Monday, August 20, 2012

පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම

මේ දිනවල ශ්‍රී ලංකාව ශ්‍රද්ධා ද්වීපයක් වී ඇත. ඒ කපිලවස්තු පුර ධාතූන්  හෙවත් ගෞතම බුද්ධාගේ ශරීරයේ කුමක් හෝ ඇට හෝ කටු කැබැල්ලක් මෙරටට ගෙන ඇවිත් තිබේ. ( ගෙනාවේ කුමන ඇටකටු කැබැල්ලද යන්න මම සහසුද්දෙන් දන්නේ නැත.) 


කොළඹ නගරය පුරා ශ්‍රද්ධා භක්තියෙන් එම අස්ථි කැබලි පිළිගන්නා බවට කටවුට් තොරන් ගසා තිබේ. දැනට පෙනෙන දෘෂ්ඨිම අර්ථයට අනුව ලංකාව යනු ෂෝක රටකි. මේ දිනවල කොළඹ නගරයේ සෑම බස්රථයකම සුදු ඇදගත් උපාසක උපාසිකාවන් දැකගත හැකිය. එපමණක් නොව හෙඩ් ෆොන් කනේ පළදා සුදු ඩෙනිම් ඇද සුදු කමිස , ටීෂර්ට් ඇඳ ධාතූන් වන්දනාවේ යන නංගිලා උපාසිකා​වෝ සහ මල්ලිලා උපාසකයෝ සුලභ දර්ශණයකි.

නමුත් ප්‍රශ්ණය පණපිටින් සිටින උන්ට වඩා කොහේවත් මියගිය කෙනෙකුගේ ඇස්ථි කැබලි වටින්නේ කෙලෙසද යන්නයි. මන්ද ලංකාව යනු මෑත ශතවර්ෂයේ වැඩිම ජනඝාතනය සිදුවූ දේශයයි. කවුරුත් ඔය දර්ශකය වැඩිපුර කියන්න නොයන්නේම කියූ අයටද අස්ථි ප්‍රේමී ජනතාවගේ ​වෛරයට පාත්‍රවන බැවිනි.

ගෞතම බුද්ධ පවා ප්‍රණඝාතය වැලැක්වීම අංක එකට යෙදුවේ පණතියෙන උන් අන් සියල්ලට පණතියෙන් උන්  සියල්ලට වඩා වටිනා බැවිනි.නමුත් ලංකාව යනු දකුණේදී  71 ,89 දී ලක්ෂයකට ආසන්න පිරිසක් සහ  උතුරේදී 2009 මැයි මාසයේ 16,17,18 යන දවස් තුනට පමණක් 40,000 ක් වලපල්ලට යැවූ රාජ්‍යයකි.ඒ අනුව බුද්ධාගේ පළමු කොන්දේසියම සිංහල - බෞද්ධ රාජ්‍ය විසින් තෙවරක් මහා පරිමාණයෙන් කඩා ඇති අතර සුළු පරිමාණිකය දිනපතා 2,3 වලපල්ලට යවන සැදැහැවතුන් සිටින රාජ්‍යයකි.

ගෞතම බුද්ධා ද මේ යුගයේ ලංකාවේ ජීවත්වූවානම් ඔහුටද සිදුවන්නේ සිංහල බෞද්ධ මතයට අවනත නොවීම නිසා වළපල්ලට යන්නය.

ඒ අනුව ලංකාව යන්න අවසන් මෙසේ කියවිය හැකිය. ජීවත්වන සිටි උන් වලපල්ලට යවා ඇටකටු වලට, මැරුණ උන්ගේ කෙස්වලට  වඳින  ඒ වගේම ජීවත්ව සිටින එකෙකුට නිදහස් හුස්මක් නොහැකි රාජ්‍යයකි.

Thursday, June 28, 2012

MEGAAA බයිට් ( ඒකයි මේකට ලංකාව කියන්නේ)

හිරු ටීවී එකේ අලුත් වැඩක් පටන්ගෙන ඇත. එම වැඩසටහනෙ නම මෙගා බයිට්. වැඩෙන් වෙන්නේ කලාකරයන්ව බයිට් කරන එක. ඉස්සෙල්ලාම ටීවි තිරය ඉස්සරහා ඉන්න එකාට කියනවා ඔන්න අපි දැන් අහවලාව බයිට් කරන්නයි යන්නේ කියලා. 

හැබැයි මගේ යෝජනාව ඊට වඩා ත්‍රිලක් තියෙයි විරාජ් වැලිවත්තලා, චාමර ජයවීරලා රේනේ සිල්වා ඉස්සරහා බයිට්වෙන බයිට්විල්ල දැම්මොත්. 

නිමල් ලක්ෂපති ආරච්චිටනම් ආයේ අලුතින් කියලා බයිට් වෙන්න දෙයක් නෑ. එයා ලංකාවම බයිට් කරලා, අන්තිමට පදුරක් පදුරක් ගානේ එයා බයිට් වුනා.පුදුම වෙන්න දෙයක් නෑ
 
මේක මරා ත්‍රිල් වැඩක්. සිස්ටම් එකට බයිට් වෙලා ඉන්න හැමෝමා තම තමන්​ගේ බඩ කපාගනිමින් හිනාවෙනා අනිත් උන්ට..  හික් හික් හිකෑස්...හිකෑස්....(ඕනානම් පෝෂ් හිනාවක්) හිකිස්z.

හැමෝම ඉස්සරහ බයිට් වෙන්නේ මිනිස්සුන්​ගේ ආත්මීය හැගීම් කියලා මේ හිනාවෙනු උනුත් දන්නේ නෑ මේ වැඩසටහන් කරන උනුත් දන්නේ නෑ වගේම බයිට් වෙන උනුත් දන්නේ නෑ.

හරියට මහින්ද රාජපක්ෂ ලංකාවේ සමාජය බයිට් කරනවා වගේ. අන්තිමට බයිට් වුනු එකත් හිනාවෙන වෙනවා. මහින්දත් හිනාවෙනවා. ඇමෙරිකාවත් හිනාවෙනවා.

මෑතකදී ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයට ඉල්ලා අස්වෙන්න වෙනවා. ඔහුගේ පශ්චාත් උපාධි නිබන්ධනය එක්තරා විශ්වවිද්‍යාලයකින් නැවත පිරික්සා බලද්දි අහුවෙනවා එම නිබන්ධනයට විවිධ ග්‍රන්ථවලින් උපුටාගත් ඒවා ඇති බව. ප්‍රශ්ණය උපුටාගත් බවට සඳහන් නොකිරීම. අවසානයේ ජනතාව බයට් කිරීමේ වරදට ඔහුට සිදුවෙනවා ප්‍රසිද්ධියේ සමාව අරගැනීමට පමණක් නොව තමන්ගේ අමාතංශයත් අහිමිවෙනවා.

නමුත් ලංකාවේ වෙන්නේ සියල්ල ඊට කණපිට දේවල්. ඒක නිසා තමයි මේකට ලංකාව කියන්නේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්. තමන් එක්ක දේශපාලන කරපු අනෙක් දේශපාලනඥයා මහමග බල්ලො වගේ මරලා දාද්දි ඒ මිනීමැරුමට සම්බන්ධ දේශපාලඥයා දේශපාලනයෙන් ඉවත් කරනවා වෙනුවට ටීවි චැනල් ලැබෙනවා. ඒවා තමයි ලංකාවේ වෙනස. මේ කාලේ ලියන්න කිසිම දෙයක් එන්නෑ කියලා රැඩිකල් ලිපි ලියන බ්ලෝග් වල නම් ඒ ටීවී චැනල් වලට හයර් කරනවා. ඒ විතරක්නම් මදෑ.විනෝද චාරිකා විදිහට උතුරට යෑමේ ත්‍රිල විවේචනය කරලා රැඩිකල් නාට්‍ය හදපු අපේ සහෝදරයෝ මේ ටීවී චානලවල බයිට් කල්ට් ඇතුලේ බයිට් වෙනවා... උනුත් හිනාවෙනවා අපිත් හිනාවෙනවා.... රේනෙත් හිනාවෙනවා.

යුද්ධය වෙලාවේ ඊට විරුද්ධව ෆිල්ම් හදලා මාර පොරවල් වෙච්ච බූඩි එක්ක එකතුවෙලා අර ෆිල්ම් බලපු ඔක්කොම බයිට් කරනවා. "සුළඟ එනු පිනිස" භාෂණගේ කොලමක නමක් හයර් එකට අරගත්ත විමුක්ති අද භාෂණව බයිට් කරන්නේ ලේසි පහසු විදහට නොවෙයි මෙන්න මෙහෙම කිය කිය. "මගේ ෆිල්ම් එකට ගහද්දි මාත් එක්ක හිටියේ බූඩි විතරයි. මට ඌ අඩගැහුයම බෑ කියන්න බෑ". මරේ මරු. භාෂණව විතරක් නොවෙයි හිරු එකම බයිට් කරනවා. ඒ විතරද සුළඟ එනු පිණිස පිටපතට තමන්ගේ කියලා අදටත් නොකියන පියල් කාරියවසම්​ව විමුක්ති මාතාට අත උස්සලා බයිට් කරන්නේ උස්සලා පොලොවේ ගහ ගහ. ලංකාවේ බයිට් වෙන්නේ ඒ වෙදිහට. ඒකයි​ මේකට ලංකාව කියන්නේ. කවුදෝ එකෙකේ කෑ ගහගෙන යනවා.

නමුත් තවම ඉවර නෑ. සමහර අපේ සිනමා යාලුවෝ විමුක්ති රෝල් මොඩල් එක කරගෙන තමන්ව නැවත නැවත බයිට් කරගන්නවා. මම දේශපාලනය එකග නෑ. ඒත් ෆිල්ම් ෂොට් නම් ආයේ මට හිතාගන්න බෑ. යාළුවා අමතක කරනවා අපි ජීවත් වෙන්නේ පශ්චාත් නූතන යුගයක කියලා. ඒනිසා අපි හැමෝම බයිට් වෙනවා.

කාලෙකට ඉස්සෙල්ලා ජාතිවාද උඩටම උස්සලා උතුරේ ජීවිත ලක්ෂ ගණනක් වළපල්ලටම යවන තරමට උතුර බයිට් කරපු රත්නශ්‍රී ලවා ආයේ ජනරළ පත්තරෙන් ලේ  හෝදනවා. ඒ විතරක්නම් මදෑ පොඩි කොළමක් ලියන්නත් දෙනවා. ආයේ සැරයක් අපිව බයිට් කරන්න.

ජනඅරගල සහෝදරවරු කිව්වේ ජවිපේ කට්ටිය ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් තමන් බයිට් කරපු නිසා ජාතික ගැටළු මුල්කර ගනිමින් තමන් ජවිපෙන් ඉවත් වූ බව. ඒත් ආයේ අපිට බයිට් කරන්න දාන්නෙම ජවිපෙ එක්ක එකතුවෙලා අපිව  බයිට් කරපු  රත්න ශ්‍රී, රඹුක්න සිද්ධාර්ථ වගේ ​ජොකියෝ. මේ සැරෙත් අවසානේ ජන අරගලයත් හිනාවෙයි. රත්නශ්‍රීත් හිනාවෙයි.ජවපෙත් හිනාවෙයි. ඒ විතරක් නෙමෙයි මහින්දත් හිනාවෙයි. අවසානේ ඉස්සෙල්ලා පාරම වගේම බයිට් වෙච්ච උනුත් හිනාවෙයි....

ඒත් තමන්ගේ හෘද සාක්ෂි ය බයිට් කරගන්න අකමැති එවුන් මේ පොළවෙන් චුත වෙයි. නන්දිකඩාල් කලපුවේදි එදා වුනේ ඒක. උන් කවුරුත් බයිට් කලෙත් නෑ, බයිට් වුනෙත් නෑ.

Thursday, June 14, 2012

සමිතාට පළමු ගල ගසන්නට පෙර නිර්මල ලිඟුවක් හෝ යෝනියක් සොයාගෙන එන්න

ලංකාවේ පාලකයාගේ සිට ඉතා පහළ සමාජ ස්ථරයේ සිටින මිනිසා පවා බුද්ධ රුපයක් දැක්කොත් උන් තැනින් නැගිට ආචාර කරයි. දරුවෙක් දැක්කොත් දැක්ක ගමන් වඩාගෙන පොඩිඑකා අඩන තුරුම සිපගනන්නා, බසයේදී ගර්බණී කාන්තාවක් දුටුවහොත් සුටුස් ගා නැගිට තම වැඩි වී සිටි අසුන පූජාකර එක ජාතියක සත්ව වර්ගයකි.

මේ ලෙස  සාමාන්‍යතලයෙන්ගත් කළ ලංකාවේ මිනිසුන් හරි ෂෝක්ය. ආදරණීයය.නමුත් මේ මිනිසුන් කෙතරම් තම ජීවිත මත සළුපිළි දවට ජීවත්නව පිරිසක්ද යන්න ලංකීය බෞද්ධයා කෙතරම් ඇරියස් සහිත සත්වයෙක්ද යන්න ඉතාම හොදින් පැහැදිල වන තැන සයිබර් අවකාශයයි. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති සහෝදරයා කියන ආකාරයටම දහවල් සහ රැය අතර ජීවිත දෙකක් ගත කරන සතුන්ද යන්න එහිදී පැහැදිළිව පෙනේ. ඒ නිසාම මානව මනෝභාවයන්  සම්බන්ධව  මේ යුගයේ  ගැන පර්යෝෂණාගාරය බවට සයිබර් අවකාශ පත්ව ඇත.

ලංකා සමාජය විකල්ප සම්බන්ධතා යන්න නිර්වචනය කරනු ලබන්නේ වල් සබන්ධතා සහ එවා පවත්නව පුද්ගලයන් වල් ගැහැණුන් සහ පිරිමින් කියා වේ.

අද දිනයේ සමිතා මුදුංකොටුව ගායිකාවගේ දුරුවන් දෙදෙනා සමග වන එක්තරා ඡායාරුපයක් අන්තර් ජාලයේ වෙයි.මේ පිළිබඳ ඊට පහළින් ලැබෙන කොමෙන් ඔස්සේ ලංකා සමාජයේ පොදු ජනවිඥානය ක්‍රියාත්මක වෙනු ලබන්නේ කෙසේද යන්න මනාව නිරීක්ෂණය කළ හැකිය.

අන්තර් ජාලයේ කොමෙන්ටවලට අනුව දරුවන් දෙදෙනා තාත්තලා දෙනෙක්ගේ බව පූර්ව නිගමණයයි. මොහොතකට අප එසේම සිතමු. දරුවන් දෙදෙනාගේ පියවරුන් දෙදෙනක් බව. අප සරලවම අසන්නේ ඉතිං "මොකද් ද ප්‍රශ්ණය" යනුවෙනි.

 ඔය නොකියා කියන්නේ සමිතා එහෙම වුනාට අප සංස්කෘතක පවුල ආරක්ෂාකරනවා කියාය. නැතිනම් එය රැකගන්නවා කියාය. නමුත් මේ යුගයේදී නිර්මල පවුලක් , පරිපූර්ණ පවුලක් තිබෙන්නේ මනසේ පමණි. ක්‍රියාකාරීත්වය තුල එය විපරිතය. 

එයම කොමෙන්ට් වලට අනුව සමිතා පිරිමි දෙදෙනෙක් සමග සම්බන්ධතාවයන් පැවැත්වීම නිසා වල් ගැහැණියකි. නමුත් සැබෑ කරණය සමිතාය එම චෝදනාව කරනා අයට පවතින්නේ මම නොවිදි විනෝදයක් සමිතා විදින බව උපකල්පන කිරීමෙන් එන ලිංගික කුහක කමයි. සමිතාට සයිබර් අවකාශයේ ගල්ගසන පිරිමින්ට ඇති ප්‍රශ්ණය තමන්ට චාන්ස් එකක් ලබා නොදීම පිළිබඳ ගැටළුවකි. ගැහැණුන්ට ඇති කුකුස තමන්ට නැතිව සමිතාට පිරිමි දෙන්නෙක් ලැබුණේ දෙදෙද යන්නයි.

නමුත් මේ පිරිස්වල දහවල් කාලයේ ජීවිතය ඉතාම යහහමෙන් සෙමින් ඇල්වතුරත් උණුකර බොන ස‍්වරුපයේ ඒකකි.මේ අයගේ රාත්‍රීකාලයේ ජීවිතය ඉතාම නරුම වර්ගයේ එකකි.

මේ රට දැන් දිනකට දරුවන් දෙදෙනෙකු දූෂණය වන, ඉන් වැඩිම ගණනක් තමන්ගේම පියවරුන් අතින් දූෂණය වන, අම්මලා විසින් දුරුවන් ගංගාවලට විසිකරනු ලබන,අම්මලා තමන්ගේ දියණියන් පිරිමින්ට විකුණන විපරිත තත්ත්වයේ මනෝභායන්ගේ කප් ගසමින් තිබෙන රටකි. නමුත් මේ සියල්ල තමන්ගේ දිවා ජීවිතයේ සඟවා ගෙන එවායේ ඇරියස් පැටව් ගස්සමින් සිල්ගන්නා බණ අසනා රටකි.

සමිතාට පළමු ගල ගසන්නට පැමිණෙන පැමිණෙන් ස්ත්‍රියට හෝ පිරිමියාට අපි යෝජනා කරන්නේ ඊට පෙර කණ්නාඩියක් ඉදිරිපිට නිරුවත් වී තමන්ගේ ලිංගේන්ද්‍රිය  නැවත හොදින් බලාගන්නා ලෙසයි .

Wednesday, May 9, 2012

" ඉනාමලුවේ සබ්බේ ලබං ජාතකය "

ක වැසි සමයක ශ්‍රී ලංකා දේශයේ උපන් ගෞතම බුදුන් දඹුලානා නුවර වැඩවසන සමයේ  භූමි දේපලට අග්‍ර වූ ඉනාමළුවේ සුමංගල ද එම දඹුලානාරාමයේම වැඩ සිටී.

එක් කාන්තිමත් උදෑසනක කරුණා ඇස පැළද ලෝකය බලන කල්හී උන්වහන්සේ දුටුවේ දඹුලානාරාමය ගල පහළ ඉනාමලුවේ සුමංගල ශෝකීව දෑස් රතුකරගෙන වරක් හඩා ඉන්පසු සිනාසෙන ආකාරයයි. . එතැනට වැඩම කළ ගෞතම බුදුන් ඉනාමලුවගෙන් අසා සිටිවේ කිමක් නිසා දුක්වන්නේද  කිමක් නිසා සිනාසෙන්නෙ ද යන්නයි.

ඉනාමලුව බුදුන් ඉදි​රියේ කඳුළු ගලන රතුවූ දෑසින් යුතුව කියා සිටියේ " ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අපගේ දඹලුනාරාමය ආසන්නයේ හම්බයන් විසින් පැලක් අටවා ඇති බවයි. එය මගේ හිතට මහත් වූ වේදනාවකි. අපි මෙහි වැඩවාසය කරනු ලැබුවේ සිංහ පෝතකයන් මෙනි. දැන් ටික දිනකින් අපගේ ආරමයද ඔවුන් විසින් අල්ලා ගනු ඇත යනුවෙන් මහා බියක් මගේ හිත පෙළයි."

ඒ නිසාම මට එය වෙත සරළ බූමිතෙල් බෝම්බයක් ගැසීමටම සිතයි ස්වාමීනි. කොළඹා දේශය අධිපති වූ රාජධිරාජපක්ෂ නරේන්ද්‍රයානන් අපට මේ ​හම්බකැල එළවා දැමීම සේනාව එවා ඇත. ඔවුන් තවත් සැනෙකින් මෙතැනට පැමිණෙනු ඇත.

මේ හම්බ පැළ ඇටවූ නිසා ඇතිවූ ධර්ම සංවේගයෙන් මම හැඩුවෙමි ස්වාමීනි... සේනාව පැමිණි පසු නැවත අත්පත් කර ගැනීමේ සතුටින් සිනාසුනෙමි ස්වාමීනි.

​ගෞතම බුදුන් දෙවරක් ඉනාමළුව වටේ කැරකී මෙසේ වඳාලහ.

" දුක් නොවන්න ඉනාමළුව, ඔබ භූමි සම්බන්ධ කරණයේ ප්‍රවීණෙයෙකි"  යැයි පවසා ඉනාමළුවේ සුමංගලට පෙර ආත්මභවයක මෙවැනි සිදුවීමක් ගැන උන්වහන්​සේ දේශණාකලහ.

එකල ද දඹුලාන පුරයට අධිපති ඔබ සුමංගල.ඔබ වැඩවාසය කළ භවන ආසන්නයේ තවත් එනැනි කණ්ඩලම තරු භවක් සාදන්නට යන බව අසා ඔබ මහත් භීතියට පත්විය. ඔබගේ මනසට ​ඊ සරක වේගයෙන් පැමිණි අදහස් වූයේ එම භවන ඉදිකරන ආකාරයත්, ඒ අසන්නයේ වෙසෙන සතා සීපාවට සිදුවන හානියත්

"අන්න හරි ස්වාමීණි"   යැයි මැදින් පැන සුමංගල කීය.

නැත සුමංගල ඔබට පළමුව මතකය ආවේ අද මෙන්ම භූමි දූර්ංභූත වීමේ සිතුවිල්ලයි. ඉන්පසු ඔබ ඔබගේ තීක්ෂණ භූමිඥානය මෙහෙයවා දැවැන්ත සේනාවක් සංවිධානය කළහ. එයට සැදහවත් සිල්වත් උපාසක උපාසිකාවන් සියල්ලෝම ඔබ සමග වූහ.

දින ගතවිය ඔබ කිනම් බාධක පැමිණියද නොසෙල්වී සිටියහ. අවසානයේ අලුත්ම අලුත් බෙන්ස් කු​රුල්ලෙක් ඔබ අභිමුවට ඉගිල්ලී ආහ. ඉන් කලකට පසු කණ්ඩලම බවනේ සැප ඇදක්ද ඔබට වෙන්කෙරුණි. එවට ඔබ අද සිනාසුනු ලෙසම සිනාසිය. උපාසක උපාසිකා ඇත්තන් ද එදාද අවසානයේ සාදූ නඳ දෙමින් ඔබගේ ඥානය පිළිබඳ ධර්මප්‍රීතිය පත්වූහ.


කියා බුදුන් නැවත දඹුලානාරාමයේ මස්ථක ගලට ගැගූහ. සුමංගල ඒ අසලින් යන තරුණ උපාසිකාවටක ඇසක් ගසා බුදුන් පසුපසු වැටුනහ .

Tuesday, April 10, 2012

"රාජපක්ෂ අපිත් ලෑස්තියි"

ගොලායඩ්ට කැටපෝලයෙන් විද බිම හෙලන්නාක් මෙන් විදේශී හමුදාවක් තම රට ආක්‍රමණය කරන විටකදී ඉදිරිය ඇදෙන මහා දැවැන්ත යුධටැංකියක් වෙත ඉදිරියට ගොස් ගලක් ගසන්නට සූදානම් වන කොලු ගැටයකුගේ පින්තූරයක් ලොව සැවොම මවිතයට පත්කලේය.

සමහරෙක් පිස්සෙක් යැයි කීහ... සමහරු ඔහුට හූ කියන්ට ඇත. නමුත් ඒ පින්තූරය කියනා මහා කථාවක් ඇත. ඒ කුඩා ශරීරයකට තිබූ මහා ආත්ම විශ්වාසයයි. ගල්කැටයකින් යුධ ටැංකිය නවත්වන්ට නොහැකි බව සත්‍ය නමුදු සියල්ලෝ ඔහේ බලාසිටියදී එයට අසාධාරණයට විරුද්ධව එක ගල් කැටයක් හෝ ඔසවන්නට ඒ කොලු ගැටයාට තිබූ මහා ආත්මය ගැන කථාවක් අපට එම පින්තූරය කියා දෙයි.


ලංකාවේදී එවැනි එක උදාහරණය ඇත. ඒ භීෂණ සමයේ සියල්ලෝම තම පෑනට කොපුව ගසා තිබූ යුගයක එක් කතෘ වරයෙක් මහා වැකියක් ලිව්වේය. අකුරුවලට මේ භීෂණය වෙනස් කර නොහැකි සියලු මාධ්‍ය ස්ව්‍යංවාරණයක් පැවති ප්‍රේමදාස යුගයේදී සුනිල් මාධව නම් එවක් ලොකු ආත්මයක් තිබු පුංචි මිනිසා ලක්දිව කාර්යාලට පහරදුන් පසු දා පුවත්පතේ මහා හෙඩිමක් ලිව්වෙය..එයනම්


"ප්‍රේමදාස අපිත් ලෑස්තියි"

ඔහුට ද එවක් මිනිසුන් හිනා වෙන්නට ඇත. හූ කියන්ටද ඇත. පිස්සෙක් කියන්ටද ඇත. නමුත් එවැනි මිනිසුන් මහා ආත්මයන් නොමැති මිනිසුන් ලංකා භූමියට අහිමි වීමේ ඛේදවාචකය අද දවසේ දී භූමියේ යථාර්තය අපට කියා පායි. කාලානුරුපව සුනිල් අයියා විභූති වීදියබණ්ඩාරාගේ පොතේ පිදුමට යටවී ඒ මහා ආත්මය ක්ෂය කර ගත්තේය.
නමුත් ඔහුගේ ඇසුරෙන් හැඳුනු වැඩුණු මහා ආත්මයක් සහිත මිනිසෙක් අපට දෛවෝපගතව අපට ඉතිආසය විසින් මුණගස්වා ඇත. භූමියේ පවත්නා කඩෝරතර යථාර්ථය හමුවේ මහා ආත්මයක් සහිතව සුවහසක් දැවන්ත මිනිසුන් ගිලගන්නා, මිනිසුන් අතුරුදහන් කරනා මිනිස් ආත්මයේ වටිනාකම් කෙළ පිඩකට සමාන කළ රාජ්‍යකට එරෙහිව තම අකුරු වලින් මිනිස් වර්ගයාගේ නිදහස් වෙනුවෙන් පෑන මෙහෙයවූ මිනිසෙක් අපට මුණගැසෙයි. ඒ රෝහිත භාෂණ අබේගුණවර්ධනය.

උතුරේ භූමියේ යථාර්ථය දිනකදී අභිමුව වන බව භාෂණ ප්‍රමුඛ හිරු කණ්ඩායම තම දේශණවලදීද තම සටන් කරන අකුරුවලින්ද අපට ඉගැන්වීය. තරගයක ලකුණු ගණන්කරනවාක් මෙන් උතුරේ දී මිය යන පීඩිති දමිළ ජනයාගේ ඔලු ගොඩි ගණන්කිරීමේ ඓතිහාසික වැරැද්දට දකුණට වන්දි ගෙවන්නට වන්නේ තමන්ගේම ජීවිත වලින් බව එදා භාෂණ සහ හිරු කණ්ඩායම පිටුපුරා ලිව්වද එම යථාර්ථය පෙන්වාදීම නිසා දකුණෙන් ඔවුනට පිදූ ගෞරවය වූයේ ජීවිතය බේරාගන්නට නන්නාදුනන රටක් වෙත පලායෑමට සිදුකිරීමයි. එය කෙතරම් කඩෝර ගෞරවයක්ද යත් තමන්ගේ ආදරණීය පියාගේ මළගමට පවා භාෂණට සහභාගී වීමට නොහැකි විය.දකුණට වෙලී සිටි මායාවෙන් එහා තිබෙන්නාවූ කඩෝර යථාර්ථය දකුණේ සුවහසක් ජනතාවකට කියාදුන් වරදට භාෂණට සිදුවූයේ ජයතිලක බණ්ඩාරයන් භාෂණගේම කවියක් පියාගේ මළගෙදර හඬගා කියන විට ඇත කෙළවරක සිට දුරකථනයක් ඔස්සේ එය අසා සිටිමින් ඉකිබිඳීමටයි. යථාර්ථය ගෙනහැර පෑම එතරම්ම කඩෝරය වී ඇත.

කොළඹට ගුවන් යානවයක් පදවා ගෙන පැමිණි රූබන් නම් විමුක්ති සටන් සගයාගේ කලිසම් සාක්කුවේ ලියුමක් විය. එහි මෙසේ සඳහන් තිබුණි.

"අපේ අරගලය අපේ සටන දකුණේ සිංහල ඔබලාය විරුද්ධව නොව අපේ භූමිය ආක්‍රමණය කර සිටිනා මිනිමරු හමුදාවට සහ කොළඹ මිනීමරු ආණ්ඩුවට එරෙහිවයි. එහෙයින් ඔබගේ පෙම්වතා සැමියා උතුරේ භූමියා ආක්‍රමණය කිරීමට යකඩ සපත්තුවට බැසීමට පෙර ඔවුන් කියන්න ඔවුන් කියන්න ඔබ උණ්ඩය මානන්නේ තවත් ආදරණීය පියෙකුට, පෙම්වතෙකු බව."


නමුත් ඒ හඬට කන්දීමට තරම් දකුණේ පපු කැවුත තුල තෙතක් ඉතිරිව තිබුණේ නැත.

එදා ඒ යථාර්තය මගහැර ගිය දකුණවෙත අද එය මගහැර යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත. උතුරේ අම්මාලා දස දහස් ගණනකගේ කඳුළු ගංගාවක් දුටු අප තවත් අම්මා කෙනෙකුගේ තම පුතුගේ ජීවිතය සම්බන්ධයෙන් අනියත බියකින් දෑස් කෙමි පුපුරා ගලන කඳුළු දකින්ට තරම් අපි අවාසනාවන්ත වී සිටිමු. කුමාර් සහෝදරයා සහ දිමුතු සහෝදරියගේ පැහැර ගෙන යාම ඔස්සේ අන්කවර දාටත් වඩා දකුණ හෙල්ලුම් කා ඇත. අදා සිට අද දක්වා අපට දැනෙනා මරණයේ භය දකුණේ අපගේ මිතුරන්ට ද දැනෙන්නට පටන් ගෙන ඇත. රාත්‍රී අදුර ගලද්දී දකුණේ අම්මාවරුන්ගේ පපුවේ ලබ්ඩබ් ශබ්දය ඉතිහාසයේ අන්කවර දාටත් වඩා වැඩි වී ඇත. ඒ තම පුතා සැමියා ගෙදර ඒවිදෝ නොවේවිදෝ ගෙදර පැමිණියද යළිත් රැගෙන යයිදෝ යන දෙගිඩියාව නිසාවෙනි.

ඉතිහාසයේ අඳුරුතම යුගය වෙත අප පැමිණ සිටි නිසාම මෙය කුමාර් සහෝදරයා පැහැර ගෙන යාම යනු දකුණේ අවසන් පැහැර ගැනීම නොවේ. මේ සටහන ලියන මොහොත වන විට කුමාර් සහෝදරයා ලංකාවෙන් පිටුවල් කර ඇත. එය දකුණට තවත් පාඩමක් කියා දෙයි. එදා භාෂණ ඇතුළු හිරු පිරිසට රටින් පිටුවල් වන්නට සිදූවූයේ මීට වඩා අති බිහිසුණු වටපිටාවක් තුළය. 


එදා කුමාර් ලාද දිමුතුළාද හිරු දේශපාලනය හැදින්වූයේ දේශද්‍රෝහී ලෙසය. එදා එසේ හැදින්වූවායැයි කියා අද කුමාර් සහෝදරයාට දේශපාලනය කිරීමට ඇති අයිතිය පැහැර ගැනීමට එරෙහිව ඒ සියලු සගයන්ගේ සටන් කරන අකුරු කිසිදු අහිතකින් තොරව ක්‍රියාත්මක වෙයි.

දැන් දකුණට අලුතින් හිතන්නට කාලය පැමිණ ඇත. පැමිණ ඇත යනු මරණය දකුණේ සියළු ජීවත ඉදිරියේ හොල්මන් කරමින් සිටින යුගයට පැමිණ ඇත. භාෂණ සහෝදරයා ඇතුළු හිරුගෙන ගිය  අරගලය අලුත් වටයකින් ආරම්භකරන්නට මොහොත පැමිණ ඇත. භාෂණ සහෝදරයා ඇතුළු ඒ සහෝදර කැලම තවම ශ්‍රී ලංකා රාජ්‍ය නම් වූ මහා යුධ ටැංකියට එරෙහිව ගලක් ඔසවන්නට තරම් මහා ​​ධෛර්‍යවන්ත ආත්මයන්ගෙන් පිරිපුන්ව සිටී.

ඒ නිසා ලංකා භූමියෙන් ඒ සටනට මහා හෙඩිමක් අවශ්‍යව ඇත. කිසිදු බියකින් තොරව මරණයේ සෙවනැලි දසතින් පැතිරෙද්දීද මෙසේ ලියා තබන්නේ ඔවුන්ගේ ඒ සටනට අංශ්‍රමාතීය ජවයක්, ​ධෛර්‍යක් එක්කරනු අටියෙනි...
"රාපක්ෂ අපිත් ලෑස්තියි"

Saturday, February 25, 2012

එක විදහක මිනිස්සු සහ දිව දෙකේ සත්තු




පළමුව මේ කථාව කියවන්න.!  


රිචඩ් ද සොයිසා කොළඹ ඉංග්‍රීසි උගත් ඉහළ මධ්‍යම පාන්තික පවුල් පසුබිමකින් පැවත ආවෙකි. දේශපාලන විද්‍යාව, දර්ශණවාදය සහ කලා-සාහිතය පිළිබද පැතිරුණු දැනුමක් තිබූ අයෙකි. 1997 - 1989 භීෂණ සමයේ රයේ හමුදාවන්ගේ සංහාරයට ගොදුරු කැරලිකාර තරුණයින් පිළිබඳ විවේචනයක් පැවතියද හෙතෙම ඔවුන් කෙරෙහි පක්ෂපාතීත්වයක් සහ අනුග්‍රහශීලී ආලක්පයක් දැරීය. ඔවුන් මුහුණ දුනු මර්දනකාරී යථාර්ථය හෙළිකිරීමට මාධ්‍ය වෘත්තිකයෙකු නොගන්නා අවදානමක් ගනිමින් ක්‍රියාකලේය. 1990 පෙබරවාරි 18 වැනිදා රාත්‍රියේ සිටියදී පැහැරගෙන යනු ලැබූ රිචඩ් ද සොයිසාගේ වෙඩිවැදුණු මළ සිරු අගනුවර වෙරළ තීරයකින් හමුවිය.

දෙවනුව මේ කථාව කියවන්න !

ධර්මරත්නම් සිවරාම් මඩකලපුවේ ඉංග්‍රීසි උගත් ඉහළ මධ්‍යම පාන්තික පවුලකින් පැවත අවෙකි. දේශපාලන විද්‍යාව, දර්ශණවාදය, යුද හා උපායික අධ්‍යනය මෙන්ම කලා-සාහිත්‍ය හාඉතිහාසය යන විෂයන් පිළිබඳ පෘථුල දැනුමක් සහිත අයෙකි. සංවේදී හදක් ඇත්තෙකි. 1983 - 2002 දක්වා දිග්ගැස්සුන දීර්ඝ කාලීන සිවිල් යුද්ධයේදී රාජ්‍ය හමුදාවන් යටතේ ස්වකීය ජනයා මුහුණදෙන කෲර යථාර්ථය හමුවේ ක්‍රියාශ්‍රීලීව සමාජ අරගලයට අවතීර්ණ වීම සඳහා  හෙතෙම සරසවි අධ්‍යාපනය හැරදාමා ආවේය. කළක කැරලිකාරී දේශපාලනය නායකත්ව ශ්‍රේණීන් නියෝජනය කළ හෙතෙම පසුකාලීනව රිචඩ් ද සොයිසා හමුවීමෙන් මාධ්‍ය වෘත්තීයට අවතීර්ණ විය. කැරළිකාර ව්‍යාපායන් පිළිබඳව ස්වකීය වූ විවේචනාත්මක ස්ථාවරත්වනයන් දැරූවද, හෙතෙම ඔවුන් කෙරෙහි පක්ෂපාතීත්වයක් සහ අනුග්‍රහශීලී ස්ථාවරත්වයක් දැරීය. ඓ
හෙයින් සාමාන්‍ය වෘත්තීය මාධ්‍යවේදියෙකු නොගන්නා තරමේ අවදානමක් ගනිමින් ඔවුන් පෙලූ මර්දනකාරී යථාර්ථය හෙළි කළේය. 2005 අප්‍රේල් 28 වෙනිදා රාත්‍රියේ කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයකදී පැහැරගෙන යනු ලැබූ සිවරාම්ගේ වෙඩි වැදුණූ මළ සිරුර පසුදා පහන් වන විට අනනුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසලින හමුවිය.



(ඉහත කථා දෙකම උපුටා ගන්නා ලද්දේ 2005 මැයි 8 වැනිදා "හිරු" ධර්මරත්නම් සිවරාම් විශේෂ විශේෂ කලාපයෙනි.)

දැන් මේ කථාව කියවන්න !! 







දැන් කථාවෙන් කියන්නට යන්නේ ඇටමිදුළු වලට දක්වා ජාතිවාදය එන්නත් කළ, අවසාන දෙමලාත් දක්වා සමූළ ඝාතනය කළයුතුයැයි කියූ ජවිපේ මතවාදය හිස් මුදුනින්ම පිළිගෙන තම පෑන ඒ අමන ක්‍රියාන වෙනුවෙන් මෙහෙය වූ චන්දන සිරිමල් වත්ත දැන් රිචඩ් ද සොසිසා ගැන පිටුගනන් අකුරු පුරවයි. මෑතදී නින්දෙන් අවදී වූ චන්දන සිරිමල් වත්තලාට තම අතේ වූ සිවරාම්ලාගේ ලේ නොපෙනෙනේය. රිචඩ් ද සොසියා ගැන සිරිමල් වත්ත ලියන්නට පෙර තමන්ගේ හදවතට තට්ටුකර බැලිය යුත්තේ රිචඩ්ගේ සමීප මිතුරා වූ සිවා ඝාතනය කිරීමට ද ඉන්පසු සිවා කොටියකු කිරීමට තම පෑන විසින් කෙතරම් පත්තර පිටු අතර අකුරු පිරෙව්වා ද යන්නයි.

සිරිමල්වත්තලා රිචඩ් ගැන ලියන්නට පෙර තමන්ගේ පෑන දෙස බලන්න එහි සිවාලාගේ ලේ තැවරී තිබෙනු ඇත.

රිචඩ්ලා සිවාලා එකවිදිහක මිනිසුන් වන්නේ සහ සිරිමල්වත්තලා දිව දෙකේ සතුන් වන්නේ අප තවම මැරී ඉපදී නොමැති බැවිනි.

Tuesday, January 31, 2012

අරලිය මන්දිරයේ සවිකළයුතු පුවරු විහාරමහා දේවියේ සවිකිරීම

බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය විසින් විහාරමහා දේවි  උද්‍යානය අවට සහ ඒ මග දෙපස ආදර්ශපාඨ සහිත පුවරු ගණනාවක් අවට සවිකර ඇත. ඇත්තෙන්ම එහි පාඨයන් ආදර්ශයට ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැත. මන්ද ඒ සියල්ල මිනිසෙකු ලෙස යහපත් ජීවිතයක් ගත කිරීමට උදව් වන බැවිනි.
40,000 ක දමිළ ජනතාවක් මරාදමන්නේ නැත

තංගල්ලේ දී රුසියානු දූෂණය කර ලද දුෂකයන් බේරාගැනීමට දඟලන්නේ නැත


18 වැනි ව්‍යවස්ථා සංශෝධනයන ගෙන එන්නේ නැත.

​කොළඹ නරගය සුන්දර වන තරමට කොළඹ මිනිසුන්ගේ ජීවිතය අසුන්දර වන්නේ නැත

මෙවැනි චන්ඩිපාට් විදෙස් ප්‍රතිප්‍රත්තියක් හදාගන්නේ නැත

දමිළ ජනතාවගේ අයිතීන් කප්පාදු වන්නේ නැත




ප්‍රශ්ණය ඇත්තේ එම පුවරු සවිකර ඇත්තේ වැරදි තැනකය. ඇත්තෙන්ම එම පුවරු සවිකළ යුතු ස්ස්ථානය වන්නේ අරලිය ගඟ මන්දිරය ඉදිරිපිටය. හරියටම ජනාධිපතිවරයා එළියට ආ සැනිණ් පෙනෙන ලෙස සවිකිරීම ඉතා වටින්නේය. ඇත්තෙන්ම එය පොහෝ දිනයට අරලිය ගහ මන්දිරයේ

බණ කියනවාට වැඩිය වටින්නේය. දරුවන් ලැබීමට සිටින අම්මලා තමන් වාසය කරන මව්වරුන් ළදරුවන්ගේ පින්තුර බිත්තිමත අලවන් සිටින්නේ එවැනි සුන්දර බිළිදෙකු මටද ලබාදෙන ලෙසය සිතුවිල්ල අර පින්තූර දකින වාරයක් පාසා මත මතකයඑ එයි. ඒ ලෙස මහින්ද රාජපක්ෂ ජානාධිපතිවරයාටද ඉහත පින්තූර නැවත නැවත දකින්ට සැලැස්වීම ඔහුටත් වඩා සුබවන්නේ මේ රටේ ජනයාටය.

Monday, January 16, 2012

නියගලා මලේ පෙති ගලවා මානෙලට ඇමිණීම...

නියගලා මල තරම් ලාංකීය සමාජය මළපැන්නවූ මලක් නැත. සමස්ථ දකුණම තමන්ගේ හෘද සාක්ෂීන් සියල්ල පදුරක් පදුරක් ගානේ ගණිකා වෘත්තියේ යොදවද්දී තමන්ගේ අයිතිය උදෙසා අවියක් අත දරන්නට තරම් ​​​​ධෛර්යයක් දමිළ ජනායාට විය. නියගලා මල එහි සංකේතීය පුෂ්පය විය. ඒ නිසාම නියගලාව දකින විට තමන්ගේ ගණිකා හෘදසාක්ෂිය මතක් වී හෙළයාට මළ පනී.

කාලයක් මානෙල් මල අතදරා සිටි සහෝදරවරුන්ගේ වර්ථමාන ව්‍යායාමය නියගලා හැඩයේ මානෙලක් සැදීමයි. උතුර තුළ අරගලය තමන්ගේ පේටන්ට් බලපත්‍රය යටතේ වියයුතුයැයි සිතන නිසාවෙන් හා ජවිපෙ පෙකණි වැල කපාලත නොහැකි නිසාවෙන් ජාතික ගැටලුවට රෝහණ විජේවීරගේ පුටු දෘෂ්ඨිය හැර වෙනත් දෘෂ්ඨීන් නොමැති නිසායෙන් සහෝදරයෝ තවමත් උත්සහ කරන්නේ තමන්ගේ පැරණී මලට නියගලාවේ පෙති ඇමිණීමටයි.

සිටින අවසන් දෙමළාත් හැදිගෑයුතුයැයි සපත කළ සහෝදරවරුන්ට නියලා පෙති සොයන්නට වීම ​​​​දෛවයේ සරදමක් නොව තමන් නිරත වූ කුහක අවස්ථාවාදී දේශපාලනයේ සරදමකි.

ගැටලුව සහෝදරවරු පිසාචයන්ට තවත් පුදදීමට සූදානම් වන්නේ දමිළ රුධිරයයි. සහෝදරවරු තවම කියන්නේ කූගන් යනු හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් බවයි. ඔහු මතවාදී ගැටුමකින් පසු සංවිධානයෙන් ඉවත් වූ බවයි. එයින් නැගෙන තර්කය නම් එදා ඔවුන් මල්මාලා පැළැන්දූ රණවිරුවන්ට වඩා ඔවුන් උත්කර්ෂයට නැංවූ රාජ්‍යයට වඩා දමිළ විමුක්ති කාමි සටන්කරුවෝ ශිෂ්ට බවයි. මන්ද ඔවුන්ට එදා කුගන් සංවිධානයෙන් ඉවත් වූපසු මරාදැමීම ඉතා සරළ කරුණකි. නමුත් එය සිදුකරන්නේ මානව හිමිකම් ප්‍රකාශණය අතින් දරා සාධු යුද්ධයක් කළ රජයේ කුළී හමුදාවයි.

සහෝදරවරු මේවා කියන්නේ නැත. සහෝදරවරුතව දුරටත් කියන්නේ අපි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් එක්ක වැඩකරනා පමණි. ඒ ප්‍රකාශ නිසාම ඔවුන් හමුදාවේ ඉලක්ක බවට පත්වෙති. ඊටත් වඩා කාරණාව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශ උදුල් ප්‍රේමරත්න සහෝදරයාද කරයි. සවිඥානිකව හෝ අවිඥානිකව ඔහු එය කියයි.

එල්ටීටීඊ සංවිධානය නැවත අරගලයකට අර අදිනවා - ආරක්ෂක ලේඛම්

හිටපු කොටි සාමාජිකයින් නැවත සන්නද් අරගලයක් වෙත ඇදී යාමේ අවදානමක් පවතිනවා - උදුල් ප්‍රේමරත්න


නමුත් උදුල්ගේ මානෙලේ අලුත් හැඩය සලකුණු කරන්නට සොයන්නේ නියලාවේ පෙතිය. ඔවුන්ගේ තියරියට අනුව නියගලාවේ පෙති තමන්ට ඇවැසි ලෙස විහිදෙන්නට නොහැකිය. විහිදෙනවාන් සහෝදරවරුන්ගේ හැඩයකට,  සහෝදරවරුන්ගේ තැනක සිට විහිදය යුතුය.

ඒ නිසාම පැරණි නාටකය තවම අහවර නැත. ගැලරියේ චියර්ද අවසන් නැත. ඒ වාගේම දෙමළ ලෙය පිදීමද අවසන් නැත.





Friday, December 23, 2011

තවත් ඔත්තුවක් හෙවත් ටොපියක්

ඔබ මේ පසුකරමින් සිටින්නේ ඉතා විශ්මයජනක යුගයකි. ටික්ක නොව අතිශය විශ්මය ජනක යුගයකි. මෙ යුගය සියලු දෙනාටම ඔත්තු ලැබෙන යුගයකි. පසුගිය දින වල වාමංශිකයන්ට ඔත්තු ලැබුණි. ඉන්පසු නීතීඥවරුන්ට ඔත්තු ලැබුණි. මේ ලෙස සියලු දෙනාටම ඔත්තු ලැබුණි. ඔය ඔත්තු වන්න ටෙපි කියා නම්කළහොත් අපට මෙසේ කියවන්නට පුළුවන.

"පසුගිය කාලය පුරාම සෑම සියලු දෙනාටම ටොපි ලැබුණි."


ඒ අනුව මේ දෙන්නට යන්නේ තවත් ඔත්තුවක් නැතිනම් ටොපියකි. එකම වෙනස මෙයට එක් සුදුසු කමක් අවශ්‍ය වේ. ඒ වසර 18 වෘත්තීය අත්දැකීම් සහිත වීම. මේ ඔත්තු දෙන්නේ මාධ්‍යවේදීන්ටය.

ඔත්තුව හෙවත් ටොපිය
2012 අයවැය වසර 18 ජනමාධ්‍ය අත්දැකීම් සහිත ජනමාධ්‍යවේදීන්ට මෝටර් රථ ලබාගැනීමට තීරුබදු සහනය ලබාදීමයි.

දැන් ඒ අනුව ඔබ වසර 18 ක මාධ්‍ය අත්දැකීම් සහිතනම් ඔබටද දැන් සුපිරි මෝටර් රථයක හිමිකරුවකු විය හැකිය. එවිට ඔබට මෙතෙක් ස්ත්‍රී පාර්ශවයක්​ නොතිබුනේනම්, එයින් පසුව ඔබට දැන් ඔබ ට අවැසි ස්ත්‍රී පාර්ශවයද ළඟාකර ගත හැකිය. ඒ නිසාම ඔබගේ ප්‍රාර්ථනය පරිදිම සහ ඔබගේ විශ්වාස පරිදම ස්ත්‍රිය සහ මෝටර් රථය ලබාගැනීම හරහා ඔබට පරිපූර්ණ මිනිසෙක් විය හැකිය.

බලන්න 2012 අයවැය කෙතරම් මානව වාදීද?? කෙතරම් ඔබේ ආශාව හඳුනාගෙන තිබේද? කෙතරම් 18 වෘත්තීය අත්දැකීම සහිත මාධ්‍යවේදීන්ගේ බිරින්දෑවරුන්ගේ ආශාව හඳුනාගෙන තිබේද??
දැන් මේ ටොපිය ඔබට කැමති ලෙස කෑමට පුළුවන.

ඊට අමතරව තවත මාධ්‍ය ඔස්තාර්ලා කීපදෙනෙක් මේ සහනය ඔස්සේ සෙල්ලම්කාර් ලොරියක් අරන් දී යළිත් මුල සිටන් මොන්ටිසෝරි යැවිය යුතුය.

මහින්ද අබේසුන්දර
ගාමිනි සුමනසේකර
විජයානි එදිරිසිංහ
කීර්ති වර්ණකුලසූරිය
වසන්තප්‍රිය රාමනායක
ආරියසේන රණබාහු
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
ලසිනි සුමින්ද
ඉන්ද්‍රානි පිරීස්
චන්ද්‍රිකා විජේසුන්දර....Ect..


මේ අනුව මේ ලබාදී ඇති ඔත්තුව හෙවත් ටොපිය ඉතා ජනතාවාදී එකකි.

Sunday, December 11, 2011

වාසුගේ පැගිරි හිනාව සහ හිරුණිකා

වාසුගේ සිහිනය සහ රෝග ලක්ෂණය
නව යොවුන් තරුණියක් සමඟ රමණයේ යෙදීම වියපත් පුද්ගලයෙක් පැගිරි කරනවා නැතහොත් තිරිහන් කරනවය යනුවෙන් කියවීමක් ඇත. එක පාරටම සිරසේ නිවුස් බලමින් සිටි මට සැණින් මේ කරුණ මතකයට ආවේ මොකද දන්නවාද නව සමසමාජ පක්ෂයට තිරිහන් වෙන්න ඕනේ වෙලා. වාසු සහෝදරයට ආහ් වැරදුනා මිස්ටර් වාසුට හෙවත් මිනිස්ටර් වාසුගේ පක්ෂ සම්මේලනයේ ප්‍රධාන දේශණය කරන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර.

ඇය කිව්වා  මේ රටේ යුක්තිය අහිමි වෙලා තියෙන මොහොත
ක මම ඉල්ලා සිටිනවා මගේ තාත්තා සහ සියලු වාමාංශිකයන් වෙනුවෙන් මේ තත්ත්වය වෙනස් කරන්න එන්න කියලා. ඒකේ හරිම ලස්සන ද සියලු වාමාංශිකයන් වෙනුවෙන් කියන කෑල්ල.... අධිපරිභෝජන රූ රැජික් ඉල්ලනවා මෙන්න මෙහෙම අවුලක් තියෙනවා එන්න අනේ වෙනස් කරන්න එන්නකෝ. සෝ ස්වීටි....

හිරුණිකාව වාසු ගෙන්න ගන්න ඇත්තේ හුළං බැහැල තියෙන ඔහුගේ වාමාංශික පක්ෂාත්භාගය හිරුණිකාගේ පැගිරි මූණ ඉස්සහට දාලා ටිකක් හරි ප්‍රාණවත් කරගන්න වෙන්න ඇති.

ඔන්න දැන් සියලු වාමාශිකයන් වෙනුනේ හිරුණිකා ඉන්නවා.
මතකයි ඇය හිස්ටරික කිස්ලිගේ අතෘප්තිකර සංවාදය මැද්දෙත් කියනවා ඇය ලෙනින් මාක්ස් ගැන ගැඹුරින් හඳාරලා තියෙනවා කියාලා.

අහ් ඇය තවත් එකක් ඇය නීතිය සම්බන්ධයෙන් බොහොම බරපතල හැදෑරිමක් ඉන්නවා. හිරියැ. ඇය කිව්වා මහින්දට අයියා කිව්ව නිසා මහින්ද මල්ලි කියු නිසා ඇය සාධාරණයක් බලාපොරොත්තු වෙන
වා කියලා. ඒක අලුත් තියරියක් නීතිය පිළිබඳ.

දැන් එතකොට සියලු වාමාංශිකයන් වෙනුවෙන් ලෙනින් මාක්ස් ගැඹුරින් හඳාරපු, නීතිය පිළිබඳ ගැඹුරින් හදාරපු.... ඕන වාමාංශිකයෙක් අංශක අනූවක් කෙළින් කරලා ගන්න පුළුවන් හිරුණිකා ඉන්නවා. වාසුගේ මූණ ඇස් දිළිසුණ එක ආයේ අහන්න දෙයක් යෑ. මොකද නව සමසමාජය ළගදිම සමාජවාදී විප්ලනය කරන
වා. ආයේ දෙකක් නෑ. ෂුවර්...

Thursday, December 1, 2011

සිස්ටම් චේන්ජ් කරන්න හදන්නන් දෙරණට SMS ඉල්ලා හඩා වැටීම

පසුගිය කාලයේදී ගොඩගේ සම්මාන උළෙල ගැන මහා සද්දයක් ඇතිවුණි. එහි සම්මාන ගත් කවියන්හට ඒ සම්බන්ධයෙන් විවේචනය කරමින් කිවි, ලිපි මෙකී​ නොකී සියලු දෑ ලියවුණි. සමාජයේ විකල්ප කලා කණ්ඩායම්ද  හවසට අඩියක් ගහන්න සෙට් වූ ඒ දිනවල බෝතල් කීපයක් ඔය වෙනුවෙන් වෙන් විය.


බලපං අරූ ගත්තනේ සම්මානේ...බල්​ලෝ ගාවට ගිහින්. කියා ඉවර කරන්නේ සමහර කවීන්ගේ අම්මා අප්පා මතක් කරමිනි. සැබෑ වූ ආවේගයකිනි. බූන්දිය පිරේන කිවිඳ ලිපිද පළ විය. ​මස්ඉබුල, ප්‍රියාන් සහ මධුරංග ඒ අතරින් හොදහැටි අහගත් කවියන් කීප දෙනෙකි. දැන් ගොඩගේ ඉවරය. 

මාර වැඩේ කියන්නේ ​ගොඩගේ සම්මාන උළලේදී සම්මාන ගත්තායැයි කියා නොසෑහෙන්න බැන්න අය මෙන්න යෞවණ නාට්‍ය උළලෙදී ඒ ඇමතියගේ අතින්ම සම්මාන ගන්නවා. මාර විප්ලව වාදී කියා සිතෙන්නේ මේ වෙලාවටය. වෙලාවකට ඔය මේ රටේ ජානවල නියමම ස්වරූපය වන්නට පුළුවන. මොකද පසුගිය කාලයේ රැඩිකල් සිනමාකරුවා , විමුක්ති ජයසුන්ද ගාමණි ට සම්බන්ධ වෙයි. විමුක්තිව එල්ලා මරන්න ඕන යැයි කියූ සරත් විජේසේකර එහි අධ්‍යක්ෂක වරයාය.

දැන් තවත් එකක් එයි. ඒ දෙරණ මියුසික් එවෝඩ්. (Derana Music Awards) දැන් ටික දවසට ඉස්සෙලා මේ රෙජීමය පුච්චා දුන්නොත් කනවායැයි කියූ අපේ ම සහොදර විප්ලවීය සොහොයුරන් මෙන්න දිළිත් ජයවීරගේ දෙ​රණේ සම්මාන ගන්න SMS ගහන්න කියලා FB එකෙත් දානවා.මේක මාර වැඩක්නේ. දිළිත කවුද? දිලිත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත වගේ ඉන්න ව්‍යාපාරිකයෙක්. ​එතකොට ගෝඨාභය කියවන්නේ මේ රෙජීමයේ දකුණු අත.

විනෝදය සඳහා උතුරට යෑම ගැන මහා ලොකු නාට්‍ය හදලා මාර වැඩක් කරන්න හදන ජෙහාන් අප්පුහාමි, එතකොට​ අපේ චින්තා...( චින්තා ගියපාර ලිපියකුත් ලිවුවා මතකයි ලොකු අයියාගෙන් සම්මාන ගැනීම ගැන මොකද්ද කියලා) තව මාර රැඩිකල් මෝක්ෂා කණ්ඩායම, කළණ (කළා) කුඩු කාරයා කියලා පවතින් සමාජ ක්‍රමයට තමන්ගේ විරෝදය සංගීතය හරහා ඉදිරිපත් කරලා දිළිත් ජයවීරගේ දෙරණනින්
සම්මාන ඉල්ලා SMS ගහන්න කියනවා. 

 ඔන්න අමිල ගලප්පත්ති එහෙම කිව්වනම් කමක් නෑ. මොකද අමිල කවදාවත් එහෙම මාර රැඩිකල් සිස්ටම් වෙනස් කරන කථා කියන්නේ නැති නිසා. එහෙම  බැලුවුම ඌ අවංකයි.

හැපිජර්නි එකේ ප්‍රසාදීනි අතපත්තු ඔන්න මටත් ටැග් කරලා තිබුණා SMS එකක් එවන්න කියලා.

Prasadini Athapattu
Vote "Irata Adiyak Ihalin" For Derana Music Awards. Type DMV (Space) 205 and Send to 9900
 
රොක් නිශාන්තත් දාලා මේ සම්මාන ගන්න. මට ආසයි මූණ බලන්න කට්ටියගේ දෙරණේ මාධවගෙ අතර ඉබළා කට්ටිය සම්මාන ගන්න කොට. ජගත් මනුවර්ණ සහොදරයත් සමහර විට ඇති මේ කොණක. 


හැබැයි කොහොම වුනත් දිළිත් ගෙන් සම්මාන ඉල්ලා අපට එස්එම්එස් කරන්න කිව්වා මේ සැට් එකම මාර රැඩිකල්.....

සම්මානයකට හිත ගිය හන්දා
සිස්ටම් චේන්ජ් කරන එක
පොඩ්ඩක් පස්සට තිබ්බා
පෙන්නන
වැඩ තරමට
දෙරණින් සම්මානේ දෙන හින්දා
කාටත් හොරෙන් SMS ඉල්ලමි

සරම දනිහෙන් පන්නා

Wednesday, November 23, 2011

ලංකාදීපයටත් වෙබ් මාධ්‍යය "මාධ්‍ය හොරු" වෙයි.

නොවැම්බර් මස 20 වැනිදි ලංකාදීප පුවත්පතේ නිල වෙබ් අඩවියේ මර්වින් සිල්වාගේ මාධ්‍ය වලට එරෙහිව කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් හෙඩිම යොද තිබුණේ මාධ්‍ය හොරුන්ට මර්වින්ගේ රතු එළියක්. යනුවෙනි.

මාධ්‍යට එළව එළවා පහර මර්වින පහර දෙද්දී හුදෙක් පුවත් ලෙස පමණක් එම සිද්ධි වාර්ථාකරමින් සිටින ලංකාදීපයට මර්වින්ලා විවේචනය කරන වෙබ් මාධ්‍ය හොරු වී ඇත.

දෙයියෝ සාක්කි

එහෙම නොවී කොහොමද නේද?
හදිසියේ හරි ලංකාදීප ප්‍රෙස් එකට ලංකා බැංකුවේ චෙක්පත් ප්‍රින්ට් කොරන ඕඩරය නැති වුනොත් එහෙම උඹලා කන්ඩ දෙනවද බොලව්. ඒ උත්තමයලා පත්තර කොරන්නේ පරංපරාවෙන් පරංපරාවට (තවම පත්තරයක් කරගන්න බැරිවුනාට)එහෙව් එකේ මේ වෙබ් කාරයෝ මොනවද දන්නේ මාධ්‍ය ගැන. නැද්ද මං අහන්නේ.

හා නැද්ද????

දැන් බලන්න අද ලංකාදීපේ රත්තවත්තේ ලෙඩවෙලා කියලා තියෙනවා. ඒත් ඒකේ කියලා නෑනේ රත්තවත්තේ පුතන්ඩියා පාර්ලිමෙන්තුවේ චන්ඩියෙක් වෙලා කියලා.

ඕකට තමයි කියන්නේ සත්ගුණවත්, සදාචාරවත් මහත්මාග
ති, සීල, සමාධි ලංකාදීප මාධ්‍යකරණය කියලා


Tuesday, November 15, 2011

“සෙල්වම්” ගෙන් දාන සෙල්ලම්


දමිළ ජනයාගේ විමුක්ති අරගලය සන්නද්ධව සමතලා කිරීමෙන් පසුව පශ්චාත් යුධ සමය තුළදී රාජපක්ෂ රේජීමය එම ජනයාගේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාදෙන්නට උත්සහ කරන්නේ සැලෝලයිට් පට ඔස්සේය. මාතෘ, ගාමණී ගෙන් පසු කරළියට එන අලුත් සැලෝලයිට් ව්‍යාපෘතිය සෙල්වම්ය. එහි අධ්‍යක්‍ෂකයා වන්නේ සංජය ලීලාරත්නය. සිනමාවක් නැති ලංකාව වැනි විකෘති සංස්කෘතික රාජ්‍යයන් වල දැකිය හැකි පොදු ලක්ෂණයක් වන්නේ ලපයි සිපයි සියල්ලෝ සිනමා අධ්‍යක්‍ෂකවරුන් වීමයි. ඒ වගේම තමන්ට කුට්ටිය කඩාගැනීමට ඒ මොහොතේ තිබෙන බලඅධිකාරය හා එක්ව මෙවැනි ව්‍යාපාරවල යෙදීමයි.

සංජය ලීලාරත්න රාජපක්ෂ රේජීමය යටතේ සංස්ථා අධ්‍යක්ෂක ධූරයක් දරයි. එතැන් සිට කථාව පටන් ගැනීම මෙය “සෙල්වම්” යනු කුමක්දැයි කියවා ගැනීමට පහසුය.
සෙල්වම් හි ප්‍රධාන භූමිකාවට රඟදක්වන්නේ එල්ටීටීඊ සංවිධානයේ සිටි හමුදා අත්අඩංගුවට පත්වූ ශාන්තිලිංගම් ගෝකූලන් සහෝදරයාය. ශාන්තිලිංගම්, සංජයටලබාදෙන්නේ ලංකාවේ සර්වබලධාරී ලේකම්වරයා හෙවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසිනි. ශාන්තිලිංගම් පුනරුත්තාපනය සඳහා පුනරුත්තාපන කඳවුරකට යොමු කරන අතර එහි මසක් ඉක්ම යන්නටත් ප්‍රථම ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත එහි හමුදා නිළධාරීන් විසින් ඔහුව සංජය ලීලාරත්නට බාරකරයි.
සංජය ලීලාරත්නට ගෝඨාභයගෙන් ලැබෙන නියෝගය වන්නේ හිටපු එල්ටීටීඊ සාමාජිකයා විසින්ම එල්ටීටීඊ අරගළය දැඩි ලෙස විවේචනය කරන පරිද හා ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ හමුදාව ඉතාම ඉහළින් උත්කර්ෂයට ගෙනෙන ලෙස එම චිත්‍රපටයක් අධ්‍යක්‍ෂණය කරන ලෙසයි. සෙල්වම් බිහිවන්නේ ඒ හරහාය. චිත්‍රපටය තුළ දී දර්ශණ ගණනාවක් තුළ එල්ටීටීඊ ය දැඩිලෙස විවේචනය කරන්නේ අදාළ නියෝගයන්ට අනුවය. ඒ අනුවම මෙය ලංකාවේ නව මහින්ද චින්තන සිනමාවේ දිගපළල සළකුණු කරයි. මිලිටරියට අවශ්‍ය ලෙස තිරනාටක සකසමින්, එය උත්කර්ෂයට නැගෙන ලෙස හා අදාළ දේශපාලන ව්‍යාපෘතියට සේවය කරන ලෙස නිර්මාණය අධ්‍යක්‍ෂණය කිරීමයි.
මෙම සිනමා පටය රූගත කිරීමේදී ශාන්තිලිංගම් ගෝකූලන් තරුණයා දැඩි ආරක්ෂක රැකවල් මැද රූගත කිරීම් සිදුකළ අතර ඔහුට අතිශයින් තහනම් නියෝග කිපයක් පනවා තිබුණි.
- කිසිදු විටෙක අධ්‍යක්‍ෂකගේ අනුදැනුමකින් තොරව කිසිඳු බාහිර පුද්ගලයන් හමුවීම සපුරා තහනම්ය.
- අධ්‍යක්‍ෂක විසින් සකසා දෙන පිළිතුරුවලට අමතර තමන්ගේ ස්ව්‍යං මතයක් ප්‍රකාශ කිරීම සපුරා තහනම්ය.
- රූගත වන හා තිරගත වන කාලසීමාව තුළදී කිසිලෙසකින් තමන්ගේ පවුලේ අය සමඟ හෝ අන්කිසිවෙක් සමඟ සම්බන්ධතා සපුරා තහනම්ය.

මේ ඔහුවෙත පනවා තිබූ රෙගුලාසිවලින් කිහිපයක් පමණි. දැන් මේ මොහොත වන විටත් ශාන්තිලිංගම් කොළඹ රඳවාගෙන සිටින අතර ඔහුට තම ගම වන යාපනයට යෑමට දැඩි උවමනාවකින් පසු වුවත් ගෝඨාභය රාජපක්ෂගේ නියෝග මත සංජය ලීලාරත්න විසින් එයට කිසිදු ඉඩක් දෙන්නේ නැත.
තවත් අමන ක්‍රියාවක්වන්නේ සංජය විසින් තමන්ගේ පොරත්වය පෙන්වීම සඳහා යන යන තැන්වලිදී ශාන්තිලිංගම් හඳුන්වාදෙන ආකාරය ඒ ලෙසම මෙහි සටහන් තබන්නෙමි.
“මම තමයි ලෝකයේ එකම අධ්‍යක්ෂකවරයා ත්‍රස්තවාදියෙක්ව නළුවෙක් කරපු. ඒත් මූ තාම කොටියා. මූ කැමති තාම ඒවා ගැන කථාකරන්න” ද්විජාතික සංහිදියාව වෙනුවෙන් සිනමා භාවිතයක යෙදෙනවායැයි කියනා පුද්ගලයන් නිරුවත් වන්නේ එලෙසිනි.
ඊට අමතරව යොදාගනිමින් “ඔව්, මම කොටියෙක් තමයි” යනුවෙන් ඊට යටින් ශාන්තිලිංගම්ගේ අත්සන ව්‍යාජ ලෙස යොදාගනිමින් ප්‍රචාරණ පෝස්ටරයක් ඔහුටත් රහසින් මුද්‍රණය කර තිබියදී ඔහු විසින් එය අහම්බෙන් දැක ඇති අතර එහිදී ඔහු එයට තම විරෝධතාවය ප්‍රකාශ කිරීමෙදී සංජය ලීලාරත්න අවසානයේ ප්‍රකාශකර ඇත්තේ උඹ වැඩිය දැගලන්න හදන්න එපා. වෙඩි… මර….දානවා යනුවෙනි. ගෝඨාභයගේ බලය ඔහු පාවිච්චිකරමින් ඔහු එසේ පවසා ඇත.
සෙල්වම් සඳහා මැලේසියාවේදී සම්මානයක් හිමිවූ බවට දැවැන්ත ප්‍රචාරණයක් ලබාදුන්නද එම සම්මාන උළෙල ගෝඨාභය රාපක්‍ෂගේ අනුදැනුම සහ මූල්‍ය උපකාර මත එහි සිටින ඔවුන්ට හිතැති පිරිසක් විසින් සංවිධානය කළ එකක් බව දැන් හෙළිවී ඇත.
මෙහි පූර්ව ප්‍රචාරණ උපක්‍රමයක් ලෙස යාපනය අවට තැනූ පසුතල යොදාගනිමින් ජනජීවිතය මවාපාන වාර්ථාමය වීඩියෝවක් මේ වන විටත් සංජය ලීලාරත්නගේ අනුදැනුම මත එක්තරා දැන්වීම ආයතනයක් තුළ නිර්මාණය වෙමින් පවතී.
ආසියාවේ අශ්චර්යමත් සිනමාකරුවන්ගේ වතගොත එලෙසය.


ප.ලි.
දමිළ ජනයා ආයුධ අතට ගෙන තම අයිතිවාසිකම් වෙනුවෙන් සන්නද්ධ අරගලයක් දියත් කරන්නට සිදුවූයේ කොහේවත් ඔවුනට තිබූ කැසිල්ලකට නොව මහජාතිය ඉතිහාසය පුරා ඔවුන්ව පාවිච්චි කිරීම් සහ රැවැට්ටීම්වල ප්‍රතිඵලයක් ලෙසය. නැවත නැවත සිදුවන්නේද එය පමණක්ම මිස සංහිදියාවක මාවතක් ලෙස ප්‍රවිෂ්ඨ වීමේ මාවතක සළකුණක්වත් නොපෙනේ.
සටහන

සුමිත් චාමින්දට ග්‍රාස්රූගට් පිළිතුරක්



සුමිත් චාමින්ද x එක හරහා යමක් ඉගෙන ගත්බව සැබෑවකි.ඉන්පසු තව තව දෙවල් කියවූ බවද සැබෑවකි. ඒ ඔය ඔයා කියන මහා දේවල් කහටගස්දිගිලියේ අපට තේරෙන්නේ නෑ ආයිබෝවන්ඩ. අපිට තේරෙනවා අපි ජීවත් වෙනවා කියලා. ඔය කිසි න්‍යායක් නැතිවම.ජීවිතය ගෙවනවා කියලා. පොළව එක්ක පොරබදන බැදිල්ලට ජීවිතේ දැනේනවා ආයිබෝවන්ඩ.

අරහෙන් දමළට ගහලා විනාස කොරලා දාද්දි අනිත් පැත්තෙන් රතු කොඩිය ඉරලා සහෝදරවරුම පාර මැද නිරුවත් වෙදිද් මේ අංකලංචි ඇතුලේ ඔහේ ලක්සෙට කොඩිය දම්මා වගේ සංතෝෂ සිනහවෙන් ඉන්නවා මේ හිස් අකුරු පුරවන පත්තර වල පේනවා. ඔහේ දන්න ඔක්කොම පොත් ටික පෙරලලා කියන දෙවාල වලට අපේ ගෙදර උන්දා කියන්නේ අර කොළුවට දිස්තියක් වැහිලද කොහෙද කියලා. කොහොමත් එක් එක ස්ත්‍රීපාරණ දිස්ටි වැහෙනවා කියලා අපි ගමේ බයියෝ වුනත් දන්නවා ආයුබොවන්.

ඔහේලා පොත් ටික බදාගෙන දගද්දි ජීවිතේ අහුවෙන පොඩි පොඩි තැන්ටික ඔක්කොම හැලිලා ගිහින්. දැන් ඔහේ ඉන්වා ඇත්තේ අප්‍රමාණ සංතෝෂයකින්. මොකද ජනතා විමුක්ති පෙරමුණ? කෑලි කෑලි වලට කැඩුවේ එහේ කියලා මේ ළගදී අඩියක් ගහණ ගමන් නහරවල් පුප්පලා කථාකරවා මං අහගෙන. කමක් නෑ ඔහේ ඔය සංතෝසෙම ඉන්න. ඒකත් මදෑ මිනිහෙක් සංතෝසයෙන් ඉන්නවා කියන එකම.

හැබැයි අයිබොවන්ඩ එකත් තියෙනවා කියන්න....

න්‍යායන් කියලා මහා ලොකුදෙවල් බිහිවෙන්නේ ජීවිතය පැටලුම් ලිහාගන්න මිසක් න්‍යායන් වලින් ජීවිතය බිහිවෙන්නේ නෑ. අල්තුසායි ලොකු අයියගෙන් බදිව් මලයාගෙ පිටුගනන් එහෙමම පත්තර පිටුවල පිරෙව්වා කියලා ජීවිතේ කිසිම දෙයක් අහුවෙනනේ නෑ.

දැඩිය සුවද දන්න මිනිස්සුන්ට ජීවිතේ අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ ආයිබොවන්ඩ.  අපි දන්නවා ඔය අයිබෝවන්ට ජීවිතේ ම්ග හැරිලා කියලා. ඒ නිසා පොඩ්ඩක් එලි පහළියට බැහැලා බලන්න. ජීවිතේ පෙනෙයි. ඔය ආයිබොවන්ට කොච්චර දේවල් මග ඈරිලද කියලා.

මාක්ස් උන්නැහෙට තිබුණේ ජීවිතයක්. දැනෙන ජීවිතයක්. ලෙනින් උන්නැහෙට තිබුණේ මිනිස්සුන්ගේ ස්භාවයන් තක්කෙතට තේරුම් ගන්න පුළුවන් ඉවක්. ඒ නිසා ජීවිතයයි  මිනිස් ඉවයි නැතිව පොත් පිරෙව්වා කියලා කිසිම දෙයක් වෙන්නේ නෑ ආයිබොවන්ඩ.

ඔය අයිබොවන්ඩ පශ්චාත් මාක්වාදී දී මොකද්ද කියනවා. මම මේ පෙළවත් එක්ක හැප්පෙනවා. ඔය ආබොවන්ඩ කාර් එකේ යනවා. මම බස්එකක් නැතිව හැතැක්ම ගණන් පයින් යනවා. යාය ම වගා කරලා දන්න අදුරන එවුන්ට බුසලක් දෙකක් දෙනවා උන්ගෙත් බඩගින්නිවාගන්න. දැන් ආයිබෝවන්ඩ ද සමාජ වාදියා මම සමාජ වාදියා.... මම ඔය මොකා වුනත් කමක් නෑ අයිබොවන්ඩ. මට ලෙඩ නැති ජීවිතයක් තියෙනවා.... ආයිබොවන්ඩට ජීවිතයත් නෑ
... හැබැයි බෙරේ පළුවකුත් නෑ...



Saturday, October 29, 2011

ඇටිකෙසෙල් කෑ මිනිස්සු හා අවදියෙන් සිටින මිනිස්සු - Occupy Toronto Day

 


මිනිසුන් අවදියෙන් 

ලංකාවේ මිනිස්සු කිසිවක් නොවන්නා සේ ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ සිටින්නේ ශ්‍රී ලංකා සියලු ප්‍රශ්ණයන්ගෙන් මිදුනු රටක් නිසාද ? නැතිනම් ඔය ඕන මගුලක් වෙච්ච දෙන් මගේ එකාව හොද තැනකට යවා​ ගත්තොත් ඈතිකියන අන්තප්‍රතිගාමී කුහක කම නිසාද? එදා උතුරේ මිනිසුන්ගේ මානව අයිතිය වෙනුවෙන් හඩක් නැගුවානම් අද දකුණ වෙත තුවක්කුව උස්සාගෙන ඒමට පාලකයන්ට හැකිවන්නේ නැ.අවසානයේ කියන්නට ඇත්තේ මෙපමණකි

" ජනතාවනි ඔබේ නිද්‍රා හෝරාව බොහෝ පිරිසකගේ මරණීය හෝරාවයි"

Friday, October 21, 2011

විටින් විට - ටිකෙන් ටික - වෙනත් වෙනත් බෝල බැස්සීම

දැන් සියල්ල සිදුවී හමාරය. ඡන්දයද හමාරය. භාරතද හමාරය. මාධ්‍ය සරඹද හමාරය. ඒ නිසා දැන් සියල්ල උන්නාන්සේගේ අතේය. උන්නාන්සේ රටේ මහරජානෝය. ආඩම්බරකාර තාත්තාය. දියසේන කුමරුය. නීතියද ඔහුය. ඒ නීති සියල්ල ඔහුට උවමනා ආකාරයය. සාක්කි ඇතිකිරීමත් ඔහුය. සාක්කි නැතිකිරීමත් ඔහුය.

මේ රටටම දැන් සැලට් එකකි. මාරම සැලඩ් එකකි. සාක්කි කාරයෝ ස්භාවික මරණවලට ගොදුරුවෙති. තවත් සාක්කි කාරයෝ දිව අනෙක් පැත්තට හරවති. භාරත ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු මුලින් කීවේ මන්න මෙහෙමයි.


"දුමින්ද සිල්වා මහතා සියයක් පමණ පිරිසක් සමඟ මෝටර් රථ 20 කින් පමණ පැමිණි බවත්, පසුව ඔහු මෝටර් රථයෙන් බැස පළමුව භාරතගේ කම්මුලට අතින් ගැසූ බවත්, ඉන් පසුව ඔහුගේ අතේ තිබූ පිස්තෝලයෙන් භාරතට වෙඩි තැබූ බවත්, අනතුරුව ‘භාරතට වෙඩි තියපන්’ කියා පැවසූ බවත් සමන්ගේ කටඋත්තරයේ සටහන්ව ඇත."

http://lankacnews.com/sinhala/news/29826/


මෙසේ තිබුනේ වෙනත් වෙබ් අඩවියක තිබුණානම් මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ කියන්ට තිබුණි. මෙය තිබෙන්නේ ආණ්ඩුවට නොසෑහෙන්න සුපර්මාකට් යන ලංකා සී නිවුස් අඩවියේය.
 මුල කටඋත්තරයේ තිබුණේ එලෙසය. නමුත් බෝල සමන් කියන්නේ දුමින්ද වෙඩි තබනු තමන් නුදුටු බවයි. අදාළ උන්නාන්සේලා විසින් බෝල සමන්ගේ කටට වෙනත් බොලයක් බැස්සා ඇත. තවටික දිනකින් දුමින්ද එතැන නොසිට බවටත් බෝල බස්සන්නට පුළුවන.

මේ බෝල බස්සන්නේ කාටද?

මේ බෝල සියල්ල බස්සන්නේ නීතියයේ ක්‍යාභාවයටයි. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් උන්නාන්සේලා කඩේ යවන්නේ රටේ නීති පද්ධතියයි. භාරත ගැන වෙනත් දේශපාලන විග්‍රහයක් ඇතත් පුරවැසියෙක් වශයෙන් ඔහුට සාදාරනයක් අනිවාර්්‍යයෙන් අවශයය.

නමුත් නඩුත් බඩුත් කුඩුත් බෝලත් උන්නාසේලාගේ රටට ජනතාවට දෙයියන්ගේම පිහිටය.

Monday, October 17, 2011

අපි නොදන්න බබානිස්.....

"තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්නට ඕනම කෙනකුට හැකියාවක් ඇතත් එකී ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ තමන් විසින් බවත්,එය ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය."


ජනාධිපති නව පාලාත් පාළන නියෝජිත හමුවේදී ප්‍රකාශ කරයි
------------------------------------------------------------------------------------------------------

ඔව් අපි එය දනිමු.අපේ ආරක්ෂාව එතුමාට කොපමණ වටින්නේදැයි දනිමු. ඇයි ඒ විතරක් යෑ එතුමා ජාතියේයම සංකේත පියයාය.... තේරෙන්න කියනවානම් ආඩම්බරකාර තාත්තාය. එතුමාගෙන් ලැබෙන ආරක්ෂාව ප්‍රශ්ණ කිරීමට අපි මොක්කුද??

දැන් බලන්න එතුමා උතුරට ආරක්ෂාව දෙන හැටි. කුගනාදන්ගේ අත කැඩුවා..ඊට පස්සේ සිසු නායනයෙක්ගේ ඔළු පැලුවා. ඇයි ඒ විතරක්ද??? 40,000 දාහක් සාන්ත සුවයට පත්කලා. තමන්ගේ ​සුවච කීකරු​ ගෝල බාලයෝ  ටික දාලා. ලසන්ත ...අහ් ලසන්තට සදා සැනසීම දුන්නා. ප්‍රගීත්ව සියල්ලෙන් ආරක්ෂාකරලා තබාගෙන සිටිනවා.තවවවව භාරත ගැනත් බැලුවා.

ඊට අමතරව එතුමා ​මේගොල්ලන්ට කොපමණ ආරක්ෂාවක් දුන්නද?? මේ ඔක්කොම දැන් අපේ රටේ කෝටිපතියෝ වෙලා ඉන්නේ ඒ නිසා. නැද්ද මං අහන්නේ දැන් බලන්න ජැක්සන් ඇන්තනි, විමල් වීරවංශ එතකොට පාඨලී චම්පික, රතන උන්නාන්සේ...බලන්න මේ ඔක්කොම කොච්චර ආරක්ෂාවෙන් ඉන්නවද කියලා.

ඉතින් මේ සුද්දො කවුද ජනාධිපති උන්නාන්සෙන්ගේ  දෙමළුවන්ට ආරක්ෂාව දුන්නේ මෙහෙමද කියලා අහන්න. නේද?? එතුමා දැන් ප්‍රසිද්ධියෙම් කියනවානේ. සුදු කොඩි උස්සන් ආපු ගමන් සුදු රෙදි පොරෝලා යැවුවේ. කවුද එහෙම කරන්නේ ඒ උතත්මය ඇරෙන්න.අපේ පොඩි එකා බාලචන්ද්‍ර...ඒකව අ​යේ මුල ඉදලා මොන්ටිසෝරි යන්න එක්කරගෙන ගිය එතුමා. සුද්දෝ මොනවද දන්නේ...

නැත්නම් තුනෙන් දෙකක් දෙයිද මං අහන්නේ...ආහ් දෙමුකෝ උත්තර... බලන්නකෝ එතුමගේ ආදරේ උතුරනවා..දරුවෙක් පෙන්න බෑ වඩාගන්නවා. හරි ෂොක්නේ. කවුරු කවුරුත් ඉක්මනට එතුමට කථාකරන්න. ආරක්ෂාව ඉල්ලගන්න...හැබැයි ප්‍රශ්ණ කිරීම තහනම්.


මත​කනේ ප්‍රශ්ණ කිරීම තහනම්

Friday, October 14, 2011

උපුටා ගැනීම - මුද්‍රණය වන්නට තිබෙන ජාතික පුවත් පතකිනි



පසුගිය දින මුල්ලේරියාව අංගොඩ පුදේශයේ දී වෙඩි වැදී භාරත ලක්ෂමන් ප්‍රේමචන්දු මහතා මියයාමය හේතුව මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන ඈත. පසුගිය කාලය පුරා මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ ඝාතන, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සහ එකී මෙකී නොකී සියලු නීත්‍යානූකුළ වැඩ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවෙත නියෝග කර ඇත්තේ කිසිදු තැකීමකින් තොරව කොයි එයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසයි. ජානධිපති මහින්ද රාජපක්ෂ මහාතද පොලිස්පති වරයාට විශේෂ නියෝගයක් මේ සමබන්ධව කර ඈත.

එම නියෝග ලද විගස ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් පැය 24 ක් තුළ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා තිබේ. එහදී අනාවරණය වී ඈත්තේ භාරත ලක්ෂමන් ප්‍රදේශයේ සිදුවන නීත්‍යානුකූල නොවන සියලු දෑ පසුපස සිටින්නා බවයි. ඉන්පුස් වහාම ක්‍රියාත්මක වූ විශේෂ පොලීස් කණ්ඩායමක් විසින් කොලොන්නාව භාරත අත්අඩංගුවට ගෙන ඈත. ඉන්පසු වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සඳහා රහස් පොලීස් අංක 4 කාමරයට රැගෙන ආ අතර එහිදී කළ ප්‍රශ්ණ කිරීම් වලින් අනාවරණය වී ඈත්තේ මුල්ලේරියාව අංගොඩ , වල්පොල ප්‍රදේශයේ ආයුධ රැසක් සගවා ඈති බවයි.

ඉන්පසු වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ආරක්ෂක ලේකමවරයා හා සම්බන්ධ වෙනමින් ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළහ. එය මැතිවරණ දිනයක් බැවින් යම් කළබලකාරී තත්ත්වයක් ඈති වේවිදැයි සැකයක් පොලීසයට තිබූ බැවින් පොලිස්පතිවරයා ජානධිපතිවරයි අමතමින් සිද්ධිය සමබන්ධයෙන් දිගින් දිගටම පැහැදිල කළහ. එහිදී ජනාධිපතිවරයාගේ උපදෙස් වූයේ ආරක්ෂක ලේකම් වරයාගේ නියෝග ක්‍රියාත්මක කරන ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව ක්‍රියා සිටියේ වරදකරුවන්ට කිසිදු සමාවක් නැති බවත් ඉතා ඉක්මනින් සගවා ඈති ආයුධ සොයාගන්නා ලෙසය.

ඒ අනුව දැඩි ආරක්ෂාවක් යටතේ භාරත ලක්මන් නොහොතේ ලකී අයියා අංගොඩ වල්පොල ප්‍රදේශය වෙත ගෙනයන ලදී. එසේ ගෙනයද්දී එක්තරා තැනකදී (ආරක්ෂක හේතූන්මත තැන හෙළිකළ නොහැකිය) වාහන පොළ නවතා ආයුධ වළලා ඈතැයි කියා කෙසෙල් පදුරක් පෙන්වීය. ඒ මො
හොතේ තම ප්‍රදේශයේ මැතිවරණ නිරීක්ෂණයේ පැමිණි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා එතැනට පැමිණ ඈත.භාරත දුටු සැනින් සලිත වී ගිය දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පෙලීසියට පවසා ඈත්තේ අපේ ජානධිපති උපදේශක තුමාව කවුරුන් විසින් හෝ මේ සිද්ධියට පටලා ඈති බවයි. එතැන සිටම ඔහු ආරක්ෂක ලේකම් වරයා ඇමතීමට උත්සහ කලද දුරකථනයේ අනෙක් පසින් ලැබී ඇති පණිවුඩය වූයේ "ප්‍රතිචාරයක් නොමැත... පසුව අමතන්න"යන්නයි.නමුත් දුමින්ද සිල්වා මහතාගේ බලපෑම මත පොලිස් නිළධාරීන් විසින් භාරතගේ අත්මාංචු ඉවත් කර ඈත. ආයුධ තිබෙනවායි කී තැනට දුමින්ද සිල්වා මහතාද පැමිණ ඈත. කෙසෙල් පදුරක් අස්සේ ආයුධ තිබෙනවායි කී භාරත නැමී එයින් T56 වර්ගයේ ස්ව්‍යංක්‍රීය ගිනි අවියක් ගෙන අතර අතට වෙඩි තැබීය. ඉන් උණ්ඩ දෙකක් අසල සිටි දුමින්ද සිල්වා මහතගේ හිසපසාරු කරගෙන ගොස් ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය තම සහ දුමින්ද සිල්වා මහතා​ගේ ජීවිත ආක්ෂාව පාතා වෙඩි තබා ඇත. එ අනුව එතැනදීම භාරත මියගොස් ඇති අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ජයවර්ධන පුර රෝහලට ඇතුලත් කර ඇත.

එම පුවත් පතේම ඇතුල පිටුවකින් උපුටා ගන්නා ලදී


දේශයේ චිරස්ථිය උදෙසා තරුණ නායකත්වයක් සැපයූ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට සෙත්පතා අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ නාහිමිවරු බෝධිපූජා​ පවත්වති. රටට පුරාම දුමින්ද සිල්වා මහතා ගේ සුවය පතා සත්‍යග්‍රහ පවතවයි.

තරුණියන් දහසක් දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් කිරිවෙහෙරට සුදුනෙලුම් දහස් පූජාකර ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.



Sunday, September 18, 2011

පිටුවහල් කවියා වෙත ලියමි





ඔහු මා දෙස දෑස් නොසොල්වා බලා සිටී. ඔහු ලියූ අකුරින් අකුර මා සමඟ දොඩමළු වෙයි. ඒ අතරින් මට ඔහු ව පෙනේ. කැරලිකාර ජීවිතය දරා ගෙන තදින් කැරළි ගැසුණු කොණ්ඩය සමඟ ඔහු මා ඉදිරියේ ඉඳ කථාව පටන් ගනී. ගැහෙන හදවත ඔහු මට ගලවා පෙන්වයි. නැවත ඔහු තුළම එය සඟවයි.

ඔහු මගෙන් ප්‍රශ්ණ කරයි.

මම කියවන්නේ කවිය යි. ඔහු කියවන්නේ මාගේ හෘදයේ ගැඹුරුම තැනයි, මගේ දෑසේ ගැඹුරුම අන්තයයි.

ඔහු මා ඉදිරිපිට සුදුම සුදු හිස් පුල්ස් කැප් කොළයක් තබයි. එහි මෙසේ ලියයි.

"මා ඉදිරියේ හිස්ම හිස් කඩදාසියකි.
ඒ මත ලේ පැල්ලමකි.
එය කවියකි.
ඒත් එය දෙමළෙනි.
සිහළුන්ට නොතේරෙන්නේ එබැවිනි. '
'

ඉන් පසු ඔහු යළිත් මගෙන් ප්‍රශ්ණ කරයි... ඉදින් අප, ලිවීම නවතා දැමිය යුතු ද?

ප්‍රශ්ණය මා මත තබා ඔහු අකුරු අතරම සැඟවෙයි. දැන් මම ඔහු වෙතට ලියමි. මම නැවත නැවත ඒ ප්‍රශ්ණයම මගෙන් අසමින් ඔහු වෙත ලියමි. මම ඔහුට ලියන මෙහි, මේ ලියමනේ අග මුල මැද ගැළපීම් නොසොයන්න. අගක් මුලක් නැති ජීවිත ගැන ලියද්දි, මොකටද මුල මැද අග එකට පිහිටා මුසාවට ලියන්නේ. උඹට හිතෙන තැනකින් කියවපං. මේ ලියමනම අයිති උඹට.

පිටුවහල් කවිය,

මම ආසයි උඹට සහෝදරයා කියනවට වඩා "මචං" කියන්න. උඹටයි මටයි එකට ගල් උගුරක් බී සිගරැට් උගුරක් අදින්න. ඒ ආමන්ත්‍රණය හදවතට කිට්ටුයි. සහෝදරයා කියන වචනය කීතු කීතු වලට ඉරා දැමුවා කලකට පෙර සහෝදරවරුම එක්ව. මට මතකයි උඹ ලියනවා මෙහෙම, ඒ සහෝදරයෙක්ට ම.

උදුල සඳ මඩළ සැතපුන හිරගෙදර
කඳුලු සියුමැලි ද රිදුණිද හද මඩළ
පතල අරගලය වියැකුණ රෑ කලෙක
දෙමළ සොහොයුරිය ගැන ඇයි කලබලය

සිහින පෙරමුණට හැබැහින් වෙඩිවැදුන
දාක කඳුළු පෙල ගැහුණයි මග දිගට
මහණ දමක් ලෙස රැකගත් රතු කොඩිය
කාගේ ලෙයින් රතු වී දැයි අමතක ද


ඒ කඳුළු වල දැන් අයිතිකාරයෝ ගොඩයි. කඳුළකට පොළොව බදා ගන්න දෙන්නෙත් නැති තරම්. බාස්කට් රැගෙන සහෝදරවරු බරට වැඩ, කඳුළු එකතු කරන්න. උඹේ පපුවයි, පෑනයි එකට කෑගසන හඬ දෝංකාර දෙනවා අකුරක් අකුරක් ගානේ කියවද්දි. ඒත් වැඩක් නෑ මා මිතුර, බොහෝ දෙනෙක් කට සහ කණට අගුලු ලා තවම. ඒත් උඹ දුක් වෙන්න එපා. කියවන එවුන් නැතුවාමත් නොවෙයි. කවි, උඹේ හෘද සාක්ෂිය. මේ ලිපිය, මගේ හෘද සාක්ෂිය. වෙලාවකට පිහියකින් හාරනවා හෘද සාක්ෂිය හොය හොයා මගේ හදවතේ ගැඹුරුම තැන්. ඊළඟ මොහොතේ උපරිමයි කවි ගතිය. බිඳුනු සිහිනය ගැන උඹ ලිව්ව කවිය, තවම මොර දෙනවා මගේ කරණශංඛයේ කොණක. මම ආසයි ඒ කවියේ අන්තිම පැදි පෙළ ආයේ උඹටම ලියන්න.

වේදනාවෙකි හදවත
කල්පනාවෙකි මුහුණත
බිඳුණු වැව පතුළත
නො බිඳුණු සිහින කැටපත....


සිහිනය බිඳගන්න එපා කිසි දිනක. මමත් තවමත් ආදරෙයි ඒ සිහිනයට. ඒත් සිහින දකින සමනලුන්ට මේ බිමේ ඉඩ නෑ. එහෙත් අතහරින්න එපා ඒ සිහිනය. ඒ නොමළ, නොබිඳි සිහිනය. උඹ දන්නවද සිහින දකින එවුන් ඔක්කොම පිටුවහල් කලා මෙ බිමෙන් සියලු දෙනා එකතුව. එකෙක් දෙන්නෙක් තවමත් ගුහාගතව ඉන්නවා, කෙහේ හරි මුල්ලක. දවසක වෙලාවක අපි එකතු වෙමු. ගල් බෝතලයක් දෙකක් අරගෙනම. බයිට් එකට උඹ මොනවද කැමැති? තියෙනවා බං කථා දහසක් කියන්න.

කනයා තවමත් එහෙමයි. ඌ තවමත් අපි එක්ක. ෂිකරැට් බාගේ අදින්න, උගේ ආයුෂත් අපිට පුදන්නයි සූදානම. කවුරුත් දැක්කද දන්නේ නෑ, උඹේ පොත් දෙද්දි උගේ අතට, කනයගේ ඇසේ කඳුලක් දිලිසෙනවා පැනගන්න බැරිව. ඌටත් ඕන වුනේ කෑගහල අඬන්න. ඒත් හැමදාම වගේ, කනයට වුණේ අනුන්ගේ හිනාවට ප්‍රීති හිනාවක් දෙන්න. උඹට කියන්නේ මොකටද ආයේ කනයා ගැන.
ඒ තමා කනයා.

අපිටත් මංච කියනා
අපිත් මචං ම කියනා
මචංවරයෙකි කනයා
ඌ අපිට පණ වුනත් දෙනවා ...
කියලා... ලියලා... පිදුවට කනයට, කිසි පවක් නෑ උඹට.

උඹ එවූ ලියමන වන්නියෙන් මටත් එව්වා. ඔහේ වගේ ශීත සෘතු නැති වුණාට මෙහෙට... මරණයේ හීතලට ඝණවෙලා මුළු වන්නියම. උඹේ කඳුළු ගලන අකුරු පද කියවන්න බෑ මට වෙලාවකට. බොඳ වෙනවා. මගේ ඇස්වල කඳුළු වලින් උඹේ අකුරු බොඳ වෙනවා. ඒත් උඹ කිව්වා වගේම,

වදන් වැල සැකෙවින් ගොණු කරන්නේ කොහොමද
නිවන් මඟ සැතෙකින් නො රිදවන්නේ කොහොමද
දුරින් හිඳ සැණෙකින් ළඟ රැදෙන්නේ කොහොමද
ඉතින් අපි සැබැවින් හමු නොවන්නේ කොහොමද


අපි හමුවෙයි බං... ගසට ගසක් මුණගැසෙන්න මොරටුවවත් තිබුණට, මිනිහෙක්ට මිනිහෙක් මුණ ගැසෙන්න එක බිං අඟලක් නැති එක තමයි අවුල. ඒත් අපි බලා ඉමු.

උඹට මහන්සිනම් කමක් නෑ, පස්සේ කියවපං. දඹකොල පටුන දැන් අයිති යකඩ සපත්තු රෑනට. උඹේ යාලුවාගේ ගෙදර විතරක් නොවෙයි, යාපනේ අඹ ගසත් නෑ. ඒක තිබුණත් වැඩක් වෙයිද මචං. (ඔන්න මම උඹට පළවෙනි පාරට මචං කිව්වා... හොඳ හුස්මක් ගනිං) ඒ අඹ ගහේ ගෙඩි වල රස, ලේ රහ වෙලා ඇති. ගෙපැල තිබුණු තැන දැන් මහා හෝටලයක්. දඹකොළ පටුන දොහොත් මුදුන් දී වැඳගන්න, දකුණෙන් එන ඇත්තන්ට හොඳ හැටි සැප ගන්න. යාලුවාගේ අප්පා එලොව ඉඳනුත් හොයනවා ඇති ඒ ගෙපැල. දාඩිය මහන්සිය යට කළ, දරුවන් ලොකු මහත් කළ ඒ ගෙපැල. කියා යවහං ලිපියක් යාලුවට මේ ගැන. වෙලාවක් තිබුණොත්.

දෙමළ ඔළුවලට සෙල්ලම වෙඩි තැබූ තරුණ සොල්දාදුවො ඇවිත් ගමට. උන් උජාරුවට කියවනවා එහේ කරපු වීරකං ගැන. මාතෘකාවක් නැති මාතෘ භූමිය ගැන උන් හදනවා කථා ලස්සනට. හිනා වෙලා එක්වරක් මුන්ගේ මේ විහිළු වලට, අඬනවා සියවරක් වෙඩි වැද මව්බිම ආදරයෙන් සිප වැළඳගත් උන්ව සිහිකර. මම උන් එක්ක කතාවට ගියත් නැතත්, දන්නවා, උන් තියනවා කොයිම මෙහොතක හරි, දෙමළ නොවුණට මගේ ඔළු ගෙඩියටත්. එහෙම වුණොත්, උඹටත් ආරංචියක් ලැබුණොත් ආයෙත් උඹ ලියලා එවපං අර කවිය බූන්දියට.

නිරුවතින් වෙඩි වදින
වැදී මව් බිම සිඹින
මිනිස් මුවෙකින් නැගෙන
අවසන් පැතුම තුළ
නිරුවතිනි යුධ ඇඳුම

දෙමළ ඔලු ගෙඩි වලට
සෙල්ලමට වෙඩි තියන
සොල්දාදුවෝ තරුණ
සියුමැලි ද ඔය අවිය


සියුමැලි වැඩී බං උඹලගේ, අපේ හිත්. ඒ නිසයි මේ තරම් දුක්. ඒත් හිනාවෙන්න පුළුවන් අපිටම, අපේ ඇතුළටම හැරිලා. උගස් නොකළ නිසාවෙන් තවමත් රකින හෘද සාක්ෂිය.

තවත් ලියන්න අමාරුයි මචං. කඳුළු උල්පත් පුපුරලා, දෑස්කෙමි බොඳ වෙලා. ඒ අතරින් අකුරුත් බොඳ වෙලා. ඒත් මචං, සිත්තන්ඩි කඳුළු තවම නොවියළී එලෙසම ගලනවා. ඒ කඳුළු උල්පත් හෑරූ විරුවන්, දකුණේ රජවරුන් සේ තවම වැජඹී සිටිනවා. අලුත් අවුරුද්දත් ඇවිත් පාස්කුවත් ගෙවි ගියා. පාස්කු පැමිණි බක්මහේ මරණීයව නිසල වූ වන්නි ගම්දොර තවමත් මර බියෙන් සසලයි. ඒත් උතුරු වසන්තය කොළඹට පෙරහැරයි.

ගින්දර සිසිල විඳි සුදර්ශණා කියවද්දි, පපුවක් තියෙන උන්ගේ පපු කැවුතු හිරවෙනවා. ඒත් බියකරු රාත්‍රිය තවමත් එහෙමමයි. ගොදුරු සොයන සොහොන් බල්ලන් අවදියෙන්.

සදාතනිකව
කුරිසිය ම
දෙවුරේ දරාගත්
ජාතියට ඇණ ගසන විට
උන් නඟන කඳෙිරිය
කොවුල් රණ ගී
සමඟ මුසු වී
කන වැකෙන විට
දරන්න බැරි තරම්
මෙතරම්
සතුටුද ඔබට


කියලා ඇහුවට මෙහේ කවුරුවත් නෑ. එහෙම මිනිස්සු අනිත් එකාගේ දුක අහන. 2500 ඉතිහාසයම කියවලා කියවලා මෙහේ හෘර්දයත් පාෂාණීභූත වෙලා. ගල්බෝර දැම්මත් බෑ මචං, ඒ ගල් හිත් හොලවන්න. දැන් උගුර හිරවෙලා. උගුර මැද්දේ ඉකියක් හිරවෙලා. කාටවත් නොපෙණුනාට, උඹ හඬනවා වගේ මමත් අඬනවා. දහස් ගණනක් මැද්දේ උඹ වගේම මමත් තනිවෙලා. සේකර කිව්වට හඳ එළියට ලෝකය එකම යායක් කියලා. හඳ එළියට දැන් තල් රුප්පාව නම්, එක යායට පේනවා. තල් කරටි සේරම කැඩිලා ගිය නිසා ෂෙල් වැදිලා.

අවසන් ලෙස උඹට ලියන්නම් මෙහෙම... උඹ ඔහොමම හිටපං... ශීත සෘතුව පැමිණි කළ උඹට උණුසුම දෙන්න, උඹේ හිතේ උණුසුම ඇති. එහෙම හිත් තියෙන ඔක්කොම මිනිසුන්ව මතක් කරා කියපං. කවද හරි දවසක අපි හමුවෙමු, කොහෙදි හරි. සෙල්ලමට ඔළුව කුඩුවෙන්න වෙඩි තියන්න කලින්. ස්ටීවන්ටත් එන්න කියමු. එකට ඉඳගෙන ගල් උගුරක් බොමු. කථා දහසක් තියෙනවා කියන්න. ඒ ඔක්කෝම එකින් එක කථා කරමු.

උඹට ජය!

-මාතෘකාවක් නැති මාතෘ භූමියේ තනි වූ, උඹේ මචංවරයෙක්....