![]() |
වාසුගේ සිහිනය සහ රෝග ලක්ෂණය |
ඇය කිව්වා මේ රටේ යුක්තිය අහිමි වෙලා තියෙන මොහොතක මම ඉල්ලා සිටිනවා මගේ තාත්තා සහ සියලු වාමාංශිකයන් වෙනුවෙන් මේ තත්ත්වය වෙනස් කරන්න එන්න කියලා. ඒකේ හරිම ලස්සන ද සියලු වාමාංශිකයන් වෙනුවෙන් කියන කෑල්ල.... අධිපරිභෝජන රූ රැජික් ඉල්ලනවා මෙන්න මෙහෙම අවුලක් තියෙනවා එන්න අනේ වෙනස් කරන්න එන්නකෝ. සෝ ස්වීටි....
හිරුණිකාව වාසු ගෙන්න ගන්න ඇත්තේ හුළං බැහැල තියෙන ඔහුගේ වාමාංශික පක්ෂාත්භාගය හිරුණිකාගේ පැගිරි මූණ ඉස්සහට දාලා ටිකක් හරි ප්‍රාණවත් කරගන්න වෙන්න ඇති.
ඔන්න දැන් සියලු වාමාශිකයන් වෙනුනේ හිරුණිකා ඉන්නවා. මතකයි ඇය හිස්ටරික කිස්ලිගේ අතෘප්තිකර සංවාදය මැද්දෙත් කියනවා ඇය ලෙනින් මාක්ස් ගැන ගැඹුරින් හඳාරලා තියෙනවා කියාලා.
අහ් ඇය තවත් එකක් ඇය නීතිය සම්බන්ධයෙන් බොහොම බරපතල හැදෑරිමක් ඉන්නවා. හිරියැ. ඇය කිව්වා මහින්දට අයියා කිව්ව නිසා මහින්ද මල්ලි කියු නිසා ඇය සාධාරණයක් බලාපොරොත්තු වෙනවා කියලා. ඒක අලුත් තියරියක් නීතිය පිළිබඳ.
දැන් එතකොට සියලු වාමාංශිකයන් වෙනුවෙන් ලෙනින් මාක්ස් ගැඹුරින් හඳාරපු, නීතිය පිළිබඳ ගැඹුරින් හදාරපු.... ඕන වාමාංශිකයෙක් අංශක අනූවක් කෙළින් කරලා ගන්න පුළුවන් හිරුණිකා ඉන්නවා. වාසුගේ මූණ ඇස් දිළිසුණ එක ආයේ අහන්න දෙයක් යෑ. මොකද නව සමසමාජය ළගදිම සමාජවාදී විප්ලනය කරනවා. ආයේ දෙකක් නෑ. ෂුවර්...
No comments:
Post a Comment