Monday, January 16, 2012

නියගලා මලේ පෙති ගලවා මානෙලට ඇමිණීම...

නියගලා මල තරම් ලාංකීය සමාජය මළපැන්නවූ මලක් නැත. සමස්ථ දකුණම තමන්ගේ හෘද සාක්ෂීන් සියල්ල පදුරක් පදුරක් ගානේ ගණිකා වෘත්තියේ යොදවද්දී තමන්ගේ අයිතිය උදෙසා අවියක් අත දරන්නට තරම් ​​​​ධෛර්යයක් දමිළ ජනායාට විය. නියගලා මල එහි සංකේතීය පුෂ්පය විය. ඒ නිසාම නියගලාව දකින විට තමන්ගේ ගණිකා හෘදසාක්ෂිය මතක් වී හෙළයාට මළ පනී.

කාලයක් මානෙල් මල අතදරා සිටි සහෝදරවරුන්ගේ වර්ථමාන ව්‍යායාමය නියගලා හැඩයේ මානෙලක් සැදීමයි. උතුර තුළ අරගලය තමන්ගේ පේටන්ට් බලපත්‍රය යටතේ වියයුතුයැයි සිතන නිසාවෙන් හා ජවිපෙ පෙකණි වැල කපාලත නොහැකි නිසාවෙන් ජාතික ගැටලුවට රෝහණ විජේවීරගේ පුටු දෘෂ්ඨිය හැර වෙනත් දෘෂ්ඨීන් නොමැති නිසායෙන් සහෝදරයෝ තවමත් උත්සහ කරන්නේ තමන්ගේ පැරණී මලට නියගලාවේ පෙති ඇමිණීමටයි.

සිටින අවසන් දෙමළාත් හැදිගෑයුතුයැයි සපත කළ සහෝදරවරුන්ට නියලා පෙති සොයන්නට වීම ​​​​දෛවයේ සරදමක් නොව තමන් නිරත වූ කුහක අවස්ථාවාදී දේශපාලනයේ සරදමකි.

ගැටලුව සහෝදරවරු පිසාචයන්ට තවත් පුදදීමට සූදානම් වන්නේ දමිළ රුධිරයයි. සහෝදරවරු තවම කියන්නේ කූගන් යනු හිටපු එල්ටීටීඊ සාමාජිකයෙක් බවයි. ඔහු මතවාදී ගැටුමකින් පසු සංවිධානයෙන් ඉවත් වූ බවයි. එයින් නැගෙන තර්කය නම් එදා ඔවුන් මල්මාලා පැළැන්දූ රණවිරුවන්ට වඩා ඔවුන් උත්කර්ෂයට නැංවූ රාජ්‍යයට වඩා දමිළ විමුක්ති කාමි සටන්කරුවෝ ශිෂ්ට බවයි. මන්ද ඔවුන්ට එදා කුගන් සංවිධානයෙන් ඉවත් වූපසු මරාදැමීම ඉතා සරළ කරුණකි. නමුත් එය සිදුකරන්නේ මානව හිමිකම් ප්‍රකාශණය අතින් දරා සාධු යුද්ධයක් කළ රජයේ කුළී හමුදාවයි.

සහෝදරවරු මේවා කියන්නේ නැත. සහෝදරවරුතව දුරටත් කියන්නේ අපි හිටපු එල්ටීටීඊ සාමාජිකයින් එක්ක වැඩකරනා පමණි. ඒ ප්‍රකාශ නිසාම ඔවුන් හමුදාවේ ඉලක්ක බවට පත්වෙති. ඊටත් වඩා කාරණාව ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රකාශයට සමාන ප්‍රකාශ උදුල් ප්‍රේමරත්න සහෝදරයාද කරයි. සවිඥානිකව හෝ අවිඥානිකව ඔහු එය කියයි.

එල්ටීටීඊ සංවිධානය නැවත අරගලයකට අර අදිනවා - ආරක්ෂක ලේඛම්

හිටපු කොටි සාමාජිකයින් නැවත සන්නද් අරගලයක් වෙත ඇදී යාමේ අවදානමක් පවතිනවා - උදුල් ප්‍රේමරත්න


නමුත් උදුල්ගේ මානෙලේ අලුත් හැඩය සලකුණු කරන්නට සොයන්නේ නියලාවේ පෙතිය. ඔවුන්ගේ තියරියට අනුව නියගලාවේ පෙති තමන්ට ඇවැසි ලෙස විහිදෙන්නට නොහැකිය. විහිදෙනවාන් සහෝදරවරුන්ගේ හැඩයකට,  සහෝදරවරුන්ගේ තැනක සිට විහිදය යුතුය.

ඒ නිසාම පැරණි නාටකය තවම අහවර නැත. ගැලරියේ චියර්ද අවසන් නැත. ඒ වාගේම දෙමළ ලෙය පිදීමද අවසන් නැත.





No comments:

Post a Comment