මිනිසුන් අවදියෙන්
Saturday, October 29, 2011
ඇටිකෙසෙල් කෑ මිනිස්සු හා අවදියෙන් සිටින මිනිස්සු - Occupy Toronto Day
Friday, October 21, 2011
විටින් විට - ටිකෙන් ටික - වෙනත් වෙනත් බෝල බැස්සීම
දැන් සියල්ල සිදුවී හමාරය. ඡන්දයද හමාරය. භාරතද හමාරය. මාධ්‍ය සරඹද හමාරය. ඒ නිසා දැන් සියල්ල උන්නාන්සේගේ අතේය. උන්නාන්සේ රටේ මහරජානෝය. ආඩම්බරකාර තාත්තාය. දියසේන කුමරුය. නීතියද ඔහුය. ඒ නීති සියල්ල ඔහුට උවමනා ආකාරයය. සාක්කි ඇතිකිරීමත් ඔහුය. සාක්කි නැතිකිරීමත් ඔහුය.
මේ රටටම දැන් සැලට් එකකි. මාරම සැලඩ් එකකි. සාක්කි කාරයෝ ස්භාවික මරණවලට ගොදුරුවෙති. තවත් සාක්කි කාරයෝ දිව අනෙක් පැත්තට හරවති. භාරත ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු මුලින් කීවේ මන්න මෙහෙමයි.
"දුමින්ද සිල්වා මහතා සියයක් පමණ පිරිසක් සමඟ මෝටර් රථ 20 කින් පමණ පැමිණි බවත්, පසුව ඔහු මෝටර් රථයෙන් බැස පළමුව භාරතගේ කම්මුලට අතින් ගැසූ බවත්, ඉන් පසුව ඔහුගේ අතේ තිබූ පිස්තෝලයෙන් භාරතට වෙඩි තැබූ බවත්, අනතුරුව ‘භාරතට වෙඩි තියපන්’ කියා පැවසූ බවත් සමන්ගේ කටඋත්තරයේ සටහන්ව ඇත."
http://lankacnews.com/sinhala/ news/29826/
මෙසේ තිබුනේ වෙනත් වෙබ් අඩවියක තිබුණානම් මෙය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ කියන්ට තිබුණි. මෙය තිබෙන්නේ ආණ්ඩුවට නොසෑහෙන්න සුපර්මාකට් යන ලංකා සී නිවුස් අඩවියේය.
මුල කටඋත්තරයේ තිබුණේ එලෙසය. නමුත් බෝල සමන් කියන්නේ දුමින්ද වෙඩි තබනු තමන් නුදුටු බවයි. අදාළ උන්නාන්සේලා විසින් බෝල සමන්ගේ කටට වෙනත් බොලයක් බැස්සා ඇත. තවටික දිනකින් දුමින්ද එතැන නොසිට බවටත් බෝල බස්සන්නට පුළුවන.
මේ බෝල බස්සන්නේ කාටද?
මේ බෝල සියල්ල බස්සන්නේ නීතියයේ ක්‍යාභාවයටයි. තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් උන්නාන්සේලා කඩේ යවන්නේ රටේ නීති පද්ධතියයි. භාරත ගැන වෙනත් දේශපාලන විග්‍රහයක් ඇතත් පුරවැසියෙක් වශයෙන් ඔහුට සාදාරනයක් අනිවාර්්‍යයෙන් අවශයය.
නමුත් නඩුත් බඩුත් කුඩුත් බෝලත් උන්නාසේලාගේ රටට ජනතාවට දෙයියන්ගේම පිහිටය.

http://lankacnews.com/sinhala/

Monday, October 17, 2011
අපි නොදන්න බබානිස්.....
"තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්නට ඕනම කෙනකුට හැකියාවක් ඇතත් එකී ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ තමන් විසින් බවත්,එය ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය."
ජනාධිපති නව පාලාත් පාළන නියෝජිත හමුවේදී ප්‍රකාශ කරයි
------------------------------------------------------------------------------------------------------
ඔව් අපි එය දනිමු.අපේ ආරක්ෂාව එතුමාට කොපමණ වටින්නේදැයි දනිමු. ඇයි ඒ විතරක් යෑ එතුමා ජාතියේයම සංකේත පියයාය.... තේරෙන්න කියනවානම් ආඩම්බරකාර තාත්තාය. එතුමාගෙන් ලැබෙන ආරක්ෂාව ප්‍රශ්ණ කිරීමට අපි මොක්කුද??
දැන් බලන්න එතුමා උතුරට ආරක්ෂාව දෙන හැටි. කුගනාදන්ගේ අත කැඩුවා..ඊට පස්සේ සිසු නායනයෙක්ගේ ඔළු පැලුවා. ඇයි ඒ විතරක්ද??? 40,000 දාහක් සාන්ත සුවයට පත්කලා. තමන්ගේ සුවච කීකරු ගෝල බාලයෝ ටික දාලා. ලසන්ත ...අහ් ලසන්තට සදා සැනසීම දුන්නා. ප්‍රගීත්ව සියල්ලෙන් ආරක්ෂාකරලා තබාගෙන සිටිනවා.තවවවව භාරත ගැනත් බැලුවා.
ඊට අමතරව එතුමා මේගොල්ලන්ට කොපමණ ආරක්ෂාවක් දුන්නද?? මේ ඔක්කොම දැන් අපේ රටේ කෝටිපතියෝ වෙලා ඉන්නේ ඒ නිසා. නැද්ද මං අහන්නේ දැන් බලන්න ජැක්සන් ඇන්තනි, විමල් වීරවංශ එතකොට පාඨලී චම්පික, රතන උන්නාන්සේ...බලන්න මේ ඔක්කොම කොච්චර ආරක්ෂාවෙන් ඉන්නවද කියලා.
ඉතින් මේ සුද්දො කවුද ජනාධිපති උන්නාන්සෙන්ගේ දෙමළුවන්ට ආරක්ෂාව දුන්නේ මෙහෙමද කියලා අහන්න. නේද?? එතුමා දැන් ප්‍රසිද්ධියෙම් කියනවානේ. සුදු කොඩි උස්සන් ආපු ගමන් සුදු රෙදි පොරෝලා යැවුවේ. කවුද එහෙම කරන්නේ ඒ උතත්මය ඇරෙන්න.අපේ පොඩි එකා බාලචන්ද්‍ර...ඒකව අයේ මුල ඉදලා මොන්ටිසෝරි යන්න එක්කරගෙන ගිය එතුමා. සුද්දෝ මොනවද දන්නේ...
නැත්නම් තුනෙන් දෙකක් දෙයිද මං අහන්නේ...ආහ් දෙමුකෝ උත්තර... බලන්නකෝ එතුමගේ ආදරේ උතුරනවා..දරුවෙක් පෙන්න බෑ වඩාගන්නවා. හරි ෂොක්නේ. කවුරු කවුරුත් ඉක්මනට එතුමට කථාකරන්න. ආරක්ෂාව ඉල්ලගන්න...හැබැයි ප්‍රශ්ණ කිරීම තහනම්.
මතකනේ ප්‍රශ්ණ කිරීම තහනම්

Friday, October 14, 2011
උපුටා ගැනීම - මුද්‍රණය වන්නට තිබෙන ජාතික පුවත් පතකිනි

පසුගිය දින මුල්ලේරියාව අංගොඩ පුදේශයේ දී වෙඩි වැදී භාරත ලක්ෂමන් ප්‍රේමචන්දු මහතා මියයාමය හේතුව මේ වනවිට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අනාවරණය කරගෙන ඈත. පසුගිය කාලය පුරා මුල්ලේරියාව ප්‍රදේශයේ සිදුවූ ඝාතන, ස්ත්‍රී දුෂණ, මත්ද්‍රව්‍ය බෙදාහැරීම් සහ එකී මෙකී නොකී සියලු නීත්‍යානූකුළ වැඩ කටයුතු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශවෙත නියෝග කර ඇත්තේ කිසිදු තැකීමකින් තොරව කොයි එයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසයි. ජානධිපති මහින්ද රාජපක්ෂ මහාතද පොලිස්පති වරයාට විශේෂ නියෝගයක් මේ සමබන්ධව කර ඈත.
එම නියෝග ලද විගස ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් කණ්ඩායමක් පැය 24 ක් තුළ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වා තිබේ. එහදී අනාවරණය වී ඈත්තේ භාරත ලක්ෂමන් ප්‍රදේශයේ සිදුවන නීත්‍යානුකූල නොවන සියලු දෑ පසුපස සිටින්නා බවයි. ඉන්පුස් වහාම ක්‍රියාත්මක වූ විශේෂ පොලීස් කණ්ඩායමක් විසින් කොලොන්නාව භාරත අත්අඩංගුවට ගෙන ඈත. ඉන්පසු වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සඳහා රහස් පොලීස් අංක 4 කාමරයට රැගෙන ආ අතර එහිදී කළ ප්‍රශ්ණ කිරීම් වලින් අනාවරණය වී ඈත්තේ මුල්ලේරියාව අංගොඩ , වල්පොල ප්‍රදේශයේ ආයුධ රැසක් සගවා ඈති බවයි.
ඉන්පසු වහාම ක්‍රියාත්මක වූ පොලීසිය ආරක්ෂක ලේකමවරයා හා සම්බන්ධ වෙනමින් ඉදිරියට ගතයුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කළහ. එය මැතිවරණ දිනයක් බැවින් යම් කළබලකාරී තත්ත්වයක් ඈති වේවිදැයි සැකයක් පොලීසයට තිබූ බැවින් පොලිස්පතිවරයා ජානධිපතිවරයි අමතමින් සිද්ධිය සමබන්ධයෙන් දිගින් දිගටම පැහැදිල කළහ. එහිදී ජනාධිපතිවරයාගේ උපදෙස් වූයේ ආරක්ෂක ලේකම් වරයාගේ නියෝග ක්‍රියාත්මක කරන ලෙසයි. ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩිව ක්‍රියා සිටියේ වරදකරුවන්ට කිසිදු සමාවක් නැති බවත් ඉතා ඉක්මනින් සගවා ඈති ආයුධ සොයාගන්නා ලෙසය.
ඒ අනුව දැඩි ආරක්ෂාවක් යටතේ භාරත ලක්මන් නොහොතේ ලකී අයියා අංගොඩ වල්පොල ප්‍රදේශය වෙත ගෙනයන ලදී. එසේ ගෙනයද්දී එක්තරා තැනකදී (ආරක්ෂක හේතූන්මත තැන හෙළිකළ නොහැකිය) වාහන පොළ නවතා ආයුධ වළලා ඈතැයි කියා කෙසෙල් පදුරක් පෙන්වීය. ඒ මොහොතේ තම ප්‍රදේශයේ මැතිවරණ නිරීක්ෂණයේ පැමිණි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා එතැනට පැමිණ ඈත.භාරත දුටු සැනින් සලිත වී ගිය දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා පෙලීසියට පවසා ඈත්තේ අපේ ජානධිපති උපදේශක තුමාව කවුරුන් විසින් හෝ මේ සිද්ධියට පටලා ඈති බවයි. එතැන සිටම ඔහු ආරක්ෂක ලේකම් වරයා ඇමතීමට උත්සහ කලද දුරකථනයේ අනෙක් පසින් ලැබී ඇති පණිවුඩය වූයේ "ප්‍රතිචාරයක් නොමැත... පසුව අමතන්න"යන්නයි.නමුත් දුමින්ද සිල්වා මහතාගේ බලපෑම මත පොලිස් නිළධාරීන් විසින් භාරතගේ අත්මාංචු ඉවත් කර ඈත. ආයුධ තිබෙනවායි කී තැනට දුමින්ද සිල්වා මහතාද පැමිණ ඈත. කෙසෙල් පදුරක් අස්සේ ආයුධ තිබෙනවායි කී භාරත නැමී එයින් T56 වර්ගයේ ස්ව්‍යංක්‍රීය ගිනි අවියක් ගෙන අතර අතට වෙඩි තැබීය. ඉන් උණ්ඩ දෙකක් අසල සිටි දුමින්ද සිල්වා මහතගේ හිසපසාරු කරගෙන ගොස් ඇත. වහාම ක්‍රියාත්මක වූ පොලීසිය තම සහ දුමින්ද සිල්වා මහතාගේ ජීවිත ආක්ෂාව පාතා වෙඩි තබා ඇත. එ අනුව එතැනදීම භාරත මියගොස් ඇති අතර දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ජයවර්ධන පුර රෝහලට ඇතුලත් කර ඇත.
එම පුවත් පතේම ඇතුල පිටුවකින් උපුටා ගන්නා ලදී
දේශයේ චිරස්ථිය උදෙසා තරුණ නායකත්වයක් සැපයූ දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට සෙත්පතා අස්ගිරි සහ මල්වතු පාර්ශවයේ නාහිමිවරු බෝධිපූජා පවත්වති. රටට පුරාම දුමින්ද සිල්වා මහතා ගේ සුවය පතා සත්‍යග්‍රහ පවතවයි.
තරුණියන් දහසක් දුමින්ද සිල්වා මහතා වෙනුවෙන් කිරිවෙහෙරට සුදුනෙලුම් දහස් පූජාකර ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරයි.
Sunday, September 18, 2011
පිටුවහල් කවියා වෙත ලියමි
Friday, July 29, 2011
මහා අනෙකාගේ ප්‍රමෝදය බිග් අයිඩියා කර විකිණීම
පවතින ධනේෂ්වර අර්ථ ක්‍රමය තුළ සියලු මානවා සම්බන්ධතා සහ තමන් තුළ සිටින අනෙකාගේ ආශාවන්, අභිලාශයන්, සිහන, ප්‍රර්ථනා සියල්ල විවෘත වේදිකාවක් මතට ගෙනෙනා කර්මාන්තයකි. අනෙක් පැත්තෙන් එය ලෝකයේ වැඩිම මුදල් සංසරණය වන කර්මාන්තයන්ගෙන් එකකි. ඇඩවර්ටයිසින් නැතහොත් ප්‍රචාරණ ක්ෂේත්‍රය මේ නිශ්චිත නිමේෂය වන විට ජීවිතයේ ශුදුමුල් දක්වා විහිදී ගොස් ඇත. මා තුළ සිටිනා අනෙකාගේ ප්‍රමෝදය සොයා දෙන්නට ඕනෑ තරම් අවස්ථා ඒ හරහා උදාකර ඇත.
උදාහරණයක් ලෙස ඔබගේ මුහුණ පමණක් සුදුවීමට නම් ලව්ලි ඇත. සම්පූර්ණ ඇඟද සුදුවීමට අවශ්‍යයනම් හෙල්දි වයිට් ඇත. ඔබට කොත්තු මී කෑමෙන් පසු හොටි විය හැක. දැන් ඔබගේ රැකවරණය ගැන කොතැන සිටියත් කුකුසක් ඇතිකර ගත යුතු නැත. වැඩි දෙයක් නොව ඔබලේ කුසින් එන වාතය මුවින් පිටවන ශබ්දය නැතහොත් ගුඩුස් එක පාවා අලුත් ට්‍රෙන්ඩ් එකකි.
මෙකී නොකි සියලු ප්‍රමෝදයන් සියල්ල දැන් ඔබ හමුවේ ඇත.
මේ සියලු කරණා නිරවුල්ව විග්‍රහකර ගැනීමට ප්‍රචාරණ ක්ෂත්‍රයේ ඇතුලාන්තයට එඹී බැලීම ඉතාම මැනවැයි සිතමි. දිලිත් ජයවීම කෝටිපති ව්‍යාපාරිකයෙක් කළ අපේ මහා අනෙකාගේ ප්‍රමෝදය සුමින්ද ගමගේ නම් සුන්දර ලේඛකයා හපයක් කර ඇත. උදය තෙන්නකෝන් නම් මාධ්‍ය සගයා නිර්මාණ අධ්‍යක්ෂකයෙක් වන විට ඔහු හපයක් කර අවසානව. ඉන්දික ගුණවර්ධන නම් තරුණ කවියා බිහිවන්නේ මේ විකිණෙන ක්‍රමයට ආයුබෝවන් කී දා සිටයි. නර්මදා රණවීර කිවිදිය හපයක් වන්නේ මේ ක්ෂේත්‍රය තුළය. අවාසනාව ඔවුන්ලෙන් පසු දෙවන පෙලක්ද දැන් එහිම යැපීමමයි. ( චින්තන, වීරයා, අමිල etc...)
පවතින නරුම ක්‍රමයට අභියෝගකරන්ට තිබූ මානව සම්පත රැසක් හප කරන්නේම අනෙකාගේ ප්‍රමෝදය පිනිසය. සමාජය තුළ වැඩකරන අයිඩියා ගෙනෙන්නට අයගේ ගෙවීමද එලෙසම වැඩිය. කලක් යද්දි වන්නේ ඔවුන් වෙනස්ම ජීවන රටාවක හුරුවීම සහ එය අහිමිව ජීවත් වන්නට නොහැකි වීමයි. නමුත් වැඩකරන අයිඩියා නොමැති දිනකදී සිදුවන්නේ පස්සට පයින් ගසා එලවීමයි. එසේ එලවන අවස්ථාවට පැමිණෙන විට ඔවුන්ට ඔවුන්ට අතහැරී ඇති සමජීය වපසරිය සුළුපටු නොවේ. උදාහරණයක් ලෙස මේ මොහොතේදී JWT හි නිර්මාණ ප්‍රධානී චාන්දනී රාජරත්නම් නැතහොත් සී, ලියෝබර්නඩ් හි සුබාෂ් පින්නපොල, ලින්ටාස් හි සුරුබන්, බේට්ස් හි හරේන්ද්‍රගෙන් මේ මොහොතේ සමාජ සන්ධර්බය සම්බන්ධව විමසුවහොත් එය ඔවුන් එතරම් තෑනිය යුතු දෙයක් ලෙස නොසිතනු ඇත. මන්ද ඒ සියල්ලට වඩා අලුත් ඇඩවර්ටයිසිං කැම්පෙන් එකක් දිනීම අන් සියල්ලට ඔවුන්ට වඩා වැදගත් බැවිනි. එය ඔවුන්ට පමණක් පොදු කරණක් නොව එය ඓතිහාසිකව ක්ෂෙත්‍රයේ සියලු දෙනාගේ පොදු තත්ත්වයයි. ඒ නිසාම ඔවුන් හප වනවිට ඔවුන්ට සුවිසල් සමාජ වපසරියක් අහිමි වී ඇතැයි පැවසුවේ එබැවිනි. ඒ ක්ෂේත්‍රයේ ඇතුලාන්තයයි.
ප්‍රචාරණ ව්‍යාපෘති සමාජය ත්‍රළ ක්‍රියාත්මක වන්නාවූ ආකාරය වටහා ගැනීම මේ මොහොතේ සමාජය විග්‍රහ කරගැනීමට උදව් වනවායැයි සිතමි. ලංකාවේ ජන විඥානය වෙනස් කල ආකාරය විග්‍රහ කර කරගැනීම ඉදිරියේදීවත් පරිභෝජනවාදී ගොදුරක් වීමේදී අඩුම ගණනේ එය දැනගෙනවත් ගොදුරුවිය හැක. ලංකාවේ ජන විඥානය වෙනස්කරල ප්‍රචරණ ව්‍යාපෘති වලින් ඉදිරියෙන්ම සිටින්නේ "අපි වෙනුවෙන් අපි" ව්‍යාපෘතියයි. එය එතරම් වැඩකලේ ඇයි? එයට පිලිතුර අපතුළ සිටින ජාතිවාදී අනෙකා එම දැන්වීම හරහා චූන්වන නිසාය. දමිළ අරගයට වැඩේ දෙන්න යන්නා දකුණේ සමාජය තුළ පොරක් යන්න එම ව්‍යාපෘතිය හරහා සමාජගත කරන මතවාදයි. එය කෙතරම් ඔබගේ අනෙකා ප්‍රමෝදයට පත් කලෙද යන්න සිතා බලන්න. එහි රූපරාමු පෙළ නිර්මාණ වී තිබුනේ ඉහත කියූ කාරණා වඩාත් තීර්ව වන ලෙසය.
ලංකා සමාජය දැඩි ලිංගික පීඩනයක් සහිත වූ සමාජයකි.
ඒ නිසාමා බුරියක් පෙන්වීම, පිරිපුන් කළව යුගලක්, පිම්බුණු පියයුරු යුගලක් පෙන්වීම අප තුළ සිටින ලිංගික පීඩනයට පත්වූ අනෙකා ප්‍රමෝදයට පත්වන මොහොතකි. මේ නිසාම බහුතරයක් කොත්තු මී මිලදී ගැනීමට අපගේ විඥානය ක්‍රියාකරන්නේ ඉහත කී මනෝ ලිංගික ක්‍රියා වලිය ඔස්සේය. මනෝමයෙන් කොත්තු මී කියා කඩේට ගොස් මිලදී ගන්නේ ප්‍රචාරණ දැන්වීමේ පෙන්වූ ස්ත්‍රිය පෙන්වූවාටත් වඩා නිරුවත්කරය. මගේ අනෙකා සන්තර්පණය වන්නේ ඒ හරහාය. නමුත් අපි එළිපිටදී කොත්තු මී සදාචාරය විනාශ කරනවායැයි දෙස් දෙවොල් තබයි. නමුත් සත්‍යනම් මගේ අනෙකාගේ අවශ්‍යතාවය කොත්තු මී දැන්වීමේ සිටිනා ස්ත්‍රියගේ තව තවත් ඇඳුම් ගැලවීමයි. ඒ අන්කිසිවක් නිසානොව ලංකා සමාජයේ පවතින්නාවූ ලිංගික පීඩනය නිසාමය.
මේ මොහොතේ දේශපාලනික ක්‍රියාවලිය විග්‍රහ කරගැනීමේදී ඔවුන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය වටහා ගැනීම ඉතාම වැදගත්ය. මන්ද ඔවුන් ලංකා භුමියේ ජන විඥානය වෙනස් කිරීම නැතහොත් ඉහමොළ සොදා හරින්නේ දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණය හරහාය. ඒ සියල්ලෙන් ප්‍රමෝදයට ගෙනෙනු ලබන්නේ අපගේ මහා අනෙකාය.
ශ්‍රී ලංකා රාජ්‍ය සිංහල ජාතිවාදී රාජ්‍යයක් කරා ගෙනයාමේ වර්තමාන ක්‍රියාවලියට ආරම්භය ගෙනන ප්‍රචාරණ ව්‍යාපෘති කීපයකි. මෙම ක්‍රියාවලිය ඉතාම උපාය මාර්ගිකව දැන හෝ නොදැන ලංකා සමාජය තුළ ක්‍රියාත්මක වුණි. ඉන් පළමු වැන්න ක්‍රියාත්මක වන්නේ " ගන්න අපේ දේ"මෙම ව්‍යාපෘතිය හරහා සමාජ ගත කරන්නට උත්සහ දැරුවේස බහුතරයේ මිලදී ගැනීමේ බලයයි. එම බලය හරහා බහුතරයේ දමිළ අරගලය යටපත් කිරීමේදී එන අනෙකුත් පීඩනයන්
කේවල් කිරීමයි. " මහින්ද චින්තනය යනුන්නම දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් වන අතරම පුද්ගලික මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයක් රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස සලකා ක්‍රියාත්මක වන අන්ත පසුගාමී රටවල් අතරින් ලංකාවද එකකි.
මේ මොහතේ සිදුවන සියලු ඊනියා සංවර්ධන ව්‍යාපෘතීන්ට වඩා මුදල් වැය කරනු ලබන්නේ ප්‍රචාරණයන්ටය. හම්බන්තොට වරයා ඉදිකරනු ලැබුවේ හම්බන්තොටය. වැඩිම කටවුට් ගණනක් ගසනු ලැබූවේ කොළඹ නරගය තුළය. ඔවුන්ගේ අනෙක් ව්‍යාපෘතීන්ද එවාට දෙවැනි නැත. පසුගිය සමයේ එක්සත් ජාතීන්ගේ විද්වත් වාර්ථාවට පවා රාජත්‍රන්ත්‍රිකව පිළිතුරුලබා දීම පසෙකලා මුලින් සිදුකරනු ලැබුවේ කොළඹ නගරය පුරා දැවන්ත කටවුට ගැසීමයි.
මේ කරන්නේ කුමක්ද?
ඔවුන් මේ සියල්ල කරන්නේ අපගේ ප්‍රමෝදය මනාව හඳුනාගෙන සිටින හෙයිනි. මෙනිසා ඔවුන් මොහොතේ කරන්නෙ අපගේ ප්‍රමෝදයට අවශ්‍ය ධාතුව සැපයීමයි. ඒ නිසමා අපගේ මහා අනෙකාගේ ප්‍රමෝධය ප්‍රචාරණ ආයතන තුළින් බිග් අයිඩියා ලෙස එලියට පැමිණ, එය විවෘත වෙන්දේසියේ අලෙවිකරයි.
මේ මොහොතේ දේශපාලනික ක්‍රියිවලිය වටහා ගැනීමනම් එහි ප්‍රචාරණ යාන්ත්‍රණය වටහා ගැනීම ඉතාම කාලෝචිතය..
උදාහරණයක් ලෙස ඔබගේ මුහුණ පමණක් සුදුවීමට නම් ලව්ලි ඇත. සම්පූර්ණ ඇඟද සුදුවීමට අවශ්‍යයනම් හෙල්දි වයිට් ඇත. ඔබට කොත්තු මී කෑමෙන් පසු හොටි විය හැක. දැන් ඔබගේ රැකවරණය ගැන කොතැන සිටියත් කුකුසක් ඇතිකර ගත යුතු නැත. වැඩි දෙයක් නොව ඔබලේ කුසින් එන වාතය මුවින් පිටවන ශබ්දය නැතහොත් ගුඩුස් එක පාවා අලුත් ට්‍රෙන්ඩ් එකකි.
මෙකී නොකි සියලු ප්‍රමෝදයන් සියල්ල දැන් ඔබ හමුවේ ඇත.
මේ සියලු කරණා නිරවුල්ව විග්‍රහකර ගැනීමට ප්‍රචාරණ ක්ෂත්‍රයේ ඇතුලාන්තයට එඹී බැලීම ඉතාම මැනවැයි සිතමි. දිලිත් ජයවීම කෝටිපති ව්‍යාපාරිකයෙක් කළ අපේ මහා අනෙකාගේ ප්‍රමෝදය සුමින්ද ගමගේ නම් සුන්දර ලේඛකයා හපයක් කර ඇත. උදය තෙන්නකෝන් නම් මාධ්‍ය සගයා නිර්මාණ අධ්‍යක්ෂකයෙක් වන විට ඔහු හපයක් කර අවසානව. ඉන්දික ගුණවර්ධන නම් තරුණ කවියා බිහිවන්නේ මේ විකිණෙන ක්‍රමයට ආයුබෝවන් කී දා සිටයි. නර්මදා රණවීර කිවිදිය හපයක් වන්නේ මේ ක්ෂේත්‍රය තුළය. අවාසනාව ඔවුන්ලෙන් පසු දෙවන පෙලක්ද දැන් එහිම යැපීමමයි. ( චින්තන, වීරයා, අමිල etc...)
පවතින නරුම ක්‍රමයට අභියෝගකරන්ට තිබූ මානව සම්පත රැසක් හප කරන්නේම අනෙකාගේ ප්‍රමෝදය පිනිසය. සමාජය තුළ වැඩකරන අයිඩියා ගෙනෙන්නට අයගේ ගෙවීමද එලෙසම වැඩිය. කලක් යද්දි වන්නේ ඔවුන් වෙනස්ම ජීවන රටාවක හුරුවීම සහ එය අහිමිව ජීවත් වන්නට නොහැකි වීමයි. නමුත් වැඩකරන අයිඩියා නොමැති දිනකදී සිදුවන්නේ පස්සට පයින් ගසා එලවීමයි. එසේ එලවන අවස්ථාවට පැමිණෙන විට ඔවුන්ට ඔවුන්ට අතහැරී ඇති සමජීය වපසරිය සුළුපටු නොවේ. උදාහරණයක් ලෙස මේ මොහොතේදී JWT හි නිර්මාණ ප්‍රධානී චාන්දනී රාජරත්නම් නැතහොත් සී, ලියෝබර්නඩ් හි සුබාෂ් පින්නපොල, ලින්ටාස් හි සුරුබන්, බේට්ස් හි හරේන්ද්‍රගෙන් මේ මොහොතේ සමාජ සන්ධර්බය සම්බන්ධව විමසුවහොත් එය ඔවුන් එතරම් තෑනිය යුතු දෙයක් ලෙස නොසිතනු ඇත. මන්ද ඒ සියල්ලට වඩා අලුත් ඇඩවර්ටයිසිං කැම්පෙන් එකක් දිනීම අන් සියල්ලට ඔවුන්ට වඩා වැදගත් බැවිනි. එය ඔවුන්ට පමණක් පොදු කරණක් නොව එය ඓතිහාසිකව ක්ෂෙත්‍රයේ සියලු දෙනාගේ පොදු තත්ත්වයයි. ඒ නිසාම ඔවුන් හප වනවිට ඔවුන්ට සුවිසල් සමාජ වපසරියක් අහිමි වී ඇතැයි පැවසුවේ එබැවිනි. ඒ ක්ෂේත්‍රයේ ඇතුලාන්තයයි.
ප්‍රචාරණ ව්‍යාපෘති සමාජය ත්‍රළ ක්‍රියාත්මක වන්නාවූ ආකාරය වටහා ගැනීම මේ මොහොතේ සමාජය විග්‍රහ කරගැනීමට උදව් වනවායැයි සිතමි. ලංකාවේ ජන විඥානය වෙනස් කල ආකාරය විග්‍රහ කර කරගැනීම ඉදිරියේදීවත් පරිභෝජනවාදී ගොදුරක් වීමේදී අඩුම ගණනේ එය දැනගෙනවත් ගොදුරුවිය හැක. ලංකාවේ ජන විඥානය වෙනස්කරල ප්‍රචරණ ව්‍යාපෘති වලින් ඉදිරියෙන්ම සිටින්නේ "අපි වෙනුවෙන් අපි" ව්‍යාපෘතියයි. එය එතරම් වැඩකලේ ඇයි? එයට පිලිතුර අපතුළ සිටින ජාතිවාදී අනෙකා එම දැන්වීම හරහා චූන්වන නිසාය. දමිළ අරගයට වැඩේ දෙන්න යන්නා දකුණේ සමාජය තුළ පොරක් යන්න එම ව්‍යාපෘතිය හරහා සමාජගත කරන මතවාදයි. එය කෙතරම් ඔබගේ අනෙකා ප්‍රමෝදයට පත් කලෙද යන්න සිතා බලන්න. එහි රූපරාමු පෙළ නිර්මාණ වී තිබුනේ ඉහත කියූ කාරණා වඩාත් තීර්ව වන ලෙසය.
ලංකා සමාජය දැඩි ලිංගික පීඩනයක් සහිත වූ සමාජයකි.
ඒ නිසාමා බුරියක් පෙන්වීම, පිරිපුන් කළව යුගලක්, පිම්බුණු පියයුරු යුගලක් පෙන්වීම අප තුළ සිටින ලිංගික පීඩනයට පත්වූ අනෙකා ප්‍රමෝදයට පත්වන මොහොතකි. මේ නිසාම බහුතරයක් කොත්තු මී මිලදී ගැනීමට අපගේ විඥානය ක්‍රියාකරන්නේ ඉහත කී මනෝ ලිංගික ක්‍රියා වලිය ඔස්සේය. මනෝමයෙන් කොත්තු මී කියා කඩේට ගොස් මිලදී ගන්නේ ප්‍රචාරණ දැන්වීමේ පෙන්වූ ස්ත්‍රිය පෙන්වූවාටත් වඩා නිරුවත්කරය. මගේ අනෙකා සන්තර්පණය වන්නේ ඒ හරහාය. නමුත් අපි එළිපිටදී කොත්තු මී සදාචාරය විනාශ කරනවායැයි දෙස් දෙවොල් තබයි. නමුත් සත්‍යනම් මගේ අනෙකාගේ අවශ්‍යතාවය කොත්තු මී දැන්වීමේ සිටිනා ස්ත්‍රියගේ තව තවත් ඇඳුම් ගැලවීමයි. ඒ අන්කිසිවක් නිසානොව ලංකා සමාජයේ පවතින්නාවූ ලිංගික පීඩනය නිසාමය. මේ මොහොතේ දේශපාලනික ක්‍රියාවලිය විග්‍රහ කරගැනීමේදී ඔවුන්ගේ ප්‍රචාරණ යාන්ත්‍රණය වටහා ගැනීම ඉතාම වැදගත්ය. මන්ද ඔවුන් ලංකා භුමියේ ජන විඥානය වෙනස් කිරීම නැතහොත් ඉහමොළ සොදා හරින්නේ දැවැන්ත ප්‍රචාරණ යාන්ත්‍රණය හරහාය. ඒ සියල්ලෙන් ප්‍රමෝදයට ගෙනෙනු ලබන්නේ අපගේ මහා අනෙකාය.
ශ්‍රී ලංකා රාජ්‍ය සිංහල ජාතිවාදී රාජ්‍යයක් කරා ගෙනයාමේ වර්තමාන ක්‍රියාවලියට ආරම්භය ගෙනන ප්‍රචාරණ ව්‍යාපෘති කීපයකි. මෙම ක්‍රියාවලිය ඉතාම උපාය මාර්ගිකව දැන හෝ නොදැන ලංකා සමාජය තුළ ක්‍රියාත්මක වුණි. ඉන් පළමු වැන්න ක්‍රියාත්මක වන්නේ " ගන්න අපේ දේ"මෙම ව්‍යාපෘතිය හරහා සමාජ ගත කරන්නට උත්සහ දැරුවේස බහුතරයේ මිලදී ගැනීමේ බලයයි. එම බලය හරහා බහුතරයේ දමිළ අරගලය යටපත් කිරීමේදී එන අනෙකුත් පීඩනයන්
කේවල් කිරීමයි. " මහින්ද චින්තනය යනුන්නම දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපෘතියක් වන අතරම පුද්ගලික මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයක් රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස සලකා ක්‍රියාත්මක වන අන්ත පසුගාමී රටවල් අතරින් ලංකාවද එකකි.
මේ මොහතේ සිදුවන සියලු ඊනියා සංවර්ධන ව්‍යාපෘතීන්ට වඩා මුදල් වැය කරනු ලබන්නේ ප්‍රචාරණයන්ටය. හම්බන්තොට වරයා ඉදිකරනු ලැබුවේ හම්බන්තොටය. වැඩිම කටවුට් ගණනක් ගසනු ලැබූවේ කොළඹ නරගය තුළය. ඔවුන්ගේ අනෙක් ව්‍යාපෘතීන්ද එවාට දෙවැනි නැත. පසුගිය සමයේ එක්සත් ජාතීන්ගේ විද්වත් වාර්ථාවට පවා රාජත්‍රන්ත්‍රිකව පිළිතුරුලබා දීම පසෙකලා මුලින් සිදුකරනු ලැබුවේ කොළඹ නගරය පුරා දැවන්ත කටවුට ගැසීමයි.
මේ කරන්නේ කුමක්ද?
ඔවුන් මේ සියල්ල කරන්නේ අපගේ ප්‍රමෝදය මනාව හඳුනාගෙන සිටින හෙයිනි. මෙනිසා ඔවුන් මොහොතේ කරන්නෙ අපගේ ප්‍රමෝදයට අවශ්‍ය ධාතුව සැපයීමයි. ඒ නිසමා අපගේ මහා අනෙකාගේ ප්‍රමෝධය ප්‍රචාරණ ආයතන තුළින් බිග් අයිඩියා ලෙස එලියට පැමිණ, එය විවෘත වෙන්දේසියේ අලෙවිකරයි.
මේ මොහොතේ දේශපාලනික ක්‍රියිවලිය වටහා ගැනීමනම් එහි ප්‍රචාරණ යාන්ත්‍රණය වටහා ගැනීම ඉතාම කාලෝචිතය..
Thursday, June 16, 2011
තමන් අනෙක් කටිටිය වීම
පසුගිය සඳුදා "අනෙක් කටිටිය" නමින් නමාකරණය වූ තරුණ කණ්ඩායමක් විසින් "අරගලය අරභමු" මැයෙන් සංවාදයක් මහජන පුස්ථකාලයේදී සංවිධානය කර තිබුණි. වික්‍රමබාහු, වසන්ත සමරසිංහ, ලියනගේ අමරකීර්ති, සුමනසිරි ලියනගේ, ශිරාල් ලක්තිලක, සරත් ප්‍රනාන්දු , ජොසප් ස්ටාර්ලින් යන විවිධ වූ දේශපාලනික ආස්ථානයන් වල පවුරු බැදසිටින ක්‍රියාදරයන් පිරිසක් සංවාදයෙ සදහා සහභාගී වී තිබුණි. සංවාදයට ප්‍රස්කෘතයන් වී තිබුණේ නොදෙන වැඩි වැටුප, බලෙන් දෙන විශ්‍රාම වැටුප, සරසවි සිසුන්ගේ මිලිටරි පුහුණුව සහ මානව හිමිකම් යනුවෙනි.
ලියනගේ අමරකීර්ති සංවාදය ආරම්භ කරමින් තමන්ගේ හෘද සාක්ෂිය සම්බන්ධ යම් හරවත් ප්‍රාවේශය ගත්තද ඉන් පසු අනෙක් කතිකයන් සියල්ලන්ම තමන්ගේ දේශපාලනික මත සංවාදය තුළ වෙන වෙනම ස්ථානගත කිරීමට. තමන් සතු හොදම වදන් භාවිත කරමින් සිය කථාවන් පැවත්වූහ. විටින් විට අනෙක් කට්ටියද පැමිණ තමන්ට බොරැල්ල පොලීසියෙන් සිදුවූ හිරිහැරය හොද හැටි පට්ට ගසමින් එය තමන්ට ඇඩ් එකක් කළගත්හ. කටුනායක බහුතරයක් මෙන්ම ඔවුන්ද හිතන්නේ මේ පොලීසය තමන්ට වද දුන්නේ තමන්ගේ හිතු මතේට බවයි. මහින්ද සේනාධිනායකයා බව ඔවුන්ද සබුද්ධිකව අමතක කරදමති. එසේ නොමැතිව වගීෂ සුමනසේකර මේවා නොදැන ඉන්නට බබාලා නොවේ.
ඔවුන් සංවාදව පුරාම ස්ථීර කරන්න උත්සහ කලේ මහින්ද ආණ්ඩුව තමන්ට දැවැන්ත මර්ධනයක් මුදාහරින බව සහ එයට මුහුණ දීමට පීඩිතයන්ගේ අරගලයක් අවශ්‍ය බවයි. මේ කථාවන් දෙස සබුද්ධිකව කල්පනා කිරීමේ යම් තැකතට අප කැදවාගෙන එයි සහ අප අභිමුවේ ප්‍රශ්ණ කීපයක් නිර්මාණය කරයි. ඉන් පළමු වැන්න මේ සියල්ලන්ටම මහින්ද පාලනයේ මර්ධනය වටහාගෙන ඇත්තේ මේ මොහොතේද??? අනෙක් ප්‍රශ්ණය පීඩිතයින්ගේ අරගලය කඩා විසුරුවා සුනුවිසුනු කර දමන ලද්දේ කවුරුන් විසින්ද යන්නයි.
මහින්දව පාලන බලයට ගෙන ඒමේ ව්‍යාපෘතියේ අති දැවැන්ත කාර්යබාරයක් කල මේ සංවාදයේ කතිකයන්ගෙන් බහුතරයක්, මහින්ද පැමිණනෙ ජාතිවාදී මාර්ගයේ අනාගත ඵලවිපාකයන් එදා දුටුවේ නැද්ද??? නැතිනම් ඔවුන් දැක කොලේ වසා සිටියාද යන්නයි. වැටුප් ප්‍රශ්ණයක් එතතුරු විශ්ව විද්‍යාල ආචාර්්‍යවරු සිටියේ කොහෙද??? දමිළ ජනයා දහස් ගණනක් ඝාතනය කරද්දී, ලසන්ත මහපාර මැද මරා දමද්දී, ප්‍රගීත් එකැනැලිගොඩ අතුරුදහන් කර දමද්දී, පොද්දල ජයන්තගේ මහපාර මැද කකුල් කඩද්දී මේ පිරිසගේ ආස්ථානය කොතැනද?? වසන්ත තම කථාව ආරම්භයේදීම පැවසූ දෙයට මා හට නැගආ හිනාව මැඩගෙන සිටියේ ඉතාම අපහසුවෙනි. ඔහු කියන්නේ ජවිපය ඉතිහාසයේ පුරා හරි තැන හිටගත් බවයි. ඔවුන් ලකුණු කරගෙන සිටි හරි තැන දමිළ සංහාරයක් සිදුකිරීමට ආණ්ඩුවක් පත්කිරීමද??? වරක් අන්තරයේ කැදවුම්කරුව සිටි දුමින්ද අරංගලට සමඟ කැලණි විශ්ව විද්‍යාලයේ නවක වදය සමබන්ධ සංවාදයකට ගිය අවස්ථාවකදී ඔහු දුන්නේ කදිම පිළිතුරකි. අපි කට්ට කාලා ආවේ.... මුනුත් ඒ කට්ට කන්න ඕනේ... එහිදී මාගේ ප්‍රශ්ණය වූයේ වර්තමානය අතීතයේ තට්ට කන්න ඕනේනම්, අතීතයේ දී ඔබලා කළ කාර්යභාරය කුමක්ද යන්නයි. ඉන්පසු අපට මුහුණ දෙන්නට වූයේ ඉතාම පහත් තත්ත්වයේ ප්‍රතිචාරයන්ටය. දමිළ සොරොහුරන්ගේ ප්‍රශ්ණ වෙනුවෙන් පෙනීසිට අපට ඔවුන් දුන් නාමය වූයේ පර දෙමල්ලු යන්නයි.... මේ ජවිපය ඉතිහාසය පුර සිටගත් නිවැරදි තැන්ය.
විශ්ව විද්‍යාල ආචාර්්‍යවරු ද ආණුඩවට දමිළ ජනයා සමූල ඝාතනය කිරීමට පටි තදකර ගත් යටත් පිරිසෙන් එක් කණ්ඩායමකි. එදා ජීවන වියදම ඔවුන්ට බරක් නොවුනිද??? ඇත්තෙන්ම එදා හොදද?? අරගල දෙකක අත්දැකීම් ඇති ජවිපය පීඩිතයින්ගේ අරගලයක් අවැසි බව දකින්නේ දැන්ද??? ඔවුන්ට අනුව උතුරේ අරගලය ධනපතියන්ගේ අරගලයකද??
අප ඉදිරියේ මෙවැනි ප්‍රශ්ණ මාගලක් නිර්මාණය වෙද්දී බාහු දැන් සිටින්නේ ඉවවහා ගිය ප්‍රීතියකිනි. ඒ ඔහුට අනුව මේ මොහොත කම්කරුවගේ මොහොත බවයි. ඒ නිසාම ඔහුගේ එදා කථාව ගැලරිය පිනවන විමල් වීරවංශගේ කථාවකට දෙවැනි නැත. ඇත්තෙන්ම බාහු කවදත් සිටින්නේ මේ මොහොත අමතක කරමිනි. පීඩිතයාගේ මොහොත උතුර තුළ විනාශ කිරීමෙන් පසු තවම ලංකාව තුළ කම්කරුවාගේ මොහොත පැමිණ නැත. ඒ මෙහොත නිර්මාල් දේවසිරි කියනා ආකාරයට මෙන් මෙය ඔහේ යන්න දී පැමිණෙන්නේ නැත ඒ වෙනුවෙන් තව බාහුලා අත නොතැබූ වැඩ රාශියක් කිරීමට තිබේ. උදාහරණ ලෙස බාහුලාගේ ආමන්ත්‍රණ භාෂාව පවා වෙනස් කරගත යුතුව ඇත.
විශ්ව විද්‍යාල සිසුන් සඳහා වන පුහුණුවට තමන් යුධ යන වචනය පාවිච්චි නොකරන බව කියූ ශිරාල් ලක්තිලක තමන්ගේ උත්තම නායකයා වන සජිත් ප්‍රේමදාස සහ මහින්ද අතර වන අවබෝධතාවය එතැනදීද රැකත්තේය. අනෙක් කරුණ අරගලය ආරම්භ කරන්නට යන්නේ ශිරාල් ලක්තිලක වැන්නන් සමගන් ඔහු එතැනද ගේමක් ගසනු නොඅනුමානය.
සරත් ප්‍රනාන්දු සහ ජෝසප් ස්ටාර්ලින් සුපුරුදු ලෙසම සිය දේශණයන් ගිරිය පුප්පමින් තමන්ටවත් නොතේරෙනා භාෂාවෙන් කරන ලදී.
සමස්ථයක් ලෙස ඔවුන් සියලු දෙනා සිටින්නෙ යම් ප්‍රමෝධයකිනි. අනෙක් කටිටය සිටියේද ඒ ප්‍රමෝදයේ ගිලෙමිනි. ඒ ප්‍රමෝදය නිසාම මේ මොහොත අමතක කරමින් තමන්ගේ ආස්ථායන් සපත කරගැනීමේ ව්‍යාපෘතියක නියැලුනි. අරගයක් ආරම්භය පේනතෙක් මානයේ අසලටවත් සංවාදය ගියේ නැත. මේ මොහොතේ අවශ්‍ය සංවාදය උතුරේ අරගය සමග දකුණේ අරගලය අමුණන්නේ කෙසෙද යන්නයි. එයට අවශ්‍ය නැවුම් ක්‍රමවේදයන් සොයාගැනීමයි. නව දර්ශණයක් ඒ වෙනුවෙන් බිහිකිරීමයි. ඒ වෙනුවට සිදුවූයේ සියල්ලන්ම අනෙක් කටිටිය වී ප්‍රශ්ණය තවම ගේට්ටුව ළග නිසා එයින් ප්‍රමෝද ගත වීමයි. නමුත් ඔවුන් නොදන්න දේ හෝ දැක අහක බලා සිටිනා දේ ප්‍රශ්ණය තමන්ගේ දෙපතුලෙන් උඩටත් පැමිණ ඇති බවයි.
Subscribe to:
Posts (Atom)