Tuesday, November 15, 2011

සුමිත් චාමින්දට ග්‍රාස්රූගට් පිළිතුරක්



සුමිත් චාමින්ද x එක හරහා යමක් ඉගෙන ගත්බව සැබෑවකි.ඉන්පසු තව තව දෙවල් කියවූ බවද සැබෑවකි. ඒ ඔය ඔයා කියන මහා දේවල් කහටගස්දිගිලියේ අපට තේරෙන්නේ නෑ ආයිබෝවන්ඩ. අපිට තේරෙනවා අපි ජීවත් වෙනවා කියලා. ඔය කිසි න්‍යායක් නැතිවම.ජීවිතය ගෙවනවා කියලා. පොළව එක්ක පොරබදන බැදිල්ලට ජීවිතේ දැනේනවා ආයිබෝවන්ඩ.

අරහෙන් දමළට ගහලා විනාස කොරලා දාද්දි අනිත් පැත්තෙන් රතු කොඩිය ඉරලා සහෝදරවරුම පාර මැද නිරුවත් වෙදිද් මේ අංකලංචි ඇතුලේ ඔහේ ලක්සෙට කොඩිය දම්මා වගේ සංතෝෂ සිනහවෙන් ඉන්නවා මේ හිස් අකුරු පුරවන පත්තර වල පේනවා. ඔහේ දන්න ඔක්කොම පොත් ටික පෙරලලා කියන දෙවාල වලට අපේ ගෙදර උන්දා කියන්නේ අර කොළුවට දිස්තියක් වැහිලද කොහෙද කියලා. කොහොමත් එක් එක ස්ත්‍රීපාරණ දිස්ටි වැහෙනවා කියලා අපි ගමේ බයියෝ වුනත් දන්නවා ආයුබොවන්.

ඔහේලා පොත් ටික බදාගෙන දගද්දි ජීවිතේ අහුවෙන පොඩි පොඩි තැන්ටික ඔක්කොම හැලිලා ගිහින්. දැන් ඔහේ ඉන්වා ඇත්තේ අප්‍රමාණ සංතෝෂයකින්. මොකද ජනතා විමුක්ති පෙරමුණ? කෑලි කෑලි වලට කැඩුවේ එහේ කියලා මේ ළගදී අඩියක් ගහණ ගමන් නහරවල් පුප්පලා කථාකරවා මං අහගෙන. කමක් නෑ ඔහේ ඔය සංතෝසෙම ඉන්න. ඒකත් මදෑ මිනිහෙක් සංතෝසයෙන් ඉන්නවා කියන එකම.

හැබැයි අයිබොවන්ඩ එකත් තියෙනවා කියන්න....

න්‍යායන් කියලා මහා ලොකුදෙවල් බිහිවෙන්නේ ජීවිතය පැටලුම් ලිහාගන්න මිසක් න්‍යායන් වලින් ජීවිතය බිහිවෙන්නේ නෑ. අල්තුසායි ලොකු අයියගෙන් බදිව් මලයාගෙ පිටුගනන් එහෙමම පත්තර පිටුවල පිරෙව්වා කියලා ජීවිතේ කිසිම දෙයක් අහුවෙනනේ නෑ.

දැඩිය සුවද දන්න මිනිස්සුන්ට ජීවිතේ අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑ ආයිබොවන්ඩ.  අපි දන්නවා ඔය අයිබෝවන්ට ජීවිතේ ම්ග හැරිලා කියලා. ඒ නිසා පොඩ්ඩක් එලි පහළියට බැහැලා බලන්න. ජීවිතේ පෙනෙයි. ඔය ආයිබොවන්ට කොච්චර දේවල් මග ඈරිලද කියලා.

මාක්ස් උන්නැහෙට තිබුණේ ජීවිතයක්. දැනෙන ජීවිතයක්. ලෙනින් උන්නැහෙට තිබුණේ මිනිස්සුන්ගේ ස්භාවයන් තක්කෙතට තේරුම් ගන්න පුළුවන් ඉවක්. ඒ නිසා ජීවිතයයි  මිනිස් ඉවයි නැතිව පොත් පිරෙව්වා කියලා කිසිම දෙයක් වෙන්නේ නෑ ආයිබොවන්ඩ.

ඔය අයිබොවන්ඩ පශ්චාත් මාක්වාදී දී මොකද්ද කියනවා. මම මේ පෙළවත් එක්ක හැප්පෙනවා. ඔය ආබොවන්ඩ කාර් එකේ යනවා. මම බස්එකක් නැතිව හැතැක්ම ගණන් පයින් යනවා. යාය ම වගා කරලා දන්න අදුරන එවුන්ට බුසලක් දෙකක් දෙනවා උන්ගෙත් බඩගින්නිවාගන්න. දැන් ආයිබෝවන්ඩ ද සමාජ වාදියා මම සමාජ වාදියා.... මම ඔය මොකා වුනත් කමක් නෑ අයිබොවන්ඩ. මට ලෙඩ නැති ජීවිතයක් තියෙනවා.... ආයිබොවන්ඩට ජීවිතයත් නෑ
... හැබැයි බෙරේ පළුවකුත් නෑ...



3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. බීරූට් වල තණ මුල් යට බීට් රූට්

    මිනිස්සු කන බොන තැන්වල කැරකී කැරකී ඉදිමින් උන්ගේ සිනහවට සහ කතා බහට කන් දී වෙනත් තැනකදී ඒවා සමච්චලයට ලක් කිරීම අද ඊයේ සම්ප‍්‍රදායක් නොවේ. රජ කාලේ සිටම පැවැති සමාජ භූමිකාවකි. මේ භූමිකාවේ ප‍්‍රධාන ප‍්‍රවර්ග දෙකකි. එකක් අහිංසක කවටයෙකුගේ වන අතර අනෙක කෝපාග්නියෙන් දැවෙන විපරීතයෙකුගේ ය.

    මාක්ස් වැඩ කළා කියන එකත්, හද්දා පරණ දේවභාෂිත වාමාංශයේ පට්ට ගහපු අදහසකි. එම අදහස මගින් මාක්ස්වාදය කහටගස්දිගිලියේ පොළොවේ සිටින මිනිසෙකුට ජීවමානව භාවිතයට ගැනීමට ඇති ඉඩ කඩ අවසන් කරනු ලැබිණි. ඇත්තෙන්ම එය අවසන් කර, අවසන් කටයුතුත් අහවර කර, පෙට්ටියටත් ඇණ ගසා අවසන් ය. නැවත නැවතත් ඇණ ගැසීමේ ක‍්‍රීඩාව කරන්නේ කවටකම නිසාම නොවිය යුතු ය. මේවා තමන්ටත් කොහොම හරි ජීවත් වෙන්න විදිහක් ගැන සිතන විපරීතයන්ගේ ක‍්‍රීඩාවන් පමණි. නමුත් සිදුකරන විනාශය සුළු පටු නොවේ.

    මේ මහා වැඩකරන්නා, පත්තරයකට අකුරු කරන සුමිත් චාමින්ද ව වෛරී ලෙස සපා කමින් අන්තර්ජාලයේ තමන් විසින්ම නඩත්තු කරන බ්ලොග් පිටුවක් පුරවයි. පිස්සු නැත්නම් ෂෝක් ය. කහටගස්දිගිලියේ මිනිසා අන්තර්ජාලයේ මේ බ්ලොග් පිටු විවෘත කර මේ උන්නැහේගේ බහු බූත බලා කප්පරක් ඥාණය විදාරණය කර ගනිමින් සිටී. එතකොටම මේ උන්නැහේට තමන්ගේ අතේම බඩු යයි. කරුණාකර සෝදාගන්න.

    (රූට් කිව්වම, මුල වගේම පාර කියන අදහසත් කියෙවනවා. රූට් එක හොයාගෙන එන්න උවමනාවක් නෑ මයෙ හිතේ.)

    ReplyDelete