
සමහරෙක් පිස්සෙක් යැයි කීහ... සමහරු ඔහුට හූ කියන්ට ඇත. නමුත් ඒ පින්තූරය කියනා මහා කථාවක් ඇත. ඒ කුඩා ශරීරයකට තිබූ මහා ආත්ම විශ්වාසයයි. ගල්කැටයකින් යුධ ටැංකිය නවත්වන්ට නොහැකි බව සත්‍ය නමුදු සියල්ලෝ ඔහේ බලාසිටියදී එයට අසාධාරණයට විරුද්ධව එක ගල් කැටයක් හෝ ඔසවන්නට ඒ කොලු ගැටයාට තිබූ මහා ආත්මය ගැන කථාවක් අපට එම පින්තූරය කියා දෙයි.

"ප්‍රේමදාස අපිත් ලෑස්තියි"
ඔහුට ද එවක් මිනිසුන් හිනා වෙන්නට ඇත. හූ කියන්ටද ඇත. පිස්සෙක් කියන්ටද ඇත. නමුත් එවැනි මිනිසුන් මහා ආත්මයන් නොමැති මිනිසුන් ලංකා භූමියට අහිමි වීමේ ඛේදවාචකය අද දවසේ දී භූමියේ යථාර්තය අපට කියා පායි. කාලානුරුපව සුනිල් අයියා විභූති වීදියබණ්ඩාරාගේ පොතේ පිදුමට යටවී ඒ මහා ආත්මය ක්ෂය කර ගත්තේය.

උතුරේ භූමියේ යථාර්ථය දිනකදී අභිමුව වන බව භාෂණ ප්රමුඛ හිරු කණ්ඩායම තම දේශණවලදීද තම සටන් කරන අකුරුවලින්ද අපට ඉගැන්වීය. තරගයක ලකුණු ගණන්කරනවාක් මෙන් උතුරේ දී මිය යන පීඩිති දමිළ ජනයාගේ ඔලු ගොඩි ගණන්කිරීමේ ඓතිහාසික වැරැද්දට දකුණට වන්දි ගෙවන්නට වන්නේ තමන්ගේම ජීවිත වලින් බව එදා භාෂණ සහ හිරු කණ්ඩායම පිටුපුරා ලිව්වද එම යථාර්ථය පෙන්වාදීම නිසා දකුණෙන් ඔවුනට පිදූ ගෞරවය වූයේ ජීවිතය බේරාගන්නට නන්නාදුනන රටක් වෙත පලායෑමට සිදුකිරීමයි. එය කෙතරම් කඩෝර ගෞරවයක්ද යත් තමන්ගේ ආදරණීය පියාගේ මළගමට පවා භාෂණට සහභාගී වීමට නොහැකි විය.දකුණට වෙලී සිටි මායාවෙන් එහා තිබෙන්නාවූ කඩෝර යථාර්ථය දකුණේ සුවහසක් ජනතාවකට කියාදුන් වරදට භාෂණට සිදුවූයේ ජයතිලක බණ්ඩාරයන් භාෂණගේම කවියක් පියාගේ මළගෙදර හඬගා කියන විට ඇත කෙළවරක සිට දුරකථනයක් ඔස්සේ එය අසා සිටිමින් ඉකිබිඳීමටයි. යථාර්ථය ගෙනහැර පෑම එතරම්ම කඩෝරය වී ඇත.
කොළඹට ගුවන් යානවයක් පදවා ගෙන පැමිණි රූබන් නම් විමුක්ති සටන් සගයාගේ කලිසම් සාක්කුවේ ලියුමක් විය. එහි මෙසේ සඳහන් තිබුණි.
"අපේ අරගලය අපේ සටන දකුණේ සිංහල ඔබලාය විරුද්ධව නොව අපේ භූමිය ආක්‍රමණය කර සිටිනා මිනිමරු හමුදාවට සහ කොළඹ මිනීමරු ආණ්ඩුවට එරෙහිවයි. එහෙයින් ඔබගේ පෙම්වතා සැමියා උතුරේ භූමියා ආක්‍රමණය කිරීමට යකඩ සපත්තුවට බැසීමට පෙර ඔවුන් කියන්න ඔවුන් කියන්න ඔබ උණ්ඩය මානන්නේ තවත් ආදරණීය පියෙකුට, පෙම්වතෙකු බව."
නමුත් ඒ හඬට කන්දීමට තරම් දකුණේ පපු කැවුත තුල තෙතක් ඉතිරිව තිබුණේ නැත.
එදා ඒ යථාර්තය මගහැර ගිය දකුණවෙත අද එය මගහැර යා නොහැකි තත්ත්වයක් උදාවී ඇත. උතුරේ අම්මාලා දස දහස් ගණනකගේ කඳුළු ගංගාවක් දුටු අප තවත් අම්මා කෙනෙකුගේ තම පුතුගේ ජීවිතය සම්බන්ධයෙන් අනියත බියකින් දෑස් කෙමි පුපුරා ගලන කඳුළු දකින්ට තරම් අපි අවාසනාවන්ත වී සිටිමු. කුමාර් සහෝදරයා සහ දිමුතු සහෝදරියගේ පැහැර ගෙන යාම ඔස්සේ අන්කවර දාටත් වඩා දකුණ හෙල්ලුම් කා ඇත. අදා සිට අද දක්වා අපට දැනෙනා මරණයේ භය දකුණේ අපගේ මිතුරන්ට ද දැනෙන්නට පටන් ගෙන ඇත. රාත්‍රී අදුර ගලද්දී දකුණේ අම්මාවරුන්ගේ පපුවේ ලබ්ඩබ් ශබ්දය ඉතිහාසයේ අන්කවර දාටත් වඩා වැඩි වී ඇත. ඒ තම පුතා සැමියා ගෙදර ඒවිදෝ නොවේවිදෝ ගෙදර පැමිණියද යළිත් රැගෙන යයිදෝ යන දෙගිඩියාව නිසාවෙනි.
ඉතිහාසයේ අඳුරුතම යුගය වෙත අප පැමිණ සිටි නිසාම මෙය කුමාර් සහෝදරයා පැහැර ගෙන යාම යනු දකුණේ අවසන් පැහැර ගැනීම නොවේ. මේ සටහන ලියන මොහොත වන විට කුමාර් සහෝදරයා ලංකාවෙන් පිටුවල් කර ඇත. එය දකුණට තවත් පාඩමක් කියා දෙයි. එදා භාෂණ ඇතුළු හිරු පිරිසට රටින් පිටුවල් වන්නට සිදූවූයේ මීට වඩා අති බිහිසුණු වටපිටාවක් තුළය.
දැන් දකුණට අලුතින් හිතන්නට කාලය පැමිණ ඇත. පැමිණ ඇත යනු මරණය දකුණේ සියළු ජීවත ඉදිරියේ හොල්මන් කරමින් සිටින යුගයට පැමිණ ඇත. භාෂණ සහෝදරයා ඇතුළු හිරුගෙන ගිය අරගලය අලුත් වටයකින් ආරම්භකරන්නට මොහොත පැමිණ ඇත. භාෂණ සහෝදරයා ඇතුළු ඒ සහෝදර කැලම තවම ශ්‍රී ලංකා රාජ්‍ය නම් වූ මහා යුධ ටැංකියට එරෙහිව ගලක් ඔසවන්නට තරම් මහා ධෛර්යවන්ත ආත්මයන්ගෙන් පිරිපුන්ව සිටී.
ඒ නිසා ලංකා භූමියෙන් ඒ සටනට මහා හෙඩිමක් අවශ්‍යව ඇත. කිසිදු බියකින් තොරව මරණයේ සෙවනැලි දසතින් පැතිරෙද්දීද මෙසේ ලියා තබන්නේ ඔවුන්ගේ ඒ සටනට අංශ්රමාතීය ජවයක්, ධෛර්යක් එක්කරනු අටියෙනි...
"රාජපක්ෂ අපිත් ලෑස්තියි"
මෙම ලිවේ කවුද?
ReplyDelete