Thursday, June 14, 2012

සමිතාට පළමු ගල ගසන්නට පෙර නිර්මල ලිඟුවක් හෝ යෝනියක් සොයාගෙන එන්න

ලංකාවේ පාලකයාගේ සිට ඉතා පහළ සමාජ ස්ථරයේ සිටින මිනිසා පවා බුද්ධ රුපයක් දැක්කොත් උන් තැනින් නැගිට ආචාර කරයි. දරුවෙක් දැක්කොත් දැක්ක ගමන් වඩාගෙන පොඩිඑකා අඩන තුරුම සිපගනන්නා, බසයේදී ගර්බණී කාන්තාවක් දුටුවහොත් සුටුස් ගා නැගිට තම වැඩි වී සිටි අසුන පූජාකර එක ජාතියක සත්ව වර්ගයකි.

මේ ලෙස  සාමාන්‍යතලයෙන්ගත් කළ ලංකාවේ මිනිසුන් හරි ෂෝක්ය. ආදරණීයය.නමුත් මේ මිනිසුන් කෙතරම් තම ජීවිත මත සළුපිළි දවට ජීවත්නව පිරිසක්ද යන්න ලංකීය බෞද්ධයා කෙතරම් ඇරියස් සහිත සත්වයෙක්ද යන්න ඉතාම හොදින් පැහැදිල වන තැන සයිබර් අවකාශයයි. ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති සහෝදරයා කියන ආකාරයටම දහවල් සහ රැය අතර ජීවිත දෙකක් ගත කරන සතුන්ද යන්න එහිදී පැහැදිළිව පෙනේ. ඒ නිසාම මානව මනෝභාවයන්  සම්බන්ධව  මේ යුගයේ  ගැන පර්යෝෂණාගාරය බවට සයිබර් අවකාශ පත්ව ඇත.

ලංකා සමාජය විකල්ප සම්බන්ධතා යන්න නිර්වචනය කරනු ලබන්නේ වල් සබන්ධතා සහ එවා පවත්නව පුද්ගලයන් වල් ගැහැණුන් සහ පිරිමින් කියා වේ.

අද දිනයේ සමිතා මුදුංකොටුව ගායිකාවගේ දුරුවන් දෙදෙනා සමග වන එක්තරා ඡායාරුපයක් අන්තර් ජාලයේ වෙයි.මේ පිළිබඳ ඊට පහළින් ලැබෙන කොමෙන් ඔස්සේ ලංකා සමාජයේ පොදු ජනවිඥානය ක්‍රියාත්මක වෙනු ලබන්නේ කෙසේද යන්න මනාව නිරීක්ෂණය කළ හැකිය.

අන්තර් ජාලයේ කොමෙන්ටවලට අනුව දරුවන් දෙදෙනා තාත්තලා දෙනෙක්ගේ බව පූර්ව නිගමණයයි. මොහොතකට අප එසේම සිතමු. දරුවන් දෙදෙනාගේ පියවරුන් දෙදෙනක් බව. අප සරලවම අසන්නේ ඉතිං "මොකද් ද ප්‍රශ්ණය" යනුවෙනි.

 ඔය නොකියා කියන්නේ සමිතා එහෙම වුනාට අප සංස්කෘතක පවුල ආරක්ෂාකරනවා කියාය. නැතිනම් එය රැකගන්නවා කියාය. නමුත් මේ යුගයේදී නිර්මල පවුලක් , පරිපූර්ණ පවුලක් තිබෙන්නේ මනසේ පමණි. ක්‍රියාකාරීත්වය තුල එය විපරිතය. 

එයම කොමෙන්ට් වලට අනුව සමිතා පිරිමි දෙදෙනෙක් සමග සම්බන්ධතාවයන් පැවැත්වීම නිසා වල් ගැහැණියකි. නමුත් සැබෑ කරණය සමිතාය එම චෝදනාව කරනා අයට පවතින්නේ මම නොවිදි විනෝදයක් සමිතා විදින බව උපකල්පන කිරීමෙන් එන ලිංගික කුහක කමයි. සමිතාට සයිබර් අවකාශයේ ගල්ගසන පිරිමින්ට ඇති ප්‍රශ්ණය තමන්ට චාන්ස් එකක් ලබා නොදීම පිළිබඳ ගැටළුවකි. ගැහැණුන්ට ඇති කුකුස තමන්ට නැතිව සමිතාට පිරිමි දෙන්නෙක් ලැබුණේ දෙදෙද යන්නයි.

නමුත් මේ පිරිස්වල දහවල් කාලයේ ජීවිතය ඉතාම යහහමෙන් සෙමින් ඇල්වතුරත් උණුකර බොන ස‍්වරුපයේ ඒකකි.මේ අයගේ රාත්‍රීකාලයේ ජීවිතය ඉතාම නරුම වර්ගයේ එකකි.

මේ රට දැන් දිනකට දරුවන් දෙදෙනෙකු දූෂණය වන, ඉන් වැඩිම ගණනක් තමන්ගේම පියවරුන් අතින් දූෂණය වන, අම්මලා විසින් දුරුවන් ගංගාවලට විසිකරනු ලබන,අම්මලා තමන්ගේ දියණියන් පිරිමින්ට විකුණන විපරිත තත්ත්වයේ මනෝභායන්ගේ කප් ගසමින් තිබෙන රටකි. නමුත් මේ සියල්ල තමන්ගේ දිවා ජීවිතයේ සඟවා ගෙන එවායේ ඇරියස් පැටව් ගස්සමින් සිල්ගන්නා බණ අසනා රටකි.

සමිතාට පළමු ගල ගසන්නට පැමිණෙන පැමිණෙන් ස්ත්‍රියට හෝ පිරිමියාට අපි යෝජනා කරන්නේ ඊට පෙර කණ්නාඩියක් ඉදිරිපිට නිරුවත් වී තමන්ගේ ලිංගේන්ද්‍රිය  නැවත හොදින් බලාගන්නා ලෙසයි .

6 comments:

  1. ලංකාවේ සදාචාරවාදී ජනප්‍රිය සංස්කෘතියට දිය හැකි හොදම කෙටි නම "ජේ ආර් පී සූරියප්පෙරුම" නම් වේ. "ටී බී ඒකනායක" කියාද දන්නා අයට කිව හැක.

    ඔන්න හසන්ත මම අද කීවා කියලා ලියා ගන්න. තව මොනවද ඉතින්.

    ReplyDelete
  2. 100% ක් ඇත්ත. කුවේණිගෙ ජංගියෙනුත් මේ සමාජ ස්ථරය ගන්නෙ මේ වගේම පහත් තලයේ ආතල් එකක්

    ReplyDelete
  3. //නමුත් සැබෑ කරණය සමිතාය එම චෝදනාව කරනා අයට පවතින්නේ මම නොවිදි විනෝදයක් සමිතා විදින බව උපකල්පන කිරීමෙන් එන ලිංගික කුහක කමයි.//

    මේක බොරුවක්. ඔය පොටෝවලට කමෙන්ට් කලේ පිරිමි. පිරිමියෙකුට ප්‍රශ්නය වන්නෙ සමිතාගේ විනෝදය නෙමෙයි. ජොන්ස්ටන් ගන්න ආතල්එක :)
    හැබැයි ඊළඟ වාක්‍යය එකෙන්ම හරි.

    // සමිතාට සයිබර් අවකාශයේ ගල්ගසන පිරිමින්ට ඇති ප්‍රශ්ණය තමන්ට චාන්ස් එකක් ලබා නොදීම පිළිබඳ ගැටළුවකි.//


    (මේ වර්ඩ් වෙරිෆිකේෂන් මගුල අහක්කරපං බං)

    ReplyDelete
  4. මචං උඹේ ටයිටල් ආර්ටිකල් එක කියෙව්ව අ . නමුත් කියවන්න ඕනෙ නැහැ කියලා හිතුනා. මොකද උඹේ ටයිටල් එකේම කතාව සම්පූර්ණයෙන්ම ලියලා තියෙනවා... මගේ ෆේස් නුක් එකේ ඉන්න ගොඩාක් උන් ඔය ෆොටෝ එක ශෙයා කර කර පට්ට ආතල් ගත්තා. මම කොමෙන්ට් කලා මගෙ කොමෙන්ට් ඩෙලීට් කලා. ඒ කියන්නෙ උන්ට ඒක වැදුනා.. මට අහන්න තිබුන ප්‍රශ්ණෙ උනේ උන් කොහොම ළමයි හැදුවත් උඹලගෙ අපේ පුකවල් වල කාර් යනවද කියල.... එදාට වඩා අද ඕපදූප හොයන්නෙ පිරිමි. ඒක ඇත්ත. නමුත් මචං ඒ අතරෙ උඹල වගෙ උඩු ගම් බලා පීනන්න උත්සාහ කරන පිරිමි ත් ඉන්නවා.. සතුටුයි....

    ReplyDelete
  5. අපේ සමාජයේ ගොඩක් අය ලිංගික කුකකත්වයෙන් පිරිලා ඉතිරිලා යනවා සාතන් . .

    ReplyDelete
  6. මරු සාතන් මම ඔය ගැන ලියන්නමයි හිටියේ.පොදු වැසිකිලියක පාවිච්චි කරන්න දන්නේ නැති,කුණු දාන්න දන්නේ නැති,පෝලිමේ යන්න බැරි,මිනිස් අයිතීන් දනුනේ නැති ගෝත්‍රික ලාංකීය සමාජය ලිංගික කටයුත්තේ සංස්කෘතිය හොයන්නේ තියෙන කුහක කමට.

    http://piyambanna.blogspot.com/2012/06/blog-post.html#more

    ReplyDelete