Saturday, February 25, 2012

එක විදහක මිනිස්සු සහ දිව දෙකේ සත්තු




පළමුව මේ කථාව කියවන්න.!  


රිචඩ් ද සොයිසා කොළඹ ඉංග්‍රීසි උගත් ඉහළ මධ්‍යම පාන්තික පවුල් පසුබිමකින් පැවත ආවෙකි. දේශපාලන විද්‍යාව, දර්ශණවාදය සහ කලා-සාහිතය පිළිබද පැතිරුණු දැනුමක් තිබූ අයෙකි. 1997 - 1989 භීෂණ සමයේ රයේ හමුදාවන්ගේ සංහාරයට ගොදුරු කැරලිකාර තරුණයින් පිළිබඳ විවේචනයක් පැවතියද හෙතෙම ඔවුන් කෙරෙහි පක්ෂපාතීත්වයක් සහ අනුග්‍රහශීලී ආලක්පයක් දැරීය. ඔවුන් මුහුණ දුනු මර්දනකාරී යථාර්ථය හෙළිකිරීමට මාධ්‍ය වෘත්තිකයෙකු නොගන්නා අවදානමක් ගනිමින් ක්‍රියාකලේය. 1990 පෙබරවාරි 18 වැනිදා රාත්‍රියේ සිටියදී පැහැරගෙන යනු ලැබූ රිචඩ් ද සොයිසාගේ වෙඩිවැදුණු මළ සිරු අගනුවර වෙරළ තීරයකින් හමුවිය.

දෙවනුව මේ කථාව කියවන්න !

ධර්මරත්නම් සිවරාම් මඩකලපුවේ ඉංග්‍රීසි උගත් ඉහළ මධ්‍යම පාන්තික පවුලකින් පැවත අවෙකි. දේශපාලන විද්‍යාව, දර්ශණවාදය, යුද හා උපායික අධ්‍යනය මෙන්ම කලා-සාහිත්‍ය හාඉතිහාසය යන විෂයන් පිළිබඳ පෘථුල දැනුමක් සහිත අයෙකි. සංවේදී හදක් ඇත්තෙකි. 1983 - 2002 දක්වා දිග්ගැස්සුන දීර්ඝ කාලීන සිවිල් යුද්ධයේදී රාජ්‍ය හමුදාවන් යටතේ ස්වකීය ජනයා මුහුණදෙන කෲර යථාර්ථය හමුවේ ක්‍රියාශ්‍රීලීව සමාජ අරගලයට අවතීර්ණ වීම සඳහා  හෙතෙම සරසවි අධ්‍යාපනය හැරදාමා ආවේය. කළක කැරලිකාරී දේශපාලනය නායකත්ව ශ්‍රේණීන් නියෝජනය කළ හෙතෙම පසුකාලීනව රිචඩ් ද සොයිසා හමුවීමෙන් මාධ්‍ය වෘත්තීයට අවතීර්ණ විය. කැරළිකාර ව්‍යාපායන් පිළිබඳව ස්වකීය වූ විවේචනාත්මක ස්ථාවරත්වනයන් දැරූවද, හෙතෙම ඔවුන් කෙරෙහි පක්ෂපාතීත්වයක් සහ අනුග්‍රහශීලී ස්ථාවරත්වයක් දැරීය. ඓ
හෙයින් සාමාන්‍ය වෘත්තීය මාධ්‍යවේදියෙකු නොගන්නා තරමේ අවදානමක් ගනිමින් ඔවුන් පෙලූ මර්දනකාරී යථාර්ථය හෙළි කළේය. 2005 අප්‍රේල් 28 වෙනිදා රාත්‍රියේ කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයකදී පැහැරගෙන යනු ලැබූ සිවරාම්ගේ වෙඩි වැදුණූ මළ සිරුර පසුදා පහන් වන විට අනනුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසලින හමුවිය.



(ඉහත කථා දෙකම උපුටා ගන්නා ලද්දේ 2005 මැයි 8 වැනිදා "හිරු" ධර්මරත්නම් සිවරාම් විශේෂ විශේෂ කලාපයෙනි.)

දැන් මේ කථාව කියවන්න !! 







දැන් කථාවෙන් කියන්නට යන්නේ ඇටමිදුළු වලට දක්වා ජාතිවාදය එන්නත් කළ, අවසාන දෙමලාත් දක්වා සමූළ ඝාතනය කළයුතුයැයි කියූ ජවිපේ මතවාදය හිස් මුදුනින්ම පිළිගෙන තම පෑන ඒ අමන ක්‍රියාන වෙනුවෙන් මෙහෙය වූ චන්දන සිරිමල් වත්ත දැන් රිචඩ් ද සොසිසා ගැන පිටුගනන් අකුරු පුරවයි. මෑතදී නින්දෙන් අවදී වූ චන්දන සිරිමල් වත්තලාට තම අතේ වූ සිවරාම්ලාගේ ලේ නොපෙනෙනේය. රිචඩ් ද සොසියා ගැන සිරිමල් වත්ත ලියන්නට පෙර තමන්ගේ හදවතට තට්ටුකර බැලිය යුත්තේ රිචඩ්ගේ සමීප මිතුරා වූ සිවා ඝාතනය කිරීමට ද ඉන්පසු සිවා කොටියකු කිරීමට තම පෑන විසින් කෙතරම් පත්තර පිටු අතර අකුරු පිරෙව්වා ද යන්නයි.

සිරිමල්වත්තලා රිචඩ් ගැන ලියන්නට පෙර තමන්ගේ පෑන දෙස බලන්න එහි සිවාලාගේ ලේ තැවරී තිබෙනු ඇත.

රිචඩ්ලා සිවාලා එකවිදිහක මිනිසුන් වන්නේ සහ සිරිමල්වත්තලා දිව දෙකේ සතුන් වන්නේ අප තවම මැරී ඉපදී නොමැති බැවිනි.