Monday, August 20, 2012

පණපිටින් හිටි උන් වළපල්ලට යවා ඇටකටු වලට වැදීම

මේ දිනවල ශ්‍රී ලංකාව ශ්‍රද්ධා ද්වීපයක් වී ඇත. ඒ කපිලවස්තු පුර ධාතූන්  හෙවත් ගෞතම බුද්ධාගේ ශරීරයේ කුමක් හෝ ඇට හෝ කටු කැබැල්ලක් මෙරටට ගෙන ඇවිත් තිබේ. ( ගෙනාවේ කුමන ඇටකටු කැබැල්ලද යන්න මම සහසුද්දෙන් දන්නේ නැත.) 


කොළඹ නගරය පුරා ශ්‍රද්ධා භක්තියෙන් එම අස්ථි කැබලි පිළිගන්නා බවට කටවුට් තොරන් ගසා තිබේ. දැනට පෙනෙන දෘෂ්ඨිම අර්ථයට අනුව ලංකාව යනු ෂෝක රටකි. මේ දිනවල කොළඹ නගරයේ සෑම බස්රථයකම සුදු ඇදගත් උපාසක උපාසිකාවන් දැකගත හැකිය. එපමණක් නොව හෙඩ් ෆොන් කනේ පළදා සුදු ඩෙනිම් ඇද සුදු කමිස , ටීෂර්ට් ඇඳ ධාතූන් වන්දනාවේ යන නංගිලා උපාසිකා​වෝ සහ මල්ලිලා උපාසකයෝ සුලභ දර්ශණයකි.

නමුත් ප්‍රශ්ණය පණපිටින් සිටින උන්ට වඩා කොහේවත් මියගිය කෙනෙකුගේ ඇස්ථි කැබලි වටින්නේ කෙලෙසද යන්නයි. මන්ද ලංකාව යනු මෑත ශතවර්ෂයේ වැඩිම ජනඝාතනය සිදුවූ දේශයයි. කවුරුත් ඔය දර්ශකය වැඩිපුර කියන්න නොයන්නේම කියූ අයටද අස්ථි ප්‍රේමී ජනතාවගේ ​වෛරයට පාත්‍රවන බැවිනි.

ගෞතම බුද්ධ පවා ප්‍රණඝාතය වැලැක්වීම අංක එකට යෙදුවේ පණතියෙන උන් අන් සියල්ලට පණතියෙන් උන්  සියල්ලට වඩා වටිනා බැවිනි.නමුත් ලංකාව යනු දකුණේදී  71 ,89 දී ලක්ෂයකට ආසන්න පිරිසක් සහ  උතුරේදී 2009 මැයි මාසයේ 16,17,18 යන දවස් තුනට පමණක් 40,000 ක් වලපල්ලට යැවූ රාජ්‍යයකි.ඒ අනුව බුද්ධාගේ පළමු කොන්දේසියම සිංහල - බෞද්ධ රාජ්‍ය විසින් තෙවරක් මහා පරිමාණයෙන් කඩා ඇති අතර සුළු පරිමාණිකය දිනපතා 2,3 වලපල්ලට යවන සැදැහැවතුන් සිටින රාජ්‍යයකි.

ගෞතම බුද්ධා ද මේ යුගයේ ලංකාවේ ජීවත්වූවානම් ඔහුටද සිදුවන්නේ සිංහල බෞද්ධ මතයට අවනත නොවීම නිසා වළපල්ලට යන්නය.

ඒ අනුව ලංකාව යන්න අවසන් මෙසේ කියවිය හැකිය. ජීවත්වන සිටි උන් වලපල්ලට යවා ඇටකටු වලට, මැරුණ උන්ගේ කෙස්වලට  වඳින  ඒ වගේම ජීවත්ව සිටින එකෙකුට නිදහස් හුස්මක් නොහැකි රාජ්‍යයකි.

Thursday, June 28, 2012

MEGAAA බයිට් ( ඒකයි මේකට ලංකාව කියන්නේ)

හිරු ටීවී එකේ අලුත් වැඩක් පටන්ගෙන ඇත. එම වැඩසටහනෙ නම මෙගා බයිට්. වැඩෙන් වෙන්නේ කලාකරයන්ව බයිට් කරන එක. ඉස්සෙල්ලාම ටීවි තිරය ඉස්සරහා ඉන්න එකාට කියනවා ඔන්න අපි දැන් අහවලාව බයිට් කරන්නයි යන්නේ කියලා. 

හැබැයි මගේ යෝජනාව ඊට වඩා ත්‍රිලක් තියෙයි විරාජ් වැලිවත්තලා, චාමර ජයවීරලා රේනේ සිල්වා ඉස්සරහා බයිට්වෙන බයිට්විල්ල දැම්මොත්. 

නිමල් ලක්ෂපති ආරච්චිටනම් ආයේ අලුතින් කියලා බයිට් වෙන්න දෙයක් නෑ. එයා ලංකාවම බයිට් කරලා, අන්තිමට පදුරක් පදුරක් ගානේ එයා බයිට් වුනා.පුදුම වෙන්න දෙයක් නෑ
 
මේක මරා ත්‍රිල් වැඩක්. සිස්ටම් එකට බයිට් වෙලා ඉන්න හැමෝමා තම තමන්​ගේ බඩ කපාගනිමින් හිනාවෙනා අනිත් උන්ට..  හික් හික් හිකෑස්...හිකෑස්....(ඕනානම් පෝෂ් හිනාවක්) හිකිස්z.

හැමෝම ඉස්සරහ බයිට් වෙන්නේ මිනිස්සුන්​ගේ ආත්මීය හැගීම් කියලා මේ හිනාවෙනු උනුත් දන්නේ නෑ මේ වැඩසටහන් කරන උනුත් දන්නේ නෑ වගේම බයිට් වෙන උනුත් දන්නේ නෑ.

හරියට මහින්ද රාජපක්ෂ ලංකාවේ සමාජය බයිට් කරනවා වගේ. අන්තිමට බයිට් වුනු එකත් හිනාවෙන වෙනවා. මහින්දත් හිනාවෙනවා. ඇමෙරිකාවත් හිනාවෙනවා.

මෑතකදී ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයට ඉල්ලා අස්වෙන්න වෙනවා. ඔහුගේ පශ්චාත් උපාධි නිබන්ධනය එක්තරා විශ්වවිද්‍යාලයකින් නැවත පිරික්සා බලද්දි අහුවෙනවා එම නිබන්ධනයට විවිධ ග්‍රන්ථවලින් උපුටාගත් ඒවා ඇති බව. ප්‍රශ්ණය උපුටාගත් බවට සඳහන් නොකිරීම. අවසානයේ ජනතාව බයට් කිරීමේ වරදට ඔහුට සිදුවෙනවා ප්‍රසිද්ධියේ සමාව අරගැනීමට පමණක් නොව තමන්ගේ අමාතංශයත් අහිමිවෙනවා.

නමුත් ලංකාවේ වෙන්නේ සියල්ල ඊට කණපිට දේවල්. ඒක නිසා තමයි මේකට ලංකාව කියන්නේ කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඔව් ඒක එහෙම වෙන්න පුළුවන්. තමන් එක්ක දේශපාලන කරපු අනෙක් දේශපාලනඥයා මහමග බල්ලො වගේ මරලා දාද්දි ඒ මිනීමැරුමට සම්බන්ධ දේශපාලඥයා දේශපාලනයෙන් ඉවත් කරනවා වෙනුවට ටීවි චැනල් ලැබෙනවා. ඒවා තමයි ලංකාවේ වෙනස. මේ කාලේ ලියන්න කිසිම දෙයක් එන්නෑ කියලා රැඩිකල් ලිපි ලියන බ්ලෝග් වල නම් ඒ ටීවී චැනල් වලට හයර් කරනවා. ඒ විතරක්නම් මදෑ.විනෝද චාරිකා විදිහට උතුරට යෑමේ ත්‍රිල විවේචනය කරලා රැඩිකල් නාට්‍ය හදපු අපේ සහෝදරයෝ මේ ටීවී චානලවල බයිට් කල්ට් ඇතුලේ බයිට් වෙනවා... උනුත් හිනාවෙනවා අපිත් හිනාවෙනවා.... රේනෙත් හිනාවෙනවා.

යුද්ධය වෙලාවේ ඊට විරුද්ධව ෆිල්ම් හදලා මාර පොරවල් වෙච්ච බූඩි එක්ක එකතුවෙලා අර ෆිල්ම් බලපු ඔක්කොම බයිට් කරනවා. "සුළඟ එනු පිනිස" භාෂණගේ කොලමක නමක් හයර් එකට අරගත්ත විමුක්ති අද භාෂණව බයිට් කරන්නේ ලේසි පහසු විදහට නොවෙයි මෙන්න මෙහෙම කිය කිය. "මගේ ෆිල්ම් එකට ගහද්දි මාත් එක්ක හිටියේ බූඩි විතරයි. මට ඌ අඩගැහුයම බෑ කියන්න බෑ". මරේ මරු. භාෂණව විතරක් නොවෙයි හිරු එකම බයිට් කරනවා. ඒ විතරද සුළඟ එනු පිණිස පිටපතට තමන්ගේ කියලා අදටත් නොකියන පියල් කාරියවසම්​ව විමුක්ති මාතාට අත උස්සලා බයිට් කරන්නේ උස්සලා පොලොවේ ගහ ගහ. ලංකාවේ බයිට් වෙන්නේ ඒ වෙදිහට. ඒකයි​ මේකට ලංකාව කියන්නේ. කවුදෝ එකෙකේ කෑ ගහගෙන යනවා.

නමුත් තවම ඉවර නෑ. සමහර අපේ සිනමා යාලුවෝ විමුක්ති රෝල් මොඩල් එක කරගෙන තමන්ව නැවත නැවත බයිට් කරගන්නවා. මම දේශපාලනය එකග නෑ. ඒත් ෆිල්ම් ෂොට් නම් ආයේ මට හිතාගන්න බෑ. යාළුවා අමතක කරනවා අපි ජීවත් වෙන්නේ පශ්චාත් නූතන යුගයක කියලා. ඒනිසා අපි හැමෝම බයිට් වෙනවා.

කාලෙකට ඉස්සෙල්ලා ජාතිවාද උඩටම උස්සලා උතුරේ ජීවිත ලක්ෂ ගණනක් වළපල්ලටම යවන තරමට උතුර බයිට් කරපු රත්නශ්‍රී ලවා ආයේ ජනරළ පත්තරෙන් ලේ  හෝදනවා. ඒ විතරක්නම් මදෑ පොඩි කොළමක් ලියන්නත් දෙනවා. ආයේ සැරයක් අපිව බයිට් කරන්න.

ජනඅරගල සහෝදරවරු කිව්වේ ජවිපේ කට්ටිය ජාතික ප්‍රශ්ණය සම්බන්ධයෙන් තමන් බයිට් කරපු නිසා ජාතික ගැටළු මුල්කර ගනිමින් තමන් ජවිපෙන් ඉවත් වූ බව. ඒත් ආයේ අපිට බයිට් කරන්න දාන්නෙම ජවිපෙ එක්ක එකතුවෙලා අපිව  බයිට් කරපු  රත්න ශ්‍රී, රඹුක්න සිද්ධාර්ථ වගේ ​ජොකියෝ. මේ සැරෙත් අවසානේ ජන අරගලයත් හිනාවෙයි. රත්නශ්‍රීත් හිනාවෙයි.ජවපෙත් හිනාවෙයි. ඒ විතරක් නෙමෙයි මහින්දත් හිනාවෙයි. අවසානේ ඉස්සෙල්ලා පාරම වගේම බයිට් වෙච්ච උනුත් හිනාවෙයි....

ඒත් තමන්ගේ හෘද සාක්ෂි ය බයිට් කරගන්න අකමැති එවුන් මේ පොළවෙන් චුත වෙයි. නන්දිකඩාල් කලපුවේදි එදා වුනේ ඒක. උන් කවුරුත් බයිට් කලෙත් නෑ, බයිට් වුනෙත් නෑ.

Thursday, June 14, 2012

සමිතාට පළමු ගල ගසන්නට පෙර නිර්මල ලිඟුවක් හෝ යෝනියක් සොයාගෙන එන්න

ලංකාවේ පාලකයාගේ සිට ඉතා පහළ සමාජ ස්ථරයේ සිටින මිනිසා පවා බුද්ධ රුපයක් දැක්කොත් උන් තැනින් නැගිට ආචාර කරයි. දරුවෙක් දැක්කොත් දැක්ක ගමන් වඩාගෙන පොඩිඑකා අඩන තුරුම සිපගනන්නා, බසයේදී ගර්බණී කාන්තාවක් දුටුවහොත් සුටුස් ගා නැගිට තම වැඩි වී සිටි අසුන පූජාකර එක ජාතියක සත්ව වර්ගයකි.

මේ ලෙස  සාමාන්‍යතලයෙන්ගත් කළ ලංකාවේ මිනිසුන් හරි ෂෝක්ය. ආදරණීයය.නමුත් මේ මිනිසුන් කෙතරම් තම ජීවිත මත සළුපිළි දවට ජීවත්නව පිරිසක්ද යන්න ලංකීය බෞද්ධයා කෙතරම් ඇරියස් සහිත සත්වයෙක්ද යන්න ඉතාම හොදින් පැහැදිල වන තැන සයිබර් අවකාශයයි. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති සහෝදරයා කියන ආකාරයටම දහවල් සහ රැය අතර ජීවිත දෙකක් ගත කරන සතුන්ද යන්න එහිදී පැහැදිළිව පෙනේ. ඒ නිසාම මානව මනෝභාවයන්  සම්බන්ධව  මේ යුගයේ  ගැන පර්යෝෂණාගාරය බවට සයිබර් අවකාශ පත්ව ඇත.

ලංකා සමාජය විකල්ප සම්බන්ධතා යන්න නිර්වචනය කරනු ලබන්නේ වල් සබන්ධතා සහ එවා පවත්නව පුද්ගලයන් වල් ගැහැණුන් සහ පිරිමින් කියා වේ.

අද දිනයේ සමිතා මුදුංකොටුව ගායිකාවගේ දුරුවන් දෙදෙනා සමග වන එක්තරා ඡායාරුපයක් අන්තර් ජාලයේ වෙයි.මේ පිළිබඳ ඊට පහළින් ලැබෙන කොමෙන් ඔස්සේ ලංකා සමාජයේ පොදු ජනවිඥානය ක්‍රියාත්මක වෙනු ලබන්නේ කෙසේද යන්න මනාව නිරීක්ෂණය කළ හැකිය.

අන්තර් ජාලයේ කොමෙන්ටවලට අනුව දරුවන් දෙදෙනා තාත්තලා දෙනෙක්ගේ බව පූර්ව නිගමණයයි. මොහොතකට අප එසේම සිතමු. දරුවන් දෙදෙනාගේ පියවරුන් දෙදෙනක් බව. අප සරලවම අසන්නේ ඉතිං "මොකද් ද ප්‍රශ්ණය" යනුවෙනි.

 ඔය නොකියා කියන්නේ සමිතා එහෙම වුනාට අප සංස්කෘතක පවුල ආරක්ෂාකරනවා කියාය. නැතිනම් එය රැකගන්නවා කියාය. නමුත් මේ යුගයේදී නිර්මල පවුලක් , පරිපූර්ණ පවුලක් තිබෙන්නේ මනසේ පමණි. ක්‍රියාකාරීත්වය තුල එය විපරිතය. 

එයම කොමෙන්ට් වලට අනුව සමිතා පිරිමි දෙදෙනෙක් සමග සම්බන්ධතාවයන් පැවැත්වීම නිසා වල් ගැහැණියකි. නමුත් සැබෑ කරණය සමිතාය එම චෝදනාව කරනා අයට පවතින්නේ මම නොවිදි විනෝදයක් සමිතා විදින බව උපකල්පන කිරීමෙන් එන ලිංගික කුහක කමයි. සමිතාට සයිබර් අවකාශයේ ගල්ගසන පිරිමින්ට ඇති ප්‍රශ්ණය තමන්ට චාන්ස් එකක් ලබා නොදීම පිළිබඳ ගැටළුවකි. ගැහැණුන්ට ඇති කුකුස තමන්ට නැතිව සමිතාට පිරිමි දෙන්නෙක් ලැබුණේ දෙදෙද යන්නයි.

නමුත් මේ පිරිස්වල දහවල් කාලයේ ජීවිතය ඉතාම යහහමෙන් සෙමින් ඇල්වතුරත් උණුකර බොන ස‍්වරුපයේ ඒකකි.මේ අයගේ රාත්‍රීකාලයේ ජීවිතය ඉතාම නරුම වර්ගයේ එකකි.

මේ රට දැන් දිනකට දරුවන් දෙදෙනෙකු දූෂණය වන, ඉන් වැඩිම ගණනක් තමන්ගේම පියවරුන් අතින් දූෂණය වන, අම්මලා විසින් දුරුවන් ගංගාවලට විසිකරනු ලබන,අම්මලා තමන්ගේ දියණියන් පිරිමින්ට විකුණන විපරිත තත්ත්වයේ මනෝභායන්ගේ කප් ගසමින් තිබෙන රටකි. නමුත් මේ සියල්ල තමන්ගේ දිවා ජීවිතයේ සඟවා ගෙන එවායේ ඇරියස් පැටව් ගස්සමින් සිල්ගන්නා බණ අසනා රටකි.

සමිතාට පළමු ගල ගසන්නට පැමිණෙන පැමිණෙන් ස්ත්‍රියට හෝ පිරිමියාට අපි යෝජනා කරන්නේ ඊට පෙර කණ්නාඩියක් ඉදිරිපිට නිරුවත් වී තමන්ගේ ලිංගේන්ද්‍රිය  නැවත හොදින් බලාගන්නා ලෙසයි .

Wednesday, May 9, 2012

" ඉනාමලුවේ සබ්බේ ලබං ජාතකය "

ක වැසි සමයක ශ්‍රී ලංකා දේශයේ උපන් ගෞතම බුදුන් දඹුලානා නුවර වැඩවසන සමයේ  භූමි දේපලට අග්‍ර වූ ඉනාමළුවේ සුමංගල ද එම දඹුලානාරාමයේම වැඩ සිටී.

එක් කාන්තිමත් උදෑසනක කරුණා ඇස පැළද ලෝකය බලන කල්හී උන්වහන්සේ දුටුවේ දඹුලානාරාමය ගල පහළ ඉනාමලුවේ සුමංගල ශෝකීව දෑස් රතුකරගෙන වරක් හඩා ඉන්පසු සිනාසෙන ආකාරයයි. . එතැනට වැඩම කළ ගෞතම බුදුන් ඉනාමලුවගෙන් අසා සිටිවේ කිමක් නිසා දුක්වන්නේද  කිමක් නිසා සිනාසෙන්නෙ ද යන්නයි.

ඉනාමලුව බුදුන් ඉදි​රියේ කඳුළු ගලන රතුවූ දෑසින් යුතුව කියා සිටියේ " ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස අපගේ දඹලුනාරාමය ආසන්නයේ හම්බයන් විසින් පැලක් අටවා ඇති බවයි. එය මගේ හිතට මහත් වූ වේදනාවකි. අපි මෙහි වැඩවාසය කරනු ලැබුවේ සිංහ පෝතකයන් මෙනි. දැන් ටික දිනකින් අපගේ ආරමයද ඔවුන් විසින් අල්ලා ගනු ඇත යනුවෙන් මහා බියක් මගේ හිත පෙළයි."

ඒ නිසාම මට එය වෙත සරළ බූමිතෙල් බෝම්බයක් ගැසීමටම සිතයි ස්වාමීනි. කොළඹා දේශය අධිපති වූ රාජධිරාජපක්ෂ නරේන්ද්‍රයානන් අපට මේ ​හම්බකැල එළවා දැමීම සේනාව එවා ඇත. ඔවුන් තවත් සැනෙකින් මෙතැනට පැමිණෙනු ඇත.

මේ හම්බ පැළ ඇටවූ නිසා ඇතිවූ ධර්ම සංවේගයෙන් මම හැඩුවෙමි ස්වාමීනි... සේනාව පැමිණි පසු නැවත අත්පත් කර ගැනීමේ සතුටින් සිනාසුනෙමි ස්වාමීනි.

​ගෞතම බුදුන් දෙවරක් ඉනාමළුව වටේ කැරකී මෙසේ වඳාලහ.

" දුක් නොවන්න ඉනාමළුව, ඔබ භූමි සම්බන්ධ කරණයේ ප්‍රවීණෙයෙකි"  යැයි පවසා ඉනාමළුවේ සුමංගලට පෙර ආත්මභවයක මෙවැනි සිදුවීමක් ගැන උන්වහන්​සේ දේශණාකලහ.

එකල ද දඹුලාන පුරයට අධිපති ඔබ සුමංගල.ඔබ වැඩවාසය කළ භවන ආසන්නයේ තවත් එනැනි කණ්ඩලම තරු භවක් සාදන්නට යන බව අසා ඔබ මහත් භීතියට පත්විය. ඔබගේ මනසට ​ඊ සරක වේගයෙන් පැමිණි අදහස් වූයේ එම භවන ඉදිකරන ආකාරයත්, ඒ අසන්නයේ වෙසෙන සතා සීපාවට සිදුවන හානියත්

"අන්න හරි ස්වාමීණි"   යැයි මැදින් පැන සුමංගල කීය.

නැත සුමංගල ඔබට පළමුව මතකය ආවේ අද මෙන්ම භූමි දූර්ංභූත වීමේ සිතුවිල්ලයි. ඉන්පසු ඔබ ඔබගේ තීක්ෂණ භූමිඥානය මෙහෙයවා දැවැන්ත සේනාවක් සංවිධානය කළහ. එයට සැදහවත් සිල්වත් උපාසක උපාසිකාවන් සියල්ලෝම ඔබ සමග වූහ.

දින ගතවිය ඔබ කිනම් බාධක පැමිණියද නොසෙල්වී සිටියහ. අවසානයේ අලුත්ම අලුත් බෙන්ස් කු​රුල්ලෙක් ඔබ අභිමුවට ඉගිල්ලී ආහ. ඉන් කලකට පසු කණ්ඩලම බවනේ සැප ඇදක්ද ඔබට වෙන්කෙරුණි. එවට ඔබ අද සිනාසුනු ලෙසම සිනාසිය. උපාසක උපාසිකා ඇත්තන් ද එදාද අවසානයේ සාදූ නඳ දෙමින් ඔබගේ ඥානය පිළිබඳ ධර්මප්‍රීතිය පත්වූහ.


කියා බුදුන් නැවත දඹුලානාරාමයේ මස්ථක ගලට ගැගූහ. සුමංගල ඒ අසලින් යන තරුණ උපාසිකාවටක ඇසක් ගසා බුදුන් පසුපසු වැටුනහ .

Tuesday, April 10, 2012

"රාජපක්ෂ අපිත් ලෑස්තියි"

ගොලායඩ්ට කැටපෝලයෙන් විද බිම හෙලන්නාක් මෙන් විදේශී හමුදාවක් තම රට ආක්‍රමණය කරන විටකදී ඉදිරිය ඇදෙන මහා දැවැන්ත යුධටැංකියක් වෙත ඉදිරියට ගොස් ගලක් ගසන්නට සූදානම් වන කොලු ගැටයකුගේ පින්තූරයක් ලොව සැවොම මවිතයට පත්කලේය.

සමහරෙක් පිස්සෙක් යැයි කීහ... සමහරු ඔහුට හූ කියන්ට ඇත. නමුත් ඒ පින්තූරය කියනා මහා කථාවක් ඇත. ඒ කුඩා ශරීරයකට තිබූ මහා ආත්ම විශ්වාසයයි. ගල්කැටයකින් යුධ ටැංකිය නවත්වන්ට නොහැකි බව සත්‍ය නමුදු සියල්ලෝ ඔහේ බලාසිටියදී එයට අසාධාරණයට විරුද්ධව එක ගල් කැටයක් හෝ ඔසවන්නට ඒ කොලු ගැටයාට තිබූ මහා ආත්මය ගැන කථාවක් අපට එම පින්තූරය කියා දෙයි.


ලංකාවේදී එවැනි එක උදාහරණය ඇත. ඒ භීෂණ සමයේ සියල්ලෝම තම පෑනට කොපුව ගසා තිබූ යුගයක එක් කතෘ වරයෙක් මහා වැකියක් ලිව්වේය. අකුරුවලට මේ භීෂණය වෙනස් කර නොහැකි සියලු මාධ්‍ය ස්ව්‍යංවාරණයක් පැවති ප්‍රේමදාස යුගයේදී සුනිල් මාධව නම් එවක් ලොකු ආත්මයක් තිබු පුංචි මිනිසා ලක්දිව කාර්යාලට පහරදුන් පසු දා පුවත්පතේ මහා හෙඩිමක් ලිව්වෙය..එයනම්


"ප්‍රේමදාස අපිත් ලෑස්තියි"

ඔහුට ද එවක් මිනිසුන් හිනා වෙන්නට ඇත. හූ කියන්ටද ඇත. පිස්සෙක් කියන්ටද ඇත. නමුත් එවැනි මිනිසුන් මහා ආත්මයන් නොමැති මිනිසුන් ලංකා භූමියට අහිමි වීමේ ඛේදවාචකය අද දවසේ දී භූමියේ යථාර්තය අපට කියා පායි. කාලානුරුපව සුනිල් අයියා විභූති වීදියබණ්ඩාරාගේ පොතේ පිදුමට යටවී ඒ මහා ආත්මය ක්ෂය කර ගත්තේය.
නමුත් ඔහුගේ ඇසුරෙන් හැඳුනු වැඩුණු මහා ආත්මයක් සහිත මිනිසෙක් අපට දෛවෝපගතව අපට ඉතිආසය විසින් මුණගස්වා ඇත. භූමියේ පවත්නා කඩෝරතර යථාර්ථය හමුවේ මහා ආත්මයක් සහිතව සුවහසක් දැවන්ත මිනිසුන් ගිලගන්නා, මිනිසුන් අතුරුදහන් කරනා මිනිස් ආත්මයේ වටිනාකම් කෙළ පිඩකට සමාන කළ රාජ්‍යකට එරෙහිව තම අකුරු වලින් මිනිස් වර්ගයාගේ නිදහස් වෙනුවෙන් පෑන මෙහෙයවූ මිනිසෙක් අපට මුණගැසෙයි. ඒ රෝහිත භාෂණ අබේගුණවර්ධනය.

උතුරේ භූමියේ යථාර්ථය දිනකදී අභිමුව වන බව භාෂණ ප්‍රමුඛ හිරු කණ්ඩායම තම දේශණවලදීද තම සටන් කරන අකුරුවලින්ද අපට ඉගැන්වීය. තරගයක ලකුණු ගණන්කරනවාක් මෙන් උතුරේ දී මිය යන පීඩිති දමිළ ජනයාගේ ඔලු ගොඩි ගණන්කිරීමේ ඓතිහාසික වැරැද්දට දකුණට වන්දි ගෙවන්නට වන්නේ තමන්ගේම ජීවිත වලින් බව එදා භාෂණ සහ හිරු කණ්ඩායම පිටුපුරා ලිව්වද එම යථාර්ථය පෙන්වාදීම නිසා දකුණෙන් ඔවුනට පිදූ ගෞරවය වූයේ ජීවිතය බේරාගන්නට නන්නාදුනන රටක් වෙත පලායෑමට සිදුකිරීමයි. එය කෙතරම් කඩෝර ගෞරවයක්ද යත් තමන්ගේ ආදරණීය පියාගේ මළගමට පවා භාෂණට සහභාගී වීමට නොහැකි විය.දකුණට වෙලී සිටි මායාවෙන් එහා තිබෙන්නාවූ කඩෝර යථාර්ථය දකුණේ සුවහසක් ජනතාවකට කියාදුන් වරදට භාෂණට සිදුවූයේ ජයතිලක බණ්ඩාරයන් භාෂණගේම කවියක් පියාගේ මළගෙදර හඬගා කියන විට ඇත කෙළවරක සිට දුරකථනයක් ඔස්සේ එය අසා සිටිමින් ඉකිබිඳීමටයි. යථාර්ථය ගෙනහැර පෑම එතරම්ම කඩෝරය වී ඇත.

කොළඹට ගුවන් යානවයක් පදවා ගෙන පැමිණි රූබන් නම් විමුක්ති සටන් සගයාගේ කලිසම් සාක්කුවේ ලියුමක් විය. එහි මෙසේ සඳහන් තිබුණි.

"අපේ අරගලය අපේ සටන දකුණේ සිංහල ඔබලාය විරුද්ධව නොව අපේ භූමිය ආක්‍රමණය කර සිටිනා මිනිමරු හමුදාවට සහ කොළඹ මිනීමරු ආණ්ඩුවට එරෙහිවයි. එහෙයින් ඔබගේ පෙම්වතා සැමියා උතුරේ භූමියා ආක්‍රමණය කිරීමට යකඩ සපත්තුවට බැසීමට පෙර ඔවුන් කියන්න ඔවුන් කියන්න ඔබ උණ්ඩය මානන්නේ තවත් ආදරණීය පියෙකුට, පෙම්වතෙකු බව."


නමුත් ඒ හඬට කන්දීමට තරම් දකුණේ පපු කැවුත තුල තෙතක් ඉතිරිව තිබුණේ නැත.

එදා ඒ යථාර්තය මගහැර ගිය දකුණවෙත අද එය මගහැර යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත. උතුරේ අම්මාලා දස දහස් ගණනකගේ කඳුළු ගංගාවක් දුටු අප තවත් අම්මා කෙනෙකුගේ තම පුතුගේ ජීවිතය සම්බන්ධයෙන් අනියත බියකින් දෑස් කෙමි පුපුරා ගලන කඳුළු දකින්ට තරම් අපි අවාසනාවන්ත වී සිටිමු. කුමාර් සහෝදරයා සහ දිමුතු සහෝදරියගේ පැහැර ගෙන යාම ඔස්සේ අන්කවර දාටත් වඩා දකුණ හෙල්ලුම් කා ඇත. අදා සිට අද දක්වා අපට දැනෙනා මරණයේ භය දකුණේ අපගේ මිතුරන්ට ද දැනෙන්නට පටන් ගෙන ඇත. රාත්‍රී අදුර ගලද්දී දකුණේ අම්මාවරුන්ගේ පපුවේ ලබ්ඩබ් ශබ්දය ඉතිහාසයේ අන්කවර දාටත් වඩා වැඩි වී ඇත. ඒ තම පුතා සැමියා ගෙදර ඒවිදෝ නොවේවිදෝ ගෙදර පැමිණියද යළිත් රැගෙන යයිදෝ යන දෙගිඩියාව නිසාවෙනි.

ඉතිහාසයේ අඳුරුතම යුගය වෙත අප පැමිණ සිටි නිසාම මෙය කුමාර් සහෝදරයා පැහැර ගෙන යාම යනු දකුණේ අවසන් පැහැර ගැනීම නොවේ. මේ සටහන ලියන මොහොත වන විට කුමාර් සහෝදරයා ලංකාවෙන් පිටුවල් කර ඇත. එය දකුණට තවත් පාඩමක් කියා දෙයි. එදා භාෂණ ඇතුළු හිරු පිරිසට රටින් පිටුවල් වන්නට සිදූවූයේ මීට වඩා අති බිහිසුණු වටපිටාවක් තුළය. 


එදා කුමාර් ලාද දිමුතුළාද හිරු දේශපාලනය හැදින්වූයේ දේශද්‍රෝහී ලෙසය. එදා එසේ හැදින්වූවායැයි කියා අද කුමාර් සහෝදරයාට දේශපාලනය කිරීමට ඇති අයිතිය පැහැර ගැනීමට එරෙහිව ඒ සියලු සගයන්ගේ සටන් කරන අකුරු කිසිදු අහිතකින් තොරව ක්‍රියාත්මක වෙයි.

දැන් දකුණට අලුතින් හිතන්නට කාලය පැමිණ ඇත. පැමිණ ඇත යනු මරණය දකුණේ සියළු ජීවත ඉදිරියේ හොල්මන් කරමින් සිටින යුගයට පැමිණ ඇත. භාෂණ සහෝදරයා ඇතුළු හිරුගෙන ගිය  අරගලය අලුත් වටයකින් ආරම්භකරන්නට මොහොත පැමිණ ඇත. භාෂණ සහෝදරයා ඇතුළු ඒ සහෝදර කැලම තවම ශ්‍රී ලංකා රාජ්‍ය නම් වූ මහා යුධ ටැංකියට එරෙහිව ගලක් ඔසවන්නට තරම් මහා ​​ධෛර්‍යවන්ත ආත්මයන්ගෙන් පිරිපුන්ව සිටී.

ඒ නිසා ලංකා භූමියෙන් ඒ සටනට මහා හෙඩිමක් අවශ්‍යව ඇත. කිසිදු බියකින් තොරව මරණයේ සෙවනැලි දසතින් පැතිරෙද්දීද මෙසේ ලියා තබන්නේ ඔවුන්ගේ ඒ සටනට අංශ්‍රමාතීය ජවයක්, ​ධෛර්‍යක් එක්කරනු අටියෙනි...
"රාපක්ෂ අපිත් ලෑස්තියි"

Saturday, February 25, 2012

එක විදහක මිනිස්සු සහ දිව දෙකේ සත්තු




පළමුව මේ කථාව කියවන්න.!  


රිචඩ් ද සොයිසා කොළඹ ඉංග්‍රීසි උගත් ඉහළ මධ්‍යම පාන්තික පවුල් පසුබිමකින් පැවත ආවෙකි. දේශපාලන විද්‍යාව, දර්ශණවාදය සහ කලා-සාහිතය පිළිබද පැතිරුණු දැනුමක් තිබූ අයෙකි. 1997 - 1989 භීෂණ සමයේ රයේ හමුදාවන්ගේ සංහාරයට ගොදුරු කැරලිකාර තරුණයින් පිළිබඳ විවේචනයක් පැවතියද හෙතෙම ඔවුන් කෙරෙහි පක්ෂපාතීත්වයක් සහ අනුග්‍රහශීලී ආලක්පයක් දැරීය. ඔවුන් මුහුණ දුනු මර්දනකාරී යථාර්ථය හෙළිකිරීමට මාධ්‍ය වෘත්තිකයෙකු නොගන්නා අවදානමක් ගනිමින් ක්‍රියාකලේය. 1990 පෙබරවාරි 18 වැනිදා රාත්‍රියේ සිටියදී පැහැරගෙන යනු ලැබූ රිචඩ් ද සොයිසාගේ වෙඩිවැදුණු මළ සිරු අගනුවර වෙරළ තීරයකින් හමුවිය.

දෙවනුව මේ කථාව කියවන්න !

ධර්මරත්නම් සිවරාම් මඩකලපුවේ ඉංග්‍රීසි උගත් ඉහළ මධ්‍යම පාන්තික පවුලකින් පැවත අවෙකි. දේශපාලන විද්‍යාව, දර්ශණවාදය, යුද හා උපායික අධ්‍යනය මෙන්ම කලා-සාහිත්‍ය හාඉතිහාසය යන විෂයන් පිළිබඳ පෘථුල දැනුමක් සහිත අයෙකි. සංවේදී හදක් ඇත්තෙකි. 1983 - 2002 දක්වා දිග්ගැස්සුන දීර්ඝ කාලීන සිවිල් යුද්ධයේදී රාජ්‍ය හමුදාවන් යටතේ ස්වකීය ජනයා මුහුණදෙන කෲර යථාර්ථය හමුවේ ක්‍රියාශ්‍රීලීව සමාජ අරගලයට අවතීර්ණ වීම සඳහා  හෙතෙම සරසවි අධ්‍යාපනය හැරදාමා ආවේය. කළක කැරලිකාරී දේශපාලනය නායකත්ව ශ්‍රේණීන් නියෝජනය කළ හෙතෙම පසුකාලීනව රිචඩ් ද සොයිසා හමුවීමෙන් මාධ්‍ය වෘත්තීයට අවතීර්ණ විය. කැරළිකාර ව්‍යාපායන් පිළිබඳව ස්වකීය වූ විවේචනාත්මක ස්ථාවරත්වනයන් දැරූවද, හෙතෙම ඔවුන් කෙරෙහි පක්ෂපාතීත්වයක් සහ අනුග්‍රහශීලී ස්ථාවරත්වයක් දැරීය. ඓ
හෙයින් සාමාන්‍ය වෘත්තීය මාධ්‍යවේදියෙකු නොගන්නා තරමේ අවදානමක් ගනිමින් ඔවුන් පෙලූ මර්දනකාරී යථාර්ථය හෙළි කළේය. 2005 අප්‍රේල් 28 වෙනිදා රාත්‍රියේ කොළඹ ජනාකීර්ණ ප්‍රදේශයකදී පැහැරගෙන යනු ලැබූ සිවරාම්ගේ වෙඩි වැදුණූ මළ සිරුර පසුදා පහන් වන විට අනනුවර පාර්ලිමේන්තු සංකීර්ණය අසලින හමුවිය.



(ඉහත කථා දෙකම උපුටා ගන්නා ලද්දේ 2005 මැයි 8 වැනිදා "හිරු" ධර්මරත්නම් සිවරාම් විශේෂ විශේෂ කලාපයෙනි.)

දැන් මේ කථාව කියවන්න !! 







දැන් කථාවෙන් කියන්නට යන්නේ ඇටමිදුළු වලට දක්වා ජාතිවාදය එන්නත් කළ, අවසාන දෙමලාත් දක්වා සමූළ ඝාතනය කළයුතුයැයි කියූ ජවිපේ මතවාදය හිස් මුදුනින්ම පිළිගෙන තම පෑන ඒ අමන ක්‍රියාන වෙනුවෙන් මෙහෙය වූ චන්දන සිරිමල් වත්ත දැන් රිචඩ් ද සොසිසා ගැන පිටුගනන් අකුරු පුරවයි. මෑතදී නින්දෙන් අවදී වූ චන්දන සිරිමල් වත්තලාට තම අතේ වූ සිවරාම්ලාගේ ලේ නොපෙනෙනේය. රිචඩ් ද සොසියා ගැන සිරිමල් වත්ත ලියන්නට පෙර තමන්ගේ හදවතට තට්ටුකර බැලිය යුත්තේ රිචඩ්ගේ සමීප මිතුරා වූ සිවා ඝාතනය කිරීමට ද ඉන්පසු සිවා කොටියකු කිරීමට තම පෑන විසින් කෙතරම් පත්තර පිටු අතර අකුරු පිරෙව්වා ද යන්නයි.

සිරිමල්වත්තලා රිචඩ් ගැන ලියන්නට පෙර තමන්ගේ පෑන දෙස බලන්න එහි සිවාලාගේ ලේ තැවරී තිබෙනු ඇත.

රිචඩ්ලා සිවාලා එකවිදිහක මිනිසුන් වන්නේ සහ සිරිමල්වත්තලා දිව දෙකේ සතුන් වන්නේ අප තවම මැරී ඉපදී නොමැති බැවිනි.

Tuesday, January 31, 2012

අරලිය මන්දිරයේ සවිකළයුතු පුවරු විහාරමහා දේවියේ සවිකිරීම

බුද්ධ සාසන සහ ආගමික කටයුතු අමාත්‍යංශය විසින් විහාරමහා දේවි  උද්‍යානය අවට සහ ඒ මග දෙපස ආදර්ශපාඨ සහිත පුවරු ගණනාවක් අවට සවිකර ඇත. ඇත්තෙන්ම එහි පාඨයන් ආදර්ශයට ගැනීම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැත. මන්ද ඒ සියල්ල මිනිසෙකු ලෙස යහපත් ජීවිතයක් ගත කිරීමට උදව් වන බැවිනි.
40,000 ක දමිළ ජනතාවක් මරාදමන්නේ නැත

තංගල්ලේ දී රුසියානු දූෂණය කර ලද දුෂකයන් බේරාගැනීමට දඟලන්නේ නැත


18 වැනි ව්‍යවස්ථා සංශෝධනයන ගෙන එන්නේ නැත.

​කොළඹ නරගය සුන්දර වන තරමට කොළඹ මිනිසුන්ගේ ජීවිතය අසුන්දර වන්නේ නැත

මෙවැනි චන්ඩිපාට් විදෙස් ප්‍රතිප්‍රත්තියක් හදාගන්නේ නැත

දමිළ ජනතාවගේ අයිතීන් කප්පාදු වන්නේ නැත




ප්‍රශ්ණය ඇත්තේ එම පුවරු සවිකර ඇත්තේ වැරදි තැනකය. ඇත්තෙන්ම එම පුවරු සවිකළ යුතු ස්ස්ථානය වන්නේ අරලිය ගඟ මන්දිරය ඉදිරිපිටය. හරියටම ජනාධිපතිවරයා එළියට ආ සැනිණ් පෙනෙන ලෙස සවිකිරීම ඉතා වටින්නේය. ඇත්තෙන්ම එය පොහෝ දිනයට අරලිය ගහ මන්දිරයේ

බණ කියනවාට වැඩිය වටින්නේය. දරුවන් ලැබීමට සිටින අම්මලා තමන් වාසය කරන මව්වරුන් ළදරුවන්ගේ පින්තුර බිත්තිමත අලවන් සිටින්නේ එවැනි සුන්දර බිළිදෙකු මටද ලබාදෙන ලෙසය සිතුවිල්ල අර පින්තූර දකින වාරයක් පාසා මත මතකයඑ එයි. ඒ ලෙස මහින්ද රාජපක්ෂ ජානාධිපතිවරයාටද ඉහත පින්තූර නැවත නැවත දකින්ට සැලැස්වීම ඔහුටත් වඩා සුබවන්නේ මේ රටේ ජනයාටය.