Friday, March 25, 2011

හයිඩ්‍රජන් ජවිපය......

හයිඩ්‍රජන් වායුව සැහැල්ලුය. ඒ වගේම වහා දහනය වීමේ ගුණයෙන්ද යුක්තය. නමුත් එහි ඇති සැහැල්ලු ගති ස්භාවය නිසාම ඉහළට යයි.  ලාංකීය දේශපාලනය තුළ ජවිපය තමන්ගේ ආස්ථානය සලකුණු කර ඇත්තේද එවැනි ආකාරයකටය. ​ජවිපයේද  වහා ගිණි ඇවිලෙන සුලු ගතියකින් එහෙත් රැඩිකල් ගති ස්භාවයකින් යුත්තය. නමුත් බිමේ නොවු ඔවුන්​ගේ දේශපානය ලංකාවේ පොළව තුළ වැඩකරන්නේ නැත. වැඩකරවීම ගත් උත්සහයන් දෙකක්ම තමන්ගේ අධිනිශ්චය නිසා විනාශකර ගනී.

එම තමන්ගේ උත්සය අසාර්ථක වෑයමෙන් පසු ඔවුන්ගේ දේශපාලන උපක්‍රමය වන්නේ පොරක් නිර්මාණය කරමින් තමන්​ගේ මතවාදය ඒ ඔස්සේ සමාජ ගත කිරීමයි. 2004දී මහින්ද රාජපක්ෂ ඔස්සේ දමිළ ජනයා සම්පූර්ණයෙන් අමතක කරමින් සිංහල බෞද්ධ අධිපතිවාදය වෙත තමන්ගේ ආමන්ත්‍රණය යොමු කරමින්  සිංහල බෞද්ධ අධිපතිවාදයක් කරා මහින්ද මෙහෙයවයි. නමුත් ඉතිහාසේ කපටිම රාජ්‍ය නායකයා වන මහින්ද නියම කල්යල් බලා ජවිපයේ නිල ඇල්ලීම සිදුකරයි. වාමාශික වෙස්මුහුණු ගැලවී විමල් වැනි පොප් සංසෘතියේ නිර්මාන තමන්ගේ නියම ස්ථානය සහ ස්වරුපය කරා ගමන් කරයි. මහින් ජවිපයේ නිල ඇල්ලීම කෙතරම හොඳින් සිදුකරන්නේද යත් 2001 දී 800,000ක් වූ ජවිපයේ සමස්ථ ඡන්ද සංඛ්‍යාව 2011 දී 200,000 දක්වා කඩා වැටීමක් සිදුවී ඇත. නමුත් තවමත් තමන්ට සිදුවූයේ කුමක්ද යන්න සොයාබැලීමේ හෝ ස්ව්‍යං විවේචනයක් කරා යෑමේ හෝ කිසිදු සූදානමක් හෝ උවමනාවක්ද නැත. තවමත් වහසි බස් දොඩමින් තව තවත් සිංහල බෞද්ධ ආධිපත්‍යට ආමන්ත්‍රණය කරයි.

අරගල 2ක් මෙහෙයවූ ජවිපය උතුරේ අරගල විනාශ කිරීමට ප්‍රධාන ඉන්ධන සපයන්නෙකු වීම හරහාම යළිත් ඉතිහා​සයේ නිවැරදි කරගත නොහැකි වරදක් සිදුකලේය. මහින්දගේ සාටක තොටිල්ලේන් වැටුනු පුතාට එක්වරම නින්දෙන් අවදි වූ ලෙසට හදිසි නීතිය සාපරාධී නිතියක් බව, යාපනයේදී හඳුන්හෙත්ති පොලු පහර වැදුනු පසු යාපනයේ පවතින්නේ රාජ්‍ය ත්‍රස්තවාදයක් බව ප්‍රකාශ ගණනාවක් කලේය. ඒ සියල්ල ආරම්බ වන්නෝ තමන්ගේ ආශිර්වාදය යටතේ කියා දැන් ජවිපයට අමතකය.

දමිල ජනයාට යාපනය පෙට්‍රෝල්, පහනක් පත්තු කරගන්ට භූමිතෙල් ටික යවන විට කොටුව ස්ටේෂම ඉදිරිපිට රට පාවදෙනවා කියා උත්ඝෝෂණ කළ ජවිපය දැන් දමිළ ජනයාගේ සමතැන් අරං දෙන්න කථා කරයි. ඉතිහාසය පුරා තමන්ගේ  කුහක් අවස්ථාදී දේශපාලනයේ යෙදෙන ජවිපය මේ නිශ්චිත නිමේෂයේදී සූදානම දමිළ ප්‍රශ්ණය මතින් ගොඩ යැමටය. ඉතාලියේදී දමිළ ජනයාට බලය බෙදිය යුතයැයි කෑමොර දෙන අනුර කුමාර දිසානනයකම බලය බෙදීම වචනය මතුවුවත් එයට පෙරළ පෙරළා පහර දෙයි.

ඔවුන්ගේ ඒ සඳහා අලුත්ම උත්සාහය " අපි ශ්‍රී ලංකා" යන් නමිනි. නමුත් මෙහි යටින් දිවෙන් අධිපති මතය නම් " ඔව් අපි ශ්‍රී ලංකා. හැබැයි උඹලා දෙමළ" මේ මොන නමින් ආවත් ඔවුන්ගේ මතවාදීීව කිසිඳු වෙනසක් නොමැත. ඔවුන් තවමත් බලය බෙදීම එකඟ නැත. 13 + ව්‍යවස්ථා සංශෝධනයකට එකඟ නැත. මතාවාදී පැරණි කොට්එකම ඇද අළුත් වදන් මාලාවක් ඔස්සේ නැවත පැමිණ ඈත. 

පැරණි කුටුම්භය තුළම සිට වඳකදවුරු වලට ගාල් කළ දමිළ තරුණ තරුණියන්ගේ නාම ලේඛන ඉල්ලයි. ඔවුන් ට දැන් එක්ක අමතව ගොස්ය. ඒ එම තරුණ තරුණියන් එතැනට ගාල් කරන්නනට පෙරමුණේ රාළ කෙනෙකු ලෙස තමන්ද දැවැන්ත කාර්යභාරයක් සිදුකළ බවයි. තවමත් ජවිපය දමිළ ජනයට කළ අපරාධය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලා නැත. එසේ කලාවියැයි සිතීමද අපහසුය.  දැන් ජවිපය පෙඩරල් ක්‍රමයක් ගැන කථාකරන්නේ තමන් විසින් ගෙන ආ ජාතිකවාදය මහින්ද රාජපක්ෂ සර්ව සම්පූර්ණයෙන් අත්පත් කරගෙන ඇත. ජවිපය නිදහසේ පියාපත් ගැන කථා කරන්නට පෙර පියාපත් උතුරු කුරුල්ලනගෙන් සමාව අඩුම වශයෙන්වත් ගත යුතුය. අඩුම තරමින් තමන්ගේ විප්ලව නිසා මියගිය ලක්ෂයකට සහෝදරයන් වෙනුවෙන් අභිමානයක් එක් කලේ නැත. ඔවුන්ගේ අභිලාශය ලංකාවේ විප්ලවයක් කරන්නේනම් ඒ තමන් ප්‍රමුඛ කරගෙන බවයි. ඔවුන් ප්‍රභාකරන් සමග පියවා ගන්නට තිබූ ගැටලුව එයය. සාමාන්‍යයෙන් සිංහලයා ​​එලෙසය. තමන්ට යමක් සාර්ථක කරගන්ය නොහැකි වූ නිසාම අන් කිසිවක් සාර්ථක වනවා දකින්නට අකමැති පෞරාණික කුහක කමක් ජවිපයට ඇත.

අද දවසේ මහින්ද සහ ජවිපය විවිධ වචන භවිත කළත් ඔවුන් සියලු දෙනාම සිටින්නේ එම ඉසව්වකය. ඔවුන් අතර තරගය ඇත්තේ වඩාත් දේශප්‍රේමිය විමටය.  මෙලස ඉතිහාසව පුරාම කුහක කම සහ තමන්නේ අමන තීන්දු නිසාම අද දවසේ ජවිපයේ දේශපාලනයෙ පවතින්නේ ඉහළ අහසේ ඔවුන්ද හරි හැටි නොදන්න ඉමකය.

2 comments:

  1. ඔබ කියූ පරිදිම ජ.වි.පෙ විසින් කල නිවැරදි කල නොහැකි වරද ඔවුන්ට පාරාවලල්ලක් වී තිබෙන හැඩයි.
    හොඳ සටහනක්.

    ReplyDelete
  2. මෙම ප්‍රවේශය යල් පැන ගිය කුහක ප්‍රවේශයක්.ජවිපෙ හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට වෙනස් වූ තත්වයන්ට අනුරූපීව සාධනීය ලෙස වෙනස් වීමේ අයිතියක් තිබෙන බව මම විශ්වාස කරනවා.කොටි සංවිධානය හා රජය අතර ගැටුමේදී ධනපති රජය සමග යම් කලෙකට හෝ සභාගගත වීම ජවිපෙ විසින් කරන ලද වරදක් බව පිලිගන්න පුලුවන්.කෙසේ වෙතත් ජවිපෙ විසින් පසුගිය වසර දෙකක පමන කාලය ඇතුලත පෙන්නුම් කරන සාධනීය වෙනස්වීම නොතකා හල හැක්කේ දේශපාලන කුහකයෙක්ට පමනයි.ලංකාවේ අන්තර්ජාල වාමාංශිකයන් යනුවෙන් අපූරු සත්ව කොට්ටාශයක් ඉන්නවා.මේ අය අන්තර්ජාලයේ සියෙරා මයේස්ට්‍රාවන්,වියට්නාමයන් දවසට හතර පහ ගානේ නිර්මානය කරමින් විප්ලව කරනවා.තමන් හරිම රැඩිකල් බව පෙන්වන්න මේ අය හරිම ආසයි.ජවිපෙ සිරගත වූ දෙමලුන් ගැන කතාකලත් ඔවුන් ජාතිවාදීන්.එසේ කතා නොකලත් ඔවුන් ජාතිවාදීන්.පොලොවේ කිසිවක් නොකරන අන්තර්ජාලයට වී තමන් රැඩිකල් බව පෙන්වීමේ උනකින් පෙලෙන හීනමාන කාරයන්ට ජවිපෙ ගැන තියෙන්නෙ යුක්තිසහගත විවේචනයකට වඩා අඝාත අන්ධ වෛරයක් බව පෙන්වන්න මීට වඩා හොද සාක්ෂියක් නැහැ.අපි ශ්‍රී ලාංකිකයෝ සංවිධානයේ තේමාව අපි ලාංකික තොප දෙමල යනුවෙන් මෙම ලියුම්කරු කියන්නේ කවර සාධක මතද?අද උදුල්ලා විසින් කරමින් ඉන්නේ ටීඑන්ඒ එක පවා නොසලකා හල කාර්යයක්.මේවා කිරීමෙන් "ජාතිවාදී" ජවිපෙට ලැබෙන දේශපාලන වාසිය කුමක්ද?ජනප්‍රිය දේශපාලනය තුල මෙම කටයුතු වල එක්තරා දේශපාලන අවදානමක්ද තියෙනවා.ඒ අවදානමත් නොතකමින් ජවිපෙ ඉදිරියට යාමට තීන්දු කිරීම සාධනීයව භාරගත යුතු දෙයක් නොවේද?කවුරු කැමති වුනත් නැතත් ලංකාවේ දකුනේ පීඩිත සමාජ කොටස් නියෝජනය කරන භෞතික ව්‍යාපාරය ජවිපෙ.මොවුන් උතුරේ පීඩිතයන් සමග මුසුවන දේශපාලන නිමේෂය මට අනුව ඉතාම සාදරයෙන් පිලිගත යුත්තක්.උතුරේ පීඩිතයන් සමග කරන දේශපාලන ගනුදෙනු වැඩි වන තරමට මෑත ඉතිහාසය තුල ජවිපෙ විසින් පෙන්වූ ඇතැම් සීමාවන් පවා වෙනස් වීමට ඉඩ තිබෙනවා ( දැනටමත් එසේ වෙනස්ව තිබෙන බව පෙන්වන අපමන සාක්ෂි තිබෙනවා)මෙවැනි සාධනීය පරිවර්තනයක් ජවිපෙ විසින් පෙන්වමින් ඉන්නා පරිසරයක් තුල - සිවිල් යුද කාලයේ පැවසූ වචන නැවත නැවත වමාරමින් සිටීමෙහි කිසිදු අර්ථයක් නැති.

    ReplyDelete