Wednesday, March 30, 2011

අප්‍රේල් 2 වැනිදායින් පසු මුරලි පර දෙමළා වීම

ශ්‍රි ලංකාව ලෝකයට ගෙන ගිය අවස්ථා සංසිද්ධීන් ඇත්තේ අතේ ඇගිළි ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයකි. වසර 2000 ගණනක ඉතිහාසයක් ගැන කථාකරනවා විනා ලෝක වාසියෙකු වීමට ලාංකිකයා කල්පනා කලේ නැත. ශ්‍රි ලංකාව ඉන්දියන් සාගරයේ මුතුඇටය, ශ්‍රී ලංකාව ආගන්තුක සත්කාරයෙන් ඉහළම රට යනුයෙන් තමාම තමා ගැන  නිර්වචන සපයමින් ස්ව්‍යංකාමය ඉතිහාසය පුරා කීයමින් සිටියහ. ඒ අනුව ශ්‍රී ලංකාව ලෝක කතිකාවයට ඔසවා තැබූ ප්‍රදාන අවස්ථා දෙකකි. දමිළ විමුක්ති අරගලය හරහා ශ්‍රී ලංකීය දේශපාලනය ලෝක කථිකාවක් වෙත ගෙන යන ලදී. අනෙක් අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 1996 දී ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක මට්ටමේ කථාකාවක් බවට පත්වුනි.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් එදා මෙදා බිහිකළ අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයා මුත්තයියා මුරලිදරන්ය. මුලිදරන් දමිළ ජාතිකයෙකි. කළු ජූලියේදී ඔහු සහ ඔහුගේ පවුගේ සැවොම ඉන් පීඩාවට පත්විය.  නමුත් මුරලි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වී මුරලිට කඩුලු වැටෙන්නට ගත් දා සිට මුරලි සියලු සිංහලයන්ගේ වීරයෙකු විය.

තමන්ට සිදුවන අසාධාරණයක්ට විරුද්ධව නැගී සිටින සියලු දෙමළ ජනයා දේශදෝහීන් වෙද්දී මුරලි දකුණේ සුරතලෙකු වන්නේ අහම්බයකින්කම් නොවේ. ඔහු වීරයෙකු වන්නේම ඔහු අනෙකුත් කණ්ඩායම් හතර අතට අඹරවමින් කඩුලු ගන්නා විශ්මයෙකු වූ නිසාය. දෙමළුන්ට රටක් තැතිබව කියනා  සිංහල බෞද්ධ ජනයාම මුරලි මේ බිමේ උපන් පුතකු ලෙස පිළිගන්නේ වෙන කිසිම කාරණාවක් නිසානොව ඔහු කඩුළු දවාලමින් දකුණම ප්‍රමෝදයට පත්කළ නිසාය. වෙලුපිල්ලේ ප්‍රභාකරන් දේශදෝහියෙක් කරවන නිර්ණායකයෙන්ම මුරලි දකුණේදී විරයෙකු කරන්නේය. දමිළ පුද්ගලයන් දෙදෙනෙකු ආස්ථානයක් දෙකක් තුළට විතැන් කරන්නේම දකුණට ලැබෙන ප්‍රමෝදය අනුවය. බිමෙන් උපන් පුතකු වන්නේම දකුණට සතුට ගෙනා තරමටය.

මුරලි 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගෙයන් පසු මුරලි ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව දැන් ප්‍රකාශයට පත්කො​ට ඇත. ඒ කියන්නේ තව දුරටත් මුරලි දකුණට ප්‍රමෝදය ගෙනෙන්නකු නොවේ. අන්න ඒ මොහොතේදී මෙතෙක් කලක් මුරලි​ගෙන පලාගය භූමියේ ප්‍රශ්ණය මුරලි සොයා පැමිණේ.  දැන් මුරලි නිකම්ම නිකන් දෙමළෙකු බවට පත්වීමයි. ඉන්පුස් දකුණට මුරළි කල කීදෑ වැඩක් නැත. ඉන්පසු මුරලිද ප්‍රභා උපන් ජාතියේම තව එකෙකි. හෙළ උරුමයේ පාඨලී චම්පිකට අනුව සෑම දෙමළාය සිතින් හෝ උතුරේ අරංගයට ප්‍රේම කරනා නිසා මින් පසු මුරලිටද දකුණ විසින්  ​වෛරකල යුතුය.

ප්‍රභාකරන් දෝහියෙකු වන විට දකුණට ප්‍රමෝදය දෙන්නට ඉදිරිපත්වූ කරුණා නැවත  දමිළ ජනයා වෙනුවෙන් පෙනීසිටියහොත් දේශදෝහියෙකු වන්නේ යම් සේද මුරලි බෝලය අතහැරි විගස මුරලිද දමිළ වීම නිසා දේශදෝහියෙකි. මුලිගේ නම යොදන්නට ගිය පල්ලෙකැලේ ක්‍රීඩාංගණය එලෙස නම් නොකරන්නේ සමහර විට මේ නිසා වන්නට පුළුවන. කෙසේ වෙතත් උතුරේ තරුණය මුහුණ දුන් පීඩනයට මුරලි ඉදිරියේදී පත්වීමට ඉඩනැති නමුත් කෙදිනක හෝ මුරලි තම වර්ගයාගේ ප්‍රශ්ණයක් ගැන කටක හෙල්ලුවහොත් නියත වශයෙන්ම දේශප්‍රේමී සරල ​රේකාවෙන් මුරලිවද අනෙක් පැත්තට දකුණේ ඊනියා දේශප්‍රේමීන් විසින් තල්ලු කර හරිනු ඇත.
මෙතෙක් කලක් දුෂ්රාව නිසාම මෙබිමේ පුතකු වූ මුරලිට දුෂ්රාව ඇතහැරි පසු නිකම්ම නිකං දෙමළෙකු වීමේ අභියෝගය කඩුලු බිඳදැමූ තරම් පහසුවෙන් බිඳදමන්ට හැකිවනු නැත. මුරලිගෙන් මෙතෙක් කල් මගහැරුණු තම ජනයාගේ පීඩනය  වෙනුවෙන් යමක් කිරීමට මුරලිට දැන් මොහොත පැමිණ ඇත. නමුත් මුරලිත් අවදියෙන්දැයි අපි නොදන්නෙමු....

ඒ නිසා අප බලා සිටිමු....

3 comments:

  1. "කෙසේ වෙතත් උතුරේ තරුණය මුහුණ දුන් පීඩනයට මුරලි ඉදිරියේදී පත්වීමට ඉඩනැති නමුත් කෙදිනක හෝ මුරලි තම වර්ගයාගේ ප්‍රශ්ණයක් ගැන කටක හෙල්ලුවහොත් නියත වශයෙන්ම දේශප්‍රේමී සරල ​රේකාවෙන් මුරලිවද අනෙක් පැත්තට දකුණේ ඊනියා දේශප්‍රේමීන් විසින් තල්ලු කර හරිනු ඇත."..correct..!!!
    මුරලිදරන් මැරෙනතෙක් තමන්ගේ පාඩුවේ තමන්ගේ බිස්නස් එකක් බලාගෙන හිටියොත්, මෙහේ දේශප්‍රේමීන්ට තර්ජනයක් නොවුණොත්, කදිරගාමර් මෙන්ම වීරයෙක් කොට සළකනු ඇත......

    ReplyDelete
  2. දකුණේ වීරයෙක් වීම උදෙසා මුරලිට අත් හරින්නට සිදු වූ දේවල්ද සුළුපටු නොවන්නට ඇත. මන්ද ඔහු ක්‍රීඩා කලේ කෙතරම් කඩුළු ගත්තත්, ද්‍රෝහියෙකු වීමට අත් වැරදීමකින් පිටවන එක් වචනයක් පවා ප්‍රමාණවත් වන්නට තිබූ පසුබිමකය. මිනිසෙකුට මෙතරම් ප්‍රවේශම්සහගතව ජීවත් වන්නට සිදුවීම පවා කෙතරම් පීඩාවක් වන්නට ඇතිද?

    ReplyDelete
  3. ඊලාම්වාදීන්ගේ ඇහේ කටු ඇනෙන්නා වගේ දෙයක් තමයි, දකුණේ විශාල දෙමළ ජනගහණයක් සිංහලයන් සමග සහයෝගයෙන් ජීවත්වීම.ඊටත් වඩා දරාගන්ග අමාරුම දෙයක් තමයි ජාති ආගම් භේද වලින් තොරව මුරලි සියලු ලාංකිකයන් අතර වීරයෙක් වීම.(මෙලෙසම ක්රි්කට් ලෝලී දෙමළ ජනතාව අතර මහේල,සංගක්කාර,වැනි ක්රීඊඩකයින් ජනප්රිගය වීමත් ඔවුන්ට කාල ඉන්න බෑ).දැන් යුද්දෙත් අවසන් නිසා මුරලි දඩමීමා කරගෙන හරි සිංහල-දෙමළ ගැටුමක් ඇති කරන්න පුලුවන් නම් මේගොල්ල හරියට සතුටු වෙයි.ඇයි ඒ ගින්නෙන් පුලවන්නේ එතකොට සුරුට්ටු පත්තු කරන්න.

    ReplyDelete