Thursday, June 28, 2012

MEGAAA බයිට් ( ඒකයි මේකට ලංකාව කියන්නේ)

හිරු ටීවී එකේ අලුත් වැඩක් පටන්ගෙන ඇත. එම වැඩසටහනෙ නම මෙගා බයිට්. වැඩෙන් වෙන්නේ කලාකරයන්ව බයිට් කරන එක. ඉස්සෙල්ලාම ටීවි තිරය ඉස්සරහා ඉන්න එකාට කියනවා ඔන්න අපි දැන් අහවලාව බයිට් කරන්නයි යන්නේ කියලා. 

හැබැයි මගේ යෝජනාව ඊට වඩා ත්‍රිලක් තියෙයි විරාජ් වැලිවත්තලා, චාමර ජයවීරලා රේනේ සිල්වා ඉස්සරහා බයිට්වෙන බයිට්විල්ල දැම්මොත්. 

නිමල් ලක්ෂපති ආරච්චිටනම් ආයේ අලුතින් කියලා බයිට් වෙන්න දෙයක් නෑ. එයා ලංකාවම බයිට් කරලා, අන්තිමට පදුරක් පදුරක් ගානේ එයා බයිට් වුනා.පුදුම වෙන්න දෙයක් නෑ
 
මේක මරා ත්‍රිල් වැඩක්. සිස්ටම් එකට බයිට් වෙලා ඉන්න හැමෝමා තම තමන්​ගේ බඩ කපාගනිමින් හිනාවෙනා අනිත් උන්ට..  හික් හික් හිකෑස්...හිකෑස්....(ඕනානම් පෝෂ් හිනාවක්) හිකිස්z.

හැමෝම ඉස්සරහ බයිට් වෙන්නේ මිනිස්සුන්​ගේ ආත්මීය හැගීම් කියලා මේ හිනාවෙනු උනුත් දන්නේ නෑ මේ වැඩසටහන් කරන උනුත් දන්නේ නෑ වගේම බයිට් වෙන උනුත් දන්නේ නෑ.

හරියට මහින්ද රාජපක්ෂ ලංකාවේ සමාජය බයිට් කරනවා වගේ. අන්තිමට බයිට් වුනු එකත් හිනාවෙන වෙනවා. මහින්දත් හිනාවෙනවා. ඇමෙරිකාවත් හිනාවෙනවා.

මෑතකදී ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයට ඉල්ලා අස්වෙන්න වෙනවා. ඔහුගේ පශ්චාත් උපාධි නිබන්ධනය එක්තරා විශ්වවිද්‍යාලයකින් නැවත පිරික්සා බලද්දි අහුවෙනවා එම නිබන්ධනයට විවිධ ග්‍රන්ථවලින් උපුටාගත් ඒවා ඇති බව. ප්‍රශ්ණය උපුටාගත් බවට සඳහන් නොකිරීම. අවසානයේ ජනතාව බයට් කිරීමේ වරදට ඔහුට සිදුවෙනවා ප්‍රසිද්ධියේ සමාව අරගැනීමට පමණක් නොව තමන්ගේ අමාතංශයත් අහිමිවෙනවා.

නමුත් ලංකාවේ වෙන්නේ සියල්ල ඊට කණපිට දේවල්. ඒක නිසා තමයි මේකට ලංකාව කියන්නේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්. තමන් එක්ක දේශපාලන කරපු අනෙක් දේශපාලනඥයා මහමග බල්ලො වගේ මරලා දාද්දි ඒ මිනීමැරුමට සම්බන්ධ දේශපාලඥයා දේශපාලනයෙන් ඉවත් කරනවා වෙනුවට ටීවි චැනල් ලැබෙනවා. ඒවා තමයි ලංකාවේ වෙනස. මේ කාලේ ලියන්න කිසිම දෙයක් එන්නෑ කියලා රැඩිකල් ලිපි ලියන බ්ලෝග් වල නම් ඒ ටීවී චැනල් වලට හයර් කරනවා. ඒ විතරක්නම් මදෑ.විනෝද චාරිකා විදිහට උතුරට යෑමේ ත්‍රිල විවේචනය කරලා රැඩිකල් නාට්‍ය හදපු අපේ සහෝදරයෝ මේ ටීවී චානලවල බයිට් කල්ට් ඇතුලේ බයිට් වෙනවා... උනුත් හිනාවෙනවා අපිත් හිනාවෙනවා.... රේනෙත් හිනාවෙනවා.

යුද්ධය වෙලාවේ ඊට විරුද්ධව ෆිල්ම් හදලා මාර පොරවල් වෙච්ච බූඩි එක්ක එකතුවෙලා අර ෆිල්ම් බලපු ඔක්කොම බයිට් කරනවා. "සුළඟ එනු පිනිස" භාෂණගේ කොලමක නමක් හයර් එකට අරගත්ත විමුක්ති අද භාෂණව බයිට් කරන්නේ ලේසි පහසු විදහට නොවෙයි මෙන්න මෙහෙම කිය කිය. "මගේ ෆිල්ම් එකට ගහද්දි මාත් එක්ක හිටියේ බූඩි විතරයි. මට ඌ අඩගැහුයම බෑ කියන්න බෑ". මරේ මරු. භාෂණව විතරක් නොවෙයි හිරු එකම බයිට් කරනවා. ඒ විතරද සුළඟ එනු පිණිස පිටපතට තමන්ගේ කියලා අදටත් නොකියන පියල් කාරියවසම්​ව විමුක්ති මාතාට අත උස්සලා බයිට් කරන්නේ උස්සලා පොලොවේ ගහ ගහ. ලංකාවේ බයිට් වෙන්නේ ඒ වෙදිහට. ඒකයි​ මේකට ලංකාව කියන්නේ. කවුදෝ එකෙකේ කෑ ගහගෙන යනවා.

නමුත් තවම ඉවර නෑ. සමහර අපේ සිනමා යාලුවෝ විමුක්ති රෝල් මොඩල් එක කරගෙන තමන්ව නැවත නැවත බයිට් කරගන්නවා. මම දේශපාලනය එකග නෑ. ඒත් ෆිල්ම් ෂොට් නම් ආයේ මට හිතාගන්න බෑ. යාළුවා අමතක කරනවා අපි ජීවත් වෙන්නේ පශ්චාත් නූතන යුගයක කියලා. ඒනිසා අපි හැමෝම බයිට් වෙනවා.

කාලෙකට ඉස්සෙල්ලා ජාතිවාද උඩටම උස්සලා උතුරේ ජීවිත ලක්ෂ ගණනක් වළපල්ලටම යවන තරමට උතුර බයිට් කරපු රත්නශ්‍රී ලවා ආයේ ජනරළ පත්තරෙන් ලේ  හෝදනවා. ඒ විතරක්නම් මදෑ පොඩි කොළමක් ලියන්නත් දෙනවා. ආයේ සැරයක් අපිව බයිට් කරන්න.

ජනඅරගල සහෝදරවරු කිව්වේ ජවිපේ කට්ටිය ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් තමන් බයිට් කරපු නිසා ජාතික ගැටළු මුල්කර ගනිමින් තමන් ජවිපෙන් ඉවත් වූ බව. ඒත් ආයේ අපිට බයිට් කරන්න දාන්නෙම ජවිපෙ එක්ක එකතුවෙලා අපිව  බයිට් කරපු  රත්න ශ්‍රී, රඹුක්න සිද්ධාර්ථ වගේ ​ජොකියෝ. මේ සැරෙත් අවසානේ ජන අරගලයත් හිනාවෙයි. රත්නශ්‍රීත් හිනාවෙයි.ජවපෙත් හිනාවෙයි. ඒ විතරක් නෙමෙයි මහින්දත් හිනාවෙයි. අවසානේ ඉස්සෙල්ලා පාරම වගේම බයිට් වෙච්ච උනුත් හිනාවෙයි....

ඒත් තමන්ගේ හෘද සාක්ෂි ය බයිට් කරගන්න අකමැති එවුන් මේ පොළවෙන් චුත වෙයි. නන්දිකඩාල් කලපුවේදි එදා වුනේ ඒක. උන් කවුරුත් බයිට් කලෙත් නෑ, බයිට් වුනෙත් නෑ.

Thursday, June 14, 2012

සමිතාට පළමු ගල ගසන්නට පෙර නිර්මල ලිඟුවක් හෝ යෝනියක් සොයාගෙන එන්න

ලංකාවේ පාලකයාගේ සිට ඉතා පහළ සමාජ ස්ථරයේ සිටින මිනිසා පවා බුද්ධ රුපයක් දැක්කොත් උන් තැනින් නැගිට ආචාර කරයි. දරුවෙක් දැක්කොත් දැක්ක ගමන් වඩාගෙන පොඩිඑකා අඩන තුරුම සිපගනන්නා, බසයේදී ගර්බණී කාන්තාවක් දුටුවහොත් සුටුස් ගා නැගිට තම වැඩි වී සිටි අසුන පූජාකර එක ජාතියක සත්ව වර්ගයකි.

මේ ලෙස  සාමාන්‍යතලයෙන්ගත් කළ ලංකාවේ මිනිසුන් හරි ෂෝක්ය. ආදරණීයය.නමුත් මේ මිනිසුන් කෙතරම් තම ජීවිත මත සළුපිළි දවට ජීවත්නව පිරිසක්ද යන්න ලංකීය බෞද්ධයා කෙතරම් ඇරියස් සහිත සත්වයෙක්ද යන්න ඉතාම හොදින් පැහැදිල වන තැන සයිබර් අවකාශයයි. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති සහෝදරයා කියන ආකාරයටම දහවල් සහ රැය අතර ජීවිත දෙකක් ගත කරන සතුන්ද යන්න එහිදී පැහැදිළිව පෙනේ. ඒ නිසාම මානව මනෝභාවයන්  සම්බන්ධව  මේ යුගයේ  ගැන පර්යෝෂණාගාරය බවට සයිබර් අවකාශ පත්ව ඇත.

ලංකා සමාජය විකල්ප සම්බන්ධතා යන්න නිර්වචනය කරනු ලබන්නේ වල් සබන්ධතා සහ එවා පවත්නව පුද්ගලයන් වල් ගැහැණුන් සහ පිරිමින් කියා වේ.

අද දිනයේ සමිතා මුදුංකොටුව ගායිකාවගේ දුරුවන් දෙදෙනා සමග වන එක්තරා ඡායාරුපයක් අන්තර් ජාලයේ වෙයි.මේ පිළිබඳ ඊට පහළින් ලැබෙන කොමෙන් ඔස්සේ ලංකා සමාජයේ පොදු ජනවිඥානය ක්‍රියාත්මක වෙනු ලබන්නේ කෙසේද යන්න මනාව නිරීක්ෂණය කළ හැකිය.

අන්තර් ජාලයේ කොමෙන්ටවලට අනුව දරුවන් දෙදෙනා තාත්තලා දෙනෙක්ගේ බව පූර්ව නිගමණයයි. මොහොතකට අප එසේම සිතමු. දරුවන් දෙදෙනාගේ පියවරුන් දෙදෙනක් බව. අප සරලවම අසන්නේ ඉතිං "මොකද් ද ප්‍රශ්ණය" යනුවෙනි.

 ඔය නොකියා කියන්නේ සමිතා එහෙම වුනාට අප සංස්කෘතක පවුල ආරක්ෂාකරනවා කියාය. නැතිනම් එය රැකගන්නවා කියාය. නමුත් මේ යුගයේදී නිර්මල පවුලක් , පරිපූර්ණ පවුලක් තිබෙන්නේ මනසේ පමණි. ක්‍රියාකාරීත්වය තුල එය විපරිතය. 

එයම කොමෙන්ට් වලට අනුව සමිතා පිරිමි දෙදෙනෙක් සමග සම්බන්ධතාවයන් පැවැත්වීම නිසා වල් ගැහැණියකි. නමුත් සැබෑ කරණය සමිතාය එම චෝදනාව කරනා අයට පවතින්නේ මම නොවිදි විනෝදයක් සමිතා විදින බව උපකල්පන කිරීමෙන් එන ලිංගික කුහක කමයි. සමිතාට සයිබර් අවකාශයේ ගල්ගසන පිරිමින්ට ඇති ප්‍රශ්ණය තමන්ට චාන්ස් එකක් ලබා නොදීම පිළිබඳ ගැටළුවකි. ගැහැණුන්ට ඇති කුකුස තමන්ට නැතිව සමිතාට පිරිමි දෙන්නෙක් ලැබුණේ දෙදෙද යන්නයි.

නමුත් මේ පිරිස්වල දහවල් කාලයේ ජීවිතය ඉතාම යහහමෙන් සෙමින් ඇල්වතුරත් උණුකර බොන ස‍්වරුපයේ ඒකකි.මේ අයගේ රාත්‍රීකාලයේ ජීවිතය ඉතාම නරුම වර්ගයේ එකකි.

මේ රට දැන් දිනකට දරුවන් දෙදෙනෙකු දූෂණය වන, ඉන් වැඩිම ගණනක් තමන්ගේම පියවරුන් අතින් දූෂණය වන, අම්මලා විසින් දුරුවන් ගංගාවලට විසිකරනු ලබන,අම්මලා තමන්ගේ දියණියන් පිරිමින්ට විකුණන විපරිත තත්ත්වයේ මනෝභායන්ගේ කප් ගසමින් තිබෙන රටකි. නමුත් මේ සියල්ල තමන්ගේ දිවා ජීවිතයේ සඟවා ගෙන එවායේ ඇරියස් පැටව් ගස්සමින් සිල්ගන්නා බණ අසනා රටකි.

සමිතාට පළමු ගල ගසන්නට පැමිණෙන පැමිණෙන් ස්ත්‍රියට හෝ පිරිමියාට අපි යෝජනා කරන්නේ ඊට පෙර කණ්නාඩියක් ඉදිරිපිට නිරුවත් වී තමන්ගේ ලිංගේන්ද්‍රිය  නැවත හොදින් බලාගන්නා ලෙසයි .