Monday, April 4, 2011

රාජපක්ෂ හෙජමොනියට බූන්දි තිත්ත වීම ...

අද ලංකා නිවුස් වෙබ් අඩවිය හෙළිකරන්නේ බූන්දි නම් කලා සහ සංස්කෘතික වෙබ් අඩවිය කෙරෙහි ආණ්ඩුවේ විශේෂ අවදානයක් යොමුකළ යුතු බවයි. රාජපක්ෂ පාලනය වෙබ් තමන්ගේ මතවාදී නොවන සියල්ලට ඉව ඇල්ලීම සම්බන්ධයෙන් පුදුම විය යුතු නැතත්, බුන්දියට ඉව ඇල්ලීම වඩාත් පුළුල්ව විග්‍රහ කරගත යුතුවේ. එය විශේෂ වන්නේම එය තවත් එක් ප්‍රවෘත්ති හෝ ඕපාදූප වෙබ් කලාපයක් නොවීමයි. බූන්දියේ ගණුදෙනුව ඉහමොළ සමඟිනි. ඔවුන්ගේ සියලු විග්‍රහයන් පාදම වන්නේ කලාවයි. ඒ සඳහා ඔවුන් විසින් අවකාශයක් නිර්මාණය කර තිබෙන අතර ඒ හා විශාල පිරිසක් බුද්ධිමය හුවමාරුවක යෙදී සිටී. කව්‍ය රචනා, දේශපාලනික විග්‍රහයන්, සමාජීය විග්‍රහයන් කලා මනයෙන් විග්‍රහ කිරීම නිසාම විශාල පිරිසක් වෙත ඉතා ළෙන්ගතුව බැඳී සිටී.

බූන්දිය කරන්නේ කුමක්ද???

බූන්ද කෑමක් ලෙසින් ගත් කළ ඉතාම පැණිරස දෙයකි. සයිබර් අවකාශය තුළදී බූන්දියේ කාර්යභාරය වන්නේ මිනිසුන් දෘෂ්ඨිවාදයේ ගිලෙමින් අමතක කර සිටිනා යථාර්ථයේ තිත්ත පැණිරස දවටනයක තවරා මිනිසුන්ගේ යථාර්ථයේ දෘෂ්ඨිය  නිවැරදිව මානගත කිරීමට උත්සහ දැරීමකි. රාජපක්ෂ ආණ්ඩුවට අනුව මේවා වැඩි වැඩය. දෙන දෙයක් කා වෙනදයක් බලා නොඉඳ ඔවුන් කරන්නේ අවට නිදා ඉන්න උන් අවදි කිරීමේ ඓතිහාසිකව අමතක කර දැමූ කාරණාවකි. ඇනෙක් කාරණාව බුන්දිය පුළුල් සාමූහික ක්‍රියාදමයකි. ලංකාව තුළ සාමූහික එලඹුම් රාජපක්ෂ ආණ්ඩුවේ අවසරයෙන් තොරව එලැඹීම දඩුවම් වැඩිය හැකි වරදකි.

බරපතලම කාරණාව  සමාජ සන්දර්භය සම්බන්ධව  පවතින වූ තම විවේචනය තමන්ගේ කවියෙන් , නාට්‍ය, සිනමාව, කෙටි කථාව, නවකථාව හෝ ඕනෑම මාධ්‍යක් ඔස්සේ  තම ආත්මීය වූ ප්‍රකාශණයකින් ආමන්ත්‍රණය කරන්නන් පිරිසක් බූන්දිය වටා ගොනු වී සිටීමයි. පාලකයන්ගේ දැක්මට අනුව එය බරපතල අභියෝගයකි. සැබෑම අභියෝගයකි. ඒ නිසාම එය වටා සමාජ ගොනුවක් නිර්මාණය වන්නට පෙර නැතිනම් සයිබර් අවකාශයේ ක්‍රියාකලාපය බිමට බැසීමට පෙර  මුලීක තලයේදීම නවතා දැමිය යුතුය.

අපි කුමක් කරන්නේද??/

බූන්දිය තර්ජන ගර්ජන එද්දී එහි සහෘදයනන් ලෙස අපට  භාවිත කරන්නට විකල්පයන් දෙකක් තිබේ. එක්කේ මේ නිෂ්චිත නිමේෂයේ ලාංකිකයා මෙන් නිදි වගේ බොරුවට නිද්‍රාශීල වියයුතුය. නැතිනම්  සිද්ධවන්නවා වූ අමනදෑ සම්බන්ධයෙන් තමන්ගේ හෝ සාමුහික ව්‍යායාමයක් වෙනුවෙන් ප්‍රවිශ්ෂ විය යුතුය. බොහෝදෙනෙක් තෝරාගන්නේ පළමු එළඹුමනම් එය තවදුරටත් පවත්වාගෙන යාමේ අතිශය අවශ්‍යතාවය පිළිඹිබු වේ. ඒ කියන්නේම බුන්දියට තව කරන්නට බොහෝ දේවල් තිබෙන බවය. මේ ඇරඹී ඇත්තේ පිචාසයන්ගේ හෝරාවයි. ඒ නිසාම බොහෝ අවදියෙන් සිටි මොහොතයි.

අද බූන්දිය හෙට?????

2 comments:

  1. හෙ හෙ... හෙට සාතන්... අනිද්දට තව කවුරු හරි... අන්තිමේ නංගිලාගෙ අඩවි ටික ඉතිරි වෙයි!

    ReplyDelete
  2. මටත් හිතෙන්නෙ මේ හඹායන්නේ රාජ්‍ය විරෝධීන්වම නෙමේ. රාජ්‍ය විරෝධය පෙන්නන්න බය නැති උන්ව. මොකද රාජ්‍ය විරෝධය ඉදිරියේදී ඇති පදම් ඒවි. නමුත් ඒක එළීයට එන එක වැලැක්වීම සෑහෙන දුරදක්නා ඔලුවකින් කරන වැඩක්...
    බලමු hare :-)කියපු එක වෙයිද කියලා...

    (word verification ඉවත් කලොත් නරකද?)

    ReplyDelete