Thursday, December 1, 2011

සිස්ටම් චේන්ජ් කරන්න හදන්නන් දෙරණට SMS ඉල්ලා හඩා වැටීම

පසුගිය කාලයේදී ගොඩගේ සම්මාන උළෙල ගැන මහා සද්දයක් ඇතිවුණි. එහි සම්මාන ගත් කවියන්හට ඒ සම්බන්ධයෙන් විවේචනය කරමින් කිවි, ලිපි මෙකී​ නොකී සියලු දෑ ලියවුණි. සමාජයේ විකල්ප කලා කණ්ඩායම්ද  හවසට අඩියක් ගහන්න සෙට් වූ ඒ දිනවල බෝතල් කීපයක් ඔය වෙනුවෙන් වෙන් විය.


බලපං අරූ ගත්තනේ සම්මානේ...බල්​ලෝ ගාවට ගිහින්. කියා ඉවර කරන්නේ සමහර කවීන්ගේ අම්මා අප්පා මතක් කරමිනි. සැබෑ වූ ආවේගයකිනි. බූන්දිය පිරේන කිවිඳ ලිපිද පළ විය. ​මස්ඉබුල, ප්‍රියාන් සහ මධුරංග ඒ අතරින් හොදහැටි අහගත් කවියන් කීප දෙනෙකි. දැන් ගොඩගේ ඉවරය. 

මාර වැඩේ කියන්නේ ​ගොඩගේ සම්මාන උළලේදී සම්මාන ගත්තායැයි කියා නොසෑහෙන්න බැන්න අය මෙන්න යෞවණ නාට්‍ය උළලෙදී ඒ ඇමතියගේ අතින්ම සම්මාන ගන්නවා. මාර විප්ලව වාදී කියා සිතෙන්නේ මේ වෙලාවටය. වෙලාවකට ඔය මේ රටේ ජානවල නියමම ස්වරූපය වන්නට පුළුවන. මොකද පසුගිය කාලයේ රැඩිකල් සිනමාකරුවා , විමුක්ති ජයසුන්ද ගාමණි ට සම්බන්ධ වෙයි. විමුක්තිව එල්ලා මරන්න ඕන යැයි කියූ සරත් විජේසේකර එහි අධ්‍යක්ෂක වරයාය.

දැන් තවත් එකක් එයි. ඒ දෙරණ මියුසික් එවෝඩ්. (Derana Music Awards) දැන් ටික දවසට ඉස්සෙලා මේ රෙජීමය පුච්චා දුන්නොත් කනවායැයි කියූ අපේ ම සහොදර විප්ලවීය සොහොයුරන් මෙන්න දිළිත් ජයවීරගේ දෙ​රණේ සම්මාන ගන්න SMS ගහන්න කියලා FB එකෙත් දානවා.මේක මාර වැඩක්නේ. දිළිත කවුද? දිලිත් කියන්නේ ගෝඨාභය රාජපක්ෂගේ දකුණු අත වගේ ඉන්න ව්‍යාපාරිකයෙක්. ​එතකොට ගෝඨාභය කියවන්නේ මේ රෙජීමයේ දකුණු අත.

විනෝදය සඳහා උතුරට යෑම ගැන මහා ලොකු නාට්‍ය හදලා මාර වැඩක් කරන්න හදන ජෙහාන් අප්පුහාමි, එතකොට​ අපේ චින්තා...( චින්තා ගියපාර ලිපියකුත් ලිවුවා මතකයි ලොකු අයියාගෙන් සම්මාන ගැනීම ගැන මොකද්ද කියලා) තව මාර රැඩිකල් මෝක්ෂා කණ්ඩායම, කළණ (කළා) කුඩු කාරයා කියලා පවතින් සමාජ ක්‍රමයට තමන්ගේ විරෝදය සංගීතය හරහා ඉදිරිපත් කරලා දිළිත් ජයවීරගේ දෙරණනින්
සම්මාන ඉල්ලා SMS ගහන්න කියනවා. 

 ඔන්න අමිල ගලප්පත්ති එහෙම කිව්වනම් කමක් නෑ. මොකද අමිල කවදාවත් එහෙම මාර රැඩිකල් සිස්ටම් වෙනස් කරන කථා කියන්නේ නැති නිසා. එහෙම  බැලුවුම ඌ අවංකයි.

හැපිජර්නි එකේ ප්‍රසාදීනි අතපත්තු ඔන්න මටත් ටැග් කරලා තිබුණා SMS එකක් එවන්න කියලා.

Prasadini Athapattu
Vote "Irata Adiyak Ihalin" For Derana Music Awards. Type DMV (Space) 205 and Send to 9900
 
රොක් නිශාන්තත් දාලා මේ සම්මාන ගන්න. මට ආසයි මූණ බලන්න කට්ටියගේ දෙරණේ මාධවගෙ අතර ඉබළා කට්ටිය සම්මාන ගන්න කොට. ජගත් මනුවර්ණ සහොදරයත් සමහර විට ඇති මේ කොණක. 


හැබැයි කොහොම වුනත් දිළිත් ගෙන් සම්මාන ඉල්ලා අපට එස්එම්එස් කරන්න කිව්වා මේ සැට් එකම මාර රැඩිකල්.....

සම්මානයකට හිත ගිය හන්දා
සිස්ටම් චේන්ජ් කරන එක
පොඩ්ඩක් පස්සට තිබ්බා
පෙන්නන
වැඩ තරමට
දෙරණින් සම්මානේ දෙන හින්දා
කාටත් හොරෙන් SMS ඉල්ලමි

සරම දනිහෙන් පන්නා

1 comment:

  1. බූන්දිය ද
    හුහ්...

    ලෝක ප්‍රෝඩාව

    කවිය වෙසඟනක් කරගෙන
    තෙල බෙදන්න

    ඊට පස්සෙ
    මහ කකුළුව යන පාරෙම
    කවදා හරි පිය නගනා
    විප්ලවයේ පොඩි කකුළුවො

    මේකලාගේ විප්ලවයත්
    තමන්ගේම අනාගතේටම එරෙහිව
    විප්ලවයේ තාරුණ්‍යය
    අද බනින්නෙ
    මල්ල අරන් කඩේ දුවන
    තලත්තෑනි උගේ හෙටට

    බලන් යද්දී
    අපේ රටේ විප්ලවයත්
    පුද්ගලිකයි

    ජය වේවා
    බූන්දියට...
    හෙන ගහපන්
    විප්ලවයට

    ReplyDelete