවේ ගැසීමකට යටත් වන්නටය. 

මහින්ද රාජපක්ෂ රෙජීමය 2004 දී බලයට ගෙනෙන විට ජවිපය විසින් මහින්ද  රෙජීමයට ඉන්පෙක්ෂ කරනු ලැබුවේම මෙම ජාතිවාදී ඉහත මතවාදයයි. 2000 වසරේදී " සිහළ අභියෝගය" යන නමින් පාඨලී චම්පික ග්‍රන්ථා රූඩ කරන්නේද ශ්‍රද්ධ වූ ​සිංහල බෞද්ධ රාජ්‍යය ගොඩනැගීමෙදී භාවිත කළ යුත උපාය මාර්ගයි. පාඨළී ආණ්ඩුවට හේත්තු වන්නේම තමන් ඒ උපාය ක්‍රියා මාර්ගය ක්‍රියාවට නැංවීමටය. ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලය තුළ ඉහළ අසුනක් හිමිවන්නේම ඒ නිසාවෙනි. නන්දන ගුණතිලකටද එහි අසුනක් හිමිවන්නේද ඔහුට එවැන් දේ ක්‍රියාත්මක කර මනාපුරුද්දක් ඇති බැවින්. මේ සියල්ල සමග ඉහත කී මානසික් අසංතුලිත නායකයෙකු බලයට පැමිණි විට  ඔවුන්ගේ ක්‍රියාවට නැංවෙන්නේ ඔවුන්ගේ එම ක්‍රියාවලියයි. මහින්ද බලයට ගෙන ඒම නිකම්ම නිකං ක්‍රියාවක් හෝ අහම්බයක් නොවන්නේම ඔහු හා අතිනත ගන්නා අනෙක් පුද්ගලයන් විග්‍රහ කරගැනීමේදීය.

මේ ලෙස දැන් ඔවුන්ගේ ශ්‍රද්ධ සිංහල බෞද්ධ රාජ්‍යය ගොඩනැගීමට අනුරාධපුර පන්සල් වල සිටි සිංහල බෞද්ධ ගණ දෙවියන් එරෙහි නොවන්නට ඇත. ඒ නිසා ඒවාට නුවණ ලබාදෙන්න කියා බිම පෙරලි පෙරලී වදිති. නමුත් කොවිලේ පර දෙමළගණ දෙවියන් අභියෝගයකි. ඒ නිසා තීන්දු ඒ ලෙසම ක්‍රියාත්මක කෙරිනි. ටයර් දමා පර දෙමළ ගණදෙවියන් ගිනි තැබිනි.
දමිළයන් වැදුම් පිදුම් කළ පමණින් ටයර් දමා දෙවියන් ගිනි තියනවා රටක මිනිස්සුන්ට දෙවියන්ගේම පිහිටයිවත් කියා කියන්ට බැරිය...

Tuesday, March 15, 2011

මං කියන් නෑ ඉතුරු ටික - අපි තේරුම් ගන්නම්.....

එතුමා නොකී අනෙක් ටික අපි මේ ලෙස තේරුම් ගනිමු. මෑතකදී පටන් ලංකේය දේශපාලනයේ අලුත්ම ප්‍රවනතාවය නැතිනම් අලුත් ට්‍රෙන්ඩ් එක තමන්ගේ කථාව මැදදී කාට හෝ කියන ආකාරයට කුණුහරුපයක් , දෙපැත්ත කැපෙන චචනයක් එළියට දමමින් සභාව ආතල් ගැන්වීමයි. මේය කාලයක පටන් පහළ මට්ටමේ දේශපාලකයන් තුළින් දක්නට ලැබුණද ඉහළම තැනට මේය බෝවී ඇත්තේ මේ මැතකදීය.

එක්තර කාලයකදී මෙරට දේශපාලකයෝ චන්ද්‍රිකාගේ අත උස්සන විට කුක්කුව ඉලිප්පී පේන බව කියමින් රැස්ව සිටින පිරිස් ආතල් ගඟක බැස්සවූහ. ඉන්පසු මේ මෑතකදී එහිම දිගුව ආචාරී (?)  මන්ත්‍රීතුමෙකු විසින් ප්‍රසිද්ධ වේදිකාවක් මතදී කුක්කු ටික්ක බොන්න ආස බව කියමින් මෙගා ආතල් එකක් දුන්නේය. සාලය මැදට වී අපේ කට්ටිය ඒවා අසා ස්වයං ලිංගික තෘප්තියක් අත්කර ගත්හ. සමහරු එදින නිදියහනේදී මන්ත්‍රීතුමා කුක්කු බොන අයුරු සිහිනෙනුත් දැක සරම් තෙත් වන්නටද ඇත. හැබැයි ඕවා කාටවත් කියන්නෙ නැත. අපි එදා ඒ මන්ත්‍රීවරයාට නොසෑහෙන්න බැන්නෙමු. රත්තරන්වාහිනයටද බැන්නෙමු. නමුත් දැන් අප බැන්නේ අහිංසකයන්ට බව අපි වටහාගෙන ඔවුන්ගේ සමාව ඉල්ලන්නෙමු. ඔවුන් නොදරුවෝය. කිරිසප්පයෝය. ඔවුන්ට මේවා කවුරුහෝ විසින් පුරුදුකරනු ලැබූ ඒවා බව දැනගත්තේ අදය. ඒ නිසා අපට සමාවනු මැනව.

සත්‍ය පසක් වූයේ අද ලංකාවේ ජානාධිපතිවරයා තමන්ගේ පතෝලය බලන්න එන්න කියා මන්ත්‍රීවරයටකට ආරාධනා කළ විටය. ඔහු එය කියන්නේ මහාහාහාහා සංඝරත්නයද අසල තබාගනිමිනි. උත්තම පතෝලය පෙන්වීම කුක්කු බෙනවාට වඩා වැඩි වැඩකි. අපේ දේශප්‍රේමී සධාචාරීන්ගේ දැහැමි රටේ නීතියට අනුව පතෝල පෙන්වීම මහා පාපයකි. ඒ අනුව අර මන්ත්‍රී කිරිසප්පයාට මේ නරක කථා පුරුදුකර ඇත්තේ රටේ ඉහළම තැනින්දැයි සැකයක් අපට මතුවේ.

ඒලෙස ජලය යටට දමනා රබර් බොලයක් මෙන් මතුව එන්නේ තමන්ගේ යටිසිතේ පවත්නා ෆෑන්ටසිය. තමන්ගේ මනස තුළ ගොඩනැගෙනා පාරභෞතින් හිටිගමන් තමන්ටත් නොදැනීම තැන නොතැන නොබලා පිටවේ. පැරැන්ණන් " කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ" කිව්වේ මේ නිසා වන්නය පිළිවන. කෙසේවෙතත් මේ මේ සාධු රාජ්‍යයේ උත්තමයන් විසින් කියන කරනු ලබන සියලූ දෑ සුජාතකරණ වෙයි. හදිසියේ අපේ පතෝලය පෙන්න එන්න කියවුනානනම් එහෙම මෙතැන මේ වන වටි සිටින්නේ කොහේ හෝ කුඩුවක ඉලඈට දෙකතුකතුත් කඩාගෙනය.ඒ මේ සාධු රාජ්‍යයේ නීතියයි. එතුමා හරි හුරතල් ලෙස එය කියූ නිසා ඒ හැටි ගන්න ගත යුත නැත. හැබැයි ​මනෝ ව්‍යාධි විග්‍රයේදී ඔවැනි ආතල් වෙනමම මානසික තත්ත්වයන්ය.

සමහර විට එතුමා මෙසේ සිතුවා වන්නට පුළුවන. මම කියන්නේ නෑ ඉතුරුටික කියා කිව්වේම මේ රටේ සියල්ලනම් බබ්බු නිසා බබ්බු නරක්වයි සිතා වන්නට පුළුවන. පොන් සයිට් තහනම් කෙරුවේ ඒ නිසාවෙනි. නිරුවත් දර්ශණ වලට පෙනීසිටිය වනු උසාවී ගෙනිච්චේ ඒ නිසාවෙනි.එතුමා ඉතුරු ටික නොකීවේද ඒ නිසාවෙනි.

ඒ සාධු රාජ්‍යයේ බබ්බු නරක්වෙන නිසාවෙනි.

http://www.youtube.com/watch?v=FzBiDUsq_KI