Monday, October 17, 2011

අපි නොදන්න බබානිස්.....

"තමන්ගෙන් ආරක්ෂාව ඉල්ලා සිටින්නට ඕනම කෙනකුට හැකියාවක් ඇතත් එකී ආරක්ෂාව සලසන්නේ කෙසේද යන්න තීරණය කරන්නේ තමන් විසින් බවත්,එය ප්‍රශ්න කිරීමට කිසිවෙකුටත් අයිතියක් නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය."


ජනාධිපති නව පාලාත් පාළන නියෝජිත හමුවේදී ප්‍රකාශ කරයි
------------------------------------------------------------------------------------------------------

ඔව් අපි එය දනිමු.අපේ ආරක්ෂාව එතුමාට කොපමණ වටින්නේදැයි දනිමු. ඇයි ඒ විතරක් යෑ එතුමා ජාතියේයම සංකේත පියයාය.... තේරෙන්න කියනවානම් ආඩම්බරකාර තාත්තාය. එතුමාගෙන් ලැබෙන ආරක්ෂාව ප්‍රශ්ණ කිරීමට අපි මොක්කුද??

දැන් බලන්න එතුමා උතුරට ආරක්ෂාව දෙන හැටි. කුගනාදන්ගේ අත කැඩුවා..ඊට පස්සේ සිසු නායනයෙක්ගේ ඔළු පැලුවා. ඇයි ඒ විතරක්ද??? 40,000 දාහක් සාන්ත සුවයට පත්කලා. තමන්ගේ ​සුවච කීකරු​ ගෝල බාලයෝ  ටික දාලා. ලසන්ත ...අහ් ලසන්තට සදා සැනසීම දුන්නා. ප්‍රගීත්ව සියල්ලෙන් ආරක්ෂාකරලා තබාගෙන සිටිනවා.තවවවව භාරත ගැනත් බැලුවා.

ඊට අමතරව එතුමා ​මේගොල්ලන්ට කොපමණ ආරක්ෂාවක් දුන්නද?? මේ ඔක්කොම දැන් අපේ රටේ කෝටිපතියෝ වෙලා ඉන්නේ ඒ නිසා. නැද්ද මං අහන්නේ දැන් බලන්න ජැක්සන් ඇන්තනි, විමල් වීරවංශ එතකොට පාඨලී චම්පික, රතන උන්නාන්සේ...බලන්න මේ ඔක්කොම කොච්චර ආරක්ෂාවෙන් ඉන්නවද කියලා.

ඉතින් මේ සුද්දො කවුද ජනාධිපති උන්නාන්සෙන්ගේ  දෙමළුවන්ට ආරක්ෂාව දුන්නේ මෙහෙමද කියලා අහන්න. නේද?? එතුමා දැන් ප්‍රසිද්ධියෙම් කියනවානේ. සුදු කොඩි උස්සන් ආපු ගමන් සුදු රෙදි පොරෝලා යැවුවේ. කවුද එහෙම කරන්නේ ඒ උතත්මය ඇරෙන්න.අපේ පොඩි එකා බාලචන්ද්‍ර...ඒකව අ​යේ මුල ඉදලා මොන්ටිසෝරි යන්න එක්කරගෙන ගිය එතුමා. සුද්දෝ මොනවද දන්නේ...

නැත්නම් තුනෙන් දෙකක් දෙයිද මං අහන්නේ...ආහ් දෙමුකෝ උත්තර... බලන්නකෝ එතුමගේ ආදරේ උතුරනවා..දරුවෙක් පෙන්න බෑ වඩාගන්නවා. හරි ෂොක්නේ. කවුරු කවුරුත් ඉක්මනට එතුමට කථාකරන්න. ආරක්ෂාව ඉල්ලගන්න...හැබැයි ප්‍රශ්ණ කිරීම තහනම්.


මත​කනේ ප්‍රශ්ණ කිරීම තහනම්

3 comments:

  1. ප්‍රශ්න කිරීම තහනම් කියන්නේ එතකොට අපි ඉන්නේ ප්‍රජාතාන්තවාදී රටක නෙමේද අයිබෝන් . .

    ReplyDelete
  2. @ දුකා
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ මොකැයි?

    ReplyDelete
  3. දුකා ආයිබොවන්ඩ ඒක තමයි පුරස්නේ... රජ උතුමානෝ එහෙම තමයි කීලා තියෙන්නේ

    ReplyDelete